Monday, October 26, 2015

දරුපල ගැන රහස් හෙළි කරන ක්ෂේත්‍ර ස්ථුටය හා බීජ ස්ථුටය - 02 කොටස



ඕම ශ්‍රී මහා ගණාධිපතයේ නමඃ
ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ





මේ පිළිබඳව ආරම්භක ලිපිය මා මිට දින කිහිපයකට පෙර පල කල අතර එය අධ්‍යයනය නොකළ යම් කෙනෙක් වේ නම් මෙතනින් ගොස් ඒ ලිපිය කියවා එමෙන් මෙය අවබෝධ කර ගැනීමට පිටුවහලක් වනු ඇත. අද දින අප සාකච්චා කරනුයේ ක්ෂේත්‍ර ස්ථුටය ගැනයි.

ක්ෂේත්‍රය හෙවත් ගර්භාෂයේ ජීවියෙකු බිහිකිරීමට එම ස්ත්‍රියට ඇති හැකියාව හා ශක්තිය ක්ෂේස්ත්‍රස්ථුටයෙන් පෙන්වයි. බීජස්ථුටය සෙවීමේදී අප රවි, සිකුරු, ගුරු යන ග්‍රහයන් ගේ අංශක කළා අගයන් (ස්ථුටයන්) ගණනය කිරීම සඳහා භාවිතා කල අතර මෙවර ක්ෂේත්‍ර ස්ථුටය සෙවීම සඳහා අප භාවිතා කරන්නේ ගුරු, කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ගේ අංශක කළා ප්‍රමාණයි.



ගණනය කිරීම
පෙර ලිපියේ පරිදිමය. චන්ද්‍ර, කුජ, ගුරු යන ග්‍රහයන් ලග්න ස්ථුටයේ සිට කොපමණ දුරකින් සිටියිද යන්න බලා ඔවුන් ඒ සිටින දුර ප්‍රමාන එකතු කර එම අගය 360° වැඩි නම් 360° අඩු කර ගත යුතුය. ඉන්පසු ලැබෙන අගය මේෂ රාශියේ සිට ගණනය කරගෙන ගොස් එය කුමණ රාශියක් වේදැයි සොයා ගත යුතුය. (පෙර ලිපියේ උදාහරණ සපයා ඇති අතර රවී හා සිකුරු වෙනුවට කුජ හා චන්ද්‍රයාගේ අගයන් ආදේශ කිරීම පමණක් බැවින් නැවත සටහන් නොකරමි)

මෙලෙස සොයාගන්නා ක්ෂේත්‍ර ස්ථුටය ඉරට්ටේ රාශියක්ව ඉරට්ටේ නවාම්සයකට අයත්වේ නම් එම ස්ත්‍රියට දරුපල ලැබීමේ හැකියාව ඉහල මට්ටමක වේ.
යම් හෙයකින් ක්ෂේත්‍ර ස්ථුටයේ රාශිය ඉරට්ටේ හා නවාම්සය ඔත්තේ එකක් වේ නම් දරුපල අවම වේ. (විටක ප්‍රතිකර්ම කිරීමද අවශ්‍ය විය හැක)
ක්ෂේස්ත්‍ර ස්ථුටය ඔත්තේ රාශියක්ව සහ නවාම්සය ඉරට්ටේ රාශියක් වුවහොත් දරුපල ලැබීම ඉතා අපහසු විය හැකි අතර වෛද්‍ය ප්‍රතිකාර හා ජ්‍යෝතිශයමය ප්‍රතිකර්ම අවශ්‍ය වනු ඇත 
රාශිය හා නවාම්සය යන දෙකම ඔත්තේ වේ නම් දරුපල ලබිමට නොහැකි බව පැරණි පොතපතේ සඳහන් වේ.

විශේෂ
මිට අමතරව ක්ෂේත්‍ර ස්ථුටය(පුරුෂයෙකුගේ නම් බිජ ස්ථුටය) හා ඉන් පස්වැන්න වෙත සුභ ග්‍රහයන්ගෙන් වැටෙන දෘෂ්ටි අනුව දරුපල සඳහා සුභ දායක තත්වයක් ඇතිකරවන අතර පාප දෘෂ්ටි වැටීම හෝ පාප ග්‍රහයන් තැම්පත් වීම දරුපල සඳහා අසුභ ලෙස බලපානු ඇත.
එමෙන්ම  ස්ථුටය අධිපති ග්‍රහයාගේ බල දුබල තාවයත් මේ සඳහා බලපානු ඇත.



