Saturday, June 20, 2015

නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)


           නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ.  අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක.

ඉස්සෙල්ලාම අපි මේ ගණ මොනවද කියලා බලලා ඉඳිමු.

ගණ යන වචනයෙහි අර්ථය සමුහයක් යන්නය. එනම් මාත්‍රා සමුහයක් ගණ ලෙසින් හැඳින්විය හැක. මාත්‍රාවක් යනු ඇසිල්ලක කාලයක් (ඇසිපිය හෙලන කාලය) ඇතිවන ශබ්ධයයි මෙම ශබ්ධය ඇති කරවන අක්ෂර ලඝු කියා හඳුන්වයි ඊට වඩා වැඩි කාලයක් ශබ්ධය ඇති කරවන අක්ෂර ගුරු නමින් හැඳින්වේ.

උදා :

ලඝු අක්ෂර : ස, සැ, පි, පු, ල, ළ, ඝ, ධ අ,උ, ඔ

ගුරු අක්ෂර: සා, සෑ, පී, පූ, අං, අඃ, ආ, ඌ, ඕ

ලඝු අක්ෂර "—" තිරස් රේඛාවකිනුත් ගුරු අක්ෂර වක්‍ර රේඛාවකිනුත් "U" ඇඳ පෙන්වයි. මිට අමතරව යම් ලඝු අක්ෂරයකට පසුව හල් අකුරක් තිබේ නම් එම හල් අකුර හා ඊට පෙර ලඝු අකුර යන දෙකම එක්කර ගුරු අකුරක් සේ සලකයි.

උදා:
01. සමන් 
     
         ස = ලඝු    ම+න්  = ගුරු    —  U

02. අනුහස්
        
        අ = ලඝු     නු = ලඝු      හ+ස් = ගුරු      —  —  U


අපි දැන් බලමු ගණ වර්ග ගැන.



ඉහත දක්වා ඇත්තේ ගණ වල පොදු රීතියයි. නමුත් දරුවෙකුට නම් තැබීමේදී දරුවා උපන් ලග්නයට අනුවද ගණ වල වර්ග කිරීමක් ඇති බැවින් මෙම ක්‍රම දෙකටම ගලපා දරුවාට නම තබන ගණය තේරීම වඩා සුදුසුය. ලග්න වලට අදාළ ගණ වර්ග කිරීම පහත පරිදිය

භුමි, චන්ද්‍ර, වායු, සුර්ය යන ගණ හතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න වලින් උපන්නන්ට සුදුසුය
ජාල , සුර්ය, ආකාෂ, ගිනි යන ගණ හතර මේෂ, කටක, තුලා, මකර, යන ලග්න වලින් උපන්නුන්ට සුදුසුය
චන්ද්‍ර, භුමි, ආකාෂ, ගිනි යන ගණ හතර මිථුන, කන්‍යා, ධනු, මින යන ලග්න වලින් උපනුන්ට සුදුසුය.

මේ ආකාරයෙන් නිවැරදි ගැන පිහිටිමක්ද නිවැරදි අක්ෂර තෝරා ගැනීමක්ද සහිතව වාසනාවන්ත නමක් තැබීමට අවශ්‍ය මුලික දැනුම දැන් ඔබ සතුව තිබෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙතනින් නොනැවතී තවත් මේ පිලිඹඳව තවත් පරීක්ෂණ කරමින් ඔබේ දැනුම වර්ධනය කරගන්නා ලෙසයි.



ප:ලි:
නාම කරණයේදී අපාය අක්ෂර, දේව අක්ෂර හා මනුෂ්‍ය අක්ෂර පිළිබඳව සැලකිලිමත වීමද වටි 

දිව්‍ය අක්‌ෂර: ස - ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව

මනුෂ්‍ය අක්‌ෂර: උ-ප-බ-ග-හ

අපායක්‌ෂර: 
අ-එ-ක-ය-ම-ර-ජ-ණ-න-ළ-අං

අපාය අක්ෂරයකින් නම පටන් ගනී නම් ගණ ගැලපීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටියි.. 



