Wednesday, December 31, 2014

ඇස්වහ, කටවහ, ගෙවල දෝෂ වලින් මිදී අලුත් අවුරුද්දට පා නගමු

2014 අවුරුද්දත් ඉවර වෙන වෙලේ පහුගිය අවුරුද්ද පුරා තිබ්බ ඇස්වහ කටවහ සහ ගෙවලයන්ගෙන් තිබුනාවූ දෝෂ ඉවත්කරගෙනම අවුරුද්ද ආරම්භ කලා නම් හොඳයි කියලා හිතුනා. ජනවාරි පලවෙනිදා කියන්නේ සිංහල අපේ අවුරුද්ද නොවුනත් සමාජ සම්මතයට අනුව අපි ජනවාරි පලමු වෙනිදා නව ආරම්භයක් ගන්න නිසා මේ අලුත් ආරම්භය දෝෂ වලින් තොරව අලුත් උත්තේජනයක් ඇතුව ගන්න පුලුවන් නම් ඒක වටිනවා. ඉතින් මම මේ කියා දෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අපවෙත එල්ල වෙන ඇස්වහ කටවහ සහ අපේ නිවාස වල තියන ගෙවල යක්ෂ දෝෂ ඉවත් කරගන්න ක්‍රමයක්.

මුලින්ම පාන්දර කුරුල්ලන් අවදිවන්නට පෙර අවදිවී (පාන්දර 4ට 4.30ට පමන) කථා නොකර නැවුම් මුට්ටියකය පිරිසිදු පැන් ටිකක් පෙරාගෙන අබ ඇට සහ කපු ඇට ස්වල්පයක් දමා පහත මන්ත්‍රයෙන් 108 බැගින් තුන්වරුවක් මතුරාගෙන එම වතුර නිවසේ කමර හා අනෙක් කොටස් වල (වැසිකිලි නාන කාම්මර ඇර) හත් වරුවක් ඉසින්න. ගෙවල යක්ෂ දෝෂ ඇස්වහ කටවහ දුරුවේ.

ඕං ආසප්පර භගවතී ආකුන්ඩලී අක්ෂිවාහා෴
ඕං කරණි ධාරනි බෝකුන්දරණි අවිරුන්ද දෝෂා මූලේ පෝඃ෴


සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Tuesday, December 23, 2014

෴ඉඳුල් කටගෑමේ චාරිත්‍ර හා නැකත් ක්‍රමය෴

          අපගන්නා ආහාර මත අපගේ ශරිර සෞක්‍යහා නිරෝගි තාව රඳාපවතින අතර. ආහාර යනු අපගේ පැවැත්මේ මූලිකාංගයකි. මේ නිසා පුරාතනයේ පටන් දරුවන්ගේ ඉදුල් කටගෑමේ චාරිත්‍රය බොහෝම ඉහලින් සලකා සිදු කල එකකි. අදත් දෙමාපියන් කොතරම් කාර්‍යය බහුල වුනත් දරුවාට නිසි වයස එනවිට චාරිත්‍රානුකූලව ඉඳුල් කටගෑමට පෙලඹිමක් තිබෙන්නේ මේ නිසාය.

                                      සාමාන්‍යයෙන් පිරිමි දරුවෙක්ට ඉඳුල් කටගෑම සඳහා දරුවා ඉපදී මාස හයක් ගතවු පසු ලබන ඉරට්ටේ මාසයක ( 8, 10, 12) යෙදෙන සුභ මුහුර්තයක් සුභ බව සදහන් වන අතර ගැහැනු දරුවෙක් සඳහා දරුවා ඉපිද මාස හයකට පසු ලබන ඔත්තේ මාසයක (9, 11, 13) තෝරාගන්නා සුභ මුහුර්තයක් වඩා සුභ බව සඳහන් වේ. මීට අමතරව නැකැත් සෑදිමේදි පියාගේ ජන්ම නැකතද සැලකිල්ලට ගෙන එයටද ගැලපෙන සේ නැකත සකස් කරගත යුතු අතර මා මුල හා විසා යන නැකත් මගහැරීම ද සුභය. නැකැත් සැකසීමේදී ඉර මුදුන් වීමට පෙර වේලාවකට නැකත සකස් කල යුතු අතර මීට අමතරව නැකැත් සෑදීමේදී භාවිතා කරන අනෙකුත් විධික්‍රම භාවිතා කර සුදුසු නැකතක් තෝරා ගත යුතුය. 



චාරිත්‍ර විධිය

                                      පිරිසිඳුව සකස් කල සුනු සහල් රහිත ඇල්හාල් හෝ රතු කැකුළු හාල් විශේෂයක් ගෙන නැවුම් හැලියක බතක් හා කිරිබතක් උයා ගන්න. (පිරිමි කෙනෙක් විසින් ඉවීම සුභ බවටද මතයක් තිබේ). තම්බාගත් දෙහි ගා දරුවාගේ හිස් සෝදා සුදට හුරු ඇඳුම් අන්දවා දෙමාපියන්ටත් (දෙමා පියන්ද නා පිරිසුඳු විය යුතුයි) බුදුන් වහන්සේටත් දරුවා ලවා වන්දවන්න. ඉන් පසුව බිමට පැදුරක් දමා ඒ මත සුදු ඇතිරිල්ලක් දමා ඒ මත පොල් තෙල් පහනක් දල්වා බත්, කිරි බත් හා ව්‍යාන්ජනද ඒ මත තබන්න. මෙහිදී පැදුර එලා සකස් කර ගැනීමේදී සුභ දිසාවට මුහුනදී වාඩි විය හැකිසේ පැදුරු දමන්නට සැලකිලිමත් වන්න. මීට අමතරව පෙර සදහන් කල දේ වලට අමතරව පලතුරු, රස කැවිලි, මුදල්, රන් ආභරන, පොත් හා පැන්සලක්ද තබන්න. මෙහිදී තිවාලු හා පූවාලූ තැබීම පෙර සිරිතක් බැවින් අලු කෙසෙල් ව්‍යාංජනයක් හා කෝලි කුට්ටු ඇවරියක් ද මෙයටම අන්තර්ගත කිරන්න. එමෙන්ම නෙලුම් කොල මත ආහාර තැබීම ද පෙර සිටම පැවත එන සිරිතය.
                                         මෙසේ සකස් කල ඇතිරිල්ල අසල මේ සියල්ල දරුවාට පෙනෙන සේ සුදු උරයක් හෝ ඇතිරිල්ලක් දැමු කොට්ටයක් තබා ආසනයක් සකස් කරගන්න. මව හා පියා සමග දරුවාගේ දෙපසින් නා පිරිසිඳු වූ කන්‍යාවන් දෙ දෙනෙක් සිටගෙන ඉන්නට සලස්වා සුබ මොහොතින් පලමු බත් කට කවන්න. පිරිමි දරුවෙක් නම් පියා අතේ සිටියදී මව විසින්ද ගැහැනු දරුවෙකු නම් මව අතේ දරුවා සිටියදී පියා විසින්ද බත් කට කවනු ලැබේ. මව හෝ පියා නැති විටදී ඇවැස්ස නැන්දනිය හා මාමා සම්භන්ධ කර ගත යුතුය. මෙසේ බත් කැවීමෙන් පසු පෙර සකස් කරගත් කොට්ටය සහිත ආසනය මත දරුවාව තබන්න. දරුවාට කැමති දෙයක් ගන්නට ඉඩ දෙන්න දරුවා ආහාරයක් ගතහොත් එය කවන්න. ( දරුවාට කන්නට දිය හැකි ආහාර පමනක් තබන්නට වගබලා ගත යුතුය) මෙම ආසනයේදීම දරුවාගේ කරට පංචායුධයක් පලඳවන්න. 




වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Saturday, December 20, 2014

෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

              බ්‍රහස්පති, සුරගුරු, ගුරු, ඊද්‍ය, ජීව, අංගිර, වචස්පති, මන්ත්‍රී, සුරාචාර්‍යය, දේවෙජ්‍ය, ආර්‍ය, අන්ගිරස, වගීෂ, සුරී යන නම් වලින් හඳුන් වන අප කවුරුත් පොදුවේ ගුරු ලෙස හඳුන් වන මෙම ග්‍රහයා ග්‍රහ ලොව උපදේෂකයා පුරෝහිතයා ලෙස හඳුන්වයි. සූ‍ර්‍යයාට පමනක් දෙවෙනු වෙන මෙම ග්‍රහයා නෛසර්ගික ශුභයෙකු සෞම්‍ය ග්‍රහයෙකු ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. 

            සුභයෙකු සෞම්‍යග්‍රහයෙකු වූ පමනින් ගුරු අපල කරන්නේ නැත කියා අපට සිතීමට නොහැක. යම් හෙයකින් ගුරු අපල කරන තත්වයකට පත්ව සිටී නම් ඒ අපල බොහෝ දරුනු බව අත් දැකීමෙන්ම පැවසිය හැක. එය ලෙහෙසියෙන් කේන්ති නොයන කෙනෙක්ට කේන්ති ගියහොත් ඒය අන් අයට කේන්ති ගියාට වඩා බොහෝ දරුනු වන්නාක් මෙනි.  ගුරු දුර්වල වූ විට හෝ අසුභ ලෙස පිහිටි විට මධු මේහය, ලියුකේමියා හා පිලිකා තත්ව, විදුරුමස් දියවීමේ රෝග, ලේ විෂ වීම, පෙනහලු ආශ්‍රිත රෝග ආදිය ඇතිවීමටත් දරු පල අහිමි කිරීමට වැන් දේත් සිදුවිය හැක. ජන්ම පත්‍රයේ ගුරුගේ තත්වය හා අනෙක් ග්‍රහ තත්ව අනුව මෙම රෝග හා අපල නිර්නය කර ගත යුතුය.

කෙසේ නමුත් ගුරුගේ අපල සඳහා ජ්‍යොතිශමය ආර්යුවේදිය හා වෛදික ප්‍රතිකර්ම රැසක් සඳහන් වේ ඒවා මෙසේය.