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂණායතනය
මාලබේ
0755004166 

Saturday, October 24, 2015

ගජ-කේෂරී යෝගය


ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ


තරමක් සුලභ යෝගයක් ලෙස පෙනෙන්නට තිබේ (සත්‍ය වශයෙන්ම එය එසේදැයි මෙය කියවීමෙන් පසුව තීරණය කිරීම පාඨකයා සතුය) මේ යෝගය ඇති පුද්ගලයා ධනවත්, ප්‍රසිද්ධ, යානවාහන ඇති රජුන්ගේන්  ලැබීම ඇති පුද්ගලයෙක් වන බව මේ යෝගය පිළිබඳව සඳහන් වන සැම තැනකම සඳහන් වේ. කෙසේ නමුත් මේ යෝගය ඇතැයි පැවසෙන 90%ක් පමණ දෙනා නම් පවසන්නේ මෙම යෝගය තමන්ට කිසි ප්‍රතිපලයක් ලබා දි නැති බවය.


යෝගය යෙදීම.

ජන්ම පත්‍රයේ චන්ද්‍රයා තම්පත්වී සිටින තැනින් කේන්ද්‍ර ගතව (1,4,7,10) ගුරු ග්‍රහයා තැම්පත්විම ගජ කෙශරී යෝගය ලෙස සරලව දක්වා ඇත. නමුත් ඉහත සඳහන් කල ප්‍රතිපල ලැබීමට නම් මෙම පිහිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. පරාසරයෙහි සඳහන් සැම යෝගයක්ම එහි සඳහන්ව ඇති ප්‍රථිපලය ලබා දීමට නම් එම යෝගයට සම්භන්ධ වන ග්‍රහයන් බලවත්ව සුභ ස්ථාන වල සිටිය යුතුය. එසේ නොමැතිනම් ප්‍රතිපලයෙන් අඩක් හෝ විටක ඊටත් අඩු තත්වයකින් පල දෙනු ඇත.
මෙම යෝගය ජන්ම පත්‍රයේ කේන්ද්‍ර ස්ථාන මුලික කරගෙන යෙදීම ඉතා සුබ අතර යම් හෙයකින් මෙම යෝගය ත්‍රික ස්ථානයක් සම්භන්ධ කරගෙන (හඳහනේ 6,8,12 යන ස්ථාන) යෙදී තිබුණහොත් යෝගය දුර්වල වේ.
එමෙන්ම යෝගයට සම්භන්ධ වන ගුරු හා සඳු නිචව සතුරු ස්ථාන ගතව තැම්පත්විම යෝගයේ පල හානි කරවන අතර ග්‍රහයන් උච්චව හෝ ස්වක්ෂේස්ත්‍රව සිටීම යෝගය ශක්තිමත් කිරීමට හේතුවේ.
මිට අමතරව යම් හෙයකින් මෙම යෝගය සකසන ගුරු හෝ චන්ද්‍රයාට ජන්ම පත්‍රයේ සිටින පාපී ග්‍රහයන් සියල්ලන්ගෙන්ම හෝ වැඩි ප්‍රමාණයකින් දෘෂ්ටි ලැබේනම් මෙම යෝගය දුර්වලව ප්‍රතිපල හානි කරයි.

උදාහරණයක් ලෙස අපි සුප්‍රසිද්ධ නිළි මාධුරි ඩික්සිත් ගේ ජන්ම පත්‍රයේ ඇති ගජ කේෂරී යෝගය පරික්ෂා කරමු.

1967/05/15 සවස 06:15 ට ඉන්දියාවේ මුම්බායි හීදී.


තුලා ලග්නයෙන් උපන් මාධුරි ගේ ජන්ම පත්‍රයේ දසවැන්නේ ගුරු ග්‍රහයා සහ චන්ද්‍රයා එක්ව තැම්පත් වෙමින් ගජකේෂරී යෝගයක් සකස් වී ඇත. කේන්ද්‍රස්ථානයක යෙදී ඇති බැවින් මෙම යෝගය බලවත්ය. මෙම ජන්ම පත්‍රයේ දසවැන්න වන්නේ කටක රාශියයි. මෙහිදී ගුරු ග්‍රහයා උච්ච වන අතර චන්ද්‍රයා ස්වක්ශේත්‍ර වේ. මෙයද යෝගය යහපත් ලෙස පල දීමට අත්‍යාවශ්‍ය තත්වයකි. මිට අමතරව මෙම ග්‍රහයන් දෙදෙනාට පාපග්‍රහයන් වැඩි දෙනෙක්ගේ දෘෂ්ටි යොමු වෙන්නේ නැත. මෙයත් සුභ තත්වයකි. මේ අනුව මාධුරි ගේ ජන්ම පත්‍රයේ ගජ කේෂරී යෝගය යහපත් ලෙස යෙදී ඇති බව පෙනෙන්නට ඇති අතර යෝගයෙන් කියවෙන සියලු පල ඇය වෙත ලැබී ඇති බවත් පෙනෙන්නට තිබේ.