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, June 17, 2015

නම් තියන්නේ කොහොමද? 3

    ඔන්න අපි පලවෙනි ලිපි දෙකෙන් දරුවට නමක් තියන්න අකුරක් තෝරාගන්න අවශ්‍ය මුලික දේවල් ගැන කතා කළා. ඒ ටික බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න 1 ලිපිය . 2 ලිපිය. අද අපිට කතා කරන්න තියෙන්නේ අපි ඒ තෝරාගත් අකුර දරුවාගේ පියාට බලපාන්නේ කොහොමද කියලා.



මම ඊයේ කිව්වනේ මේක බොහෝ ජ්‍යොතිර්වේදීන් පවා අවතීර්ණ නොවෙන පියවරක්. නමුත් අපි වැඩේ හරියටම කරමු. අපි මේකෙදි පාවිච්චි කරන්නේ සිද්ධි චක්‍රය කියලා එකක්. මේ පහතින් තියෙන්නේ අන්න ඒක.


                 දැන් අපි බලමු මේක භාවිතා කරන විදිහ අපි හිතමුකෝ අපි දරුවට තෝරගත්ත අකුර "න"යන්න කියලා තාත්තගේ නම පද්මසිරි කියලත් දැන් අපි ඉස්සෙල්ලම හොයාගන්නවා තාත්තගේ නම පටන් ගන්න කොටුව ඔයාලට පේනවනේ "ප"යන්න තියෙන්නේ පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ අපි දැන් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට ප්‍රධාන කොටස් ගැනගෙන යනවා සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා . එතකොට අපිට පේනවා නයන්න තියන්නේ 04වෙනි එහෙමත් නැත්තන් අරි කියන ප්‍රධාන කොටුවේ.

              ඊළඟට මේ හතරවන කොටුවේ "ප" යන්න තියන කොටුවට සමාන කොටුව තෝරාගන්නවා "ප"යන්න තියෙන්නේ  පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ නිසා අපි ගන්නවා හතරවෙනි කොටසේ දෙවෙනි කොටුව. එතන ඉඳලත් අර ඉස්සෙල්ලා වගේ සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා ගැනගෙන යන්න. එතකොටත් එන්නේ අරි කියන එකමයි දැන් පහත ප්‍රතිපල අනුව අකුර ගැලපෙනවද බලන්න.

සිද්ධ-සිද්ධ    : සුබයි කීකරුයි
සිද්ධ-සාධ්‍ය   : කීකරු කරගැනීමට මඳක් උත්සහ කල යුතුයි.
සිද්ධ-සුසිද්ධ : ඉතා සුබයි ඉතා කීකරුයි
සිද්ධ-අරි       : නෑයන්ට සතුරුකම් කරයි

සාධ්‍ය-සිද්ධ    : උත්සාහයෙන් කීකරු කරගත හැක
සාධ්‍ය-සාධ්‍ය   : කිසිසේත් නොහික්මෙයි
සාධ්‍ය-සුසිද්ධ : කීකරු කරගැනීමට මහන්සි විය යුතුය
සාධ්‍ය-අරි       : මව්පියන් සහෝදරයන් සමග සතුරු වේ

සුසිද්ධ-සිද්ධ   : ඉක්මනින් කිකරුවේ
සුසිද්ධ-සාධ්‍ය  : කීකරු කරගැනීමට ආයාසයක් ගත යුතුය
සුසිද්ධ-සුසිද්ධ : ඉක්මනින් කිකරුවේ
සුසිද්ධ-අරි      : පවුලේ විනාශය ඇති කරයි

අරි-සිද්ධ        : පුත්‍ර විනාශය කරයි
අරි-සාධ්‍ය       : සහෝදරියන්ට දියණියන්ට විනාශය ගෙනෙයි
අරි-සුසිද්ධ     : භාර්‍යා විනාශය ඇති කරයි
අරි-අරි           : මාපියන්ගේ විනාශය ඇති කරයි.

අපි තවත් උදාහරණයක් බලමු.

