Thursday, November 27, 2014

෴පොල් ශාස්ත්‍රය෴

දේවාලයකට ගොස් පොල් ගසන්නේ කෙනෙක්ට විනාශයක් ගෙන දීමට අවශ්‍ය වූ විටක බව බොහෝ දෙනා සිතා සිටින කාරනයකි. නමුත් වින කිරිමට අමතරව තවත් බොහෝ දේ සඳහාද විශේෂයෙන් සුභ කටයුතු සඳහාද පොල් ගසන අතර පොල්ගැසීමට දේවාලයකට යෑමද අත්‍යාවශ්‍ය නැත. තම නිවසේ වුවද පොල් ගැසිය හැකි අතර එසේ කරන්නේ නම් එම නිවස අසල ඉතා පිරිසිඳු තැනක මල්බුලත් තටුවක් සදා කිල්ලෙන් ආරක්ෂාකර එය සිදු කල යුතුය.

පොල් ගෙඩියක් ගහන නියම ආකාරය නම් ගහෙන් අතට කඩවගත්ත පොල් ගෙඩියක් මුඩ්ඩ පමනක් ඉතිරිවෙන ලෙස හොඳින් සුද්ද කර, තමාද හොඳින් නා පිරිසිඳු වී, පොල්ගෙඩිය කහ වතුරින් සෝදා දේවාලයේ හෝ මල් බුලත් තටුවක තබා පොල්ගසන්නේ කුමන දෙවි කෙනෙක් වෙනුවෙන්ද අන්න ඒ දෙවියන්ට අදාල මල් හා අනෙක් පූජාවන් නොපිරිහෙලා තබා ස්ත්‍රෝත්‍ර, ගාථා, මන්ත්‍ර, කවච ආදිය කියා අදාල කන්නලව්ව කර කපුරු පෙති තුනක් පොල් ගෙඩිය මත පත්තු කර තම ප්‍රාර්ථනාව දැඩිලෙස සිතා ගෙන පොල් ගෙඩිය ගැසීමයි. මෙහිදී තමා කිල්ලෙන් ඈත්වී සිටිය යුතු අතර, මස්මාංශ වලින්ද ඉවත්වී පේ වී සිටීමට හැකිනම් ඉතා අගනේය. 

මෙසේ නිසි වත්පිලිවෙත් පුරා පොල් ගැසීමෙන් තමාගේ කාරිය සාර්ථක වීමට ඇති ඉඩකට ඉතාමත් ඉහල මට්ටමක පවතින අතර. අද කාලයේ මේ සියලු පිලිවෙත් පිරීම අපහසු බව පෙනෙන්නට තිබේ. මේ නිසා හැකි තරම් පිලිවෙත් පිරීම වටිනා බව සිහි කිරීමට කැමැත්තෙමි.

මීට අමතරව තමන් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක තාව දැන ගැනීමටද පොල් ගසන ක්‍රමයක් ඇත. මෙහිදී කල යුත්තේ පෙර සඳහන් කල පරිදි පොල්ගෙඩියක් සකස් කර දේවාලයක හෝ නිවසේ සකස් කරගත් ස්ථානයේ ( මෙහිදී දේවාලයක මෙය සිදු කිරීම මා අනුමත කරන්නේ නිවෙස් වලට මස්මාංශ ආදිය ගෙනෙන නිසාය) කවි, ගාථා, ස්ත්‍රෝත්‍ර, කවච, කන්නලව්ව කියා කපුරු පත්තු කර තමන්ට දැනගැනීමට අවශ්‍ය දේ කියා තමන්ට මග පෙන්වන ලෙස කියා පොල් ගෙඩිය ගසන්න. පොල් ගෙඩිය බිඳී යන ආකාරය අනුව වැඩ්ය සාර්ථක අසාර්ථක වීම ඔබට තේරුම් ගත හැකි වෙනු ඇත. ඒ පහත පරිදිය.



ඉතින් මෙය උත්සහ කර බලා අපල සපල තාවය කෙබඳුදැයි අපටත් දැනුම් දෙන්න. 