  • ස්කන්ධය, පෘෂ්ඨය, හා ඡේදනය නිසි ලෙස සකස් කරගත් පුෂ්පරාගයක් (yellow sapphire) රන් මුදුවකට අල්ලා පලඳින්න.
  • නිසි ලෙස පුද පූජා සහ මැතුරුම් සම්පූර්න කර විද්‍යානුකූලව සකස්කල අභිසම්හිධානය යන්තරයක් හෝ නරසිංහ යන්තරයක් පලඳින්න
  • ශිව කතරගම හෝ ශක්‍ර දෙවියන්ට භාරයක් වෙන්න.
  • අටපිරිකරක් (ආර්ථික හැකියාවක් නැතිනම් කහ සිවුරක්) සහ මීපැණි බෝතලයක් හා ධාන්‍ය ආහාර දානයක් සංඝයා වහන්සේ නමකට දෙන්න.
  • බ්‍රහස්පතින්දා දිනවල බෙලි මල් සහ වෙනත් කහ මල් පුදා බෝධි පූජා කරන්න, බෝ මළුව අමදින්න.

මීට මතරව පහත සඳහන් ආයුර්වේද ඔසු තැම්බු වතුර ස්නානයෙන් ගුරුගේ අපල දුරුවේ.
                       සමන් පිච්ච මල්, සුදු අබ, ඉද්ද කොල, වැල්මී

වෛදික ක්‍රමය තුල පංච භූත්යන්ට අදාලව හදූන්වා දී ඇති පංචඋපහාර අනුව ගුරු අපල වලට වඩාත් පලදායි ක්‍රමයක් ලෙස ස්ත්‍රෝත්‍ර හා මන්ත්‍ර භාවිතය හදුන්වා දිය හැක. මේ නිසා පහත මන්ත්‍ර හා ස්ත්‍රෝත්‍ර දිනපතා භාවිතයද මැනවි

හ්‍රීං දේවානාඤ්ච සෘෂිණාඤ්ච
ගුරුං කාඤ්චන සන්නිභම්
බුද්ධි භූතං ත්‍රිලොකේෂං
තං නමාමි බෘහස්පතිම්

වේදයේ ඇති ගුරු ප්‍රසාදක මන්ත්‍රයක්
ඕං බෘහස්පතේ අති යද‍ර්‍ය්‍යා අර්‍භාද්ද්‍යුමද්විභාති ක්‍රතු මජ්ජනේෂු යද්දීදයච්ජවස සෘත ප්‍රජාත තදස්මාසු දාවිනං ධෙහි චිත්‍රං

මීට අමතරව තවත් බොහො ස්ත්‍රොත්‍ර ඇති අතර හැකිතාක් ස්ත්‍රෝත්‍ර ගුරු දිනයන්හී ගායනය සුභය.

ඉහත ප්‍රථි කර්ම වල නිසි ප්‍රයෝජනය ලබන්නටනම් තමාද යහපත් කල්කිරියාවෙන් හා පිරිසිඳු සිතක් සහිතව ජීවත් විය යුතුය.


වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Wednesday, December 10, 2014

෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴

කුජ ග්‍රහයා ජ්‍යොතිෂ විශය තුල හඳුන්වන්නේ ග්‍රහලොව සෙන්පතියා කියාය. ධෛර්‍යය, ශක්තිය, නිර්භිත බව, සටන් කාමි බව හා ලේ ධාතුවට බලපෑම් කරන කුජ ග්‍රහයා දුර්වල වී හෝ වෙනත් ආකාරයකින් අපල සිදු කරන විට හදීසි අනතුරු, විෂාල තුවාල, උණ රෝග, නඩු හබ, හා රන්ඩු සරුවල්, ලේ විෂවීම් වැනි තත්ව වලට මුහුන දෙන්නට සිදුවේ.
මෙම අපල වලින් සහනයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ ආයුර්වේදයේ හා වේදයේ නොයෙකුත් ප්‍රතිකර්ම දක්වා ඇති අතර මේ ප්‍රතිකර්ම තුලින් සහනයක් ලබාගැනීම වසර දහස් ගනනක් පුරා ජනතාව විසින් සිදු කර ඇත.



කුජ අපලයට පහත ප්‍රතිකර්ම සිදු කිරීම මගින් අපලය මගහරවා ගත හැක 
  •  කතරගම දෙවියන්ට නිවැරදි ලෙස බාරයක් වීම
  • කොරල්, තිරිඟු, රන්, තඹ, පරිප්පු වලින් සෑදු ආහාර, හරක්, සීනි, තද රතු රෙදි දන් දෙන්න
  • කනේරු මල් හා වෙනත් රතු මල් පූජා කර දින හතක් බෝධිපූජාවන් සිදු කරන්න
බෝධි පූජාව පවත්වන පිලිවෙත. 
අඟහරුවාදා දිනවල  සවස බෝධිය අසල බුලත් කොල 13 තබා ඒ මත පහන් 13ක් තබන්න. මුල් පහන් 3 ත්‍රිවිධ රත්නයටය.. එයිනුත් මැද පහන බුදුන්ටය. හතරවන පහන බෝධීන් වහන්සේටය ඉතිරි පහන් නවය නවග්‍රහයින්ටය.. පහන් සමග කනේරු මල් හා රතු අරලිය මල්ද තබන්න.. නවග්‍රහයින්ට තැබූ පහන් වල තඹ පැහැ පඬුරුද තබන්න (තඹ කාසි හෝ අලුත් සත 50 කාසි). මෙම පහන් පුජාව කර බෝධිය නහවන්නට පටන් ගන්න.. බෝධිය වටේ සත් වටයක් දක්ෂිනාවර්ථව පැදකුනු කරමින් සත්වරක් බෝධිය නහවන්න... ඉන්පසු පහත ස්ත්‍රෝත්‍රය කියා වැඳ මෛත්‍රී භාවනාව කර ශාසනාරක්ශක දෙවියන්ට හා කතරගම දෙවියන්ටපින් පමුනුවා කුජ අපලයෙන් මිදීමට පිහිට පතන්න.

ස්ත්‍රෝත්‍රය
රක්ත මාල්‍යම්බර ධරඃ
ශක්ති ශූල ගද්‍ර ධරඃ
චතුර් භූජො මේෂගාමි
වරදඃ ස්‍යාද්ධරාසුතඃ ///

  • ඡේදනය පෘෂ්ඨය හා විෂාලත්වය නිසි ලෙස සකස්කරගත් කොරල් හෝ රතු මැනිකක් මුදුවකට අල්ලා පලඳින්න
  • කන්දකුමාර යන්ත්‍රය හෝ අභිසම්මිදානේ යන්ත්‍රය නිවැරදිව ඇඳ නිසි වත් පිලිවෙත් සහිතව ජප කර පලඳින්න
  • කොලොන් ගසකට සාත්තු කරන්න එහි සෙවනේ ඉන්න.

කුජ අපලයට පහත සඳහන් ආයුර්වේද ඔසු තම්බා ස්නානය කරන ලෙස පැරනි පොත පතේ සඳහන්ය
බෙලි, සුදු සඳුන් බැවිල, කනේරු මල්, පෙරුංකායං, රුක්මල්, මූනමල්, ජටාමාංස



වෛදික ක්‍රමය තුල කුජ ග්‍රහයා සිටින ස්ථානය අනුව පහත ප්‍රථිකර්ම කිරීමෙන් අපල දුරු වෙන බව සඳහන්ය

  • කුජ ග්‍රහයා ලග්නයේ නම් ගලායන ජලයට හකුරු හෝ රතු සීනි දමන්න
  • කුජ ග්‍රහයා දෙවැන්නේ නම් පුදපූජා තබන ස්ථානයේ හකුරු, ගිතෙල්, පිටි හා සහල් තබන්න
  • කුජ තුන්වැන්නේ නම් ගිතෙල්, පිටි, දොඩම්, තඹ පූජා කරන්න
  • කුජ හතර වැන්නේ නම් පහත ස්ත්‍රොත්‍රය දිනපතා කියන්න
                    ඕම් අන්ජානෙයායෙ විද්මහේ
                    වායු පුත්‍රාය ධීමහී
                    තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත්

  • කුජ පස්වැන්නේ නම් දිනපතා සවස මෙම බීජ මන්ත්‍රය 108 වරක් කියන්න
                    ඕම් ක්‍රාන් ක්‍රීන් ක්‍රොන් සායි අංගාරකායේ නමඃ෴

  • කුජ හය වැන්නේ නම් රතු අගස්ති ගලක් මුදල් පසුම්බියේ තබාගන්න
  • කුජ හත්වැන්නේ නම් දුගීන්ට පැනිරස කැවිලි දෙන්න
  • කුජ අට වැන්නේ නම් දුගීන්ට පරිප්පු (මයිසූර් පරිප්පු රතු ගත්යෙන් වැඩි නිසා එය වඩා යෝග්‍යයි) දන් දෙන්න
  • කුජ නමවැන්නේ නම් අඟහරුවාදා දින 11ක් දිනකට පොල් ගෙඩියක් බැගින් ගලායන ජලයේ පාකරන්න
  • කුජ දස වැන්නේ නම් අඟහරු වාදා දිනක කොලොන් ගසක් පාමුල පහත ස්ත්‍රොත්‍රය 21 වරක් කියන්න 
                    ඕම් අන්ජානෙයායෙ විද්මහේ
                    වායු පුත්‍රාය ධීමහී
                    තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත්

  • කුජ එකොලොස් වැන්නේ නම් පහත සඳහන් බීජ මන්ත්‍රය හවස් වරුවේ 108 වරක් කියන්න
                    ඕම් ආං අංගාරකායේ නමඃ෴

  • කුජ දොලොස්වැන්නේ නම් අඟහරුවාදා දින වල දේවාලයකට (කතර ගම දෙවියන් නම් වඩා යෝග්‍යයි) උක් හකුරු පූජා කරන්න
මේ ප්‍රථිකර්ම තුලින් කුජ අපල මැඩපවත්වාගත හැකි අතර තමන්ට වඩාත්ම ගැලපෙන හා තමන්ට වඩාත්ම පලදායි කුමන ප්‍රථි කර්ම කිරීමදැයි යන්න ගැන උගත් ජ්‍යොතිර්වේදියෙකුගෙන් උපදෙස් ගැනීම බුද්ධි ගොචරය.