පියාගේ නම ආරියපාල දරුවට නම තියන්න "ල" අකුර සුබද කියලා බලමු.
පියාගේ නමේ මුල් අකුර තියන ප්‍රධාන කොටුව 02වැන්න "ල"යන්න තියෙන්නේ 04 වැන්නේ. ගැනගෙන යනකොට "ල"යන්න තියෙන්නේ  සුසිද්ධ කියන කොටුවේ. කුඩා කොටු වල පළමු වැන්නේ "ආ" අකුර තියෙන්නේ "ල"යන්න තියන්නේ තුන්වන්නේ නැවතත් ගැනගෙන යනකොට සුසිද්ධ කියන තැන නතර වෙනවා. ඒ අනුව ප්‍රතිපලය සුසිද්ධ සුසිද්ධ. ඒ අනුව ල අකුරෙන් දරුවාට නමක් දැමීම ඉතා සුභයි. මෙහිදී "ල"යන්නේ සියලු ප්‍රබේධ (ල, ලා, ලෑ, ලැ, ලෙ, ලේ.. ආකාරයෙන්) සුභය

අකුර තෝරගත්ත අපි මීළඟට දරුවාට ගැලපෙන ඝන පිහිටන විදිහට නම සකස් කරගන්න ඕන.. එක ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.. එතෙක් ජය ශ්‍රී.......



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Tuesday, June 16, 2015

නම් තියන්නේ කොහොමද? 2


ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නකෝ. ඉතින් අපි ඊයේ ඒ ඒ නැකත් වලට අදාළ අකුරු මොනවද කියලා හොයාගත්තනේ දැන් බලන්න ඕන ගැලපෙන අකුර තෝරාගන්න විදිහ. ඒක කරන්නේ මෙහෙමයි.


ඕනෑම නැකතක් ගත්තම ඒ නැකතට සුභ හා අසුභ නැකත් තියනවා. ඒ අසුභ නැකත් මග ඇරලා සුභ නැකතකට අදාළ අකුර තෝරාගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි අපි උපන්න නැකත ජන්ම නැකත කියලනේ හඳුන්වන්නේ එකන ඉඳලා ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්යාරි, සාධක, වධ, මෛත්‍රී, පරම මෛත්‍රී කියලා ගැනගෙන යන්න ඕන. ඉවර වුනාම එතන ඉඳලා ආයෙත් ඒ විදිහටම ගනින්න ඕන. එතකොට ජන්ම නැකත් තුනක් සම්පත් නැකත් තුනක් විපත් නැකත් තුනක් විදිහට මේ නැකත් විසිහත බෙදෙනවා. ආධුනිකයාට මේක තේරුම් ගන්න අමාරු නිසා මම චාර්ට් එකක් දාන්නම්


මෙන්න මේ විදිහට ජන්ම නැකත තියන පේලියෙන් අදාළ නැකත තෝරාගෙන එයට සම්පත් ක්ෂේම සාධක මෛත්‍රී හා පරම මෛත්‍රී කියන කොටස් වලට අදාළ නැකතකින් අකුරක් තෝරා ගන්න එක තමයි නිවැරදිම ක්‍රමය. (ජන්ම නැකතට අදාළ අකුර තේරීම වරදක් නොවුනත් වඩාත් සුදුසු ඉහත ක්‍රමයට තෝරා ගැනීමයි)

හරි දැන් අපි දරුවට ගැලපෙන අකුරු තෝරාගත්තා. ඊළඟට කරන්නේ දරුවාගේ නම පියාටත් යහපත් වෙන විදිහට අකුරක් තෝරාගන්න එක. අපි එකට සිද්ධි චක්‍රය කියලා එකක් භාවිතා කරනවා.බොහෝ ජ්‍යෝතිර් වේදීන් පවා මේ පියවරට යන්නේ නැ. උපන් නැකත බලලා නැකත්පාදයට අදාළ අකුර දීලා නිකන් ඉන්නවා.  නමුත් කරන දේ හරියට කරන එකනේ හොඳ. එහෙනම් සිද්ධි චක්‍රය පාවිච්චි කරන විදිහ ඊළඟ ලිපියෙන් කතා කරමු.. එතකන් ජය ශ්‍රී



