Showing posts with label මූලික ජෝතිශ්‍යය නීති. Show all posts
Showing posts with label මූලික ජෝතිශ්‍යය නීති. Show all posts

Saturday, October 24, 2015

ගජ-කේෂරී යෝගය


ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ


තරමක් සුලභ යෝගයක් ලෙස පෙනෙන්නට තිබේ (සත්‍ය වශයෙන්ම එය එසේදැයි මෙය කියවීමෙන් පසුව තීරණය කිරීම පාඨකයා සතුය) මේ යෝගය ඇති පුද්ගලයා ධනවත්, ප්‍රසිද්ධ, යානවාහන ඇති රජුන්ගේන්  ලැබීම ඇති පුද්ගලයෙක් වන බව මේ යෝගය පිළිබඳව සඳහන් වන සැම තැනකම සඳහන් වේ. කෙසේ නමුත් මේ යෝගය ඇතැයි පැවසෙන 90%ක් පමණ දෙනා නම් පවසන්නේ මෙම යෝගය තමන්ට කිසි ප්‍රතිපලයක් ලබා දි නැති බවය.


යෝගය යෙදීම.

ජන්ම පත්‍රයේ චන්ද්‍රයා තම්පත්වී සිටින තැනින් කේන්ද්‍ර ගතව (1,4,7,10) ගුරු ග්‍රහයා තැම්පත්විම ගජ කෙශරී යෝගය ලෙස සරලව දක්වා ඇත. නමුත් ඉහත සඳහන් කල ප්‍රතිපල ලැබීමට නම් මෙම පිහිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. පරාසරයෙහි සඳහන් සැම යෝගයක්ම එහි සඳහන්ව ඇති ප්‍රථිපලය ලබා දීමට නම් එම යෝගයට සම්භන්ධ වන ග්‍රහයන් බලවත්ව සුභ ස්ථාන වල සිටිය යුතුය. එසේ නොමැතිනම් ප්‍රතිපලයෙන් අඩක් හෝ විටක ඊටත් අඩු තත්වයකින් පල දෙනු ඇත.
මෙම යෝගය ජන්ම පත්‍රයේ කේන්ද්‍ර ස්ථාන මුලික කරගෙන යෙදීම ඉතා සුබ අතර යම් හෙයකින් මෙම යෝගය ත්‍රික ස්ථානයක් සම්භන්ධ කරගෙන (හඳහනේ 6,8,12 යන ස්ථාන) යෙදී තිබුණහොත් යෝගය දුර්වල වේ.
එමෙන්ම යෝගයට සම්භන්ධ වන ගුරු හා සඳු නිචව සතුරු ස්ථාන ගතව තැම්පත්විම යෝගයේ පල හානි කරවන අතර ග්‍රහයන් උච්චව හෝ ස්වක්ෂේස්ත්‍රව සිටීම යෝගය ශක්තිමත් කිරීමට හේතුවේ.
මිට අමතරව යම් හෙයකින් මෙම යෝගය සකසන ගුරු හෝ චන්ද්‍රයාට ජන්ම පත්‍රයේ සිටින පාපී ග්‍රහයන් සියල්ලන්ගෙන්ම හෝ වැඩි ප්‍රමාණයකින් දෘෂ්ටි ලැබේනම් මෙම යෝගය දුර්වලව ප්‍රතිපල හානි කරයි.

උදාහරණයක් ලෙස අපි සුප්‍රසිද්ධ නිළි මාධුරි ඩික්සිත් ගේ ජන්ම පත්‍රයේ ඇති ගජ කේෂරී යෝගය පරික්ෂා කරමු.

1967/05/15 සවස 06:15 ට ඉන්දියාවේ මුම්බායි හීදී.


තුලා ලග්නයෙන් උපන් මාධුරි ගේ ජන්ම පත්‍රයේ දසවැන්නේ ගුරු ග්‍රහයා සහ චන්ද්‍රයා එක්ව තැම්පත් වෙමින් ගජකේෂරී යෝගයක් සකස් වී ඇත. කේන්ද්‍රස්ථානයක යෙදී ඇති බැවින් මෙම යෝගය බලවත්ය. මෙම ජන්ම පත්‍රයේ දසවැන්න වන්නේ කටක රාශියයි. මෙහිදී ගුරු ග්‍රහයා උච්ච වන අතර චන්ද්‍රයා ස්වක්ශේත්‍ර වේ. මෙයද යෝගය යහපත් ලෙස පල දීමට අත්‍යාවශ්‍ය තත්වයකි. මිට අමතරව මෙම ග්‍රහයන් දෙදෙනාට පාපග්‍රහයන් වැඩි දෙනෙක්ගේ දෘෂ්ටි යොමු වෙන්නේ නැත. මෙයත් සුභ තත්වයකි. මේ අනුව මාධුරි ගේ ජන්ම පත්‍රයේ ගජ කේෂරී යෝගය යහපත් ලෙස යෙදී ඇති බව පෙනෙන්නට ඇති අතර යෝගයෙන් කියවෙන සියලු පල ඇය වෙත ලැබී ඇති බවත් පෙනෙන්නට තිබේ.


යෝගය පල දෙන කාලය

යෝගයක් සැම අවස්ථාවේම පල දෙන්නේ නැත. පල දීමට නම් එම යෝගයට සම්භන්ධ  ග්‍රහයන්ගේ මහා දසා කාලයක් හෝ අන්තර් දසා කාලයක් ගත විය යුතුය. මෙහිදී චන්ද්‍රයා ගේ සහ ගුරු ගේ මහා දසා අන්තර් දසා කාල වල පල ලබා දෙයි.  දසා කාලයකදී වුවත් ග්‍රහයා ගෝචර ගමනෙන් දුර්වල ස්ථානයක වේනම් හෝ අෂ්ටක වර්ග අගය තුලින් දුර්වල තත්වයක වේනම් ප්‍රතිපල ලබාදීම අවම වේ. යම් හෙයකින් ග්‍රහයා වෘද්ධ අවස්ථාවේ සිටිනම් ප්‍රතිපල දීම පමා වන අතර ජිවිතයේ මුල් භාගයේ ගතවන දසා කාල වල මෙම යෝගය ප්‍රතිපල ලබා නොදීමට ඉඩ ඇත.