වෛදික ‍ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න 
0755 00 41 66

Monday, December 8, 2014

෴නිමිති ශාස්ත්‍රය෴

මීට දශක එකහමාරකට දෙකකට පමන පෙර මා පාසල් යන අවධියේ පාසල් නිවාඩුවට ගමේ යෑම සිරිතක් විය එසේ ගිය අවස්ථාවක දිනක් මාගේ ආච්චිඅම්මාගේ රන් මාලයක් අස්ථාන ගතවීම නිසා සාස්තරයක් බැලීමට මාවද කැටුව ගිය අතර මටද එය අලුත් අත් දැකීමක් නිසා මමද බොහෝම කැමැත්තෙන් ඊට සහභාගී වීමි.
අපේ නිවසේ සිට මඳ දුරක් ගිය තැන තරමක් කුඩා නිවසක පිලිකන්නේ මේසයක් තබාගෙන සිටි වයසක සීයා කෙනෙකි මා බලපොරොත්තුව ගියේ අඳුරු කාමරයක මිනී ඔලු තබාගෙන රතුපටියක් ඉන බැඳ සිටින තරමක් ගුප්ත ගතියක් ඇති පුද්ගලයෙකු දකින්නටය (මෙය සිදු වන විට මට වයස අවුරුදු පහලොවක් වත් නොමැත) නමුත් මගේ බලාපොරොත්තු කඩකරමින් ඔහු ප්‍රසන්න පුද්ගලයෙකු විය. ගෙමිදුලද මනාව අතුපතුගා තිබිනි. කෙසේ වෙතත් සාස්තරයනම් නොකියවෙන බව මට දැන් විෂ්වාසය. ඒ මන්දයත් ඔහු මා බලාපොරොත්තු වූ අන්දමේ ශාස්ත්‍ර කියන්නෙකු නොවීමයි. ඔහු තුල කිසිම ගුප්ත ගතියක් නොවිනි අඩුම තරමේ ඔහු ලඟ හැරමිටියක්වත් මිනි ඔලුවක්වත් නොතිබිනි.
මාගේ ආච්චි අම්මා සුලු මුදලක් සමග බුලත් අතක් ඔහු වෙත ලබා දුන් අතර ඔහු මුදල ගනන් නොකර බුලත් කොල ගනන් කරන්නට පටන් ගත්තේය. සල්ලි ගනන් නොකර බුලත් ගනින්නේ මොන මොඩ මනුස්සයෙක්දැයි මට සිතිනි. ආච්චි අම්මාද තමා ආව කාරනය නොකියා ඔහේ වාඩිවී සිටියි.
"නැතිවුන වටින කියන භාන්ඩයක් ගැන දැන ගන්න නේද ආවේ?"යි ඒ සියා ඇසුකල ආච්චිඅම්මාද "එහෙමයි" කියා පිලිතුරු දුන්නාය. කනා ෂොට් එකක් වැඩ කලා කියා මම මටම කියාගත්තෙමි. එයින් පසුව එම සීයා මොන මොනවදො කල්පනාකරමින් ගනන් හදමින් කොලයක ලිව්වේය.
"කවුරුත් හොරකම් කරලා නෑ බඩුව තිබ්බ තැනම තියනවා, නෝනට තිබ්බ තැන අමතක වෙලා තියන්නේ. දවස් තුනක් ඇතුලත ලැබෙයි නෝනා" මේ මනුස්සය විකාර කියවනවා අපි ගේ අනිත් පැත්ත පෙරලුවේ නැති ටික විතරයි. මේ මනුස්සයා දන්න සාස්තරයක් නෑයි මම උපහාසාත්මකව මටම කියාගත්තත් එවෙලේ වැඩිහිටියන් ඉදිරියේ මැදට පැන කථා කිරීම සුදුසු නැති නිසා නිශ්ෂබ්දව සිටියෙමි. කෙසේ හෝ කාලය හා මුදල් නාස්තිවීම ගැන ඔහුට සිතින් බැන බැන මම නිවසට ආවෙමි.
දින දෙකක් ගතවිනි දෙවන දිනයේ රාත්‍රියේ අම්මේ මෙන්න මාලේ හම්බුනා කියමින් අපේ නැන්දා පැමියේ සිනාමුසුවය.
කොහෙද මාලේ තිබ්බේ?
ෆ්‍රිජ් එක ඇතුලේ
ආනේ ලමයෝ මම කඩේ ගිහින් ඇවිත් බඩු අස්කරනකොට ගලවලා අතේ තියන් හිටපු මාලෙත් අමතකවෙලා දාලනේ. පෙරෙදා නිමිත්තටත් කියවුනා දාපු තැන අමතකවෙලා කියලා දවස් තුනක් ඇතුලත ලැබෙයි කියලා. දැන් මගේ සිතට ගැටලුවක් ගෙන දෙන දේ වනේ මේ සීයා මේ‍ය කිව්වේ කෙසේද යන්නයි. මා පෙර සිතා සිටි ලෙස කනා ෂොට් එකක් ගැසුවානම් ඔහු ගසන්නේ සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇති සොරෙක් ගෙනිච්චා කියන පැත්තටය. මේ ගැන වැඩි දුර සොයන්නට වුවමනාව තිබුනත් පාසල් නිවාඩුව අවසන් වී නැවත්ත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට ඇතුලු විම නිසා එයින් එහා ඒ පිලිබඳව සොයන්නට ඉඩ නොලැබින.




මේ නිමිති ඇල්ලීම ගැන මට තිබෙන පලමු අත්දැකීමයි. ඊට වසර ගනනාවකට පසු මා ජ්‍යොතිෂය ඉගෙන ගන්නා මුල් කාලයේ පටන්ම ඉන්පසුව විවිධ අවස්ථාවල නිමිති අල්ලනවා දකින්නත් ඒ පිලිබඳ යම් දුරකට අධ්‍යයනය කරන්නත් ලැබුනි. මෙහිදී ශාස්තයේ සමහර කොටස් ජ්‍යොතිෂයට සම්භන්ධ අතර සමහර කොටස් අදද මට ඒ එසේ වන්නේ හෝ කරන්නේ කෙසේද ඇයිදයි කියා විස්තර කරදීමට අපහසුය. නමුත් නිමිති ඇල්ලීම තුල යම් ගුප්තමය ශාස්ත්‍රයක්ද පවතින බව පෙනේ. කෙසේ නමුත් උදය වරුවේ අල්ලන නිමිති වල සාර්ථකත්වය වැඩි අතර නිමිති ඇල්ලීම පිලිබඳ රීතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. (වරක් ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනය කරයිද කියා ඇසු පැනයට බින්නසිරි ලෙස අපි කවුරුත් ආදරයට හඳුන්වන මහත්මයෙක් ඉර බැස යන වෙලේද රූපවාහිනී නාලිකාවක නිමිති ඇල්ලුවේය, අවසානයේ ඔහුත් මඩ නාගෙන ජ්‍යොතිෂටයත් මඩ ගසන්න මාවතක් හදාදී ගියා කාට කාටත් මතක ඇතැයි සිතමි). 
මීට අමතරව පලමුව යම් තැනකින් නිමිත්තක් ඇල්ලීමේදී පලමු අවස්ථාව සාර්ථක වුවත් පසුව කියවෙන ඒවා එතරම් සාර්ථක නොවන බව සමහරුන්ගේ මතයකි. මා නම් දකින්නේ එකම ක්‍රමයක් භාවිතා කිරීමේදී මේ දෙය සිදුවෙන බවයි.මෙයට හේතුව පලමු අවස්ථාව තුල තමා භාවිතා කල ක්‍රමයම දෙවැන්නටද භාවිතා කිරීම නිසා සිදුවන දෝෂයයි උදාහරනයක් කියන්නේ නම් මලක් තබා අංකයක් තෝරන නිමිත්තක් ඇල්ලු කෙනෙක් ඊලඟ වතාවේදීද තමා පෙර තැබූ අංකයට නිවැරදි ලෙස කියවුන නිසා වෙනත් අංකයක් තෝරාගැනීමට සිතුනද නමුත් පෙර අංකයම නැවත් තෝරා ගැනිම වැනි දේ නිසා දෝෂ ඇතිවිය හැක.
මේ දෝෂය මගහරවා ගැනීමට නිමිති අල්ලන ක්‍රම කීපයක් ඉගෙන ගැනීමටත් ඒවා මාරුවෙන් මාරුවට භාවිතා කිරීමටත් ජ්‍යොතිර්වේදියා හෝ සාස්ත්‍ර කරු දක්ෂ විය යුතුය. මීට අමතරව නිමිති ඇල්ලීම ගුප්තවිද්‍යා කොටසටද නෑකම් කියන හෙයින් ජ්‍යොතිර්වේදියා හා නිමිති අසන්නට එන පුද්ගලයා යන දෙදෙනාම සිතින් කයින් පිරිසිඳුව කිල්ලෙන් පරෙස්සම්ව යහපත් කල්කිරියාවෙන් එම වැඩය කරයි නම් ප්‍රථිපල සාර්ථකය   

කෙසේ නමුත් නිමිති ඇල්ලීම හෙවත් නිමිති ශාස්ත්‍රයද අද කෙමෙන් කෙමෙන් අභාවයට යන ශාස්ත්‍රයක් බවට පත්වී ඇති අතර මෙම ශාස්ත්‍රය පිලිබඳවද සාර්ථක ලෙස ලියැවුනු සිංහල පොතපත තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි.

නිමිත්තක් අල්ලන හැටි සමගින් ඊලඟ ලිපියෙන් හමුවෙමු. :)



වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්තවිද්‍යා ගවේශක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Thursday, November 27, 2014

෴පොල් ශාස්ත්‍රය෴

දේවාලයකට ගොස් පොල් ගසන්නේ කෙනෙක්ට විනාශයක් ගෙන දීමට අවශ්‍ය වූ විටක බව බොහෝ දෙනා සිතා සිටින කාරනයකි. නමුත් වින කිරිමට අමතරව තවත් බොහෝ දේ සඳහාද විශේෂයෙන් සුභ කටයුතු සඳහාද පොල් ගසන අතර පොල්ගැසීමට දේවාලයකට යෑමද අත්‍යාවශ්‍ය නැත. තම නිවසේ වුවද පොල් ගැසිය හැකි අතර එසේ කරන්නේ නම් එම නිවස අසල ඉතා පිරිසිඳු තැනක මල්බුලත් තටුවක් සදා කිල්ලෙන් ආරක්ෂාකර එය සිදු කල යුතුය.