වෛදික ජ්‍යොතිෂවේදී,
ගුප්ත විද්‍යා ගවේශක,
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Thursday, November 20, 2014

හිසේ කැක්කුමට මන්ත්‍රයක්

ආයුර්වේදය හා මන්ත්‍ර ශාස්ත්‍රය පුරානයේ පටන්ම එකින් එක බැඳි පැවතුන විශයන් දෙකක් නොවැ. ඉතින් අද කියන්න යන්නේ හිසේ රුජාවට අපේ පැරැන්නෝ පාවිච්චි කරපු මන්ත්‍රයක් ගැන. ගිතෙල්, තලතෙල් හෝ පොල් තෙල් ටිකකට පහත තියන මන්ත්‍රයෙන් අඩුම තරමේ 21 වරක්වත් මතුරලා හිස ගල්වන්න තමයි තියන්නේ. (108 වරක් වත් නම් වඩා හොඳයි)



මන්ත්‍රය
ඕං නමො බුද්ධ ධාතු සිවුරු පටියෙන් ඇද මේ නමෝ බුදුන් අනේ ශ්‍රී මාව කළුලා හිරකරන්නේ බුද්ධමාලා ධාතු කට්ටු පූට්ටු ඒස්වාහඃ෴



වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Wednesday, November 19, 2014

බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක් ලියන්න අලුත් මාතෘකාවක් ගැන හිත හිත කල් ඇර ඇර හිටියේ. මේක ඇහුනම මම හිතුවා මේ බාධකස්ථානය හා බාධක ග්‍රහයා ගැන ලිපියක් ලිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.
ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ බාධකස්ථානය කියන්නේ මොකක්ද කියලා. මේෂ, කටක, තුලා, මකර කියන චර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ එකොලොස් වැන්න තමයි භාධක රාශිය වෙන්නේ එකොලොස් වැන්න අධිපති තමයි භාධක ස්ථානාධිපතියා වෙන්නේ ඊලඟට වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ කියන තිර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ නමවැන්න තමයි භාධකස්ථානය වෙන්නේ නමවැන්න අධිපතියා තමයි භාධක ග්‍රහයා වෙන්නේ. අවසාන වශයෙන් උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශිවලින් උපන් අයට තමන්ගේ ලග්නයෙන් හත්වැන්න භාධස්තානය වෙන අතර හත්වැන්න අධිපතියා භාධක ග්‍රහයා වෙනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම දාන්නම්කෝ.



ඉතින් දැන් තම තමන්ගේ ලග්නෙට භාධක ග්‍රහයා හා භාධක රාශිය දන්නවනේ. මේ භාධක ග්‍රහයා පලාපල කියනකොට තරමක් වැදගත් තැනක් උසුලනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා යම් භාවයක ඉන්නවනම් ඒ භාවයට අදාල ශරීර ස්ථානය එම භාධක ග්‍රහයගේ දසාකාලයේදී අසනීප කරවන්න ලොකු සම්භාවිතාවක් තියනවා. එහෙම නැත්තන් ඒ භාධක ග්‍රහයට පෙනෙන රාශි වලට අයත් ශරීර අවයව වලට හරි නිතර ලෙඩ දෙන්න බලනවා..

මීට අමතරව භාධකස්තානාධිපති ග්‍රහයා යම් තැනක ඉන්නවනම් ඒ රාශියෙන් කියවෙන දේ සම්භන්ධව භාධා කරනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් විවාහය පමා කරවන්න ඒක බලපෑමක් වෙනවා දහවැන්නේ නම් රැකියාවේ උසස් වීමට සමාජ තත්වයෙන් උසස් වීමට බාධා කරනවා. එකොලොස් වැන්නේ නම් බාධක ස්ථානාධිපතියා තමාගේ දසාව ආවම ආදායම ලැබෙන මාර්ග අවහිර කරනවා (මේකොයි දේත් වෙන්නේ බාධක ග්‍රහයාගේ දසාවේදී හරි බාදක ග්‍රහයට අයත් නැකතක ඉන්න ග්‍රහයෙක්ගේ දසාවකදි හරි තමයි)

