Monday, July 13, 2015

ගුරු මාරුව ඔබට කොහොමද?



           සුරගුරු, දේව ගුරු වැනි නම් වලින් හඳුන් වන බ්‍රහස්පති ග්‍රහයා 2015වසරේ ජූලි මස 14 වන දින පාන්දරම තමාගේ උච්ච රාශිය වන කටකයෙන් තමාට ඉතාම යහපත් රාශියක් වන සිංහ රාශියට සංක්‍රමනය වෙනවා. සිංහ රාශිය කියන්නේ ගුරු ග්‍රහයට බොහොම සුභ තැනක්. හරියට ගුරු ග්‍රහයගේ දෙවැනි උච්ච ස්ථානයක් වගේ. තවත් විදිහකින් කියනවනම් සිංහ රාශිය කියන්නේ ග්‍රහ දෙව්ලොව රජු වන රවිගේ රාජ මාලිගය. ගුරු කියන්නේ මහා ප්‍රාඥයෙක් උපදෙශකයෙක්. ඉතින් ඔහුට අනිවර්යෙන්ම රාජ මාලිගාව තුල විශෙෂ සැලකිලි ලැබෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවෙදී ගුරු ග්‍රහයා සිංහ රාශියට එනකොට සෙනසුරු විසින් සිංහ රාශිය දිහා බලාගෙනයි ඉන්නෙ. ඉතින් ගුරු විසින් කරන කටයුතු වලට සෙනසුරුගෙත් හවුල් වීමක් තියනවා. එහෙනම් අපි ඒ ඒ ලග්න වලට මේ මාරුව මොන වගේ වෙයිද කියලා බලමු.

මේෂ
මේෂ ලග්න හිමි ඔබගේ පස්වැන්න තමයි සිංග රාශිය වෙන්නේ. ඒ වගෙම පස් වැන්නෙන් කිය වෙන දෙවල් වලට කාරක වෙන්නේ ගුරු. ඒ වගෙම උසස් අධ්‍යාපනය ගැන කියවෙන නම වැන්නට ගුරුගෙන් දෘෂ්ඨියක් තියනවා. ඉතින් ගුරු පස් වැන්නට පැමිනීම නිසා මේෂ ලග්න හිමියන්ට අධ්‍යාපනය අතින් ඉහලට යන්න බොහොම යහපත් විදිහට බලපානවා. ඒ විතරක් නෙමෙයි විවාහකයන්ට සහ දරුපල බලාපොරොත්තුවෙන් ඉන්න අයට තමන්ගෙම දරුවෙක් පිලිබඳ බලාපොරොත්තු සඵල කරගන්න පුලුවන් කාලයක්. ඒ වගේම දරුවන් ඉන්න අය තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්න හිතන ඒ වෙනුවෙන් මුදල් වෙන් කරන කාලයක්. මේෂ ලග්න හිමියන්ගේ නම වැන්න අධිපතියා වෙන්නෙත් ගුරු ග්‍රහයමයි. ඉතින් පෙර පිං පලදෙන කාලයක් කිව්වොත් වරදක් නැ. ඒ වගේමයි මේෂ ලග්න හිමි ඔබට මේ කාලයේ ආධ්‍යාත්මික වර්ධනයක් ලබන්න වන්දනාව සඳහා දුර ගමන් යන්න වාසනාව ලැබෙන කාලයක්.

වෘෂභ
ගුරු ග්‍රහයා ඔබේ ජන්ම පත්‍රයේ හතර වැන්නටයි මාරුව ලබන්නේ. මේ කාලය ඔබ නිවාස මිලදී ගන්න ඒ වගේම ඉඩකඩම් මිලදී ගන්න අදහසක් තියනවනම් මේ තමයි ඊට සුදුසුම කාලය. ඒ විතරක් නෙමෙයි ඔබට වෘතිය වෂයෙන් දියුණුවක් බලාපොරොත්තු වෙන්න කාලවකවානුවක්. පිටරටක රැකියාවක් ලැබෙන්නත් නිවාස ලබන්නත් ඉඩ තියන කාලයක්. මවට මිල මුදල් අතින් යහපත් කාලයක් වෙන බවත් පෙනෙන්නට තියනවා. මේ කාලයෙ ඔබට වෘතිය, පදින්චිය වැනි විවිධ දේවල් වෙනස් කරන්නට සිතෙන අතර වෙනස්කම් තුලින් ලාබ උපයන්නත් පුළුවන් වෙන කාලයක්. ඒ කොහොම වෙතත් අධ්‍යාපන ස්ථානයෙන් දොළොස් වැන්නට ගුරුගෙ පැමිණීම නිසා ටිකක් අධ්‍යාපනය ගැන වැඩියෙන් උනන්දු වෙන්න ඕන කාලයක්.