පොල් ගෙඩියක් ගහන නියම ආකාරය නම් ගහෙන් අතට කඩවගත්ත පොල් ගෙඩියක් මුඩ්ඩ පමනක් ඉතිරිවෙන ලෙස හොඳින් සුද්ද කර, තමාද හොඳින් නා පිරිසිඳු වී, පොල්ගෙඩිය කහ වතුරින් සෝදා දේවාලයේ හෝ මල් බුලත් තටුවක තබා පොල්ගසන්නේ කුමන දෙවි කෙනෙක් වෙනුවෙන්ද අන්න ඒ දෙවියන්ට අදාල මල් හා අනෙක් පූජාවන් නොපිරිහෙලා තබා ස්ත්‍රෝත්‍ර, ගාථා, මන්ත්‍ර, කවච ආදිය කියා අදාල කන්නලව්ව කර කපුරු පෙති තුනක් පොල් ගෙඩිය මත පත්තු කර තම ප්‍රාර්ථනාව දැඩිලෙස සිතා ගෙන පොල් ගෙඩිය ගැසීමයි. මෙහිදී තමා කිල්ලෙන් ඈත්වී සිටිය යුතු අතර, මස්මාංශ වලින්ද ඉවත්වී පේ වී සිටීමට හැකිනම් ඉතා අගනේය. 

මෙසේ නිසි වත්පිලිවෙත් පුරා පොල් ගැසීමෙන් තමාගේ කාරිය සාර්ථක වීමට ඇති ඉඩකට ඉතාමත් ඉහල මට්ටමක පවතින අතර. අද කාලයේ මේ සියලු පිලිවෙත් පිරීම අපහසු බව පෙනෙන්නට තිබේ. මේ නිසා හැකි තරම් පිලිවෙත් පිරීම වටිනා බව සිහි කිරීමට කැමැත්තෙමි.

මීට අමතරව තමන් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක තාව දැන ගැනීමටද පොල් ගසන ක්‍රමයක් ඇත. මෙහිදී කල යුත්තේ පෙර සඳහන් කල පරිදි පොල්ගෙඩියක් සකස් කර දේවාලයක හෝ නිවසේ සකස් කරගත් ස්ථානයේ ( මෙහිදී දේවාලයක මෙය සිදු කිරීම මා අනුමත කරන්නේ නිවෙස් වලට මස්මාංශ ආදිය ගෙනෙන නිසාය) කවි, ගාථා, ස්ත්‍රෝත්‍ර, කවච, කන්නලව්ව කියා කපුරු පත්තු කර තමන්ට දැනගැනීමට අවශ්‍ය දේ කියා තමන්ට මග පෙන්වන ලෙස කියා පොල් ගෙඩිය ගසන්න. පොල් ගෙඩිය බිඳී යන ආකාරය අනුව වැඩ්ය සාර්ථක අසාර්ථක වීම ඔබට තේරුම් ගත හැකි වෙනු ඇත. ඒ පහත පරිදිය.



ඉතින් මෙය උත්සහ කර බලා අපල සපල තාවය කෙබඳුදැයි අපටත් දැනුම් දෙන්න. 




වෛදික ජ්‍යොතිෂවේදී,
ගුප්ත විද්‍යා ගවේශක,
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Thursday, November 20, 2014

හිසේ කැක්කුමට මන්ත්‍රයක්

ආයුර්වේදය හා මන්ත්‍ර ශාස්ත්‍රය පුරානයේ පටන්ම එකින් එක බැඳි පැවතුන විශයන් දෙකක් නොවැ. ඉතින් අද කියන්න යන්නේ හිසේ රුජාවට අපේ පැරැන්නෝ පාවිච්චි කරපු මන්ත්‍රයක් ගැන. ගිතෙල්, තලතෙල් හෝ පොල් තෙල් ටිකකට පහත තියන මන්ත්‍රයෙන් අඩුම තරමේ 21 වරක්වත් මතුරලා හිස ගල්වන්න තමයි තියන්නේ. (108 වරක් වත් නම් වඩා හොඳයි)



මන්ත්‍රය
ඕං නමො බුද්ධ ධාතු සිවුරු පටියෙන් ඇද මේ නමෝ බුදුන් අනේ ශ්‍රී මාව කළුලා හිරකරන්නේ බුද්ධමාලා ධාතු කට්ටු පූට්ටු ඒස්වාහඃ෴



වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Wednesday, November 19, 2014

බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක් ලියන්න අලුත් මාතෘකාවක් ගැන හිත හිත කල් ඇර ඇර හිටියේ. මේක ඇහුනම මම හිතුවා මේ බාධකස්ථානය හා බාධක ග්‍රහයා ගැන ලිපියක් ලිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.
ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ බාධකස්ථානය කියන්නේ මොකක්ද කියලා. මේෂ, කටක, තුලා, මකර කියන චර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ එකොලොස් වැන්න තමයි භාධක රාශිය වෙන්නේ එකොලොස් වැන්න අධිපති තමයි භාධක ස්ථානාධිපතියා වෙන්නේ ඊලඟට වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ කියන තිර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ නමවැන්න තමයි භාධකස්ථානය වෙන්නේ නමවැන්න අධිපතියා තමයි භාධක ග්‍රහයා වෙන්නේ. අවසාන වශයෙන් උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශිවලින් උපන් අයට තමන්ගේ ලග්නයෙන් හත්වැන්න භාධස්තානය වෙන අතර හත්වැන්න අධිපතියා භාධක ග්‍රහයා වෙනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම දාන්නම්කෝ.



ඉතින් දැන් තම තමන්ගේ ලග්නෙට භාධක ග්‍රහයා හා භාධක රාශිය දන්නවනේ. මේ භාධක ග්‍රහයා පලාපල කියනකොට තරමක් වැදගත් තැනක් උසුලනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා යම් භාවයක ඉන්නවනම් ඒ භාවයට අදාල ශරීර ස්ථානය එම භාධක ග්‍රහයගේ දසාකාලයේදී අසනීප කරවන්න ලොකු සම්භාවිතාවක් තියනවා. එහෙම නැත්තන් ඒ භාධක ග්‍රහයට පෙනෙන රාශි වලට අයත් ශරීර අවයව වලට හරි නිතර ලෙඩ දෙන්න බලනවා..

මීට අමතරව භාධකස්තානාධිපති ග්‍රහයා යම් තැනක ඉන්නවනම් ඒ රාශියෙන් කියවෙන දේ සම්භන්ධව භාධා කරනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් විවාහය පමා කරවන්න ඒක බලපෑමක් වෙනවා දහවැන්නේ නම් රැකියාවේ උසස් වීමට සමාජ තත්වයෙන් උසස් වීමට බාධා කරනවා. එකොලොස් වැන්නේ නම් බාධක ස්ථානාධිපතියා තමාගේ දසාව ආවම ආදායම ලැබෙන මාර්ග අවහිර කරනවා (මේකොයි දේත් වෙන්නේ බාධක ග්‍රහයාගේ දසාවේදී හරි බාදක ග්‍රහයට අයත් නැකතක ඉන්න ග්‍රහයෙක්ගේ දසාවකදි හරි තමයි)

මීට අමතරව යම් ග්‍රහයෙක් භාධක ස්ථානයේ හිටියොත් ඒ ග්‍රහයගේ කාරකත්වයට ඒක බලපානවා. උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

හඳහනක් බැලු බැල්මටම යම් අවබෝධයක් ගන්න බාධකග්‍රහයගෙන් ලැබෙන පිටිවහල නම් අප්‍රමානයි. මීට අමතරව රෝග නිර්නයට හා ඒ සම්භන්ධ කාල වකවානු නිර්නයටත් භාධක ග්‍රහයා බොහෝ සෙයින් උපකාරි වෙනවා. නැවත ලිපියකින් හමුවනතුරු ඔබ සැමට ජය හා සතුට.




වෛදික ජ්‍යොතිෂ වේදි 
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Sunday, November 2, 2014

සෙනසුරු මාරුව

සෙනසුරු මාරුවක් සිද්ධ වෙන බවට දැන් හැමෝම වගේ දැනුවත්නේ.. ඉතින් මේක ගැන කියන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලීමක් කලා. ඇත්තම කියනවනම් ලංකාවේ සිද්ධ වෙන දේ ගැන නම් කියන්න දෙයක් නෑ මොකද වෙන්න තියන දේවල් වලට දැනටමත් පාර කැපිලා තියන්නේ..ජ්‍යොතිෂය නැතුව වෙච්ච දේවල් දිහා බලන් හිටියමත් කෙනෙක්ට දල අදහසක් ගන්න පුලුවන්..

නමුත් අපි අතිතය දිහා ටිකක් බැලුවොත් මීට වසර 60 කට පමන පෙර හා 30කට පෙර මේ විදිහට සෙනසුරු ලංකා කේන්ද්‍රයේ 10 වැන්න වන වෘෂ්චික රාශියේ ගත කරපු කාලේ වරක් එවකට පැවති රජය වෙනස්වුනා ඒ වගේම වරක් රට විප්ලව වාදීන් විසින් අත්පත් කරගන්න සුදානම් වුනා ඒ කියන්නේ පවතින රජයට ලොකු විරෝධයක් ජනතාව වෙතින් ආවා. ත්‍රස්ථ වාදි කලබල වර්ධනය වුනා තරුනයන් මරා දැමුනා වගේ අමිහිරි කලබල කාරී වාතාවරනයන් රටේ ඇති වුනා. එක එහෙම වීම පුදුමටක් නෙමෙයි. ලෝකායතන කේන්ද්‍රයේ 10 වැන්නෙන් රජු ආර්ථිකය හා රටේ ගෞරවය වගේ ඒවා කිය වෙන්නේ සෙනසුරු කියන්නේ සමාජ කාරක ග්‍රහයා. රජුගේ තැනට එයා ආවම එයාට රජුව රුස්සන්නේ නැති නිසා ගැටුම් ඇති කරනවා.


ඉතින් දැන් සෙනසුරු ආයෙත් වතාවක් මාරු වෙනවා ඒ අනුව පැහැදිලිවම රටට සුභ නෑ. නමුත් සෙනසුරු ග්‍රහයා මාරු වෙලා මාස කීපයක් යනකන් තමන්ගේ අසුභ පල දෙන්නේ නෑ මොකද සෙනසුරු කියන්නේ ඉතා මන්දගාමි ග්‍රහයෙක් නිසා පල දෙන්න කල් යනවා අන්න ඒ නිසා මේ වතාවෙත් රජය පෙරලීමේ අවදානමක් තියන නිසා චන්දය ජනවාරියේ පැවැත්වීම රජයට තවදුරටත් බලයේ ඉන්න උදව්වක් වේවි. ජන්දය පරක්කු වීම රජයට සුභ නෑ.. කොහොම වෙතත් 2015 ගුරු මාරුවෙන් පසු (ජූලි මස ඉදලා) නම් රජය පෙරලන්න මිනිස්සු දැඩි උවමනාවකින් පාරට බහියි සමහර විට මේක තවත් කැරැල්ලක ආරම්භයක් වෙන්න බොහෝ ඉඩ තියනවා. ඒ වගේම කෝලහල වලින් මහා පරිමානයේ ලේ වැගිරීම් ගැනත් ආරන්චි වෙයි. ඒ වගේම 10 වැන්නේන් නියෝජනය වෙන රටේ ගෞරවය හානිවෙලා විදෙස් රටවලින් මේරටට එන එක අවදානම් සහගත දෙයක් ලෙස නම් කරන්නත් ඉඩ තියනවා. දේෂපාලනය හා අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ යන විදිහ දැක්කම අනිත් ටික හිතා ගන්න පුලුවන්නේ..

