සමාජය බොහෝ විට අපව දකින්නේ නැත දකින්නේ වෙන කෙනෙක්වය.. උදාහරනයක් ලෙස කෙනෙක් කොයි තරම් වටිනා ඇඳුම් ඇන්දත් වියදම් කලත් සමාජය ඔහුව කුම්මැහියෙක් ලෝභයෙක් ලෙස දකින්නට පුලුවන්ය. සමහර විට දරුනු මනුෂ්‍යයෙක්ව සෞම්‍ය ලෙස දකින්නට පුලුවන්ය. තවත් විටක යමෙක් අභ්‍යන්තරයෙන් බියසුල්ලෙක් වුවත් ඔහුට සමාජය වීරයෙක් ලෙස සලකන්නට පුලුවන්ය. මෙසේ සැබෑ තමාව වැසී ගෝස් සමාජය විසින් අලවන ලේබලයට හේතුව කුමක්ද? තමා දෙස මින්සුන් බලන්නේ කොයි ආකාරයෙන්ද? මෙයට හේතුව ලෙස ජ්‍යොතිෂයේ දක්වන්නේ ආරූඪ ලග්නයයි. සමහර විටක තමන් හොඳ කෙනෙක් යැයි සිතා සිටින කෙනෙකුගේ ජන්ම පත්‍රය පරික්ෂා කරන්නට ගිය වෙලේ මොහු කුහකයෙක් යැයි කී විට නෑ එසේ වන්නට බෑ කියා ඔබ සිතන්නේ ජ්‍යෝතිර් වේදියා පලාපලය කීවේ උපන් ලග්නය බලා නිසාත් එයින් පෙනෙන්නේ පුද්ගලයාගේ සබෑ ගතිගුන නිසාත්ය.. සමාජය ඔබ දෙස බලන්නේ කෙසේද. ඔබෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න දැනගැනීමට නම් ආරූඪ ලග්නය පරික්ෂා කල යුතුය..
ආරූඪ ලග්නය පරික්ෂා කිරීම අපහසු දෙයක් නොවේ. ආරූඪ ලග්නය සොයාගත් පසු සාමාන්‍ය හඳහනක් බලන ලෙසම එම ආරුඪ ලග්නය ලග්නය ලෙස ගෙන පරික්ෂා කල යුතුය. ඉතින් මේ ආරූඪ ලග්නය සොයා ගැනීම ඊලඟට කල යුතුය..
ඒ මෙසේය
යම් හඳහනක ලග්නාධි පතියා සිටින තැන බලා ලග්නයේ සිට ඒ දක්වා ඇති රාශි ගැනගත යුතුය. ඉන් පසුව ලග්නාධිපතියා සිටින රාශියේ සිට එම ගනනම ඉදිරියට ගනන් කිරීමෙන් එම ජන්ම පත්‍රයේ ආරුඪ ලග්නය ලැබේ
උදා හරනයක් දක්වතොත් මෙසේය...
ඉහත දක්වා ඇති දල කේන්ද්‍රයේ ලග්නය වෘෂ්චිකයයි.
වෘෂ්චිකයේ ලග්නාධි පතියා කුජය.
මෙහි කුජ සිටින්නේ ලග්නයෙන් දෙවැන්නේය.
එසෙනම් කුජග සිටින රාශියෙන් දෙවැන්න ආරූඪ ලග්නයයි.
එනම් මෙම ජන්මියාගේ ආරූඪ ලග්නය මකරයයි.
තවත් උදාහරනයක් මෙසේය.
මෙහි ලග්නය වෘෂභයයි. ලග්නාධි පතියා සිකුරාය.
සිකුරු සිටින්නේ ලග්නයෙන් දොලොස් වැන්නේ මේෂයේය.
එවිට සිකුරු සිටින තැනින් දොලොස් වැන්න ආරූඪ ලග්නය විය යුතුය. ඒනම් මෙහි ආරූඪ ලග්නය සිකුරු සිටින මේෂයේ සිට බැලූ කල 12 වැන්න වන මීනයයි.
නමුත් කිසිම අවස්ථාවක තමාගේ ලග්නය හෝ 7 වැන්න ආරුඪ ලග්නය වන්නේ නැත. කිසියම් ග්‍රහයෙක් එම භාවයේම සිටින විට ආරූඪ ලග්නය ලෙස ලැබෙන රාශියේ සිට කොටු 10ක් ඉදිරියට ගනන් කිරීමෙන් ආරූඪ ලග්නය සොයාගත හැක. එනම් ලග්නාධිපතියා ලග්නයේ හෝ හතේ නම් දස වැන්නද, හතර වැන්නේ හෝ දස වැන්නේ නම් හතර වැන්නද ආරූඪ ලග්නය වෙයි.
මේ ආකාරයෙන් සොයාගත් ආරුඩ ලග්නය මත පදනම්ව සමාජය අප දෙස බලන්නේ කෙසේදැයි දැනගත හැක..

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේ රත්න
ටෙස්ට්
ReplyDeleteමගෙ උඩම කමෙන්ට් එකේ හිරු වෙනුවට සිකුරු එන්න ඕනේ...මෙහෙම...
ReplyDeleteනවාංශකයේ ආරූඪ ලග්නය බැලීම වඩා සියුම් විශ්ලේෂණයක් ලබා නොදෙන්නේද?
මගෙ උපන් වෙලාව සම්බන්ධ ගැටළුවක් පවතින නිසා මම මිතුන හෝ වෘෂභ විය හැකියි...මගෙ වෘෂභයේ සිකුරු තැන්පත්..බුධ කටකයේ තැන්පත්..ලග්නය වෘෂභ ලෙස සැළකුවොත් ආරූඪ ලග්නයත් වෘෂභ නේද?
ආරූඪ ලග්නයේ පලාපලට නවාංශකයෙන් ලැබෙන තල්ලුව කෙබඳුද?
නෑ එතකොට කුම්භ.....
Deleteමම කටක ලග්නෙ.....සඳු ඉන්නෙ හතේ මකරයේ....මගේ ආරූඪ ලග්නය වෙන්නෙත් කටක ලග්නෙමයි නේද....
ReplyDeleteමට ඒක ලිපියට මුලින් දාන්න බැරි වුනා.. ඒ කොටස දැන් ලිපියටත් ඇතුලත් කලා.. ලග්නාධිපතියා හත්වැන්නේ සිටින විට ආරුඪ ලග්නය ලෙස එන්නේ ලග්නයම බැවින් නිවැරදී ආරුඪ ලග්නය සොයා ගැනීමට කොටු 4ක් පසුපසට ගනන් කල යුතුයි... එවිට ඔබගේ නිවැරදි ආරුඪ ලග්නය 10 වැන්නයි. එනම් මේෂ ලග්නයයි.
Deleteකුම්භ ලග්නය වී ලග්නාධිපති 1 ලග්නයේ ඇතිවිට ආරූඪ ලග්නය වෘශ්චිකද? ජෞතිශය app සේවයෙහි ආරූඪයට(AL) පෙන්වන්නෙ වෘෂභ බවයි? පැහැදිලි පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි
ReplyDeleteකුම්භ ලග්නය වී ලග්නාධිපති 1 ලග්නයේ ඇතිවිට ආරූඪ ලග්නය වෘශ්චිකද? ජෞතිශය app සේවයෙහි ආරූඪයට(AL) පෙන්වන්නෙ වෘෂභ බවයි? පැහැදිලි පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි
ReplyDelete