යෝගය පල දෙන කාලය

යෝගයක් සැම අවස්ථාවේම පල දෙන්නේ නැත. පල දීමට නම් එම යෝගයට සම්භන්ධ  ග්‍රහයන්ගේ මහා දසා කාලයක් හෝ අන්තර් දසා කාලයක් ගත විය යුතුය. මෙහිදී චන්ද්‍රයා ගේ සහ ගුරු ගේ මහා දසා අන්තර් දසා කාල වල පල ලබා දෙයි.  දසා කාලයකදී වුවත් ග්‍රහයා ගෝචර ගමනෙන් දුර්වල ස්ථානයක වේනම් හෝ අෂ්ටක වර්ග අගය තුලින් දුර්වල තත්වයක වේනම් ප්‍රතිපල ලබාදීම අවම වේ. යම් හෙයකින් ග්‍රහයා වෘද්ධ අවස්ථාවේ සිටිනම් ප්‍රතිපල දීම පමා වන අතර ජිවිතයේ මුල් භාගයේ ගතවන දසා කාල වල මෙම යෝගය ප්‍රතිපල ලබා නොදීමට ඉඩ ඇත.

වෝල්ට් ඩිස්නි ගේ හඳහන.
1901/12/05 චිකාගෝ ඉලිනොයිස් (ඇමෙරිකාව) හිදී. පාන්දර 00:35



අප කවුරුත් හඳුනන මිකී මවුස් නිර්මාණය කල වෝල්ට් ඩිස්නිගේ ජන්මපත්‍රයේ ද ගුරු බලවත්ව ජෙන්ද්‍රස්තානයක තැම්පත් වෙමින් ගජකේෂරී යෝගය සකස්වී ඇති නමුත් ගුරු ග්‍රහයා තැම්පත්ව ඇත්තේ ධනු රාශියේ අංශක 22 කළා 55ය. මේ අනුව ග්‍රහයා වෘද්ධ තත්වයේ පසුවන අතර ජිවිතයේ මුල් කාලයේ පැමිණෙන ගුරු ගේ දසා කාලවල මෙම යෝගය පල නොදේ. බොහෝ විට පලදීම ගුරුගේ නෛසර්ගික වයස පසු වූ පසුවය. කෙසේ නමුත් චන්ද්‍රයා අංශක 16 තැම්පත් වෙමින් තරුණ අවධියේ පසුවන අතර චන්ද්‍රයාට පල දීම සම්භන්ධව ගැටළුවක් නැත.
වෝල්ට් ඩිස්නි චන්ද්‍රයාගේ බලපෑම මත රාහුගේ චන්ද්‍ර අන්තර් දසා කාලයේ සුළු වශයෙන් සාර්ථක වුවත් (යෝගයේ බලවත්ම ග්‍රහයා චන්ද්‍රයා නොවේ) ගුරු මහා දසාව අවුරුදු 30න් ආරම්බ වූ අතර ගුරුගේ නෛසර්ගික වයස වන අවුරුදු 35න් පසුව ඉතාම ජනප්‍රිය විය.  


ග්‍රහ යෝගයක් තිබු පමණින් ප්‍රතිපල නොලැබෙන බවත් මෙවැනි සුභ පල සහිත යෝගයක් ඇත්ත වශයෙන්ම දුර්ලභ දෙයක් බවත් දැන් පාඨකයාට වැටහෙනු ඇත. මෙහිදී ජ්‍යෝතිර්වේදීන් සතුවද වගකීමක් ඇත එනම් යෝගයක් යාන්තමින් යෙදුන පමණින් අසවල් දේ සිදුවේය කියා කීමට වඩා ඇත්ත ඇතිසැටියෙන් විස්තර කර කීමය. බොහෝ ජ්‍යෝතිර්වේදීන් තම සේවා දායකයාගේ සිත සතුටු කිරීමට යෝග හා හේතු හද හදා කියන නමුත් ඉන් ශාස්ත්‍රයට සිදුවන හානිය පිළිබඳව හා සේවාදායකයාට සිදුවන හානිය පිළිබඳව නොසිතිම කනගාටුවට කරුණකි.