අපි දැන් ලග්න දිහා බලමු.. මම සාමාන්‍යයෙන් පොදු පලාපල නොකිව්වත් මේ ග්‍රහමාරුව ඉතාම විශේෂ නිසා ටිකක් කියන්නම්..




මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා මෙය එතරම් සුභ දෙයක් නෙමෙයි විවාහ ආරවුල්, පාද වල ආභාධ, රැකියාව අහිමිවීමට හා ඉතුරුම් ධනය හානි වෙන්න පුලුවන් කාලයක් ඒ වගේම රහස් සතුරන්ගෙන් පීඩා ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අර්ශස් රෝගීන් වේ නම් ඔවුන්ට මෙම රොගය ඇවිස්සී පීඩා ගෙන දෙන්න පුලුවන්. උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ නම් මෙය එතරම් බලපාන්නේ නැත. නමුත් චන්ද්‍රයා 1,7,9 තැනක නම් මේ තත්වය දරුනු ලෙස බලපාන්න පුලුවන්


වෘෂභ

වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

මිථුන

මිථුන ලග්න ඔබට තම සතුරන්ගෙන් ගැලවීමට හා ඔවුන් පරාජයට පෙර නොසිතු උපක්‍රමයන් භාවිතා කරන්න සිද්ධ වෙන කාලයක් ඒ වගේම ඒ මගින් සතුරන් පරදා ජය ලබන්නට ලැබෙන කාලයක්. සීත ආහාර වලින් ටිකක් පරිස්සම් වෙන්න වෙයි මේ කාලේ.. ඒ වගේම ණය ගනුදෙනු වලට ඒ තරම් සුභ කාලයක් නෙමෙයි.. සල්ලි ණයට දීපුවා තියනවනම් ලබන ජූලි මාසෙට ඉස්සෙල්ලා ඒවා ආපහු ඉල්ලගත්තොත් හොඳයි. ඒ අතර තමන් නයට මුදල් ගත් ඒවා නොගෙවා සිටිමට ඉඩ ලැබෙන්න පුලුවන්..

කටක

සෙනසුරු කටක ලග්න හිමියන්ගේ පස්වැන්නට එන්නේ මුල් කාලෙ නම් ඒ හැටි ප්‍රෂ්නයක් වෙන්නේ නෑ මොකද හංස නම් මහාපුරුෂ යෝගයෙන් බලවත් වෙලා ඉන්න ගුරුගෙන් ත්‍රිකෝන දෘෂ්ඨියක් වටෙන නිසා ලබන අවුරුද්දේ ජූලි වෙනකන් ගැටලුවක්  ඇති කරන්නේ නෑ. නමුත් ඊට පස්සේ සුලුවෙන් කථා බහ කරලා විසඳගන්න තිබ්බ ප්‍රෂ්න දිග්ගැස්සෙන්නත් ගිවිසුම් ගහලා තිබ්බ ඒවා තමන්ට අවාසි විදිහට වෙනස් වෙන්නත් පුලුවන් චන්ද්‍රයා 4,5,6, ස්ථාන වලත් 10 වැන්නෙත් ඉන්නවනම් අපලය බරපතලයි. එහෙම නම් උදරයේ නොයෙක් අසනිප ඇති කරන්නත් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නත් හේතුවෙනවා. ඒ වගේම ආර්ථිකයටත් මරු පහරක් වදිනවා.. දරුවන් ඉන්න අයට දරුවන්ගෙන් ඈත් වෙන්න සිදුවෙයි.

සිංහ

 අත්පාවල හිරි වාතය තිබේ නම් පීඩා කාරී කාල වකවානුවක් ආරම්භ වෙන්නේ. තමාගේ දේපල වලට වෙනත් කෙනෙක් අයිතිවාසිකම් කීමට හෝ දේපල බෙදිමේදී තමාට අසාධාරනකම් සිදුවීමට ඉඩ තියෙනවා. විනෝද චාරිකා ගියත් ඒවායින් වෙහෙසක් මිසක් සතුටක් ගෙන දෙන්නේ අඩුවෙන්. සමාජයේ හොඳ නම අඩුවීම නිසා සිතේ අසහනකාරි තත්වයක් ඇති වෙන්න ඉඩ තියනවා.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන් මේ සෙනසුරු මාරුවත් එක්ක තමාගේ ජන්ම ඒරාෂ්ඨකය නිමා කරනවා.. සිතට අස්වැසිල්ලක් ගෙන දෙන කාලයක්. යහපත් සේවකයන් ලැබෙන්නත් දියුනුව ලබන්නත් ඉදිරි කාලය හොඳයි. නව හිතමිතුරන් ඇතිවීමද පවුලේ දියුනුව ඇතිවීමද තමන්ට ආධාර උපකාර ඇතිවෙන ලෙස වටපිටාව සකස් වීමද දකින්න ලැබෙනවා. අලුත් වගකිම් එහෙමත් ලැබෙන කාලයක්. (දැන් කට්ටියම හිතනවා ඇති මේ රාජ්‍ය නායකයාගේ කේන්ද්‍රයත් නිසා එතුමටත් මෙහෙමද කියලා.. නමුත් එතුමගේ ග්‍රහ පිහිටීම් අනුව තත්වය මීට වඩා විපරීත බවයි මගේ අදහස)

තුලා

ලග්නයේ සස නම් මහා පුරුෂ යෝගයෙන් සිට දෙවැන්නට සෙනසුරු පැමිනෙනවා.. මේ අනුව හදීසි අනතුරු වලට භාජනය වීමට වට පිටාව සකස් වෙනවා.. අතේ මුදල් රැදීම රින මට්ටමක් දක්වා පහත බහින කාලයක්. ඒ කියන්නේ බොහො දුරට ණය ගැනීමට පවා පොලබවන කාලයක්. ස්ත්‍රීන් පුරුශයන් නිසාත් පුරුෂයන් ස්ත්‍රීන් නිසාත් කලහ වල පැටලේ. දත්මුල් දිය වීම හා දත් රොග ඇතිවීමට විෂාල සම්භාවිතාවක් ඇත. හඳහනේ විවාහ දෝෂ තිබේ නම් සැමියාට හෝ බිරිඳට මේකාලයේ දැඩි අපල ගෙන දෙයි. පහත් අය ආශ්‍රයට පෙලඹී ඔවුන්ගෙන් රැවටීමට බඳුන් වේ..

වෘෂ්චික

මානසික හා ශාරීරික වශයෙන් අයහපත් කාලයකි. තමාගේ ප්‍රසිද්ධිය නැතිවේ, නම කැතවේ, තමාගේ ගැන නරක ආරංචි පැතිරේ. සමාජයේ පිලිගැනීම අඩුවි අඳුරු මුල්ලකට තල්ලු වී යයි. මේ කාලයේ තමාට ප්‍රභූන්ගෙන් හා උසස් යැයි සමාජයේ පිලිගත් අයගෙන් අවැඩ සිදුවිය හැකි බැවින් ඔඅවුන් ආශ්‍රය පරිස්සමින් කල යුතු වේ.. පාද වලට කල් පවතින අසනීප වැලඳේ.. සුලු කෙටීමක් ඇමැට්ටියක් වුනත් කාලයක් ඒ නිසා දුක්විඳින්නට සිදුවේ හෙවත් ලෙඩ සුව වීම හා ශරීරයට බෙහෙත් වල බලපෑම් ඇතිවීමට පමා වේ..

ධනු


ධනු ලග්න හිමියන්ට තම ලග්න ඒරාෂ්ඨකය මේ ග්‍රහමාරුවත් සමග ආරම්බ වෙනවා. මුදල් කරදර සිත් තැවුල් මෙන්ම ධනු ලග්න හිමි ගුරුවරුන්ගේ ශිෂ්‍යයන් හට තරමක් අපල ගෙන දෙනවා. ශිෂ්‍යයන් නිසා ගුරුවරයාට ගැටලු වලට මුහුන දෙන්න සිදුවෙන්නත් පුලුවන්. ඒ වගේම අනිත් අයටත් අධ්‍යාපනයට භාධා කරන කාලයක්. දුෂ්ඨ ස්ත්‍රීන් නිසා නින්දා අපහාස විඳින්නත් ඉඩ තියනවා

මකර

මකර ලග්න හිමියන්ගේ එකොලොස්වැන්නට එන සෙනසුරු ඒතරම් ලොකු නරකක් කරන්නේ නෑ. රැකියාවේ ප්‍රධානත්වය අලුත් වගකීම් ලැන කාලයක්. මීට අමතරව තමන්ට නිවාස වල අයිතිවාසිකම් එහෙම බලාපොරොත්තුවෙන් හිටියනම් ඒවා ඉශ්ඨ සිද්ධ වෙන කාලයක්. සැප විඳින්න ලැබෙන බලාපොරොත්තු ඉටු වෙන කාලයක්. නමුත් අලුත් වගකීම් නිසා සිතේ සැනසිල්ල නම් ටිකක් අඩු වෙන්න පුලුවන්.

කුම්භ

දනහිස් අභාධ තිබෙන අයට ඒවා ඇවිස්සි ඒවායෙන් පීඩා විඳින්නට සිදුවෙනවා. අන් අයටද දනහිස් අභාධ ඇතිවීමේ අවධානමක් වේ. වස්තු භංගත්වය ඇතිවිය හැකි වුවත් දරු ලාබ බලාපොරොත්තුවෙන අයට තරමක් යහපත් වේ. වගා පාලුව සිදුවීමට ඉඩ ඇත. කුම්භ ලග්න කරුවන් පව් කම් වලට බර වෙන ගතියක් ඇත. මේ නිසා නිතරම ශ්‍රද්ධාව වඩා ගැනීම යහපත් වේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා භාධා පැමිනේ. රැකියාවේ මාරුවක් සිදුවීමට හෝ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරුවීමට ඉඩ ලැබේ. 

