Monday, April 6, 2015

සිකුරු මාරුව (06/04/2015)

ඔන්න අද රැ 07 පහු වෙලා මිනිට්ටු කිහිපයක් යනකොට ග්‍රහ ලොව මනාලිය කියලා හඳුන්වන සිකුරු ග්‍රහයා තමන්ගේ ස්වක්ෂේත්‍ර රාශියක් වන වෘෂභයට එනවා. ඉතින් අපිට මේ තත්වය බලපාන්නේ කොහොමද කියා බලමු.

මේෂ
මේෂ ලග්න හිමියන්ගේ 2 වැන්න හා 7 වැන්න වන අධිපති සිකුරුට ස්වක්ෂේත්‍ර බලයක් ලබිමනම් එතරම් හොඳ නැහැ. අනතුරු සිදු වෙන්න පුළුවන් කාලයක්. කොහොම නමුත් මංගල යෝග උදා විය හැකි කාලයක් ( මංගල යෝග කියන්නෙත් ඉතින් කන්ටෙනරෙකට යට වුනා වගේ වැඩක් තමයි ජිවිතේම ඉවරනේ tongue emoticon
 )

වෘෂභ
ලග්නාධිපතියා ස්වක්ෂේත්‍ර විම යහපත් විනෝදයෙන් ඉන්න පුළුවන් කාලයක් ඉදිරියට එන්නේ. අවුරුදු සමයෙන් නියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. වැඩියෙන් තෙල් සහ වෙනත් දෙ කාලා අසනීප වෙන්න පුළුවන් නිසා ටිකක් පරිස්සමෙන් ඔන්න.

මිථුන
ඔන්න මිථුන ලග්න කාරයොන්ට නම් ප්‍රේම සම්භන්ධ කම් වලට යහපත් කාලයක්. ඒ වගේම රෝහල්වල ඉන්න අසනීප අසරණ ලෙඩ්ඩුන්ට උදව් කරන්න හිතෙන කාලයක්. වියදම නම් ටිකක් වැඩියි මේ කාලේ.

කටක
වාහන වලින් ආදායම් හොයන අයට බොහොම සරු කාලයක්. එ වගේම තමයි කටක ලග්න හිමියන්ට ඉදිරි මාසය වාහන ගන්න වගේම සුඛෝපභෝගීත්වය ඇත විඳින්න ලැබෙන කාලයක්. ආදායම් වර්ධනය වෙන කාලයක් විදිහටයි පොදුවේ පෙනෙන්නේ.

සිංහ
මම ඇතුළු සිංහ ලග්න කාරයන්ට නම් එ තරම් හොඳක් කියන්න පුළුවන් කාලයක් නෙමෙයි. සමාජය තුල තත්වය රැකගන්න තරමක සටනක් දෙන්න වෙන කාලයක්. රැකියාවේ ස්ථාන මාරුවීම් එහෙමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ටිකක් වැඩි පුර වැඩ පෙන්නන්න හිතෙන කාලයක් එක නිසාම නම කැත වෙන්නත් පුළුවන්.

කන්‍යා
ඔන්න සිකුරු පුන්‍යස්තානයට ඇවිත් ස්වාක්ෂේත්‍ර වෙන්නේ. ආගම දර්ශනය දිහා ටිකක් රැඩිකල් විදිහට බලන්න හිතෙන කාලයක්. කියන්නං වාලේ පිලි නොගෙන තමන්ගේ බුද්ධියෙනුත් කල්පනා කරලා බලන කාලයක්. එ වගේම තමයි මිල මුදල් අතිනුත් යහපත් කාලයක්.



තුලා
අට වැන්න හෙවත් මාරකස්තානයට සිකුරු ගෝචර වෙන්නේ නමුත් බය වෙන්න දෙයක් නැ මොකද සිකුරු ලග්නාධිපතියා නිසා. කම් සැප ලබන්න හා එ කටයුතු වල අමුතුම උත්තේජනයක් ලැබෙන කාලයක්.

වෘශ්චික
ඔන්න වෘශ්චික ලග්න කාරයන්ගේ නම් සිකුරා හතේ. වැරදි කාම සේවනයට හිත යොමු වෙන්න පුළුවන්. එ වගේම තමයි නඩු හබ වල පැටලෙන්නත් රෝහල් ගත වෙන්නත් ඉඩ තියනවා. ඉස්සරහට එන්නේ උත්සව කාලේ නිසා බිලා වාහන පදින්න එහෙම යන්න එපා. වියදම් අධික කාලයක්.

ධනු
ඔන්න ධනු ලග්න කාරයන්ටත් කියන්න තියන්නේ අසනීප හැදෙන්න පුළුවන් කියලා රෝගස්තානයට ගෝචර වෙන සිකුරු සතුරු කරදර ඇති කරන්නත් පුළුවන්. එ වගේම තමයි ණය ගනුදෙනු නිසා පාඩු විඳින්න ඉඩ තියන නිසා නයෙන් අත්වෙලා ඉන්නවනම් හොඳයි ඕං.

මකර
ඇස්වහක් කටවහක් නැ ඔන්න මකර ලග්න කාරයන්ගේ යෝගකාරකයයි මේ ස්වක්ෂේත්‍ර වෙන්නේ සමාජ තත්වය උසස් විම ලැබීම රැකියා බලාපොරොත්තු ඉටුවීම වගේ හොඳ දේවල් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඔන්න ප්‍රේම කරන යටත් හරි සුභ කාලයක්.

කුම්භ
මකරයට වගේම කුම්භයටත් යෝගකාරකයා සිකුරුම තමා. කුම්භ ලග්න කාරයන්ට යාන වාහන ඉඩකඩම් ලැබෙන්න ඒවා මිලදී ගන්න බොහොම හොඳ කාලයක්. මවගේ ආදරය උපරිමයෙන්ම විඳින්න ලැබෙන කාලයක්. පියාටත් බොහොම වාසනාව ගෙන කාලයක්.

මිණ
කලාවට සම්භන්ධ මිණ ලග්න හිමියන්ට කලාවෙන් දක්ෂකම් පෙන්නන්න පුළුවන් කාලයක්. කොහොම වෙතත් සිකුරු ආයුෂස්ඨාන දෙක අධිපතියා නිසා අප්‍රවේසම් වැඩ වලින් ඇත් වෙලා ඉන්නවනම් හොඳයි,

තම තමන්ගේ හඳහන සහ දසා අනුව මේක ටික ටික වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා ඔය පරිස්සම් වෙන්න කියලා විශේෂයෙන් කියලා තියන අය පරිස්සම් නොවී ඉන්න එපා. පෙර සුදානම කෝකටත් හොඳයිනේ.


ජ්‍යොතිෂ පර්යේෂක
ධනුෂ්ක අබේරත්න
0755 004 166

2 comments:

  1. ග්‍රහයෙක් ලග්නය දකිනවා, ග්‍රහයව පේනවා කියන්නෙ මොකද්ද​.. ?

    ReplyDelete
    Replies
    1. ග්‍රහ දෘෂ්ටි ලිපිය කියවන්න.. පිළිතුර පැහැදිලිව එතන තියනවා.

      Delete