මෙම ලිපියේ අපැහැදිලි තැන් වේ නම් ඔබට ගැටළු සහිත තැන වේනම්. අපව සම්භන්ධ කරගෙන එම ගැටලුව විසඳා ගැනීමට පසුබට නොවන්න. ඔබගේ අදහස් හා යෝජනාද ඉතා අගය කර සලකමු.


ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂණායතනය
මාලබේ
0755004166 

Tuesday, October 6, 2015

ජ්‍යොතිෂ පංතිය




මම ජ්‍යොතිෂ පන්ති පවත්වන්න ඒ හැටි කැමැත්තකින් නෙමෙයි හිටියේ. නමුත් හතරපස් දෙනෙක් දිගින්දිගටම කරපු ඉල්ලීම නිසා අන්තිමට පන්තිය පටන්ගත්තා. රාශි 12 පිළිවලින් නොදන්න තැනින් පටන් අරන් අපි ලොකු සාර්ථක ගමනක් මේ මාස කීපය තුල ආවා. දැන් ආපස්ස හැරිලා බලනකොට හිතෙනවා එදා මම පන්තිය පටන් නොගන්න හෙට අනිද්දට සමාජ ගත වෙන්න ඉන්න දක්ෂ ජ්‍යෝතිර්වේදීන් හතරපස් දෙනා බිහි නොවෙන්න ඉඩ තිබුන බව. ඔවුන්ට අනාගතයේදී මාව පවා අභිබවා යන්න දක්ෂතාවයක් තියන බව මට හිතෙනකොට එදා ඒ ගත්ත තීරණය ගැන අවංකව සතුටු වෙනවා.


දැන් නැවතත් කිහිපදෙනෙක් තවත් කණ්ඩායමක් පටන් ගන්න කියලා ඉල්ලීම් කරනවා. දැනට පස් දෙනෙක් එන්න අහලා තියනවා. මගේ පුද්ගලික මතය කණ්ඩායම ලොකු වෙනකොට හරියටම විෂය දෙන්න අමාරුයි කියනඑක. ඒ නිසා තව පස් දෙනෙක්ට ඉඩ තියෙනවා උනන්දු අය ඉන්නවනම් මට ඇමතුමක් දෙන්න (0755-004 166)


Monday, October 5, 2015

දරුපල ගැන රහස් හෙළි කරන බිජ ස්ථුටය හා ක්ෂේත්‍ර ස්ථුටය - 01 කොටස


ඕම ශ්‍රී මහා ගණාධිපතයේ නමඃ
ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ

දරු පල සම්භන්ධව පලාපල කීමේදී පස්වැන්න මුලික වන අතර එහි ආරුඩ ලග්නය සප්තාම්ස ලග්නය වැනි විශේෂ ලග්න හා ඒවායේ සිටින, අධිපතිකම් කරන හා ඒ වෙත දෘෂ්ටි දෙන ග්‍රහයන් ආදියද ඉතා වැදගත් වේ. කෙසේ නමුත් දරු පල පිලිබඳ පරික්ෂාවේදී භාවිතා කරන බොහෝ ජ්‍යෝතිර් වේදීන්ගේ පවා අධ්‍යයනයට ලක් නොවූ විෂය කරුණක් පිළිබඳව අද දින සාකච්චා කරමු.

මිනිසා ඇතුළු සියලු සත්වයන් හා ශාකයන් තම වර්ගයා බො කරන අතර අලුත් ශාකයක් වේවා සත්වයෙක් වේවා බිහි වන්නේ බීජයක් මගිනි. එසේ බීජයක් තිබු පමණින් ප්‍රමාණවත් නොවන අතර එම බිජයට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබා දීමට යම් ක්ෂේත්‍රයක් අවශ්‍ය වේ. ශාකයක් සඳහා නම් අදාළ ශාකයේ බීජය හා එය දරාගෙන පෝෂණය ලැබෙන කුඹුර හෝ බිමයි. සත්වයෙක් නම් පුරුෂයාගේ ධාතු බිජ ලෙස හා කළලය ආරක්ෂා කරන ගර්භාෂය ක්ෂේත්‍රය ලෙස සැලකේ. මේ අනුව පුරුෂයා සඳහා භාවිතා වන සිද්ධාන්තය බිජ ස්ථුටය ලෙසත්, ස්ත්‍රිය සඳහා ක්ෂේත්‍ර ස්ථුටය ලෙසත් හැඳින්වේ.