මීන

මෙතෙක් කල් ගත කල අෂ්ඨම ඒරාෂ්ඨකය අවසන් වී මේ ග්‍රහ මාරුවත් සමග සෙනසුරු පුන්‍යස්ථානය වෙත ගමන් කරයි. අලුත් වැඩ වලට අත ගසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඊර්ෂ්‍යාකාරයන් හා සතුරන් ඇතිවේ. වැඩිහිටියන් සමග හෝ ඥාතීන් සමග කරන කටයුතු වලින් පාඩු විදින්නට සිදුවේ. ආගමික භක්තිය ඇති කරවන අතර තපසට භාවනාවට ප්‍රිය කරවයි. මේ කාලය ආර්ථිකය දියුනු කිරීමට වඩා අධ්‍යාත්මය දියුනු කිරීමට සිතෙන කාලයකි. 

ඉතින් මේ සෙනසුරු මාරුව පොදුවේ එච්චර හොඳ එකක් නෙමෙයි. මම මේ කිව්වේ පොදු පලාපලයක්. තම තමන්ගේ හඳහන් වල හැටියට මේකේ වෙනස්කම් වෙන්න පුලුවන්. කොහොම වෙතත් මේ මාරුව හොඳ නැති අයට භාවිතා කරන්න මම පුන්චි මන්ත්‍රයක් දෙන්නම්. මේකට කියන්නේ මහා මෘතුන්ජය මන්ත්‍රය කියලා දිනපතා මේ මන්ත්‍රය ශබ්ධ නගා කියන්න.  


ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ
සුගන්ධිං පුෂ්ඨි වර්ධනං
ඌර්වාරුකමිව බන්ධනාං
මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, October 22, 2014

චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය

මේ යෝග දෙකේ නම් දෙක එක ලඟින් යන නිසා මේ දෙක එකක් ලෙස සමහරු වැරදි වැටහීමක් ගන්නවා ඒ වගේම සමහරු මේ දෙක පටලවාගන්නවා. ඉතින් අද මේ දෙකේ වෙනස මොකක්ද කියලා බලමු.
ඊට කලින් අලුතින් එකතුවුන අයට හා රාශි අධිපතියන් කවුද කියලා මතක නැති අයට ඒක ටිකක් මතක් කරලා ඉමු



෴චන්ද්‍රිකා යෝගය෴ 

අඟහරු හෙවත් කුජ ග්‍රහයා හඳහනේ පස්වැන්නේද, නමවැන්න අධිපති ග්‍රහයා තැම්පත් වී සිටින්නේ යම් රාශියකද අන්න ඒ රාශියේ අධිපතියා හඳහනේ නමවැන්නේ හෝ පස්වැන්නේද සිටියි නම් මේ චන්ද්‍රිකා යෝගය යෙදෙනවා. 
මේ යෝගයෙන් උපන් තැනැත්තා බොහෝ සැපසම්පත් වින්දත් දරුවන් නිසා දුකට පීඩාවට පත්වෙන බවයි සඳහන් වෙන්නේ.

෴චන්ඩිකා යෝගය෴

හඳහනේ හයවැන්න හා නම වැන්න අධිපති ග්‍රහයන් නවාංශක කේන්ද්‍රයේ යම් තැනක තැම්පත්වී සිටීද ඒ සිටින  නවාංශක රාශිවල අධිපතියන් රවි සමග සංයෝග වී සිටීද එමෙන්ම හයවැන්න අධිපතියා ලග්නය දකීද. එවිට මෙම චන්ඩිකා යෝගය යෙදේ (මේ යෝගය යෙදෙන්නේ වෘෂභ, සිංහ, වෘෂ්චික හා කුම්භ යන ලග්න හිමියන්ට පමනි)
මෙම චන්ඩිකා යෝගයෙන් උපන් තැනැත්තා ජනප්‍රසාදය ලැබෙන කීර්තිමත් පුද්ගලයෙක් වන බව පොතපතේ සඳහන් වේ.

චන්ඩිකා යෝගය ගැන කියනකොට මතක්වුනේ තවත් නමින් සමාන යෝගයක් තියනවා චන්ඩ යෝගය කියලා

෴චන්ඩ යෝගය෴

යමෙකුගේ හඳහනේ නමවැන්න අධිපතියා තුන්වැන්නේ සිටිද්දී ලග්නයේ උච්ච ග්‍රහයෙක් සිට ඒ ග්‍රහයාව අඟහරු ග්‍රහයාට පේනවනම් මේ චන්ඩ යෝගය යෙදෙනවා
පොතපතේ තියන්නේ අමාත්‍ය වරයෙක් වගේ ඊට සමාන පුද්ගලයෙක් වෙනවා කියලා..



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, October 13, 2014

කතරගම දෙවියන්ට නිවැරදිව පඬුරක් තබමු

සුමන සමන් දෙවියන්ට පඬුරක් ගැට ගසන නිවැරදි ක්‍රමය පසු ගිය වතාවක කියාදුන්නට පස්සේ ඒකට ගොඩක් යහපත් ප්‍රථිචාර ලැබුනා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න.. 

 උවමනා දේ
  • තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
  • රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
  • රත්මල් පොකුරු 5ක්
  • කපුරු පෙති 5ක්
  • රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
  • තැඹිලි ගෙඩියක්
  • කලු උක්ගස් කැබැල්ලක්
  • බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
  • පොල් ගෙඩියක් 
  • කහ දියර ස්වල්පයක්

පිලිවෙල

මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න. 
පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
මෙය ඉතාම බලවත් දෙයකි සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කල හැකි බැවින් ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.






වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, October 12, 2014

෴ශනි ඒරාෂ්ඨකය 2෴

                 ගිය වතාවේ අපි ඒරාෂ්ඨකයක් ගැන මූලික දේවල් කථා කලා ඊට අමතරව ලග්න ඒරාෂ්ඨකය යෙදෙන විදිහත් කථා කලා. අද අනිත් ඒරාෂ්ඨක යෙදෙන විදිහ ගැන බලමු.

ජන්ම ඒරාෂ්ඨකය

සෙනසුරු රාශි චක්‍රය වටේ යන ගමනේදී ( මේකට ජ්‍යොතිෂයේදි අපි කියන්නේ ගෝචර ගමන කියලා) ලග්නයේ හා ඒ දෙපැත්තේ කොටු වල ගමන් කරන කාලයේදී ලග්න ඒරාෂ්ඨකය යෙදෙනවා වගේම, සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න රාශියේත් ඒ දෙපැත්තේ රාශි වලත් ගමන් කරන කාලය ජන්ම ඒරාෂ්ඨකය වෙනවා..
උදාහරනයක් කියනවනම්
පහත හඳහනේ උප්පත්තියෙන් චන්ද්‍රයා ඉන්නේ 5 වැන්නේ එතකොට සෙනසුරු 4,5,6 කියන භාව වල ගමන් කරනකොට කේන්ද්‍ර හිමියට ජන්ම ඒරාෂ්ඨකය යෙදෙනවා.
කලින් ලිපියේ කිව්වා වගේ මේ රාශිවලදි සෙනසුරු බලවත් නම් ඒරාෂ්ඨකය ඒ තරම් දරුනු වෙන්නේ නෑ. නමුත් චන්ද්‍රයා බලවත් නම් ඒරාෂ්ඨකය දරුනුයි. ඒරාෂ්ඨක කාලය උපරිම අවුරුදු 7 1/2 හා අවමය අවුරුදු 2 1/2 යි.
ඒ වගේම සාමාන්‍යයෙන් ජන්ම ඒරාෂ්ඨක 07 වැන්නේ හා 09 වැන්නේදි යෙදෙන්නේ නෑ..(ජන්ම ඒරාෂ්ඨක වගේම පසුව විස්තර කරන චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයටත් මේක වලංගුයි)

අෂ්ඨම ඒරාෂ්ඨකය

ශනි ග්‍රහයා ගෝචර ගමනෙන් කාගේ හරි හඳහනක අටවැන්නට ආවොත් ඔහුට අෂ්ඨම ඒරාෂ්ඨකය ලැබුවා වෙනවා

චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය

ප්‍රධාන ඒරාෂ්ඨක අතරට සමහර ගුරුකුල වල ඇතුලත් කර නොගත්තත් නොසලකා හැරිය නොහැකි ඒරාෂ්ඨකයකි. මෙම ඒරාෂ්ඨකය යෙදෙන්නේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින කොටුවෙන් අට වැන්නට ශනි ආ විටය.

මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්.

මීට අමතරව යම් කෙනෙක්ගේ හඳහනේ උප්පත්තියෙන් යම් ඒරාෂ්ඨකයක් යෙදිලා තියනවනම් ඔහුට දෙවෙනි වර ඒ ඒරාෂ්ටකයේ බලපෑම ඉතාම අඩුයි. සමහරවිට බලපෑමක් නැතිම වෙන්නත් පුලුවන්..

ලංකාවේ පලමු විධායක ජනාධිපතිනියව එතනට පත් වුනේ අෂ්ඨම ඒරාෂ්ඨක කාලයක. එතුමියගේ හඳහනේ අටවැන්න කුම්භ රාශිය. එය සෙනසුරුට හිමි රාශියක්. එතනදි සෙනසුරු බලවත් නිසා අපලයක් වෙනුවට අවසානයේ ලැබුනේ සුභ පලයක්. අන්න ඒ විදිහට ඒරාෂ්ඨක කාලයේදි ශනි බලවත් නම් බොහෝවිට නරක කරන සෙනසුරා ටොකු ඇන ඇන සුභපල දෙන්න ඉඩ තියනවා. ඉතින් ඒරාෂ්ඨකයි කිව්ව ගමන් බය නොවී නිවැරදිව එය හඳුනා ගන්න කියන එකයි හැමෝටම මතක් කරන්න ඕන..


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, October 8, 2014

෴ශනි ඒරාෂ්ඨකය 1෴


"ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක නිසාම ජ්‍යොතිෂය කියන විශය විකුනන් කන ගොඩ දෙනෙක් මේක තුරුම්පුවක් කරගෙන ඉන්නවා. ඇත්තටම සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ ජීවිතයම ඉවරද? ගොඩක් දෙනා විශය ගැන නිවැරදි අවබෝධයක් නතුව කනින් කොනින් අහපු දෙයක් නිසා හිතන්නේ සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ මාරක අපලයක් ආවා කියලා නමුත් ඒක හැම වෙලේම එහෙම වෙන්නේ නෑ.

