Tuesday, February 18, 2014

ධර්ම කර්මාධිපති රාජ යෝගය

සෑම මූලික ජ්‍යොතිෂ ග්‍රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න කීපයකට පමනි. මේ යෝගය ඇහ්තවුන් ජීවිත්යේ ඉතාමත් සාර්ථක හා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් වන බව සඳහන්ය. මේ යෝගය ඇති අයට උදාහරනයක් ලෙස ඉන්දියාවේ සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් පෙන්වා දිය හැක.  මේ යෝගය සමහර ලග්න වලට බලවත්වත් සමහර ලග්න වලට බල අඩුවත් යෙදේ. ඒ පිලිබ්ඳව අප දැන් සොයා බලමු


මේෂ ලග්නය
 මෙහි 09 වැන්න ධනුවයි මෙහි අධිපති ගුරුය. 10 වැන්න මකරයයි. මෙහි අධිපති ශනිය. නමුත් ශනි ග්‍රහයාටම දුෂ්ටස්ථානයක් වන 11 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය ඉතාමත් අඩුය (යෝගයක් නැති තරමටම අඩුය).

වෘෂභ ලග්නය
මෙහි 09 වැන්න  මකරයයි. 10 වැන්න කුම්භයයි මේ දෙකේම අධිපති ශනිය. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා සෙනසුරාමය. සෙනසුරා බලවත් තැනක සිටියොත් සියලූම ලෞකික සැප සම්පත් ලබා දෙයි.

මිථුන ලග්නය
මෙහි 09 වැන්න වන කුම්භය අයිති ශනිටය. 10වැන්න වන මීන රාෂිය අයිති ගුරුටය. නමුත් ශනි ග්‍රහයාටම මාරකස්ථානය වන 08 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයට කිසිදු බලයක් නැත.

කටක ලග්නය
මෙහි 09 වැන්න වන මීන රාශිය අයිති ගුරුටය. 10වැන්න වන මේෂ රාෂිය අයිති කුජටය. නමුත් ගුරු ග්‍රහයාටම රෝගස්ථානය වන 06 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය බලයෙනනඩුය. නමුත් 05 වැන්න වන වෘෂ්චිකය හා 10 වැන්න යන දෙකම අයිති බැවින් කටක ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා කුජ හෙවත් අඟහරුය.

සිංහ ලග්නය
මේ ලග්නයෙන් 09වැන්න කුජට අයිති මේෂ රාශියයි. 10 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. මෙහි උපචය ස්ථානයක්(3,6,10,11) වන 03 වැන්නද සිකුරුට හිමි වීම නිසා ශුභ ග්‍රහයෙක් කෙන්ද්‍රස්ථානයක් හා උපචය ස්ථානයක් හිමි වීමේ දෝශය යෙදෙන බැවින් මේෂ හා මිථුන ලග්න වල තරමට නැතත් ධර්ම කර්මාධිපති යෝගයේ නියම පල අඩු වී ඇත. ඒ නමුත් 04 වැන්න හා 09 වැන්න අධිපති වීම නිසා කුජ සියලු සැප දෙන යෝග කාරකයා වේ.

කන්‍යා ලග්නය
මෙහි 09 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. 10 වැන්න බුධ හිමි මිථුනයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි.

තුලා ලග්නය.
මෙහි 09 වැන්න බුධ හිමි මිථුනයයි. 10 වැන්න සඳුට හිමි කටකයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි. 12 වැන්න වන වැයස්ථානය බුධටම හිමිවුවත් 09 වැන්න හිමි වීමේ බලය නිසා එම දෝෂය බංග වේ.

වෘෂ්චික ලග්නය.
වෘෂ්චික ලග්නයේ 09 වැන්න කටකයයි එය අයිති සඳුටයි 10 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. වෘෂ්චික ලග්න හිමියාගේ හඳහනේ රවි සඳු දෙදෙනා එකම රාෂියක සිටීනම් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය ඉතා බලවත්ය.

ධනු ලග්නය
මෙහි 09 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. 10 වැනන බුධ හිමි කන්‍යා රාශියයි. මේ නිසා ධනු ලග්න හිමියන්ටද රවි බුධ සංයෝගය යෙදුනොත් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ..

මකර ලග්නය
මෙම ලග්නයේ 09 වැන්න බුධ හිමි කන්‍යා රාශියයි. 10 වැන්න සිකුරු හිමි තුලා රාශියයි. මෙම ලග්නයේ රෝගස්ථානය වන 06 වැන්නද බුධ ග්‍රහයාටම අයිති වීම නිසා මකර ලග්න හිමිටන්ගේ  ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය අඩු වී ඇත. නමුත් 10 වැන්න අයත් සිකුරුටම 05 වැන්න වබ වෘෂභයද අයිති වීම නිසා සිකුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට සියලු යස ලබා දෙන යෝග කාරකයාය.

කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන් ට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදෙන්නේ කුජ හා සිකුරු සංයෝග වීමෙනුයි. ඒ 09 වැන්න වන තුලා රාෂිය සිකුරුට අයත් වීමත් 10 වැන්න වන වෘෂ්චිකය කුජට අයිති වීමත් නිසාය.

මීන ලග්නය
09 වැන්න වන වෘෂ්චිකය කුජට හිමි වීමත් 10 වැන්න වන ධනු රාශිය ගුරුට හිමි වීමත් නිසා කුජ ගුරු සංයෝගය මීන ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති රාජ යෝගය උදා කරයි.





වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Tuesday, February 11, 2014

කාර්ය සිද්ධියට මන්ත්‍රයක්


ගොඩ දවසකින් ලියන්න බැරි වුනේ කාර්ය බහුල කම නිසයි. අද මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉතාම වැදගත් ගනයේ මන්ත්‍රයක් තෑගි කරන්නයි. පරම්පරා ගනනක් තිස්සේ ආරක්ෂා කරන් ආපු මන්ත්‍රයක් මේක.

මේ මන්ත්‍රය තෙල් ටිකකට මතුරලා ඕනෑම සුභ කටයුත්තකට යනකොට ප්‍රභූන් දකින්න යනකොට ටිකක් ඔලුවේ ගාගෙන යන්න. නැත්තන් පුලුන් කෑල්ලකට පොඟවලා සුරයකට දාගන්න. නැත්තන් පොඩි ප්ලාස්ටික් බට කෑල්ලකට දාලා දෙපැත්ත සීල් කරගෙන ඒක සුරයකට දාගන්න. ප්‍රථිපල අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.




මන්ත්‍රය.
ඕං ජය ශ්‍රී මහා බෝධි වෘක්ෂං බිං දං පූජය කින් දන් දජග්ග අංගුලිමාල සූත්‍රම් භවේ
නාලාගිරිං හස්ථි බන්ධවා අසනීල දන්ත බන්ධවා බුද්ධ ධම්ම සංඝ නමෝ නමඃ

මෙම මන්ත්‍රයේ ජප ගනන 1000 වරකි. කිල්ලට හසු නොවේ.



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Monday, February 3, 2014

෴පංච මහා පුරුෂ යෝග෴

                                  විවාහය සම්භන්ධව දිහින් දිගටම කථා කල බැවින් වෙනසකටත් එක්ක අද පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු. නම කියු වහාම එන අදහස මෙන්ම මේවා සුභ යෝග ගනයට වැටෙයි...
කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ යන නම් වලින් හඳුන් වයි. ජීවිතයේ බොහෝ සාර්ථක මිනිසුන්ට මෙම පංච මහා පුරුෂ යෝග වලින් එකක් හෝ වැඩි ප්‍රමානයක් යෙදී තිබෙන බව පෙනෙන්නට ඇත.(මෙයින් අදහස් වන්නේ මහා පුරුෂ යෝග හඳහනේ නැති අය අසාර්ථක බව නොවේ)




           ග්‍රහයා               ස්වක්‍ෂෙත්‍ර වන රාශීන්       උච්ච වන රාශිය

1)        කුජ                      මේෂ,වෘශ්චික                         මකර
2)        බුධ                         මිථුන                                  කන්‍යා
3)        ගුරු                         ධනු,මීන                              කටක
4)       ශුක්‍ර                       වෘෂභ,තුලා                              මීන
5)       ශනි                       මකර,කුම්භ                             තුලා

රුචක යෝගය
යෙදෙන ආකාරය
අඟහරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමෙන් යෙදේ.

පල විපාක
ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය..හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු අංශවල සෙවය කරන්නට ඉතා සුභ යෝගයකි
නමුත් 4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා ශුභ පල අඩු වන්නේ විවාහ බාධකයක් ලෙස බලපෑම් කරන බැවිනි...මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට වඩා අනෙක් ලග්න හිමියන්ට ප්‍රථිපල දේ.

භද්‍ර යෝගය
යෙදෙන ආකරය
සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම.

පල විපාක
උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි.


ගුරු හංස (හංස) යෝගය 
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම.

පලවිපාක
කඩවසම් පෙනුමය.ගාම්භීර (ගොරහැඩි නොවේ) කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය. ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.

මාලවී යෝගය 
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.

පලවිපාක
රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වේ.

ශශ යෝගය
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම.

පල විපාක
සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි. දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