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, June 15, 2015

නම් තියන්නේ කොහොමද? 1


          අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම තමන්ට වාසනාව ගෙනෙන ආකාරයට සකස් කරගන්නත් පුලුවන්නම් ඒක ඉතාම වටිනා දෙයක්. කොහොම නමුත් බොහෝ ජ්‍යෝතිර් වේදීන් අතින් නාම කරණයේදී සුළු අඩුපාඩුවක් වෙනබව පෙනෙන්න තියෙනවා.. වරදක්මය කියලා කියන්නට බැරි වුනත් තාර්කිකව හිතලා බලද්දී ඒක අඩුපාඩුවක්ම තමයි. අපි ඒ ගැන පස්සට කතා කරන්න තියලා මුලින්ම නමක් තියන එකේ වැදගත්කම ගැන හිතලා බලමු.

පුද්ගලයෙක් ඉපදුනාට පස්සේ අපිට හිතාගන්න බැරිතරම් වාර ගානක් තමන්ගේ නම අන් අයගේ මුවින් තමන් වෙත පවසනවා අසන්නට ලැබෙනවා. ඉතින් මේ වචනයෙන් (නමෙන්) නිකුත් වෙන ශබ්දය අපිට හොඳට හෝ නරකට බලපාන්න පුළුවන්. ශබ්ධය කියන්නේ ශක්ති විශේෂයක්. අපි කාලයක් තිස්සේ යම් ශක්තියකට කිරනයකට නිරාවරණය වුනාම එකෙන් අපිට ශාරීරික හා මානසික වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් එක්කෙනෙක්ට හොඳ වෙන නමක් තව කෙනෙක්ට නරක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අපි එකින් එක්කෙනාගේ ශාරීරික හා මානසික තත්වයන් සමාන නොවීම. එහෙනම් පිටරටවල මිනිස්සු නම් දාන්නේ උපන් වෙලාවල් බලලා නෙමෙයි නේද? මේක ඔබේ ඊළඟ ප්‍රශ්නය වෙන්න ඕන. ඔව් එක ඇත්ත සාමාන්‍යයෙන් අපි අහඹු ලෙස තෝරාගන්නා අකුරක් තමන්ට අවැඩක් නොවෙන ගැලපෙන අකුරක් වෙන්න තුනෙන් දෙකක සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නේ අහඹු ලෙස ගන්නා අකුර ගැලපෙන්න 66% ක අවස්තාවක් තියනවා. නමුත් ජ්‍යෝතිෂයේදී අපි උත්සහ කරන්නේ අර අනිත් අවාසනාවන්ත 33% පුළුවන් තරම් අවම අගයකට ගන්න. 

ඔන්න එහෙනම් පාඩම පටන් ගමු.

මුලින්ම නමක් දාන්න කලින් ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි දරුවා ඉපදුන නැකත. ඒක ජන්ම පත්‍රයේ සටහන් වෙලා තියනවා අසවල් නැකති උපන්නේය කියලා. ඊළඟට දැනගන්න ඕන ඒ ඒ නැකතට අදාළ අකුරු. මම මෙතැනදී ඔයාලට ලබා දෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් විසින් ලබා දුන් අක්ෂර අනුපිලිවල. වසර ගණක පර්යේෂණ වලින් මට දකින්නට ලැබුන සාර්ථකම ක්‍රමයිමේ.



දැන් හරි ලේසියි උපන් නැකතට අදාළ අකුර තෝරාගන්නවා... එහෙම හිතුවනම් ඔබ වැරදියි. අකුරු තෝරාගන්නා විදිහ ඊළඟ දවසේ කියා දෙන්නම්. එතකන් ජය ශ්‍රී....