ශනි ඒරාෂ්ඨකය ගැන කියන්න කලින් සෙනසුරු ගැන කියන්න ඕන. සෙනසුරු නෛසර්ගික වශයෙන් පාපයෙක් සෙනසුරුගේ ලක්ෂනයම අපල උපද්‍රව කිරීමම තමයි නමුත් නිකන් හරි සෙනසුරු යහපත් ලෙස පිහිටියොත් ලෞකික සැප දෙන්න සෙනසුරු තරම් ග්‍රහයෙක් තවත් නෑ. ගිලිමලෙත් ඇත දත සුද්දෝ කියලා කිව්වා වගේ තරමක් විරල වුනත් සෙනසුරු නිසා කෝටිපතියන් වූ මිනිස්සු ජනාධිපති වරුන් වූ මිනිස්සු පවා ඉන්නවා.. ඒ නිසා සෙනසුරා යනු 100%ම නරකයෙක්මයි කියා නිගමනය කිරීම වරදක්.

දැන් අපි බලමු ඒරාෂ්ඨකය කියන්නේ මොකක්ද කියලා. ජ්‍යොතිෂය කියන විශය මිනිසා වෙනුවෙන් නිර්මානය වූවක් ඒ නිසා ගනනය කිරීම් සියල්ලම පෘථිවිය කේන්ද්‍ර ගත කරගෙන තමයි කරන්නේ (අන්න ඒ නිසයි ග්‍රහයන් වක්‍ර වෙනවා නිර්වෘත වෙනවා කියලා සිද්ධාන්තයක් ජ්‍යොතිෂයේ තිබෙන්නේ) ඒ අනුව අපි දන්නවා ග්‍රහයන් රාශි චක්‍රයේ එක් රාශියකින් තවත් රාශියකට යම් යම් කාල පරාසයන් තුල ගමන් කරනවා. උදාහරනයකට සූර්‍යයා මාස 12ක් තුල රාශි 12 හරහා ගමන් කරනවා ඒ කියන්නේ එක රාශියක් පහු කරන්න මාසයකට ආසන්න කාලයක් ගන්නවා. ඒ වගේ සෙනසුරුට රාශි චක්‍රයේ වටයක් යන්න වසර තිහක කාලයක් යනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් වසර 2 ½ ක් යනවා එක රාශියක ඉඳලා අනිකට යන්න. මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනකොට යම් ජන්ම පත්‍රයක ලග්නයේ දෙවැන්නේ හා දොලොස්වන්නේ ශනි ගමන් කරනවනම් ඔහුට හෝ ඇයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා.

මේක උදාහරනයකින් පහදන්නම් කෝ



ඉහත දක්වලා තියන සටහනට අනුව සෙනසුරු ග්‍රහයගෙන් සලකුනු කරලා තියන කොටස තුල ශනි ග්‍රහයා ගෝචර ගමනේ යෙදිලා ඉන්නවනම් ඒ කියන්නේ ඒ අයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා. මේ කියන්නේ ඔබේ ජන්ම පත්‍රයේ ශනි ඉන්න එක නෙමෙයි එදින් එදා ග්‍රහයන්ගේ සිදුවන ගමන ගැනයි. උදාහරනයකට මේ දවස් වල ශනි ඉන්නේ තුලා රාශියේ. මේ වසරේ නොවැම්බැ දෙවෙනිදා ශනි වෘෂ්චික රාශියට මාරු වෙනව. ඔබේ ජන්ම පත්‍රයේ තියන්නේ ඔබඉපදෙන වෙලාවේ ශනි හිටපු තැන.
මේ අනුව කාට හරි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබපුවම අවුරුදු 7 ½ ඒ ඒරාෂ්ඨකය පවතිනවා. 
දැන් ප්‍රශ්නයක් එනවා මෙතන රාශි දොලහෙන් තුනක්ම සලකුනු කරලා තියනවා ඒ කියන්නේ මේ රටේ සමස්ථ ජනගහනයෙන් ¼ ක්ම ශනි ඒරාශ්ඨකේට අහුවෙලා දැන් ඒ හැමෝම දුක්විදිනවද? පිලිතුර ඔව් සහ නෑ ඒරාෂ්ඨකය ලබපු එක හරි නමුත් අනිත් එක වැරදියි මොකද ශනි ඒරාෂ්ඨකය ගැන මම කලින් කියපු විස්තරේ සඳහන් කලා ඒරාෂ්ඨකය හැමෝටම නරක නෑ. යම් හෙයකින් ශනි තමාගේ උච්ච රාශිය වන තුලාවේ ඉන්නවනම් හා තමාගේම රාශි දෙක වන මකර හා කුම්භ කියන රාශි දෙකේ ඉන්නවනම් නැත්තන් ශනි බලවත් ගුරු සමග ගෝචර ගමනේදි සංයෝග වෙනවනම් අසුභ පල සුභ පල බවට පත්වෙනවා.

ඒත් ප්‍රශ්නෙට උත්තරය සම්පූර්න නෑ නේද? ඒකත් පොදුවේ වෙන දෙයක්නේ ඒ කියන්නේ ලෝකේ හතරෙන් එකකට ඒ සමාන ප්‍රතිපලයම ලැබෙනවද? පිලිතුර නෑ. තමන්ගේ උප්පත්ති හඳහනේ ශනි බලවත් නම් ඒ අයට අසුභ පල දෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමන් ගත කරන දසාව අනුවත් පලාපල ගොඩක් වෙනස් වෙනවා. උදාහරනයකට ශනි ඒරාෂ්ඨකේ ලබලා තියනකොට සඳුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් යනවනම් අපල තත්වය කීප ගුනයකින් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ යෝගකාරකයගේ දසාවක් යනවනම් අපලය ඒ තරම් දරුනු නොවි වැඩි අමාරුවක් නැතුව ඉවර වෙනවා. මේ වෙනස් කම් සිදුවෙන ක්‍රම කීපයක් විතරයි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඒරාෂ්ඨකය එකවර ලග්න තුනක අයට බලපෑවට ඒක කිසිම විටක සමස්ථයටම එක වගේ බල නොපාන්නේ ඇයි කියලා.. අද කිව්වේ ලග්න ඒරාශ්ඨකය ගැන විතරයි. තව ඒරාෂ්ඨක තුනක් තියනවා කියන්න... ඒක මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..


වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
0755004166

Thursday, October 2, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව් රජුන්


මහා සංතොඨ්ඨික දෙව් රජුන් යැයි කි සැනින් බොහෝ දෙනාට මේ නාමය එතරම් හුරු නැත. නමුත් මෛත්‍රී බෝධිසත්වයෝ යැයි කියු වහාම අද අප කථා කරනා උත්තමයා කවුරුන්දැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.
මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරදුන් නාථ දෙවියන් යැයි යම් පිරිසක් අදහස් දැක්වුවද ඒය වැරදි මතයකි. නාථ දෙවියන් ගැන මා කලින් පල කල ලිපියෙහිද ඒ පිලිබඳ වැඩිදුර විස්තර සටහන් කර ඇත. මෙත් බෝසතුන් දැන් මහා සංතොඨ්ඨික දෙව් රජුන් හෙවත් මහා සංතෝෂයින දෙවියන් ලෙසින් තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් හා අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින් කරන ලද පැහැදිලි කිරීම් වල මනාව සටහන් වේ.



කෙසේ නමුත් මෙත් බෝසතුන් ගැන දීර්ඝ මෙන්ම පැහදිලි කරුනු අපට හමුවන්නේ ඛුද්දක නිකාය, බුද්ධ වංශ දේෂනාව අවසානයේදි සැරියුත් මහරහතන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි බුදුරජානන් වහන්සේ විසින් සිදුකල අනාගත වංශ දේශනාවෙනි.
බුද්ධත්වයෙන් හත්වන වස් කාලයේදී මාතෲ දිව්‍ය රාජයාට ධර්මය දේෂනාකිරීම සඳහා තවුතිසාවට වැඩම කර සිටි බුදුරජානන් වහන්සේ ඉන් පසු මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ නුවර “සිරිවඩ්ඪන” නම් මහ සිටු පුත්‍රයකු ව සිටි මෛත්‍රී බෝසතුන් අප බුදුරජානන් වහන්සේට ආරාමයක් කර පූජා කරවන ලදි එවිට බුදුන් වහන්සේ මේ මතු බුදුවන මෙත් බෝසතුන් යයි ප්‍රකාෂ කල අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම අනාගත වංශ දේෂනාව කල සේක. එහි සඳහන් වන පරිදි උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. කේතුමතී නුවර සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ. වයස අවුරුදු 18 වන විට ගිහිගෙයින් නික්ම යබ බවද මෙම දේෂනාවේ සඳහන් කරුනු අතර වේ.

මෙහි "සිරිවඩ්ඪන" නම අල්ලා ගත් ගාල්ලේ විකටයෙක් තමා මෛත්‍රී බුදුන් යැයි කියමින් බන කීවා කාටත් මතක ඇතැයි සිතමි.

බුදුවන්නට පෙරුම් පුරනා මෙත් බෝසතුන්ගෙන් යමෙක් පිහිටක් බලාපොරොත්තු වේනම් මහා කරුනා සිත පෙරදැරිව උන් වහන්සේ පිහිට වන්නේ යයි පැරැන්නන්ගේ මතයයි.

෴මෙත් බෝසතුන් වන්දනා කරන ගාථාව෴

මෙත්තෙය්‍ය නාමේන බුද්ධො භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදාති තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං

වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමිතං වීතරාගී මුනින්දං

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
0755004166

Thursday, September 25, 2014

෴පෙර නිමිති෴(50 වන කඩයිම)

                            පෙර නිමිත්ත කිව්වම බෞද්ධයන්ට නම් එක වර මතක් වෙන්නේ සතර පෙර නිමිති. ඇත්තටම පුරානයේ ඉදලම මේ පෙරනිමිති ගැන මිනිස්සු ගොඩක් සලකිල්ලක් දැක්වුවා. සැළලිහිනි  සංදේශය රචනා කල රාහුල හිමියන් එම විශිෂ්ඨ කෘතියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙල කුසුම ලිය පියතෙපල රන් කෙඩි
සල සුදු සෙමර සේසත් ගිජිඳු නොද වැඩී
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී





ඉතින් අද පෝස්ට් 50 සම්පූර්න වෙන මේ වෙලාවේ පෙර නිමිති ගැන ටිකක් විස්තර කරන්න හිතුනා. අපේ පැරැන්නෝ පෙර නිමිති කොටස් 6කට වර්ග කරලා තියනවා

  1. ආගත නිමිත්ත
  2. ගත නිමිත්ත
  3. දර්ෂන නිමිත්ත
  4. භාෂන නිමිත්ත
  5. ශ්‍රවන නිමිත්ත
  6. චිත්තාරම්භන නිමිත්ත

ආගත නිමිත්ත

ආගත නිමිත්ත කියන්නේ තමන් සුභ ගමනක් යනකොට ඉස්සෙල්ලම මූනට මුලිච්චිවෙන කෙනා, සත්වයා හෝ දෙයටයි
සුභ දෙයක් මුලිච්චි වුනොත් ඒක සුබ ආගත නිමිත්තක් ලෙසත් අසුභ දෙයක් මුලිච්චි වුනොත් ඒක අසුභ ආගත නිමිත්තක් ලෙසත් හදුන්වනවා.