මීට අමතරව යම් ග්‍රහයෙක් භාධක ස්ථානයේ හිටියොත් ඒ ග්‍රහයගේ කාරකත්වයට ඒක බලපානවා. උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

හඳහනක් බැලු බැල්මටම යම් අවබෝධයක් ගන්න බාධකග්‍රහයගෙන් ලැබෙන පිටිවහල නම් අප්‍රමානයි. මීට අමතරව රෝග නිර්නයට හා ඒ සම්භන්ධ කාල වකවානු නිර්නයටත් භාධක ග්‍රහයා බොහෝ සෙයින් උපකාරි වෙනවා. නැවත ලිපියකින් හමුවනතුරු ඔබ සැමට ජය හා සතුට.




වෛදික ජ්‍යොතිෂ වේදි 
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Sunday, November 2, 2014

සෙනසුරු මාරුව

සෙනසුරු මාරුවක් සිද්ධ වෙන බවට දැන් හැමෝම වගේ දැනුවත්නේ.. ඉතින් මේක ගැන කියන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලීමක් කලා. ඇත්තම කියනවනම් ලංකාවේ සිද්ධ වෙන දේ ගැන නම් කියන්න දෙයක් නෑ මොකද වෙන්න තියන දේවල් වලට දැනටමත් පාර කැපිලා තියන්නේ..ජ්‍යොතිෂය නැතුව වෙච්ච දේවල් දිහා බලන් හිටියමත් කෙනෙක්ට දල අදහසක් ගන්න පුලුවන්..

නමුත් අපි අතිතය දිහා ටිකක් බැලුවොත් මීට වසර 60 කට පමන පෙර හා 30කට පෙර මේ විදිහට සෙනසුරු ලංකා කේන්ද්‍රයේ 10 වැන්න වන වෘෂ්චික රාශියේ ගත කරපු කාලේ වරක් එවකට පැවති රජය වෙනස්වුනා ඒ වගේම වරක් රට විප්ලව වාදීන් විසින් අත්පත් කරගන්න සුදානම් වුනා ඒ කියන්නේ පවතින රජයට ලොකු විරෝධයක් ජනතාව වෙතින් ආවා. ත්‍රස්ථ වාදි කලබල වර්ධනය වුනා තරුනයන් මරා දැමුනා වගේ අමිහිරි කලබල කාරී වාතාවරනයන් රටේ ඇති වුනා. එක එහෙම වීම පුදුමටක් නෙමෙයි. ලෝකායතන කේන්ද්‍රයේ 10 වැන්නෙන් රජු ආර්ථිකය හා රටේ ගෞරවය වගේ ඒවා කිය වෙන්නේ සෙනසුරු කියන්නේ සමාජ කාරක ග්‍රහයා. රජුගේ තැනට එයා ආවම එයාට රජුව රුස්සන්නේ නැති නිසා ගැටුම් ඇති කරනවා.


ඉතින් දැන් සෙනසුරු ආයෙත් වතාවක් මාරු වෙනවා ඒ අනුව පැහැදිලිවම රටට සුභ නෑ. නමුත් සෙනසුරු ග්‍රහයා මාරු වෙලා මාස කීපයක් යනකන් තමන්ගේ අසුභ පල දෙන්නේ නෑ මොකද සෙනසුරු කියන්නේ ඉතා මන්දගාමි ග්‍රහයෙක් නිසා පල දෙන්න කල් යනවා අන්න ඒ නිසා මේ වතාවෙත් රජය පෙරලීමේ අවදානමක් තියන නිසා චන්දය ජනවාරියේ පැවැත්වීම රජයට තවදුරටත් බලයේ ඉන්න උදව්වක් වේවි. ජන්දය පරක්කු වීම රජයට සුභ නෑ.. කොහොම වෙතත් 2015 ගුරු මාරුවෙන් පසු (ජූලි මස ඉදලා) නම් රජය පෙරලන්න මිනිස්සු දැඩි උවමනාවකින් පාරට බහියි සමහර විට මේක තවත් කැරැල්ලක ආරම්භයක් වෙන්න බොහෝ ඉඩ තියනවා. ඒ වගේම කෝලහල වලින් මහා පරිමානයේ ලේ වැගිරීම් ගැනත් ආරන්චි වෙයි. ඒ වගේම 10 වැන්නේන් නියෝජනය වෙන රටේ ගෞරවය හානිවෙලා විදෙස් රටවලින් මේරටට එන එක අවදානම් සහගත දෙයක් ලෙස නම් කරන්නත් ඉඩ තියනවා. දේෂපාලනය හා අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ යන විදිහ දැක්කම අනිත් ටික හිතා ගන්න පුලුවන්නේ..