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

Friday, June 12, 2015

෴චක්‍ර යෝගය හා සමුද්‍ර යෝගය෴


චක්‍ර යෝගය
                  මෙම යෝගයද කල්‍යාණවර්මයන් විසින් රාජ යෝගයක් ලෙස හඳුන්වාදී ඇත. මෙම යෝගය ලද්දා ශාන්ත රජෙක් (නායකයෙක්) වන බව පෙන්වා දෙයි. 
එකක් හැර එකක් ලෙසින් පිහිටන ලෙස රාශි 6ක සියලුම ග්‍රහයන් තැම්පත් වීම චක්‍ර යෝගය වෙයි. මෙම යෝගයේ ලග්නයේ ග්‍රහයෙක් බලවත් ලෙස තැම්පත්ව සිටි නම් එවන්නා චක්‍රවර්ති රාජයෙක් බඳු වන බවද පැවසේ. (ග්‍රහ යෝග සම්භන්ධව සලකන කල රාහු හා කේතු නොසැලකේ)

මේ වනතුරු මට මෙම යෝගය සහිත හඳහනක් ලැබී නැති බැවින් උපකල්පනය කර උදාහරණයක් පෙන්වමි.



සමුද්‍ර යෝගය 
                 මෙම යෝගයද පෙර සේමය නමුත් වෙනස ලග්නයෙහි ග්‍රහයන් දෙදෙනෙක් බලවත්ව සිටීමයි මෙම යෝගය ඇති කෙනාද බලවත් නායකයෙක් වන බව කල්‍යාණවර්මයන් පවසයි.

උපකල්පිත උදාහරණයකි. 



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Saturday, June 6, 2015

පුෂ්කල යෝගය


                                    පුෂ්කල යෝගය සමහර පැරණි පොත් වල රාජ යෝගයක් ලෙසද සඳහන් වේ. කෙසේ නමුත් ඉතා යහපත් බලවත් යෝගයක් වන මෙය, යෝගය ඇති කෙනාව ප්‍රසිද්ධියට හා පිලි ගැනීමට පත් කරවන අතර එම ප්‍රසිද්ධිය හා පිලිගැනීම තමන් ගම රට වෙනුවෙන් කල සේවයක් නිසා ලබෙන දෙයක් වීමට බොහෝ විට ඉඩ කඩ ඇත. එමෙන්ම මෙම යෝගය ධනය ලැබීමටද යහපත් යෝගයක් වන අතර මෙම යොගය තිබෙන මාගේ සෙවාදායකයන් බොහෝමයක්දෙනා යහපත් ආර්ථික තත්වයක් ලබාගෙන සිටින අයය. එමෙන්ම මෙම යොගය සහිත අය කතා බහේදී බොහොම පරෙසමින් වචන භාවිතා කරන්නන්ය.

යෝගයේ පල ගැන දැනගත් ඔබ මේ යෝගය ඔබේ ජන්ම පත්‍රයේ හෝ ඔබේ සෙවාදායකයාගෙ ජන්ම පත්‍රයේ යෙදී තිබේදැයි පරික්ශා කිරීමට උත්සුක  වන බැවින් ඒ පිලිඹඳව මීලඟට කියමි. මෙම යෝගය සාර්ථකව යෙදීමට කරුනු 3ක් සම්පූර්න විය යුතුය.

01. ලග්නාධිපතියා හා චන්ද්‍රයා සංයෝග විය යුතුය
02. චන්ද්‍රයා සිටින රාශියේ අධිපතියා කෙන්ද්‍රස්ථානයක විය යුතුය
03. ලග්නයේ යහපත් බලයක් ලබා දෙමින් ග්‍රහයෙක් තැම්පත්ව සිටිය යුතුය.

මෙම යෝගය සැදීමට හවුල් වන ග්‍රහයන් මිත්‍ර, ස්වක්ෂෙත්‍ර හා උච්ච ලෙසින් බලයෙන් වැඩිවත්ම යෝගයේ සුභ පල දීමද වඩි වනු ඇත. මීට අමතරව ශ්‍රී කල්‍යාණවර්‍මයන් පවසන පරිදි ලග්නාදිපතියා හා චන්ද්‍රයා යම් රාශියක මුල් කොටසේ තැම්පත්වී නම් යොගය ප්‍රභල තාවයෙන් වැඩි අතර මැද කොටසේ තැම්පත් වීනම් යෝගයේ පල මධ්‍යම වශයෙන්ද අග කොටසේ නම් අඩු වශයෙන්ද යෙදෙන බවයි. සරාවලිය රචනයේදී ඔහු මෙය දක්වන්නේ මුල් කොටසේදී නම් රජෙක් වීමටද මැදනම් මණ්ඩලාධිපතියෙකු වීමටද අග නම් ග්‍රාමාධිපතියෙකු වීමටද වාසනාව ඇති බවයි.