බිජ ස්ථුටය

බිජ ස්ථුටය සෙවීමට නම්  පුරුෂයාගේ ජන්ම පත්‍රයේ රවී සිකුරු හා ගුරු යන ග්‍රහයන් ලග්න රාශියේ සිට සිටින දුර ප්‍රමාන එකතු කර එම අගය 360° වැඩි නම් 360° අඩු කර ගත යුතුය. ඉන්පසු ලැබෙන අගය මේෂ රාශියේ සිට ගණනය කරගෙන ගොස් එය කුමණ රාශියක් වේදැයි සොයා ගත යුතුය.

උදා: තුලා ලග්නයෙන් උපන් ජන්මියෙකුගේ ග්‍රහයන් පහත පරිදි තැම්පත් වී ඇතැයි සිතමු.

ලග්නය තුලා
රවී                    තුලා 17° 33'
චන්ද්‍ර                 වෘශ්චික 21° 03'
කුජ                   ධනු 12° 14'
බුධ                   තුලා 8° 33'
ගුරු                   මේෂ 17° 38'
ශුක්‍ර                   වෘශ්චික 3° 07'
ශනි                   කටක 7° 18'
රාහු                  කන්‍යා 6° 11'
කේතු                මිණ 6° 11'

මෙහි රවී සිකුරු හා ගුරු සිටින අංශක

රවී                    17° 33'
සිකුරු                33° 07'       (ගණනය කරන්නේ ලග්නයේ සිටය)
ගුරු                   197° 38'

එකතුව =          248° 18'

බිජ ස්ථුටය                                             = ධනු රාශියේ 8° 18'
(මේෂ රාශියේ සිට ගැනගෙන ගිය විට)

මේ ලෙස සොයාගත් බිජ ස්තුටයේ රාශිය හා නවාම්සය ඔත්තේ හෝ ඉරට්ටේ වීම මත හා එම ස්ථුටයේ ශක්තිය මත දරුපල පිළිබඳව දැනගත හැක.

බිජ ස්ථුටය ඔත්තේ රාශියක හා ඔත්තේ නවාම්සයකට හසුවේ නම් හා සුභ ග්‍රහයන්ගෙන් සංයෝග හා දෘෂ්ටි තිබේ නම්, බිජ ස්ථුටය ශක්තිමත් වන අතර දරුවන් ලැබීමට හා පිරිමි දරුවන් ලැබීමට වාසනාව ඇති බව සඳහන් වේ.

යම් හෙයකින් බිජ ස්ථුට රාශිය ඔත්තේ හා නවාම්සය ඉරට්ටේ වේ නම් දරුපල තරමක් අඩු වුවත් දරුපල ලැබීමට හැක.

බිජ ස්ථුටය ඉරට්ටේ රාශියක් හා ඔත්තේ නවාම්සයකට හසුවේ නම් දරුපල සම්භන්ධව ගැටලුකාරී තත්වයන් ඇති අතර, වේදීය ප්‍රතිකර්ම නිසි ලෙස ඉටු කිරීමෙන් දරුපල ලැබීමේ හැකියාව ඇත.

අවසාන වශයෙන් බිජ ස්ථුටයේ රාශිය හා නවාම්සය යන දෙකම ඉරට්ටේ රාශියකට හසුවේ නම් ඔහු දරු පල ලැබීමට නොහැකි තත්වයකට පත්විය හැකි බව සඳහන් වේ.


මීළඟට අප ක්ෂේත්‍ර ස්ථුටය පිළිබඳව මීළඟ ලිපියෙන් සාකච්චා කරමු.



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී 
ධනුෂ්ක අබේරත්න
0755004166

Tuesday, September 22, 2015

ප්‍රාණ පද ලග්නය




බ්‍රිහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ තුන්වන පරිච්ච්ර්දයේ 71 වන ශ්ලෝකයේ සිට 74 වන ශ්ලෝකය දක්වාද ජෛමිනි සුත්‍රයේ හතරවන පරිච්චේදයේ 22 වන ශ්ලෝකය හා 41 ශ්ලෝකයේ සිට 52 ශ්ලෝකය දක්වා ප්‍රාණ පද ලග්නය පිලිබඳ හඳහන් වන නමුත් බොහො දෙනාගේ අවධානය අඩුවෙන්ම යොමුවන විෂය කොටසක්  ලෙස ප්‍රාණ පදය පෙන්වා දිය හැක.