අපි දැන් ලග්න දිහා බලමු.. මම සාමාන්‍යයෙන් පොදු පලාපල නොකිව්වත් මේ ග්‍රහමාරුව ඉතාම විශේෂ නිසා ටිකක් කියන්නම්..




මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා මෙය එතරම් සුභ දෙයක් නෙමෙයි විවාහ ආරවුල්, පාද වල ආභාධ, රැකියාව අහිමිවීමට හා ඉතුරුම් ධනය හානි වෙන්න පුලුවන් කාලයක් ඒ වගේම රහස් සතුරන්ගෙන් පීඩා ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අර්ශස් රෝගීන් වේ නම් ඔවුන්ට මෙම රොගය ඇවිස්සී පීඩා ගෙන දෙන්න පුලුවන්. උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ නම් මෙය එතරම් බලපාන්නේ නැත. නමුත් චන්ද්‍රයා 1,7,9 තැනක නම් මේ තත්වය දරුනු ලෙස බලපාන්න පුලුවන්


වෘෂභ

වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

මිථුන

මිථුන ලග්න ඔබට තම සතුරන්ගෙන් ගැලවීමට හා ඔවුන් පරාජයට පෙර නොසිතු උපක්‍රමයන් භාවිතා කරන්න සිද්ධ වෙන කාලයක් ඒ වගේම ඒ මගින් සතුරන් පරදා ජය ලබන්නට ලැබෙන කාලයක්. සීත ආහාර වලින් ටිකක් පරිස්සම් වෙන්න වෙයි මේ කාලේ.. ඒ වගේම ණය ගනුදෙනු වලට ඒ තරම් සුභ කාලයක් නෙමෙයි.. සල්ලි ණයට දීපුවා තියනවනම් ලබන ජූලි මාසෙට ඉස්සෙල්ලා ඒවා ආපහු ඉල්ලගත්තොත් හොඳයි. ඒ අතර තමන් නයට මුදල් ගත් ඒවා නොගෙවා සිටිමට ඉඩ ලැබෙන්න පුලුවන්..

කටක

සෙනසුරු කටක ලග්න හිමියන්ගේ පස්වැන්නට එන්නේ මුල් කාලෙ නම් ඒ හැටි ප්‍රෂ්නයක් වෙන්නේ නෑ මොකද හංස නම් මහාපුරුෂ යෝගයෙන් බලවත් වෙලා ඉන්න ගුරුගෙන් ත්‍රිකෝන දෘෂ්ඨියක් වටෙන නිසා ලබන අවුරුද්දේ ජූලි වෙනකන් ගැටලුවක්  ඇති කරන්නේ නෑ. නමුත් ඊට පස්සේ සුලුවෙන් කථා බහ කරලා විසඳගන්න තිබ්බ ප්‍රෂ්න දිග්ගැස්සෙන්නත් ගිවිසුම් ගහලා තිබ්බ ඒවා තමන්ට අවාසි විදිහට වෙනස් වෙන්නත් පුලුවන් චන්ද්‍රයා 4,5,6, ස්ථාන වලත් 10 වැන්නෙත් ඉන්නවනම් අපලය බරපතලයි. එහෙම නම් උදරයේ නොයෙක් අසනිප ඇති කරන්නත් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නත් හේතුවෙනවා. ඒ වගේම ආර්ථිකයටත් මරු පහරක් වදිනවා.. දරුවන් ඉන්න අයට දරුවන්ගෙන් ඈත් වෙන්න සිදුවෙයි.