මෙම යෝගය යෙදෙන ආකාරය උදාහරනයක් මගින් තවත් පැහැදිලි කර ගනිමු. 


ඉහත ජන්ම පත්‍රයේ ලග්නාධිපතියා කුජය ඔහු චන්ද්‍රයා සමග යෝගවී පුෂ්කල යෝගයේ පලමු අවශ්‍යතාව සපුරා ඇත. චන්ද්‍රයා සිටින්නේ මකර රාශියේය. එහි අධිපතියා වන්නේ සෙනසුරුය. ඔහු කේන්ද්‍රස්ථානයක් වන හත්වැන්නේ තැම්පත්වී ඇත. මේ අනුව යෝගය යෙදීමට දෙවන අවශ්‍යතාවයද සම්පූර්නය. ලග්නයේ ගුරු හා බුධ තැම්පත්ව සිටී. මේ අනුව අවශ්‍යතාවයන් තුනම සම්පූර්නව පුෂ්කල යෝගය සම්පූර්නව ඇත.

විශේෂයක්
කටක ලග්න හිමියන්ට ලග්නාදිපතියාද චන්ද්‍රයාම වන බැවින් පලමුවන අවශ්‍යතාවය අමුතුවෙන් සම්පූර්න කිරීමට අවශ්‍යතාවයක් නැත. දෙවන හා තුන්වන අවශ්‍යතාවයන් සම්පූර්න වීම පමනක් ප්‍රමානවත්ය. 


ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, May 27, 2015

යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය.




ඕම ගුරුවේ නමඃ

රාශිනම්උදයො ලග්නම් තද්වාසදේව ජන්මියනාම්
ග්‍රහයොග-වියොගාභ්‍යම් ඵලම් සින්ත්‍යම් සුභාසුභඃ

ලග්නස්ථුටයේ තත්වයත් ග්‍රහයන්ගේ එක්වීම හා වෙන්වීම මත(යෝග-වියෝග මත) ජන්මියාට ඇති කරන සුභාසුභ ප්‍රථිපල  කෙලෙසදැයි නිගමනය කල යුතුය. (පරාසර හොරා ශාස්ත්‍ර 3/vi) 

"මම හඳහන බලන්න ගිය වෙලේ මගේ හඳහනේ අර යෝගේ තියනවා මේ යෝගේ තියනවා කියලා නම් කිව්වා, එත් කිසි වැඩක් නැ මොක කරත් වෙන්නේ පාඩුවක්" මේ වගේ කතා ඕනෑ තරම් ඔබ අසා ඇතුවාට පුදුමයක් නැත. ඇත්තටම ජන්ම පත්‍රයේ සඳහන් සමහර යෝග පල නොදෙන්නේ ඇයි? මෙය පර්යේෂණ ජ්‍යෝතිෂයට එලඹෙන තුරු මටත් තිබුන ගැටලුවකි. නමුත් මීට වසරකට පමණ පෙර විදෙස් රටවල් ගණනාවක සිට පර්යේෂණයන් සිදු කරන ජ්‍යෝතිෂ පර්යේෂකයන් පිරිසක් හඳුනා ගැනීමත් සමග මේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු මට සොයාගැනීමට හැකි විය. අපගේ පර්යේෂණ සම්භන්ධ ලිපි ඉඩ ඇති ආකාරයෙන් ඔබ වෙත ගෙනෙන්නට බලා පොරොත්තු වෙමි.