වෝල්ට් ඩිස්නි ගේ හඳහන.
1901/12/05 චිකාගෝ ඉලිනොයිස් (ඇමෙරිකාව) හිදී. පාන්දර 00:35



අප කවුරුත් හඳුනන මිකී මවුස් නිර්මාණය කල වෝල්ට් ඩිස්නිගේ ජන්මපත්‍රයේ ද ගුරු බලවත්ව ජෙන්ද්‍රස්තානයක තැම්පත් වෙමින් ගජකේෂරී යෝගය සකස්වී ඇති නමුත් ගුරු ග්‍රහයා තැම්පත්ව ඇත්තේ ධනු රාශියේ අංශක 22 කළා 55ය. මේ අනුව ග්‍රහයා වෘද්ධ තත්වයේ පසුවන අතර ජිවිතයේ මුල් කාලයේ පැමිණෙන ගුරු ගේ දසා කාලවල මෙම යෝගය පල නොදේ. බොහෝ විට පලදීම ගුරුගේ නෛසර්ගික වයස පසු වූ පසුවය. කෙසේ නමුත් චන්ද්‍රයා අංශක 16 තැම්පත් වෙමින් තරුණ අවධියේ පසුවන අතර චන්ද්‍රයාට පල දීම සම්භන්ධව ගැටළුවක් නැත.
වෝල්ට් ඩිස්නි චන්ද්‍රයාගේ බලපෑම මත රාහුගේ චන්ද්‍ර අන්තර් දසා කාලයේ සුළු වශයෙන් සාර්ථක වුවත් (යෝගයේ බලවත්ම ග්‍රහයා චන්ද්‍රයා නොවේ) ගුරු මහා දසාව අවුරුදු 30න් ආරම්බ වූ අතර ගුරුගේ නෛසර්ගික වයස වන අවුරුදු 35න් පසුව ඉතාම ජනප්‍රිය විය.  


ග්‍රහ යෝගයක් තිබු පමණින් ප්‍රතිපල නොලැබෙන බවත් මෙවැනි සුභ පල සහිත යෝගයක් ඇත්ත වශයෙන්ම දුර්ලභ දෙයක් බවත් දැන් පාඨකයාට වැටහෙනු ඇත. මෙහිදී ජ්‍යෝතිර්වේදීන් සතුවද වගකීමක් ඇත එනම් යෝගයක් යාන්තමින් යෙදුන පමණින් අසවල් දේ සිදුවේය කියා කීමට වඩා ඇත්ත ඇතිසැටියෙන් විස්තර කර කීමය. බොහෝ ජ්‍යෝතිර්වේදීන් තම සේවා දායකයාගේ සිත සතුටු කිරීමට යෝග හා හේතු හද හදා කියන නමුත් ඉන් ශාස්ත්‍රයට සිදුවන හානිය පිළිබඳව හා සේවාදායකයාට සිදුවන හානිය පිළිබඳව නොසිතිම කනගාටුවට කරුණකි.

මෙම ලිපියේ අපැහැදිලි තැන් වේ නම් ඔබට ගැටළු සහිත තැන වේනම්. අපව සම්භන්ධ කරගෙන එම ගැටලුව විසඳා ගැනීමට පසුබට නොවන්න. ඔබගේ අදහස් හා යෝජනාද ඉතා අගය කර සලකමු.


ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂණායතනය
මාලබේ
0755004166 

Monday, August 24, 2015

භාව කාරක හා මරණ කාරක



භාව කාරක

යම් ග්‍රහයෙක් වෙතින් නිවේදනය වන කරුණු මගින් යම් භාවයක නිවෙදකත්වය පෝෂණය වේ නම් එම ග්‍රහයා විසින් එම භාවයේ කාරකත්වය දරන බව සරලව පෙන්වා දිය හැක. මෙය මෙසේ පැහැදිලි කර ගත හැක.

ලග්නයෙන් තමා ගැන කියවෙන අතර මමත්වය හෙවත් ආත්මය නිවේදනය වන නෛසර්ගික ආත්ම කාරකයා වන රවි ලග්නය සඳහා කාරක වෙයි. දෙවැන්නෙන් ඉතුරුම් ධනය ගැන මූලිකව නිවේදනය වන අතර භාන්ඩාගාරය වාසස්ථානය කරගෙන සිටින සෞභාග්‍යමත් ගුරු ග‍්‍රහයා ධනස්ථානයට කාරක ග‍්‍රහයා වෙයි. තුන්වැන්නෙන් වික‍්‍රමය එඩිතර බව කියවෙන අතර ග‍්‍රහ දෙව්ලොව සෙන්පතියා වන කුජ තරම් මෙම භාවයට කාරක වීමට සුදුස්සෙක් නැති බව ඔබට වැටගෙනවා ඇත. හතර වැන්න වන මාතෘ ස්ථානයට ග‍්‍රහයන්ගේ මව වන චන්ද‍්‍රයා කාරක වන අතර හතර වැන්නෙන්ම කියවෙන වාහන සඳහා සිකුරු කාරක වේ (හතර වැන්නට චන්ද‍්‍රයා පමනක් කාරක වේ යැයි මතයක්ද ඇත.)පස්වැනි භාවයට පුත‍්‍ර කාරක හා ඥාන කාරක වන ගුරු කාරක වන අතර හයවැන්න වන රොග හා සතුරු ස්ථානයට සෙනසුරු හා කුජ කාරක වේ. විවාහය ගැන නිවේදනය වන හත්වැන්නට අප බලාපොරොත්තු වන ලෙසම සිකුරු කාරක වන අතර, තවත් තැනක මෙවැනි මතයක් ඇත එනම් පුරුශයන් සඳහා හත්වැන්නට සිකුරු කාරක වන අතර ස්ත‍්‍රීන් සඳහා හත්වැන්නට ගුරු කාරක වන බවයි. මෙම මතය කොතරම් නිවැරදිදැයි පර්යෙෂන මගින් අවබෝධ කරගැනීම පාඨකයාට බාර කරමි. කෙසේ වෙතත් මා පුද්ගලිකව පිලිගන්න ක‍්‍රමය නම් මුලින් සඳහන් කල ක‍්‍රමයයි.

අටවැන්නෙන් නිවේදනය වන්නේ මරණය හා දුක් සහිත දේවල්ය මේ භාවයට දුකට අධිපති සෙනසුරු කාරක වේ. නම වැන්නෙන් ධර්මය හා ධාර්මික පුද්ගලයන් උගතුන් නිවේදනය වන අතර මෙම භාවයටද එම තත්වය පෙන්වන ගුරු කාරක වේ. දසවැනට කාරක ග‍්‍රහයන් කිහිප දෙනෙක්ම සිටී. යමෙක්ට වෘතියෙන් සමාජ තත්වයෙන් ඉහක යාමට නම් ප‍්‍රඥාව ඉවසීම ක‍්‍රියාශිලීත්වය අභියෝග ජය ගැනීම වැනි බොහෝ දේ අවශ්‍ය වේ. මෙ නිසා මෙම භාවයට රවි, ගුරු, බුධ, හා සෙනසුරු කාරක වන්නේ මෙ සියලූ ගුණ මෙම ග‍්‍රහ සංකලනයෙන් ලැබෙන නිසාය. එකොලොස් වැන්නෙන් කියවෙන ලැබිම් නැවත නිවෙදනය වන්නේ ගුරු ග‍්‍රහයාගෙනි. දොලොස් වැන්නෙන් කියවෙන මෝක්ෂය ලබීමට නම් දරාගැනීම අත්‍යාවශ්‍යය එමෙන්ම ලෞකික සැපයෙන් ඇත්වීම අත්‍යාවශ්‍යය. එමෙන්ම දොලොස් වැන්නෙන් නැති වීම කියවෙයි. මේ නිසා මෙම භාවයට දුකට කාරක වෙන සෙනසුරු කාරක වෙයි.