ප්‍රාණ පද ලග්නය සොයාගැනීම
  • ·         ඉර උදාවේ සිට උපන් මොහොත දක්වා කාලය විඝටි බවට පරිවර්තනය කරගත යුතුය එය පහත පරිදිය

පැය 1 ක්        = ඝටි 2 ½
මිනිත්තු 1 ක්   = විඝටි 2 ½
විඝටි 60 ක්     = ඝටි 1

  • ·         එම අගය 15න් බෙදන්න එවිට ලැබෙන පිළිතුර රාශි හා අංශක වලින් වේ.
  • ·         එම අගය රාශි 12 වඩා වැඩි නම් රාශි 12 කොටස් (360° කොටස්) 360° වඩා අඩු අගයක් එනතුරු අඩු කරන්න
  • ·         සුර්යයා චර රාශියක වේ නම් කෙලින්ම සුර්යයා ගේ ස්ථුටය එම අගයට එකතු කර සුර්යයා සිටින රාශියේ සිට ඉදිරියට ගැනගෙන ගොස්  ලැබෙන රාශිය ප්‍රාණ පද ලග්නයවේ
  • ·         තිර රාශියක  සුර්යයා තැම්පත් වී ඇති නම් මුලින් ලැබුණු අගයට අංශක 240ක් එකතු කර ගන්න ඉන් පසු සුර්යයා සිටින රාශියේ සිට ඉදිරියට ගැන ගන්න
  • ·         රවී සිරින රාශිය උභය රාශියක් නම් අංශක 120ක් එකතු කර ගන්න ඉන් පසු පෙර සේම සුර්යයා සිටින රාශියේ සිට ගැනගෙන ගොස් ප්‍රාණ පද ලග්නය සොයාගන්න.

උදා : 01.   හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ජන්මය සිදුවුයේ 1827 ජනවාරි 27 වන දින රාත්‍රී 09:00 ටය. එදින ඉර උදාව උදේ 06:35 ටය අපි උන්වහන්සේගේ ප්‍රාණ පද ලග්නය සොයමු (රවී - 08° 27’)

 

    


ඉර උදාවේ සිට උපන් වෙලාව දක්වා ගතවූ කාලය  = 21:00 – 06.35
                                                 = 14:25
විඝටි ගණන                               = (14 X 2.5) X 60 + (25 X 2.5)
                                                 = 2162
15න් බෙදන්න                           = 2162/15
= රාශි 144 අංශක 4
  රාශි 12 කොටස් ඉවත් කලපසු    = 144/12 = 0
= රාශි 0 අංශක 04
 රවී සිටින්නේ චර රාශියක බැවින් රවිගේ අගය එකතු කරන්න
= 08° 27’ + 04°
ප්‍රාණ පද ලග්නය                        = මකර රාශියේ 12° 27’


උදා: 02. මධුරි ඩික්සිත්ගේ ජන්මය සිදු වුයේ  1967 මැයි 15 දින සවස 06:15 ටය (ඉන්දියාවේ මුම්බායි හිදී). එදින ඉර උදාව 06:08:17 ටය. අපි ඇයගේ ප්‍රාණ පද ලග්නය සොයමු (රවී - 00° 37’)


   



ඉර උදාව දක්වා ගතවූ කාලය      = 18:15 – 06:08
= 12:07
විඝටි ගණන                               = (12 X 2.5) X 60 +07 X 2.5
= 1817
15න් බෙදන්න                           = 1817/15
                                                 = රාශි 121 අංශක 04
රාශි 12 කොටස් අඩු කරගන්න   = 121/12 
                                                = ඉතිරිය රාශි 1 අංශක 04 (අංශක වලින් නම් - 34°)

රවී සිටින්නේ තිර රාශියක බැවින් අංශක 240ක් එකතු කරන්න
= 240° + 34°
= 274° (රාශි 10ක් හා අංශක 04)
රවී සිටින්නේ වෘෂභයේ  00° නිසා රාශි 10ක් හා අංශක 4ක් ඉදිරියට ගැන ප්‍රාණ පද ලග්නය සොයාගන්න
එනම්
ප්‍රාණ පද ලග්නය                               = කුම්භයේ 04° ය,


උදා: 03. එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාර නායක මහතා 1899 ජනවාරි මස 08 වන දින උදේ 09:58ට ජන්ම ලාභය ලැබූ අතර එදින ඉර උදාව 06:28 ලෙස සඳහන්ව ඇත (රවී - 25°17’)


   