මිථුන
ගුරු මාරුවත් සමග මිථුන ලග්න හිමියන්ගේ තුන් වැනි භාවයටයි ගුරු එන්නේ. තුන්වන්නේ ඉන්න හත්වැන්න අධිපති ගුරු නිසා මිථුන ලග්න හිමියන්ට යහපත් විවාහයකට වාසනාව තියෙනවා. ඒ වගේම තමන්ගේ ලියන කියන වැඩ වලට තියන දක්ෂතාවය වර්ධනය වන අතර ග්‍රන්ථ කතෘ වරුන්ට යහපත් වසරක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් කාල සීමාවක්. ඊට අමතරව ජනමාධ්‍යයේ නිරත වෙලා ඉන්න අයටත් තමන්ගේ හැකියාවන් පෙන්නන්න පුළුවන් කාලයක්. කෙටි ගමන් බිමන් වලින් යහපත් ලෙස ලාබ ලබන්න පුළුවන් වෙනවා. වගේම උසස් අධ්‍යාපනය සඳහාත් ඒ සඳහා විදෙස් ගතවීමට යොමුවීමටත් යහපත් කාලයක්. මිථුන ලග්න හිමියන්ටත් මේ වසර සමස්තයක් වශයෙන් යහපත්.

කටක
ගුරු මාරුවත් සමග ගුරු ග්‍රහයා පැමිණෙන්නේ කටක ලග්න හිමියන්ගේ ධනස්තානය වන දෙවැන්නට. ඔන්න කටක ලග්න හිමියන්ගේ පවුලට අලුත් සාමාජිකයෝ එකතුවෙන කාලයක්. ඒ වගේම පවුල තුල යහපත් සිදුවීම් සිදුවෙන කාලයක්. පස් වැන්නේ ඉන්න සෙනසුරුගේ දෘෂ්ටිය නිසා හා ජනවාරි මාසයේ රාහුගේ මාරුව නිසා ජනවාරියෙන් පසුව එක වරම ධනය ලැබීම ලොතරැයි වාසනා ලැබීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමාගේ මහන්සියෙන් මුදල් උපයන්න උනන්දුව වැඩි කරන කාලයක් වෙනවා. කෙසේ නමුත් මේ කාලයේ අධික තෙල් හා සිනි ආහාරයට ගැනීම් නිසා අසනීප වෙන්න ඉඩක් තියනවා. ඒ නිසා කට පරෙස්සම් කරගැනීම වඩා යෝග්‍යයි.

සිංහ
ගුරු එන්නේ තමන්ගේ තත්කාලික දිග්බල භාවයට. සිංග ලග්න හිමියන්ට නම් ඉතාමත් වාසනාවන්ත කාලයක්. එකට හේතුව ලග්නයේ ඉන්න ගුරුට පස්වැන්න හත්වැන්න හා නමවැන්න කියන ප්‍රධානම හොටු තුනම පෙනෙනවා. ඉතින් මෙච්චර කල් විවාහය පමා වුනානම් යහපත් පවුලකින් විවාහයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දරුපල ලබන්න සහ වන්දනා ගමන් යන්න අවස්තාව ලැබෙන කාලයක්. උසස් අධ්‍යාපනය සඳහාත් විශේෂයෙන් ගුප්ත ශාස්ත්‍ර ඉගෙනගන්න අයට ඒ සඳහාත් ඉතාම යහපත් කාලයක්. නමුත් ගුරු ග්‍රහයාගේ පැමිණීමත් එක්ක ශරීරය තරබාරු වෙන්න ඉඩ තියෙන නිසා පොඩ්ඩක් ව්‍යායාම වලට යොමු වෙන්න පුලුවන්නම් හොඳයි. ඒ වගේම ඔබ මොන වෘතියක සිටියත් ඔබ පර්යේෂණ වල නිරත වෙන්න ලැබෙන එම පර්යේෂණ වලින් ප්‍රසිද්ධ වෙන්න අවස්තාව ලැබෙන කාලයක්.