මරණ කාරක

ඒ ඒ භාවයන්ට අදාලව ග‍්‍රහයන් කාරක වන අතර ඒ තමාට ප‍්‍රථිපල දීමට වැඩි හැකියාවක් ඇති ස්ථානයන් බව පෙනේ. මේ ලෙසම ග‍්‍රහයන්ට තමා සිටින භාවයේ ප‍්‍රථිපල හෝ තමා කාරක වන භාවයේ ප‍්‍රථිපල හෝ දී ගත නොහැකි වන භාවයන් තිබෙන අතර එම භාවයන් සඳහා එම ග‍්‍රහයන් මරණ කාරක වේ එම භාවයන් තුල තැම්පත් වීමෙන් ග්‍රහයා මිය ගියා සේ හැඳින්වීමේ වරදක් නොවන්නේ මේ මගින් ග්‍රහයා භාවයට අදාල ප‍්‍රතිපල විනාශ කරගන්නා අතර තමාගේ පලදීමේ හැකියාවද විනාශ කරගන්නා නිසාය. 
උදාහරනයක් ලෙස කුජ හය වැන්නට කාරක වන අතර හය වැන්නෙන් බ‍්‍රහ්මචාරිත්වය නිවේදනය වේ (හත්වැන්නෙන් දොළොස් වැන්න නිසා). යම් හෙයකින් කුජ හත් වැන්නේ තැම්පත් වුවහොත් බ‍්‍රහ්ම චර්යාව මෙන්ම එය බිඳීමද කුජ වෙත පැවරෙන අතර තමා කුමන කාරකත්වයක් නියොජනය කල යුතු දැයි තීරනය කර ගත නොහැකිව කුජ භාව දෙකේම නිවේදනයන් විනාශ කරන්නට ඉඩ තිබේ. කුජ හත්වැන්නේ සිටින්නන්ට කුජගේ නෛසර්ගික වයස අවසන් වනතුරු බ‍්‍රහ්මචාරීව සිටීමෙන් කුජ දෝෂය අවම වේ කියා කියන්නෙ මේ නිසාය.


තවත් උදාහරණයක් ලෙස රවි ග්‍රහයා නෛසර්ගික ආත්ම කාරයකයා වන අතර ක්ෂය වීම සම්භාන්ධන නිවේදනය වන දොළොස්වන භාවයේදි තමාගේ නෛසර්ගික කාරකත්වයට විරුද්ධ කාරකත්වයක් දැරීමට සිදුවීම නිසා මරණ කාරකතත්වයට පත්වේ. පහත දැක්වෙන්නේ ඒ ඒ ග්‍රහයන් මරණ කාරක වන භාවයන්ය.



ග‍්‍රහයා මරණ කාරක භාවය

රවි            12 භාවය
සඳු            08 භාවය
කුජ           07 භාවය
බුධ           04 හා 07 භාව
ගුරු           03 භාවය
සිකුරු        06 භාවය
සෙනසුරු  01 භාවය
රාහු        09 භාවය

මේ ලෙස යම් ග්‍රහයෙක් මරණ කාරක ස්ථානයේ තැම්පත් වී ඇතිනම් ඊට අදාළ ප්‍රතිකර්ම හා පුද පුජා ක්‍රම වේදීය ජ්‍යෝතිෂය තුල සඳහන්ව ඇති අතර මීළඟ ලිපියෙන් අප ඒ පිළිබඳව සාකච්චා කරමු.


ගුප්ත විද්‍යා සහ ජ්‍යොතිෂ පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, June 28, 2015

රවී ග්‍රහයා ලග්නයේ තැම්පත් වීම

   
                       රවි ග්‍රහයා යනු ජීවයේ නිර්මාපකයාය සුර්යාලෝකයෙන් තොරව ජීවයක් නැත. වෛදික ජ්‍යෝතිෂයේද රවි ඉතාම වැදගත් ග්‍රහයෙකි. රවී ග්‍රහයා ලග්නයෙහි පිහිටි අය ගැනයි මේ වීඩියෝව.




ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂ වේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Saturday, June 20, 2015

නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)


           නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ.  අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක.

ඉස්සෙල්ලාම අපි මේ ගණ මොනවද කියලා බලලා ඉඳිමු.

ගණ යන වචනයෙහි අර්ථය සමුහයක් යන්නය. එනම් මාත්‍රා සමුහයක් ගණ ලෙසින් හැඳින්විය හැක. මාත්‍රාවක් යනු ඇසිල්ලක කාලයක් (ඇසිපිය හෙලන කාලය) ඇතිවන ශබ්ධයයි මෙම ශබ්ධය ඇති කරවන අක්ෂර ලඝු කියා හඳුන්වයි ඊට වඩා වැඩි කාලයක් ශබ්ධය ඇති කරවන අක්ෂර ගුරු නමින් හැඳින්වේ.

උදා :

ලඝු අක්ෂර : ස, සැ, පි, පු, ල, ළ, ඝ, ධ අ,උ, ඔ

ගුරු අක්ෂර: සා, සෑ, පී, පූ, අං, අඃ, ආ, ඌ, ඕ

ලඝු අක්ෂර "—" තිරස් රේඛාවකිනුත් ගුරු අක්ෂර වක්‍ර රේඛාවකිනුත් "U" ඇඳ පෙන්වයි. මිට අමතරව යම් ලඝු අක්ෂරයකට පසුව හල් අකුරක් තිබේ නම් එම හල් අකුර හා ඊට පෙර ලඝු අකුර යන දෙකම එක්කර ගුරු අකුරක් සේ සලකයි.

උදා:
01. සමන් 
     
         ස = ලඝු    ම+න්  = ගුරු    —  U

02. අනුහස්
        
        අ = ලඝු     නු = ලඝු      හ+ස් = ගුරු      —  —  U


අපි දැන් බලමු ගණ වර්ග ගැන.



ඉහත දක්වා ඇත්තේ ගණ වල පොදු රීතියයි. නමුත් දරුවෙකුට නම් තැබීමේදී දරුවා උපන් ලග්නයට අනුවද ගණ වල වර්ග කිරීමක් ඇති බැවින් මෙම ක්‍රම දෙකටම ගලපා දරුවාට නම තබන ගණය තේරීම වඩා සුදුසුය. ලග්න වලට අදාළ ගණ වර්ග කිරීම පහත පරිදිය

භුමි, චන්ද්‍ර, වායු, සුර්ය යන ගණ හතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න වලින් උපන්නන්ට සුදුසුය
ජාල , සුර්ය, ආකාෂ, ගිනි යන ගණ හතර මේෂ, කටක, තුලා, මකර, යන ලග්න වලින් උපන්නුන්ට සුදුසුය
චන්ද්‍ර, භුමි, ආකාෂ, ගිනි යන ගණ හතර මිථුන, කන්‍යා, ධනු, මින යන ලග්න වලින් උපනුන්ට සුදුසුය.

මේ ආකාරයෙන් නිවැරදි ගැන පිහිටිමක්ද නිවැරදි අක්ෂර තෝරා ගැනීමක්ද සහිතව වාසනාවන්ත නමක් තැබීමට අවශ්‍ය මුලික දැනුම දැන් ඔබ සතුව තිබෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙතනින් නොනැවතී තවත් මේ පිලිඹඳව තවත් පරීක්ෂණ කරමින් ඔබේ දැනුම වර්ධනය කරගන්නා ලෙසයි.