ග්‍රහයන් දෙදෙනෙක්ගේ රැස් වළලු දෙකක් එකින් එක චෙදනය වෙනවනම් සරල ලෙස ග්‍රහ යෝගයක් ලෙස පොත පතේ සඳහන් වෙයි. එසේනම් වියෝගයක් යනු කුමක්දැයි අප සලකා බැලිය යුතුය. එම ග්‍රහයන් දෙදෙනා එකින් එකා හමු වන්නේ නැති නම් එක වෙන් වීමක් හෙවත් වියෝගයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස මෙසේ සිතමු. යම් කිසි කොටුවක ගුරු සහ චන්ද්‍රයා කියන ග්‍රහයෝ දෙන්නා සිටින අතර. ගුරු සිටින්නේ අංශක 10 ලෙස හිතමු. චන්ද්‍රයා සිටින්නේ අංශක 15 යයි හිතමු. චන්ද්‍රයා යනු ඉතා වේගවත් ග්‍රහයෙක් නමුත් ගුරු බොහෝ හෙමින් යන ග්‍රහයෙක් ඒ නිසා ගුරුට කවදාවත් චන්ද්‍රයාව අල්ලන්න ලැබෙන්නේ නැත. ඒ නිසා ඒය චන්ද්‍රයා ගුරුගෙන් අත්වන අතර එය  වියෝගයක් වෙයි. නමුත් අපි ග්‍රහයෝ දෙන්න මාරු වී සිටිනවා කිය හිතමු එසේනම් චන්ද්‍රයා ඉක්මනින්ම ගුරු ග්‍රහයව අල්ලා ගනී එසේ වීම් යෝගයක් වෙයි.  

මේ උදාහරණයේ පලවෙනි අවස්ථාවේ යෙදෙන ගජකේෂරි යෝගය (ගුරු චන්ද්‍ර එකට සිටීමෙන් ඇති වන යෝගය ගජකේෂරී යෝගයයි) එතරම් ප්‍රතිපල නොදුන්නත් දෙවැන්න යහපත් ලෙස ප්‍රතිපල දෙයි.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ කේන්ද්‍රය


මෙහි ගුරු සිටින්නේ චන්ද්‍රයාට වඩා අංශක දෙකකට වඩා ඉදිරියෙන් නිසා චන්ද්‍රයා හා ගුරු යෝග වී බලවත් ගජ කෙෂරී යෝගයක් යෙදී  ඇත. ගුරුට වඩා චන්ද්‍රයා වේගවත් බැවින් ඉදිරියේ සිටින ගුරු වෙත චන්ද්‍රයා පැමිණේ. ගජකේෂරී යෝගය ප්‍රසිද්දිය ලබා දෙයි. බුෂ්ගේ ප්‍රසිද්ධිය ගැන අමුතුවෙන් කතා කලයුතු නොවේ.

හිටපු ඒකාධිපතියෙක් වූ හිට්ලර්ගේ හඳහන



මෙම හඳහනේද ගජකේෂරී යෝගය බලවත්ව යෙදී ඇත. චන්ද්‍රයා ගුරුට වඩා අන්ශකයක් පමණ පිටුපසින් සිටියි. මොහුගේ ප්‍රසිද්ධිය ගැනද අමුතුවෙන් කිව යුතු නොවේ.

රොක් ගායක බොන්ජෝවීගේ ජන්ම පත්‍රය



ශනි මංගල යෝගය යනු විවාහ දෝෂයක් ලෙස බොහෝ දෙනා බියට පත්වන යෝගයකි. බොන්ජෝවිගේ ජනම පත්‍රයේද බැලු බැල්මට ශනි මංගල දෝෂයක් ඇත. නමුත් වඩාත් සැලකිලිමත්ව බැලුවොත් සෙනසුරුට වඩා ඉදිරියෙන් කුජ සිටින බව ඔබට පෙනෙනවා ඇත. කුජ හා සෙනසුරුගෙන් වේගවත් ග්‍රහයා කුජය ඒ අනුව පසුපසින් සිටින සෙනසුරුට කුජ වෙත ලන්වන්නට නොහැක. මේ නිසා මෙය යෝගයක් නොව වියෝගයකි. බෝන්ජෝවී 1989 ඩොරතා හර්ලි සමග විවාහ පත්වූ අතර දරුවන් හතර දෙනෙකුගේ ආදරණිය පියෙකි. 

දැන් ඔබට යෝග හා වියෝග පිළිබඳව අදහසක් ගන්නට ඇති සිතමි. තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු.



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යෝතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166