සිංහ

 අත්පාවල හිරි වාතය තිබේ නම් පීඩා කාරී කාල වකවානුවක් ආරම්භ වෙන්නේ. තමාගේ දේපල වලට වෙනත් කෙනෙක් අයිතිවාසිකම් කීමට හෝ දේපල බෙදිමේදී තමාට අසාධාරනකම් සිදුවීමට ඉඩ තියෙනවා. විනෝද චාරිකා ගියත් ඒවායින් වෙහෙසක් මිසක් සතුටක් ගෙන දෙන්නේ අඩුවෙන්. සමාජයේ හොඳ නම අඩුවීම නිසා සිතේ අසහනකාරි තත්වයක් ඇති වෙන්න ඉඩ තියනවා.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන් මේ සෙනසුරු මාරුවත් එක්ක තමාගේ ජන්ම ඒරාෂ්ඨකය නිමා කරනවා.. සිතට අස්වැසිල්ලක් ගෙන දෙන කාලයක්. යහපත් සේවකයන් ලැබෙන්නත් දියුනුව ලබන්නත් ඉදිරි කාලය හොඳයි. නව හිතමිතුරන් ඇතිවීමද පවුලේ දියුනුව ඇතිවීමද තමන්ට ආධාර උපකාර ඇතිවෙන ලෙස වටපිටාව සකස් වීමද දකින්න ලැබෙනවා. අලුත් වගකිම් එහෙමත් ලැබෙන කාලයක්. (දැන් කට්ටියම හිතනවා ඇති මේ රාජ්‍ය නායකයාගේ කේන්ද්‍රයත් නිසා එතුමටත් මෙහෙමද කියලා.. නමුත් එතුමගේ ග්‍රහ පිහිටීම් අනුව තත්වය මීට වඩා විපරීත බවයි මගේ අදහස)

තුලා

ලග්නයේ සස නම් මහා පුරුෂ යෝගයෙන් සිට දෙවැන්නට සෙනසුරු පැමිනෙනවා.. මේ අනුව හදීසි අනතුරු වලට භාජනය වීමට වට පිටාව සකස් වෙනවා.. අතේ මුදල් රැදීම රින මට්ටමක් දක්වා පහත බහින කාලයක්. ඒ කියන්නේ බොහො දුරට ණය ගැනීමට පවා පොලබවන කාලයක්. ස්ත්‍රීන් පුරුශයන් නිසාත් පුරුෂයන් ස්ත්‍රීන් නිසාත් කලහ වල පැටලේ. දත්මුල් දිය වීම හා දත් රොග ඇතිවීමට විෂාල සම්භාවිතාවක් ඇත. හඳහනේ විවාහ දෝෂ තිබේ නම් සැමියාට හෝ බිරිඳට මේකාලයේ දැඩි අපල ගෙන දෙයි. පහත් අය ආශ්‍රයට පෙලඹී ඔවුන්ගෙන් රැවටීමට බඳුන් වේ..

වෘෂ්චික

මානසික හා ශාරීරික වශයෙන් අයහපත් කාලයකි. තමාගේ ප්‍රසිද්ධිය නැතිවේ, නම කැතවේ, තමාගේ ගැන නරක ආරංචි පැතිරේ. සමාජයේ පිලිගැනීම අඩුවි අඳුරු මුල්ලකට තල්ලු වී යයි. මේ කාලයේ තමාට ප්‍රභූන්ගෙන් හා උසස් යැයි සමාජයේ පිලිගත් අයගෙන් අවැඩ සිදුවිය හැකි බැවින් ඔඅවුන් ආශ්‍රය පරිස්සමින් කල යුතු වේ.. පාද වලට කල් පවතින අසනීප වැලඳේ.. සුලු කෙටීමක් ඇමැට්ටියක් වුනත් කාලයක් ඒ නිසා දුක්විඳින්නට සිදුවේ හෙවත් ලෙඩ සුව වීම හා ශරීරයට බෙහෙත් වල බලපෑම් ඇතිවීමට පමා වේ..