ප:ලි:
නාම කරණයේදී අපාය අක්ෂර, දේව අක්ෂර හා මනුෂ්‍ය අක්ෂර පිළිබඳව සැලකිලිමත වීමද වටි 

දිව්‍ය අක්‌ෂර: ස - ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව

මනුෂ්‍ය අක්‌ෂර: උ-ප-බ-ග-හ

අපායක්‌ෂර: 
අ-එ-ක-ය-ම-ර-ජ-ණ-න-ළ-අං

අපාය අක්ෂරයකින් නම පටන් ගනී නම් ගණ ගැලපීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටියි.. 



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, June 17, 2015

නම් තියන්නේ කොහොමද? 3

    ඔන්න අපි පලවෙනි ලිපි දෙකෙන් දරුවට නමක් තියන්න අකුරක් තෝරාගන්න අවශ්‍ය මුලික දේවල් ගැන කතා කළා. ඒ ටික බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න 1 ලිපිය . 2 ලිපිය. අද අපිට කතා කරන්න තියෙන්නේ අපි ඒ තෝරාගත් අකුර දරුවාගේ පියාට බලපාන්නේ කොහොමද කියලා.



මම ඊයේ කිව්වනේ මේක බොහෝ ජ්‍යොතිර්වේදීන් පවා අවතීර්ණ නොවෙන පියවරක්. නමුත් අපි වැඩේ හරියටම කරමු. අපි මේකෙදි පාවිච්චි කරන්නේ සිද්ධි චක්‍රය කියලා එකක්. මේ පහතින් තියෙන්නේ අන්න ඒක.


                 දැන් අපි බලමු මේක භාවිතා කරන විදිහ අපි හිතමුකෝ අපි දරුවට තෝරගත්ත අකුර "න"යන්න කියලා තාත්තගේ නම පද්මසිරි කියලත් දැන් අපි ඉස්සෙල්ලම හොයාගන්නවා තාත්තගේ නම පටන් ගන්න කොටුව ඔයාලට පේනවනේ "ප"යන්න තියෙන්නේ පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ අපි දැන් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට ප්‍රධාන කොටස් ගැනගෙන යනවා සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා . එතකොට අපිට පේනවා නයන්න තියන්නේ 04වෙනි එහෙමත් නැත්තන් අරි කියන ප්‍රධාන කොටුවේ.

              ඊළඟට මේ හතරවන කොටුවේ "ප" යන්න තියන කොටුවට සමාන කොටුව තෝරාගන්නවා "ප"යන්න තියෙන්නේ  පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ නිසා අපි ගන්නවා හතරවෙනි කොටසේ දෙවෙනි කොටුව. එතන ඉඳලත් අර ඉස්සෙල්ලා වගේ සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා ගැනගෙන යන්න. එතකොටත් එන්නේ අරි කියන එකමයි දැන් පහත ප්‍රතිපල අනුව අකුර ගැලපෙනවද බලන්න.

සිද්ධ-සිද්ධ    : සුබයි කීකරුයි
සිද්ධ-සාධ්‍ය   : කීකරු කරගැනීමට මඳක් උත්සහ කල යුතුයි.
සිද්ධ-සුසිද්ධ : ඉතා සුබයි ඉතා කීකරුයි
සිද්ධ-අරි       : නෑයන්ට සතුරුකම් කරයි

සාධ්‍ය-සිද්ධ    : උත්සාහයෙන් කීකරු කරගත හැක
සාධ්‍ය-සාධ්‍ය   : කිසිසේත් නොහික්මෙයි
සාධ්‍ය-සුසිද්ධ : කීකරු කරගැනීමට මහන්සි විය යුතුය
සාධ්‍ය-අරි       : මව්පියන් සහෝදරයන් සමග සතුරු වේ

සුසිද්ධ-සිද්ධ   : ඉක්මනින් කිකරුවේ
සුසිද්ධ-සාධ්‍ය  : කීකරු කරගැනීමට ආයාසයක් ගත යුතුය
සුසිද්ධ-සුසිද්ධ : ඉක්මනින් කිකරුවේ
සුසිද්ධ-අරි      : පවුලේ විනාශය ඇති කරයි

අරි-සිද්ධ        : පුත්‍ර විනාශය කරයි
අරි-සාධ්‍ය       : සහෝදරියන්ට දියණියන්ට විනාශය ගෙනෙයි
අරි-සුසිද්ධ     : භාර්‍යා විනාශය ඇති කරයි
අරි-අරි           : මාපියන්ගේ විනාශය ඇති කරයි.

අපි තවත් උදාහරණයක් බලමු.

පියාගේ නම ආරියපාල දරුවට නම තියන්න "ල" අකුර සුබද කියලා බලමු.
පියාගේ නමේ මුල් අකුර තියන ප්‍රධාන කොටුව 02වැන්න "ල"යන්න තියෙන්නේ 04 වැන්නේ. ගැනගෙන යනකොට "ල"යන්න තියෙන්නේ  සුසිද්ධ කියන කොටුවේ. කුඩා කොටු වල පළමු වැන්නේ "ආ" අකුර තියෙන්නේ "ල"යන්න තියන්නේ තුන්වන්නේ නැවතත් ගැනගෙන යනකොට සුසිද්ධ කියන තැන නතර වෙනවා. ඒ අනුව ප්‍රතිපලය සුසිද්ධ සුසිද්ධ. ඒ අනුව ල අකුරෙන් දරුවාට නමක් දැමීම ඉතා සුභයි. මෙහිදී "ල"යන්නේ සියලු ප්‍රබේධ (ල, ලා, ලෑ, ලැ, ලෙ, ලේ.. ආකාරයෙන්) සුභය

අකුර තෝරගත්ත අපි මීළඟට දරුවාට ගැලපෙන ඝන පිහිටන විදිහට නම සකස් කරගන්න ඕන.. එක ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.. එතෙක් ජය ශ්‍රී.......



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Tuesday, June 16, 2015

නම් තියන්නේ කොහොමද? 2


ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නකෝ. ඉතින් අපි ඊයේ ඒ ඒ නැකත් වලට අදාළ අකුරු මොනවද කියලා හොයාගත්තනේ දැන් බලන්න ඕන ගැලපෙන අකුර තෝරාගන්න විදිහ. ඒක කරන්නේ මෙහෙමයි.