කන්‍යා
ගුරු දොළොස් වන්නට පැමිණීම කන්‍යා ලග්න හිමියන්ට තරමක් මිශ්‍ර ප්‍රතිපල දෙන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් ඔබ විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් එකට නම් යහපත් කාලයක්. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්භන්ධ වෘතින් වල (වෛද්‍ය වරුන්, හෙදියන්, බෙහෙත් අලෙවි කරුවන් වැනි) නියැලෙන්නන්ට යහපත් කාලයක් වෙනවා. කෙසේ නමුත් ව්‍යාපාර වල තරමක් ලොකු පාඩු වගේම අනිත් අයටත් මුදල් කරදර සිදු වෙන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ජිවිතේ යථා ස්වාභාවය අවබෝධයට ඉඩ ලැබෙන ඒ වගේම අධ්‍යාත්මික දියුණුවක් ලබන්න පුළුවන් කාල වකවානුවක්. ඒ වැනි දේවල් ඉගෙන ගන්න යොමු වෙන කාලයක් වෙනවා.

තුලා
ගුරු මාරුවත් සමග ගුරු ග්‍රහයා තුලා ලග්න හිමියන්ගේ අයස්තානය වෙතයි එන්නේ. අදායම් ඉහල යන්න හේතුවක් වෙයි මේ ග්‍රහ මාරුව. ඒ වගේම ඉතා යහපත් මිතුරන්ව ඇසුරට ලැබෙන මිතුරන්ගෙන් නොයෙක් උදවු උපකාර ලැබෙන කාලයක්. ප්‍රේම සම්භන්ධකම් වලට එහෙමත් ඉතා සුභයි. හොඳ ගුණ ධර්මයන් පුරුදු වෙන කාලයක්. විවාහ අපේක්ෂාවන් හා දරුපල අපේක්ෂාවන් සපල වෙන කාලයක් වෙනවා තුලා රාශි හිමියන්ටත්.

වෘශ්චික
ගුරු මාරුව නිසා ගුරු ග්‍රහයා වෘශ්චික රාශි හිමියන්ගේ හඳහනේ දසවැන්නටයි පැමිණෙන්නේ. දස වැන්නෙන් කියන රැකියාව සම්භන්ධව ඉතා යහපත් වෙනස්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක්. රකියාව මාරු වීමට උසස් වීම් ලැබීමට හා උසස් වීම් සඳහා තිබුන භාධක ඉවත් වීමට මෙම කාලයෙ ඉඩ තිබෙනවා. වෙනදාට වඩා මිල මුදල් කටයුතු නිසි පරිපාලනයකින් සැලැස්මකින් යුතුව කිරීමට උනන්දුව ඇතිවෙන කාල පරිච්චේදයක්. ඒ වගේම සමාජය තුලත් ඔබට තිබෙන යහපත් ප්‍රසිද්ධිය තවත් වර්ධනය වෙන කාලයක්.
ධනු
ගුරු කියන්නේ ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා. මෙච්චර කාලයක් අටවැන්නේ ඉඳගෙන නොයෙක් ප්‍රශ්න ඇති කරපු ගුරු අවසානයේ අට වැන්නෙන් මිදිලා පුන්යස්තානය වන නමවැන්නට පැමිණෙනවා. ඔබට පිට රට ගොස් අධ්‍යාපනය ලබන්න විදේශීය ගුරුවරුන්ගෙන් උපදෙස් ලබන්න වාසනාව ලැබෙන කාලයක්. ඒ වගේම වාසනාව හොඳින්ම ලැබෙන කාලයක්. දුර ගමන් වලින් නොයෙක් ලාබ ලබන්නත් දරුවන් සිටින අයට දරුවන්ගෙන් බොහෝ ලැබීම ලැබෙන කාලයක්. ඔබ මේ කාලේදී බොහෝ දන මාන පින්කම් වලට යොමු වෙන කාලයක්. ඒ තුලින් යම් ප්‍රසිද්දීයකුත් ඉබේම වගේ ලැබෙයි ඔබට. ඒ වගේම පියාටත් යහපත් කාල වකවානුවක් වෙනවා.