ඉර උදාව දක්වා ගතවූ කාලය      = 09:58 – 06:28
                                                 = 03:30
විඝටි ගණන                               = (3 X 2.5) X 60 +30 X 2.5
                                                 = 525
15න් බෙදන්න                            = 525/15
= රාශි 35 අංශක 00
රාශි 12 කොටස් අඩු කරගන්න   = 35/12
                                               = ඉතිරිය රාශි11 අංශක 00 (අංශක වලින් නම් 330°)

රවී සිටින්නේ උභය රාශියක බැවින් අංශක 120ක් එකතු කරන්න
= 120° + 330°
= 450° (රාශි 15ක් හා අංශක 00)
නැවතත් රාශි 12ට වැඩි බැවින් 12ක් අඩු කරන්න = 15-12 = රාශි 3යි
  
රවී සිටින්නේ ධනුවේ  25° 17’ නිසා රාශි 03කුත් අංශක 25ක් ඉදිරියට ගැන ප්‍රාණ පද ලග්නය සොයාගන්න
එනම්
ප්‍රාණ පද ලග්නය                                 = මිණයේ 25° ය,


මෙලෙස සොයාගත් ප්‍රාණ පද ලග්නය යම් පුද්ග්ගලයෙක්ගේ ජන්ම රාශියෙන් (ලග්නයෙන්) 2, 4, 5, 9, 10, 11 යන රාශියක් වේ නම් සුභ ප්‍රතිපලත් වෙතත් රාශියක් වේ නම් අසුභ පලත් ගෙනෙන බව සඳහන් වේ. එම ලබාදෙන ප්‍රතිපල මෙසේය

ප්‍රාණ පද ලග්නය තැම්පත් ස්ථානය
ප්‍රතිපලය
ලග්න භාවයේ
ජන්මියා දුර්වල ශරීරයක් ඇති, බුද්ධි හීන, ව්‍යාධි සහිත, අලස ගති ඇති කෙනෙකි
දෙවැන්නේ
ධනයෙන් හා ධාන්‍යයෙන් ආඩ්‍ය, වාසනාවන්ත , බොහෝ දරුවන් ඇති කෙනෙකි
තුන්වන්නේ
දැඩි සිතැති, අහම්කාර, අපිරිසිඳු, අනතුරු බහුල වැඩිහිටියන්ට ගරු සරු නැති කෙනෙකි
හතරවැන්නේ
සත්‍යවාදී, නිතර සතුටින් සිටින, වැඩිහිටි හා ස්ත්‍රී පාර්ශවය කෙරෙහි වැඩි ලැදියාවක් ඇති, සෞම්‍ය කෙනෙකි
පස්වැන්නේ
ඉතා ආකර්ශනීය, සතුටින් සිටින, යහපත් වැඩ කරන, කරුණාවන්ත කෙනෙකි
හයවැන්නේ
ඥාතින්ගෙන් ඇත්වන්නට සිදුවන, රෝග සහිත, ආයු අඩු, තියුණු කෙනෙකි
හත්වැන්නේ
නිතරම කාම පිපාසයෙන් සිටින, ප්‍රචණ්ඩ පෙනුමක් ඇති, ගරුත්වය නොලබන කෙනෙකි
අටවැන්නේ
කරදර හා රෝග සහිත, රජුගෙන් ඥාතින්ගෙන් දරුවන්ගෙන් හා මෙහෙකරුවන්ගෙන් පිඩාවට පත්වන කෙනෙකි
නමවැන්නේ
පියකරු, බොහෝ දරුවන් ඇති, වාසනාවන්ත, ධනවත්, හැකියාවන් බහුල, අනයට උපකාර කරන කෙනෙකි.
දසවැන්නේ
වික්‍රමාන්විත, බුද්ධිමත්, දක්ෂ, රාජකීය අණ එලෙසම ක්‍රියාත්මක කරන, දේව භක්තිය ඇති කෙනෙකි.
එකොලොස්වැන්නේ
ප්‍රසිද්ධ,සීලාචාර, උගත්, ධනවත්, පැහැපත්, මවුට දැඩිසේ හිතවත් කෙනෙකි
දොළොස්වැන්නේ
පහත්, දුෂ්ට, අඩුපාඩු සහිත බාහු ඇති, පුජ්‍ය පක්ෂයට හා ඥාතීන්ට වෛර කරන, ඇස රෝග ඇති කෙනෙකි.