ඕනෑම නැකතක් ගත්තම ඒ නැකතට සුභ හා අසුභ නැකත් තියනවා. ඒ අසුභ නැකත් මග ඇරලා සුභ නැකතකට අදාළ අකුර තෝරාගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි අපි උපන්න නැකත ජන්ම නැකත කියලනේ හඳුන්වන්නේ එකන ඉඳලා ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්යාරි, සාධක, වධ, මෛත්‍රී, පරම මෛත්‍රී කියලා ගැනගෙන යන්න ඕන. ඉවර වුනාම එතන ඉඳලා ආයෙත් ඒ විදිහටම ගනින්න ඕන. එතකොට ජන්ම නැකත් තුනක් සම්පත් නැකත් තුනක් විපත් නැකත් තුනක් විදිහට මේ නැකත් විසිහත බෙදෙනවා. ආධුනිකයාට මේක තේරුම් ගන්න අමාරු නිසා මම චාර්ට් එකක් දාන්නම්


මෙන්න මේ විදිහට ජන්ම නැකත තියන පේලියෙන් අදාළ නැකත තෝරාගෙන එයට සම්පත් ක්ෂේම සාධක මෛත්‍රී හා පරම මෛත්‍රී කියන කොටස් වලට අදාළ නැකතකින් අකුරක් තෝරා ගන්න එක තමයි නිවැරදිම ක්‍රමය. (ජන්ම නැකතට අදාළ අකුර තේරීම වරදක් නොවුනත් වඩාත් සුදුසු ඉහත ක්‍රමයට තෝරා ගැනීමයි)

හරි දැන් අපි දරුවට ගැලපෙන අකුරු තෝරාගත්තා. ඊළඟට කරන්නේ දරුවාගේ නම පියාටත් යහපත් වෙන විදිහට අකුරක් තෝරාගන්න එක. අපි එකට සිද්ධි චක්‍රය කියලා එකක් භාවිතා කරනවා.බොහෝ ජ්‍යෝතිර් වේදීන් පවා මේ පියවරට යන්නේ නැ. උපන් නැකත බලලා නැකත්පාදයට අදාළ අකුර දීලා නිකන් ඉන්නවා.  නමුත් කරන දේ හරියට කරන එකනේ හොඳ. එහෙනම් සිද්ධි චක්‍රය පාවිච්චි කරන විදිහ ඊළඟ ලිපියෙන් කතා කරමු.. එතකන් ජය ශ්‍රී



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, June 15, 2015

නම් තියන්නේ කොහොමද? 1


          අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම තමන්ට වාසනාව ගෙනෙන ආකාරයට සකස් කරගන්නත් පුලුවන්නම් ඒක ඉතාම වටිනා දෙයක්. කොහොම නමුත් බොහෝ ජ්‍යෝතිර් වේදීන් අතින් නාම කරණයේදී සුළු අඩුපාඩුවක් වෙනබව පෙනෙන්න තියෙනවා.. වරදක්මය කියලා කියන්නට බැරි වුනත් තාර්කිකව හිතලා බලද්දී ඒක අඩුපාඩුවක්ම තමයි. අපි ඒ ගැන පස්සට කතා කරන්න තියලා මුලින්ම නමක් තියන එකේ වැදගත්කම ගැන හිතලා බලමු.

පුද්ගලයෙක් ඉපදුනාට පස්සේ අපිට හිතාගන්න බැරිතරම් වාර ගානක් තමන්ගේ නම අන් අයගේ මුවින් තමන් වෙත පවසනවා අසන්නට ලැබෙනවා. ඉතින් මේ වචනයෙන් (නමෙන්) නිකුත් වෙන ශබ්දය අපිට හොඳට හෝ නරකට බලපාන්න පුළුවන්. ශබ්ධය කියන්නේ ශක්ති විශේෂයක්. අපි කාලයක් තිස්සේ යම් ශක්තියකට කිරනයකට නිරාවරණය වුනාම එකෙන් අපිට ශාරීරික හා මානසික වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් එක්කෙනෙක්ට හොඳ වෙන නමක් තව කෙනෙක්ට නරක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අපි එකින් එක්කෙනාගේ ශාරීරික හා මානසික තත්වයන් සමාන නොවීම. එහෙනම් පිටරටවල මිනිස්සු නම් දාන්නේ උපන් වෙලාවල් බලලා නෙමෙයි නේද? මේක ඔබේ ඊළඟ ප්‍රශ්නය වෙන්න ඕන. ඔව් එක ඇත්ත සාමාන්‍යයෙන් අපි අහඹු ලෙස තෝරාගන්නා අකුරක් තමන්ට අවැඩක් නොවෙන ගැලපෙන අකුරක් වෙන්න තුනෙන් දෙකක සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නේ අහඹු ලෙස ගන්නා අකුර ගැලපෙන්න 66% ක අවස්තාවක් තියනවා. නමුත් ජ්‍යෝතිෂයේදී අපි උත්සහ කරන්නේ අර අනිත් අවාසනාවන්ත 33% පුළුවන් තරම් අවම අගයකට ගන්න. 

ඔන්න එහෙනම් පාඩම පටන් ගමු.

මුලින්ම නමක් දාන්න කලින් ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි දරුවා ඉපදුන නැකත. ඒක ජන්ම පත්‍රයේ සටහන් වෙලා තියනවා අසවල් නැකති උපන්නේය කියලා. ඊළඟට දැනගන්න ඕන ඒ ඒ නැකතට අදාළ අකුරු. මම මෙතැනදී ඔයාලට ලබා දෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් විසින් ලබා දුන් අක්ෂර අනුපිලිවල. වසර ගණක පර්යේෂණ වලින් මට දකින්නට ලැබුන සාර්ථකම ක්‍රමයිමේ.



දැන් හරි ලේසියි උපන් නැකතට අදාළ අකුර තෝරාගන්නවා... එහෙම හිතුවනම් ඔබ වැරදියි. අකුරු තෝරාගන්නා විදිහ ඊළඟ දවසේ කියා දෙන්නම්. එතකන් ජය ශ්‍රී....



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

Friday, March 13, 2015

7 වෙනි කොටුවේ සිට 12 වෙනි කොටුව දක්වා

ඔන්න ඉතුරු වීඩියෝ සියල්ලම එක වරම දානවා.(7 වන භාවයේ සිට 12 වන භාවය දක්වා)

7වන භාවය



8වන භාවය



9වන භාවය


10 වන භාවය



11  වන භාවය



12 වන භාවය






Saturday, February 7, 2015

රෝගස්ථානය

ඔන්න අපිව ලෙඩකරවන අපේ ලෙඩ ගැන කල් තියාන අදහසක් ගන්න පුලුවන් තැන.. හඳහනේ 6වෙනි කොටුව.


ඔන්න එහෙනම් බලලා ගුන අගුනත් කියන්න..

හඳහනේ 5වෙනි කොටුව

හඳහනක බොහොම වැදගත් තැනක් තමයි මේ පස් වැන්නට හිමිවෙන්නේ පුත්‍රස්ථානය කියලත් කියනවා. ත්‍රිකෝනස්ථානයක් නිසා බොහොම වැදගත් තැනක් හිමිවෙනවා මේ 5වෙනි භාවයට.


ඔන්න එහෙනම් බලලා ගුන අගුන කියන්න..

Thursday, January 15, 2015

4 වෙනි කොටුව

ඔන්න එහෙනම් අද අපි 4 වෙනි කොටුව ගැන කථා කරමු....



ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Tuesday, January 13, 2015

වික්‍රමස්ථානය හෙවත් 3වැන්න (වීඩියෝ සහිතයි)

ඔන්න පොරොන්දු වුන විදිහටම තුන් වැන්න හෙවත් වික්‍රමස්ථානය ගැන වීඩියෝවත් ලෑස්ති කලා. ඊලඟට හතරවැන්න වැන්න ගැන වීඩියෝව එක්ක හමුවෙමු.