මකර
මකර ලග්න හිමියන්ටත් කන්‍යා ලග්න හිමියන්ට වගේම තරමක් මිශ්‍ර පල ලබාදෙන ගතියක් තිබෙනවා මේ ග්‍රහ මාරුව. අටවැන්නට එන ගුරු නිසා දේපොළ හා මිල මුදල් අහිමිවීමකට මග පාදන්න ඉඩ තියෙනවා. ඒ වගේම ලග්නාධිපති සෙනසුරු විසින් ගුරුට ලබා දෙන දෘෂ්ටිය නිසා මකර ලග්න හිමියන්ට තමන්ගේ සෞක්‍ය ගැන වෙනදට වැඩිය අවදානයක් යොමු කරන්න වෙනවා. කොහොම නමුත් මකර ලග්න හිමි ඔබ ගුප්ත දේ පිළිබඳව හොයන්න බලන්න පර්යේෂණ කරන්න වැඩි උනන්දුවක් දක්වන අතර යෝග හා වෙනත් භාවනා කෙරෙහි යොමු වීමට තියන ඉඩකඩ වැඩි වෙනවා. විදෙස් ගමන් වලට සුභයි. කෙසේ නමුත් ඔබේ ජීවිතය මේ වසර තුල විශාල පරිවර්තනයකට ලක්වන බවනම් කිව යුතුමයි.

කුම්භ
ඔබ කුම්භ ලග්න හිමියෙක් නම් ගුරු ග්‍රහයා පැමිණෙන්නේ ඔබගේ ජන්ම පත්‍රයේ හත්වැන්නටයි. හත් වැන්නේ සිටින ගුරු ලග්නයට දෘෂ්ටියක් දෙන අතර ලග්නාධිපති සෙනසුරු ගුරු වෙත දෘෂ්ටියක් ලබා දෙනවා. ප්‍රසිද්ධියට පත්වීමට ඉතාම යහපත් තත්වයක්. ඔබ සුළු පරිමාණයේ රංගන ශිල්පියෙක්නම් ගුරුවරයෙක් නම් දේශපාලකයෙක් නම් මේ වසර තුල ඔබේ ප්‍රසිද්ධිය වර්ධනය වීම ඔබට යහපත් තත්වයක් උදා කරනු ඇති. හත් වැන්නෙන් කියවෙන විවාහය හා හවුල් ව්‍යාපාර වලට සම්භන්ධ විමට ඉතා යහපත් තත්වයකි. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලබිමටත් හැකියාව ඇත. ව්‍යාපාර හා ආර්ථිකයේ දියුණුවට යහපත් කාලයකි. මිතුරන් සමග විනෝද චාරිකා නම් අඩුවක් නොවනු ඇත.

මිණ
ගුරුට  අයිති අනෙක් රාශිය වගේම අවසාන රාශිය වන මිනයට නම් ටිකක් සෞක්‍ය අතින් සුබ කාලයක් නෙමෙයි මේ ගුරු මාරුවත් එක්ක ආරම්භ වෙන්නේ. අධික ආහාර ගැනීම නිසා උදරාබාධ ඇති වෙන්නත් වකුගඩු ආශ්‍රිත අසනීප තිබේනම් ඒවා වැඩි වෙන්නත් ඔබ මත් පැන් ගන්නවානම් වකුගඩු රෝග ඇති වෙන්නත් ලොකු අවස්තාවක් තියනවා. ඒ වගේම දියවදියා රෝගීන්ටත් ඉක්මනින් එය වකුගඩු වලට බලපාන්න ඉඩ තියෙනවා. රණ්ඩු සරුවල් හා නිඉති ප්‍රශ්න වලට පැටලීම පුළුවන් තරම් මගහරවා ගංඊම මිඉන ලග්න හිමියන්ට නුවනට හුරුයි. මොකද තමන්ට අවාසි වෙන විදිහට සියල්ල තිඉරණය වෙන්න ඉඩ තියන නිසා. ඒ කොහොම වෙතත් සේවකයන්ගෙන් උදව් ලබන්නත් ආර්ථිකය වර්ධනය වෙන්නත් මේ කාලය යහපත් බව නම් පෙනෙන්නට තිබෙනවා.


මෙහි මා දක්වා ඇත්තේ පොදු පලාපලයක් බැවින් තම තමාගේ හඳහන අනුව සුළු සුළු වෙනස්කම් සිදුවිය හැක.



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166