ධනු


ධනු ලග්න හිමියන්ට තම ලග්න ඒරාෂ්ඨකය මේ ග්‍රහමාරුවත් සමග ආරම්බ වෙනවා. මුදල් කරදර සිත් තැවුල් මෙන්ම ධනු ලග්න හිමි ගුරුවරුන්ගේ ශිෂ්‍යයන් හට තරමක් අපල ගෙන දෙනවා. ශිෂ්‍යයන් නිසා ගුරුවරයාට ගැටලු වලට මුහුන දෙන්න සිදුවෙන්නත් පුලුවන්. ඒ වගේම අනිත් අයටත් අධ්‍යාපනයට භාධා කරන කාලයක්. දුෂ්ඨ ස්ත්‍රීන් නිසා නින්දා අපහාස විඳින්නත් ඉඩ තියනවා

මකර

මකර ලග්න හිමියන්ගේ එකොලොස්වැන්නට එන සෙනසුරු ඒතරම් ලොකු නරකක් කරන්නේ නෑ. රැකියාවේ ප්‍රධානත්වය අලුත් වගකීම් ලැන කාලයක්. මීට අමතරව තමන්ට නිවාස වල අයිතිවාසිකම් එහෙම බලාපොරොත්තුවෙන් හිටියනම් ඒවා ඉශ්ඨ සිද්ධ වෙන කාලයක්. සැප විඳින්න ලැබෙන බලාපොරොත්තු ඉටු වෙන කාලයක්. නමුත් අලුත් වගකීම් නිසා සිතේ සැනසිල්ල නම් ටිකක් අඩු වෙන්න පුලුවන්.

කුම්භ

දනහිස් අභාධ තිබෙන අයට ඒවා ඇවිස්සි ඒවායෙන් පීඩා විඳින්නට සිදුවෙනවා. අන් අයටද දනහිස් අභාධ ඇතිවීමේ අවධානමක් වේ. වස්තු භංගත්වය ඇතිවිය හැකි වුවත් දරු ලාබ බලාපොරොත්තුවෙන අයට තරමක් යහපත් වේ. වගා පාලුව සිදුවීමට ඉඩ ඇත. කුම්භ ලග්න කරුවන් පව් කම් වලට බර වෙන ගතියක් ඇත. මේ නිසා නිතරම ශ්‍රද්ධාව වඩා ගැනීම යහපත් වේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා භාධා පැමිනේ. රැකියාවේ මාරුවක් සිදුවීමට හෝ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරුවීමට ඉඩ ලැබේ. 

මීන

මෙතෙක් කල් ගත කල අෂ්ඨම ඒරාෂ්ඨකය අවසන් වී මේ ග්‍රහ මාරුවත් සමග සෙනසුරු පුන්‍යස්ථානය වෙත ගමන් කරයි. අලුත් වැඩ වලට අත ගසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඊර්ෂ්‍යාකාරයන් හා සතුරන් ඇතිවේ. වැඩිහිටියන් සමග හෝ ඥාතීන් සමග කරන කටයුතු වලින් පාඩු විදින්නට සිදුවේ. ආගමික භක්තිය ඇති කරවන අතර තපසට භාවනාවට ප්‍රිය කරවයි. මේ කාලය ආර්ථිකය දියුනු කිරීමට වඩා අධ්‍යාත්මය දියුනු කිරීමට සිතෙන කාලයකි. 

ඉතින් මේ සෙනසුරු මාරුව පොදුවේ එච්චර හොඳ එකක් නෙමෙයි. මම මේ කිව්වේ පොදු පලාපලයක්. තම තමන්ගේ හඳහන් වල හැටියට මේකේ වෙනස්කම් වෙන්න පුලුවන්. කොහොම වෙතත් මේ මාරුව හොඳ නැති අයට භාවිතා කරන්න මම පුන්චි මන්ත්‍රයක් දෙන්නම්. මේකට කියන්නේ මහා මෘතුන්ජය මන්ත්‍රය කියලා දිනපතා මේ මන්ත්‍රය ශබ්ධ නගා කියන්න.  


ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ
සුගන්ධිං පුෂ්ඨි වර්ධනං
ඌර්වාරුකමිව බන්ධනාං
මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166