ධනුෂ්ක අබේරත්න
0755 004 166

Sunday, January 11, 2015

දෙවෙනි කොටුව

ඔන්න කලින් වීඩියෝ එකේ ලග්නය ගැන කථා කලා. දැන් දෙවැන්න ගැනයි කථා කරන්න යන්නේ කට්ටිය මේ ලින්ක් එකෙන් ගිහින් චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. දාපු ගම උනු උනුවෙම වීඩියෝ බලතැහැකි එතකොට..

මෙතනින් යන්න

මෙන්න වීඩියෝව



ධනුෂ්ක අබේරත්න
0755004166

අලුත් චැනල් එක :)

ඔන්න යාලුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. ගොඩදෙනෙක් කරපු ඉල්ලීමකට ගරු කරලා අලුත් ජ්‍යොතිෂ චැනල් එකක් පටන් ගත්තා. Astrology Channel කියලා තමයි නම දැම්මේ. ආරම්භයක් විදිහට මූලික සිද්ධාන්ත ගැන කථා කරනවා.. ඉස්සරහට තව තව අලුත් දේවල් කරන්න හිතන් ඉන්නේ.. ඔන්න එහෙනම් පලවෙනි වීඩියෝව ලග්න භාවය ගැන..



කට්ටිය මේක බලලා ගුන දොස් කියන්නත් අමතක කරන්න එපා...

Wednesday, November 19, 2014

බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක් ලියන්න අලුත් මාතෘකාවක් ගැන හිත හිත කල් ඇර ඇර හිටියේ. මේක ඇහුනම මම හිතුවා මේ බාධකස්ථානය හා බාධක ග්‍රහයා ගැන ලිපියක් ලිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.
ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ බාධකස්ථානය කියන්නේ මොකක්ද කියලා. මේෂ, කටක, තුලා, මකර කියන චර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ එකොලොස් වැන්න තමයි භාධක රාශිය වෙන්නේ එකොලොස් වැන්න අධිපති තමයි භාධක ස්ථානාධිපතියා වෙන්නේ ඊලඟට වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ කියන තිර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ නමවැන්න තමයි භාධකස්ථානය වෙන්නේ නමවැන්න අධිපතියා තමයි භාධක ග්‍රහයා වෙන්නේ. අවසාන වශයෙන් උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශිවලින් උපන් අයට තමන්ගේ ලග්නයෙන් හත්වැන්න භාධස්තානය වෙන අතර හත්වැන්න අධිපතියා භාධක ග්‍රහයා වෙනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම දාන්නම්කෝ.



ඉතින් දැන් තම තමන්ගේ ලග්නෙට භාධක ග්‍රහයා හා භාධක රාශිය දන්නවනේ. මේ භාධක ග්‍රහයා පලාපල කියනකොට තරමක් වැදගත් තැනක් උසුලනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා යම් භාවයක ඉන්නවනම් ඒ භාවයට අදාල ශරීර ස්ථානය එම භාධක ග්‍රහයගේ දසාකාලයේදී අසනීප කරවන්න ලොකු සම්භාවිතාවක් තියනවා. එහෙම නැත්තන් ඒ භාධක ග්‍රහයට පෙනෙන රාශි වලට අයත් ශරීර අවයව වලට හරි නිතර ලෙඩ දෙන්න බලනවා..

මීට අමතරව භාධකස්තානාධිපති ග්‍රහයා යම් තැනක ඉන්නවනම් ඒ රාශියෙන් කියවෙන දේ සම්භන්ධව භාධා කරනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් විවාහය පමා කරවන්න ඒක බලපෑමක් වෙනවා දහවැන්නේ නම් රැකියාවේ උසස් වීමට සමාජ තත්වයෙන් උසස් වීමට බාධා කරනවා. එකොලොස් වැන්නේ නම් බාධක ස්ථානාධිපතියා තමාගේ දසාව ආවම ආදායම ලැබෙන මාර්ග අවහිර කරනවා (මේකොයි දේත් වෙන්නේ බාධක ග්‍රහයාගේ දසාවේදී හරි බාදක ග්‍රහයට අයත් නැකතක ඉන්න ග්‍රහයෙක්ගේ දසාවකදි හරි තමයි)

මීට අමතරව යම් ග්‍රහයෙක් භාධක ස්ථානයේ හිටියොත් ඒ ග්‍රහයගේ කාරකත්වයට ඒක බලපානවා. උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

හඳහනක් බැලු බැල්මටම යම් අවබෝධයක් ගන්න බාධකග්‍රහයගෙන් ලැබෙන පිටිවහල නම් අප්‍රමානයි. මීට අමතරව රෝග නිර්නයට හා ඒ සම්භන්ධ කාල වකවානු නිර්නයටත් භාධක ග්‍රහයා බොහෝ සෙයින් උපකාරි වෙනවා. නැවත ලිපියකින් හමුවනතුරු ඔබ සැමට ජය හා සතුට.




වෛදික ජ්‍යොතිෂ වේදි 
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Wednesday, October 22, 2014

චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය

මේ යෝග දෙකේ නම් දෙක එක ලඟින් යන නිසා මේ දෙක එකක් ලෙස සමහරු වැරදි වැටහීමක් ගන්නවා ඒ වගේම සමහරු මේ දෙක පටලවාගන්නවා. ඉතින් අද මේ දෙකේ වෙනස මොකක්ද කියලා බලමු.
ඊට කලින් අලුතින් එකතුවුන අයට හා රාශි අධිපතියන් කවුද කියලා මතක නැති අයට ඒක ටිකක් මතක් කරලා ඉමු



෴චන්ද්‍රිකා යෝගය෴ 

අඟහරු හෙවත් කුජ ග්‍රහයා හඳහනේ පස්වැන්නේද, නමවැන්න අධිපති ග්‍රහයා තැම්පත් වී සිටින්නේ යම් රාශියකද අන්න ඒ රාශියේ අධිපතියා හඳහනේ නමවැන්නේ හෝ පස්වැන්නේද සිටියි නම් මේ චන්ද්‍රිකා යෝගය යෙදෙනවා. 
මේ යෝගයෙන් උපන් තැනැත්තා බොහෝ සැපසම්පත් වින්දත් දරුවන් නිසා දුකට පීඩාවට පත්වෙන බවයි සඳහන් වෙන්නේ.

෴චන්ඩිකා යෝගය෴

හඳහනේ හයවැන්න හා නම වැන්න අධිපති ග්‍රහයන් නවාංශක කේන්ද්‍රයේ යම් තැනක තැම්පත්වී සිටීද ඒ සිටින  නවාංශක රාශිවල අධිපතියන් රවි සමග සංයෝග වී සිටීද එමෙන්ම හයවැන්න අධිපතියා ලග්නය දකීද. එවිට මෙම චන්ඩිකා යෝගය යෙදේ (මේ යෝගය යෙදෙන්නේ වෘෂභ, සිංහ, වෘෂ්චික හා කුම්භ යන ලග්න හිමියන්ට පමනි)
මෙම චන්ඩිකා යෝගයෙන් උපන් තැනැත්තා ජනප්‍රසාදය ලැබෙන කීර්තිමත් පුද්ගලයෙක් වන බව පොතපතේ සඳහන් වේ.