ප්‍රාණ පද ලග්නය පලාපල කථනයේදි භාවිතය
මෙලෙස ප්‍රාණ පද ලග්නය සොයාගත් පසුව මුලිකවම පෙර සඳහන් කරුණු යම් යම් ප්‍රමාන වලින් ඒ තුලින් නිවේදනය වන අතර ඊට අමතරව ප්‍රාණ පද ලග්නය වෙත වැටෙන ග්‍රහ සහ රාශි දෘෂ්ටි සහ එහි තැම්පත්ව සිටින ග්‍රහයන් කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ ජන්මියා කෙරෙහි ප්‍රාණ පද ලග්නය බලපාන්නාවූ අකාරය තව දුරටත් තේරුම් ගත හැක.
පෙර උදාගරණයන් තුන දෙස නැවත අවධානය යොමු කරමු.

උදා 01. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ හඳහන


  



මෙහි ප්‍රාණ පදය (PP) වුයේ මකර රාශියයි එය මෙම ජන්ම පත්‍රයේ සයවැන්නයි. එමෙන්ම පස් වන්න අධිපති ප්‍රඥා කාරක ගුරු ග්‍රහයා වෙතින් ප්‍රාණ පදයට දෘෂ්ටියක් ලැබී ඇත ගුරු ග්‍රහයා උගතුන්, පණ්ඩිතයන්, පුජකයන් නිවේදනය කරයි. ප්‍රාණ පදයේ ලග්නාධිපති රවී තම්පත්වී ඇත රවී වෙතින්ද ප්‍රඥාලෝකය නිවේදනය වේ. උන් වහන්සේ ඥාතින්ගෙන් අත්වූ අතර එසේ අත්වුයේ සසුන් ගත වීමටය. උන්වහන්සේ සුවිශාල දැනුමක් ඇති යතිවරයාණන් වහන්සේ නමක් වූ අතර දක්ෂ කතිකයෙක් මෙන්ම නිදහස් සටනේදි මහා මෙහෙයක් කරන ලදී.

උදා: 02. මධුරි ඩික්සිත් ගේ හඳහන


 


මෙහි කුම්භ ලග්නය ප්‍රාණ පද ලග්නය වන අතර ලග්නාධිපති සිකුරුගෙන් සහ රවිගෙන් දෘෂ්ටි වැටේ රවී වෙතින් සිනමා හා වෙනත් අංශ වල තරු නිවේදනය කරන අතර රවී වෙතින් නිර්මාණ ශීලිත්වය නිවේදනය වේ. එමෙන්ම සිකුරු වෙතින්ද කලාව රුප ස්වාභාව නිවේදනය කරයි.  එමෙන්ම එකිනෙකා යොහ වෙමින් ගජ කේෂරී යෝගයක් සකසාගෙන සිටින ගුරු හා චන්ද්‍රයා වෙතින් ප්‍රාණ පදයට (PP) රාශි දෘෂ්ටියක් වටේ. (ගජ කේෂරී යෝගය ප්‍රසිද්ධිය ලබා දෙන යෝගයක් සේ සැලකේ)

උදා: 03. බණ්ඩාරනායක මැතිදුන්ගේ හඳහන




පෙර හඳහනේ පරිදිම සුභ ස්ථාය රාණපය පිහිටා ඇත රාජ්‍ය කාරක රවී කතාවට අධිපති බුධ හා ලෞකික සැප වෙනුවෙන් ක්‍රියාත්මක වන රාහු වෙතින් ප්‍රාණ පදයට රාශි දෘෂ්ටියක් ලබා දෙයි. මිට අමතරව යෝග කාරක සිකුරුගෙන්ද ප්‍රාණ පදයට දෘෂ්ටියක් වැටේ. කථිකත්වය නිසාම ආසියාවේ රිදී සීනුව ලෙසින් විරුදාවලිය ලත් බණ්ඩාරනායක මැතිදු බොහෝ ධනයකට හිමිකම් කි අතර රාජ්‍ය නායකත්වයටද පත් විය.


ප්‍රාණ පද ලග්නය බොහෝ දෙනා සම්පුර්ණයෙන් නොසලකා හැරියද පලාපල කථනයේදී බොහෝ සෙයින් උපකාරී කරගත හැකි බව පාඨකයාට පැහැදිලි ඇතැයි සිතමි. කෙසේ නමුත් මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාණ පද ලග්නය සම්භන්ධව මුලිකම කරුණු කිහිපයක් පමණි. ශාස්ත්‍ර ලැදියෝ මෙය අවසානයක් ලෙස නොව ආරම්භයක් ලෙස සිතා තවත් මේ පිළිබඳව යොයා බැලීම වටි.


ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166