ගත නිමිත්ත
මූනට මුලිච්චි නොවුනත් අපි යන මග හරහා යන කෙනෙක් පාර පනින සතෙක් එහෙමත් නැත්තන් අපි යන අතටම අපිත් එක්ක යන කෙනෙක් පාරේ හිටියොත් ඒ කෙනා හෝ සතා ගත නිමිත්ත වෙනවා. මේකත් සුභ අසුභ ලෙස හඳුන්වනවා. උදාහරනෙකට අපි යනකොට සුන්දර කාන්තාවක් පාර හරහා යන එක සුභ ගත නිමිත්තක්. හස්තිරාජයෙක් යන එකත් ඒ වගේමයි.  

දර්ශන නිමිත්ත
යම් කර්තව්‍යයක් පටන් ගන්නට පෙර අපි දකින දේ (මේක මූනටම මුන නොගැහුනත් අපට පේනවනම්) තමයි දර්ශන නිමිත්ත. උදාහරනයක් කියනවනම් අපි පාරට බහින තැනම ඉදුනු අඹ පිරුනු අබ ගහක් තියනවනම් ඒක දර්ශන ගත නිමිත්තක්මේ දර්ශන නිමිත්තට යම් කාරියකට පෙර අපි දකින සිහිනත් අයත්

භාෂන නිමිත්ත
යමක් පටන්ගන්නකොට අසල සිටින කෙනෙක් විසින් පවසන දේ තමයි භාෂන නිමිත්ත වෙන්නේ උදාහරනයකට ජය වේවා , සැප වේවා වගේ ප්‍රාර්ථනාත් සෙත් පිරිත් වගේ දේවලුත් සුභ භාෂන නිමිති ලෙස පෙන්නන්න පුලුවන්. කෙලවෙලාම පල, හොඳක් නම් වෙන්නේ නෑ වගේ ඒවා අසුභ භාෂන නිමිති.

ශ්‍රවන නිමිත්ත
අපිට යමක් පටන් ගන්නකොට කවුරුන් හෝ යමක් පවසන දේට අමතරව තව ඕන තරම දේ ඇහෙන්න පුලුවන් ඒවා අයිති වෙන්නේ ශ්‍රවන නිමිත්තට. සක් හඬ, හොරනෑ හඬ, කුකුලන් හඬලෑම වගේ ඒවා සුභ ශ්‍රවන නිමිති. ඒ වගේම යමක් බිඳෙන හඬ, හූ හඬ, කහින හඬ, හූනන් ගේ හඬ වගේ ඒවා අසුභ ශ්‍රවන නිමිති විදිහටයි සලකන්නේ..

චිත්තාරම්භන නිමිත්ත
අපි ගමනක් යන්න පිටත්වෙනකොට හෝ වැඩක් පටන් ගන්න හදනකොට එකවරම අපේ සිතේ එක වරම ඇතිවෙන සිතිවිල්ල චිත්තාරම්භනනිමිත්ත වෙනවා ආගත නිමිත්ත වගේම ගොඩක් බලවත් කියලයි කියන්නේ. මොකද බෑ බෑ කියලා පටන් ගන්න වැඩක් අසාර්ථක වෙන්න තියන සම්භාවිතාව වැඩියි කියලා අපි ඉතින් දන්නවනේ.


කොහොම වෙතත් සුභ වැඩකට යනකොට වතුර වීදුරුවක් අතින් ගත්ත අම්මව මුලිච්චිවෙලා අම්මගේ මුවින් මගේ දරුවට තුනුරුවන්ගේ පිහිටයි කියලා අහලා යන්න තියනවනම් ඔය කිව්ව පෙර නිමිති හයම සුභ පක්ශයෙන් සම්පූර්න වෙනවා.. අම්ම නැත්තන් තමන්ට ගොඩක්ම හිතවත් කෙනෙක් ගෙන් ආශිර්වාද ලබලා යන්න පුලුවන්නම් ඉතින් බොහොම සුභයි.

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Thursday, September 18, 2014

මට රට යන්න පුලුවන්ද?

මේ දවස් ටිකේම දෙවියන් හා සම්භන්ධව පෝස්ට් දැම්ම නිසා ජන්ම පත්‍ර පරික්ෂාව ගැන පෝස්ට් එකක් දාන්න කල්පනා කලා. මගේ ගාවට ජන්ම පත්‍ර ගෙන එන අය දැන් දැන් අසන ප්‍රධාන ප්‍රෂ්නයක් තමයි "මට රට යන්න පුලුවන්ද?" කියන එක. එක අතකට ලංකාව දියුනු වෙන වේගේ දරාගන්න අමාරු නිසා කට්ටිය ඒ ප්‍රෂ්නේ අහන එකෙත් වරදක් කියන්න බෑ. දැන් අපිට ඒක සෑහෙන වාසනාවන්ත කමක් වගේ පෙනුනට ජ්‍යොතිෂ පොත පතේ මේ වගේ රට යන යෝග දක්වාලා කියන්නේ මෙන්න මේ ආකාරයේ ග්‍රහ යෝගයක් තිබේ නම් උපන් රටේ ඉන්නට වාසනාව නැත., තමා උපන් රටින් පවා පිට වන්නට සිදුවේ, වගේ දේවල්. ඒ කියන්නේ පැරැන්නෝ ඒක සැලකුවේ අවාසනාවන්ත සිද්දියක් විදිහට. 
ඉතින් කොහොමින් හොම හරි ඔයාලගේ හඳහන් වලත් මේ පිහිටීම් තියනවනම් විදෙස් ගත වීමට ලොකු අවස්ථාවක් තියනවා




01.ඔයාලගේ හඳහනේ ලග්නාධිපතියා ඉන්න කොටුවෙන් දොලොස්වැන්න අධිපතියා තමන්ට සතුරු රාශියක හරි නීච රාශියක හරි තැම්පත් වෙලා හිටියොත් හරි පාපග්‍රහයන් එක්ක සංයෝග වෙලා හරි දෘෂ්ඨි ලැබිලා හරි දුර්වල වෙලා හිටියොත් හරි ඔයාලට විදෙස් ගත වෙන්න පුලුවන්, මේ ග්‍රහයට සිකුරුගේ මිත්‍ර දෘෂ්ඨියක් වැටෙනවනම් මේ තත්වය තවත් වර්ධනය කරනවා

මේ දොලොස් වැන්න අධිපතියා රවිගේ ග්‍රහනයට හසු වෙලා ඉන්නවනම් තමන්ට පිටරට ගියත් කුඩා නගරයක ජීවත් වෙන්න ලැබෙන බවයි සඳහන් වෙන්නේ. 

02.ලග්නාධිපතියා ඉන්න රාශියෙන් දොලොස්වැන්න අධිපතියා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝන ගතව මිත්‍ර ක්ෂේත්‍රව සිට කර්තරී යෝගයට ( එම ග්‍රහයාගේ දෙපසින් ග්‍රහයන් තැම්පත්වීම) හසුව තිබේ නම් තාවකාලිකව ප්‍රියජනක තැනක ජීවත් වන්නට ලැබෙනවා

මේ දොලොස්වැන්නඅධිපතියාව සඳුට ගුරුට හෝ සිකුරුට පේනවනම් තදින්ම චිත්තාකර්ෂනීය රටක ජීවත් වන්නට ලැබෙනවා

03. ලග්නය චර රාශියක් වෙලා ( චර රාශී : මේශ,කටක,තුලා,මකර) ලග්නාධිපතියා එහිම ඉන්නවනම් හා අනෙක් චර රාශිවල ඉන්න ග්‍රහයන්ගෙන් දෘෂ්ඨි වැටෙනවනම් තමාට පිටරට යෑමෙන් බලපොරොත්තු නොවූ දියුනුවක් ලබන්න පුලුවන් වෙනවා. 

මේ ක්‍රමයෙන් විදෙස් ගතවීම පරික්ෂාව බොහෝ නිවැරදි බව මට පෞද්ගලිකව අත් දකින්න ලැබුන දෙයක්..


වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, September 17, 2014

සුමන සමන් දෙවියන්ට පඬුරු තබන හැටි

සමන් දෙවියන්ට පඬුරක් බඳින නිවැරදි ආකාරය තමයි අද කියල දෙන්න හිතන්නේ.. මේ පඩූර බඳිම ශුභ වැඩකට මිසක් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්න පතලා බඳින්න එපා වැඩක් වෙන්නේ නෑ.. හේතුව සමන් දෙවියන් තිසරන සරන ගිය පවින් වැලකුන දෙවි කෙනෙක් වීම.


අවශ්‍ය දෑ

  • රිදී පඬුරු 1ක් (රිදී පඬුරක් නැතිනම් තඹ කාසියක් වුනත් කමක් නෑ)
  • සමන් මල් 7ක්
  • බුලත් කොල 7ක්
  • සාම්බ්‍රානි ස්වල්ප්අයක්
  • විලඳ
  • එලඟිතෙල් පහනක්
  • සුදු රෙදි කැබැල්ලක් (පඩූර ගැටගැසීමට)
  • පස් පලතුරු
  • සඳුන් මිශ්‍ර කරගත් පැන් ටිකක්..


මුලින්ම පිරිසිඳු තැනක මල් යහන සකස් කර සකස් කරගෙන, තමන් නා පිරිසිඳු වී පැමින පහන දල්වා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් කියා තමාගේ ප්‍රාර්ථනාවද කර සාම්බ්‍රානි ශුම් අල්ලා සඳුන් මිශ්‍ර පැන් ඉස පඬුර ගැටගසන්න



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166