චන්ඩිකා යෝගය ගැන කියනකොට මතක්වුනේ තවත් නමින් සමාන යෝගයක් තියනවා චන්ඩ යෝගය කියලා

෴චන්ඩ යෝගය෴

යමෙකුගේ හඳහනේ නමවැන්න අධිපතියා තුන්වැන්නේ සිටිද්දී ලග්නයේ උච්ච ග්‍රහයෙක් සිට ඒ ග්‍රහයාව අඟහරු ග්‍රහයාට පේනවනම් මේ චන්ඩ යෝගය යෙදෙනවා
පොතපතේ තියන්නේ අමාත්‍ය වරයෙක් වගේ ඊට සමාන පුද්ගලයෙක් වෙනවා කියලා..



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, October 12, 2014

෴ශනි ඒරාෂ්ඨකය 2෴

                 ගිය වතාවේ අපි ඒරාෂ්ඨකයක් ගැන මූලික දේවල් කථා කලා ඊට අමතරව ලග්න ඒරාෂ්ඨකය යෙදෙන විදිහත් කථා කලා. අද අනිත් ඒරාෂ්ඨක යෙදෙන විදිහ ගැන බලමු.

ජන්ම ඒරාෂ්ඨකය

සෙනසුරු රාශි චක්‍රය වටේ යන ගමනේදී ( මේකට ජ්‍යොතිෂයේදි අපි කියන්නේ ගෝචර ගමන කියලා) ලග්නයේ හා ඒ දෙපැත්තේ කොටු වල ගමන් කරන කාලයේදී ලග්න ඒරාෂ්ඨකය යෙදෙනවා වගේම, සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න රාශියේත් ඒ දෙපැත්තේ රාශි වලත් ගමන් කරන කාලය ජන්ම ඒරාෂ්ඨකය වෙනවා..
උදාහරනයක් කියනවනම්
පහත හඳහනේ උප්පත්තියෙන් චන්ද්‍රයා ඉන්නේ 5 වැන්නේ එතකොට සෙනසුරු 4,5,6 කියන භාව වල ගමන් කරනකොට කේන්ද්‍ර හිමියට ජන්ම ඒරාෂ්ඨකය යෙදෙනවා.
කලින් ලිපියේ කිව්වා වගේ මේ රාශිවලදි සෙනසුරු බලවත් නම් ඒරාෂ්ඨකය ඒ තරම් දරුනු වෙන්නේ නෑ. නමුත් චන්ද්‍රයා බලවත් නම් ඒරාෂ්ඨකය දරුනුයි. ඒරාෂ්ඨක කාලය උපරිම අවුරුදු 7 1/2 හා අවමය අවුරුදු 2 1/2 යි.
ඒ වගේම සාමාන්‍යයෙන් ජන්ම ඒරාෂ්ඨක 07 වැන්නේ හා 09 වැන්නේදි යෙදෙන්නේ නෑ..(ජන්ම ඒරාෂ්ඨක වගේම පසුව විස්තර කරන චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයටත් මේක වලංගුයි)

අෂ්ඨම ඒරාෂ්ඨකය

ශනි ග්‍රහයා ගෝචර ගමනෙන් කාගේ හරි හඳහනක අටවැන්නට ආවොත් ඔහුට අෂ්ඨම ඒරාෂ්ඨකය ලැබුවා වෙනවා

චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය

ප්‍රධාන ඒරාෂ්ඨක අතරට සමහර ගුරුකුල වල ඇතුලත් කර නොගත්තත් නොසලකා හැරිය නොහැකි ඒරාෂ්ඨකයකි. මෙම ඒරාෂ්ඨකය යෙදෙන්නේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින කොටුවෙන් අට වැන්නට ශනි ආ විටය.

මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්.

මීට අමතරව යම් කෙනෙක්ගේ හඳහනේ උප්පත්තියෙන් යම් ඒරාෂ්ඨකයක් යෙදිලා තියනවනම් ඔහුට දෙවෙනි වර ඒ ඒරාෂ්ටකයේ බලපෑම ඉතාම අඩුයි. සමහරවිට බලපෑමක් නැතිම වෙන්නත් පුලුවන්..

ලංකාවේ පලමු විධායක ජනාධිපතිනියව එතනට පත් වුනේ අෂ්ඨම ඒරාෂ්ඨක කාලයක. එතුමියගේ හඳහනේ අටවැන්න කුම්භ රාශිය. එය සෙනසුරුට හිමි රාශියක්. එතනදි සෙනසුරු බලවත් නිසා අපලයක් වෙනුවට අවසානයේ ලැබුනේ සුභ පලයක්. අන්න ඒ විදිහට ඒරාෂ්ඨක කාලයේදි ශනි බලවත් නම් බොහෝවිට නරක කරන සෙනසුරා ටොකු ඇන ඇන සුභපල දෙන්න ඉඩ තියනවා. ඉතින් ඒරාෂ්ඨකයි කිව්ව ගමන් බය නොවී නිවැරදිව එය හඳුනා ගන්න කියන එකයි හැමෝටම මතක් කරන්න ඕන..


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, October 8, 2014

෴ශනි ඒරාෂ්ඨකය 1෴


"ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක නිසාම ජ්‍යොතිෂය කියන විශය විකුනන් කන ගොඩ දෙනෙක් මේක තුරුම්පුවක් කරගෙන ඉන්නවා. ඇත්තටම සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ ජීවිතයම ඉවරද? ගොඩක් දෙනා විශය ගැන නිවැරදි අවබෝධයක් නතුව කනින් කොනින් අහපු දෙයක් නිසා හිතන්නේ සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ මාරක අපලයක් ආවා කියලා නමුත් ඒක හැම වෙලේම එහෙම වෙන්නේ නෑ.

ශනි ඒරාෂ්ඨකය ගැන කියන්න කලින් සෙනසුරු ගැන කියන්න ඕන. සෙනසුරු නෛසර්ගික වශයෙන් පාපයෙක් සෙනසුරුගේ ලක්ෂනයම අපල උපද්‍රව කිරීමම තමයි නමුත් නිකන් හරි සෙනසුරු යහපත් ලෙස පිහිටියොත් ලෞකික සැප දෙන්න සෙනසුරු තරම් ග්‍රහයෙක් තවත් නෑ. ගිලිමලෙත් ඇත දත සුද්දෝ කියලා කිව්වා වගේ තරමක් විරල වුනත් සෙනසුරු නිසා කෝටිපතියන් වූ මිනිස්සු ජනාධිපති වරුන් වූ මිනිස්සු පවා ඉන්නවා.. ඒ නිසා සෙනසුරා යනු 100%ම නරකයෙක්මයි කියා නිගමනය කිරීම වරදක්.

දැන් අපි බලමු ඒරාෂ්ඨකය කියන්නේ මොකක්ද කියලා. ජ්‍යොතිෂය කියන විශය මිනිසා වෙනුවෙන් නිර්මානය වූවක් ඒ නිසා ගනනය කිරීම් සියල්ලම පෘථිවිය කේන්ද්‍ර ගත කරගෙන තමයි කරන්නේ (අන්න ඒ නිසයි ග්‍රහයන් වක්‍ර වෙනවා නිර්වෘත වෙනවා කියලා සිද්ධාන්තයක් ජ්‍යොතිෂයේ තිබෙන්නේ) ඒ අනුව අපි දන්නවා ග්‍රහයන් රාශි චක්‍රයේ එක් රාශියකින් තවත් රාශියකට යම් යම් කාල පරාසයන් තුල ගමන් කරනවා. උදාහරනයකට සූර්‍යයා මාස 12ක් තුල රාශි 12 හරහා ගමන් කරනවා ඒ කියන්නේ එක රාශියක් පහු කරන්න මාසයකට ආසන්න කාලයක් ගන්නවා. ඒ වගේ සෙනසුරුට රාශි චක්‍රයේ වටයක් යන්න වසර තිහක කාලයක් යනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් වසර 2 ½ ක් යනවා එක රාශියක ඉඳලා අනිකට යන්න. මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනකොට යම් ජන්ම පත්‍රයක ලග්නයේ දෙවැන්නේ හා දොලොස්වන්නේ ශනි ගමන් කරනවනම් ඔහුට හෝ ඇයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා.

මේක උදාහරනයකින් පහදන්නම් කෝ



ඉහත දක්වලා තියන සටහනට අනුව සෙනසුරු ග්‍රහයගෙන් සලකුනු කරලා තියන කොටස තුල ශනි ග්‍රහයා ගෝචර ගමනේ යෙදිලා ඉන්නවනම් ඒ කියන්නේ ඒ අයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා. මේ කියන්නේ ඔබේ ජන්ම පත්‍රයේ ශනි ඉන්න එක නෙමෙයි එදින් එදා ග්‍රහයන්ගේ සිදුවන ගමන ගැනයි. උදාහරනයකට මේ දවස් වල ශනි ඉන්නේ තුලා රාශියේ. මේ වසරේ නොවැම්බැ දෙවෙනිදා ශනි වෘෂ්චික රාශියට මාරු වෙනව. ඔබේ ජන්ම පත්‍රයේ තියන්නේ ඔබඉපදෙන වෙලාවේ ශනි හිටපු තැන.
මේ අනුව කාට හරි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබපුවම අවුරුදු 7 ½ ඒ ඒරාෂ්ඨකය පවතිනවා. 
දැන් ප්‍රශ්නයක් එනවා මෙතන රාශි දොලහෙන් තුනක්ම සලකුනු කරලා තියනවා ඒ කියන්නේ මේ රටේ සමස්ථ ජනගහනයෙන් ¼ ක්ම ශනි ඒරාශ්ඨකේට අහුවෙලා දැන් ඒ හැමෝම දුක්විදිනවද? පිලිතුර ඔව් සහ නෑ ඒරාෂ්ඨකය ලබපු එක හරි නමුත් අනිත් එක වැරදියි මොකද ශනි ඒරාෂ්ඨකය ගැන මම කලින් කියපු විස්තරේ සඳහන් කලා ඒරාෂ්ඨකය හැමෝටම නරක නෑ. යම් හෙයකින් ශනි තමාගේ උච්ච රාශිය වන තුලාවේ ඉන්නවනම් හා තමාගේම රාශි දෙක වන මකර හා කුම්භ කියන රාශි දෙකේ ඉන්නවනම් නැත්තන් ශනි බලවත් ගුරු සමග ගෝචර ගමනේදි සංයෝග වෙනවනම් අසුභ පල සුභ පල බවට පත්වෙනවා.

ඒත් ප්‍රශ්නෙට උත්තරය සම්පූර්න නෑ නේද? ඒකත් පොදුවේ වෙන දෙයක්නේ ඒ කියන්නේ ලෝකේ හතරෙන් එකකට ඒ සමාන ප්‍රතිපලයම ලැබෙනවද? පිලිතුර නෑ. තමන්ගේ උප්පත්ති හඳහනේ ශනි බලවත් නම් ඒ අයට අසුභ පල දෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමන් ගත කරන දසාව අනුවත් පලාපල ගොඩක් වෙනස් වෙනවා. උදාහරනයකට ශනි ඒරාෂ්ඨකේ ලබලා තියනකොට සඳුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් යනවනම් අපල තත්වය කීප ගුනයකින් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ යෝගකාරකයගේ දසාවක් යනවනම් අපලය ඒ තරම් දරුනු නොවි වැඩි අමාරුවක් නැතුව ඉවර වෙනවා. මේ වෙනස් කම් සිදුවෙන ක්‍රම කීපයක් විතරයි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඒරාෂ්ඨකය එකවර ලග්න තුනක අයට බලපෑවට ඒක කිසිම විටක සමස්ථයටම එක වගේ බල නොපාන්නේ ඇයි කියලා.. අද කිව්වේ ලග්න ඒරාශ්ඨකය ගැන විතරයි. තව ඒරාෂ්ඨක තුනක් තියනවා කියන්න... ඒක මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..


වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
0755004166

Thursday, September 18, 2014

මට රට යන්න පුලුවන්ද?

මේ දවස් ටිකේම දෙවියන් හා සම්භන්ධව පෝස්ට් දැම්ම නිසා ජන්ම පත්‍ර පරික්ෂාව ගැන පෝස්ට් එකක් දාන්න කල්පනා කලා. මගේ ගාවට ජන්ම පත්‍ර ගෙන එන අය දැන් දැන් අසන ප්‍රධාන ප්‍රෂ්නයක් තමයි "මට රට යන්න පුලුවන්ද?" කියන එක. එක අතකට ලංකාව දියුනු වෙන වේගේ දරාගන්න අමාරු නිසා කට්ටිය ඒ ප්‍රෂ්නේ අහන එකෙත් වරදක් කියන්න බෑ. දැන් අපිට ඒක සෑහෙන වාසනාවන්ත කමක් වගේ පෙනුනට ජ්‍යොතිෂ පොත පතේ මේ වගේ රට යන යෝග දක්වාලා කියන්නේ මෙන්න මේ ආකාරයේ ග්‍රහ යෝගයක් තිබේ නම් උපන් රටේ ඉන්නට වාසනාව නැත., තමා උපන් රටින් පවා පිට වන්නට සිදුවේ, වගේ දේවල්. ඒ කියන්නේ පැරැන්නෝ ඒක සැලකුවේ අවාසනාවන්ත සිද්දියක් විදිහට. 
ඉතින් කොහොමින් හොම හරි ඔයාලගේ හඳහන් වලත් මේ පිහිටීම් තියනවනම් විදෙස් ගත වීමට ලොකු අවස්ථාවක් තියනවා




01.ඔයාලගේ හඳහනේ ලග්නාධිපතියා ඉන්න කොටුවෙන් දොලොස්වැන්න අධිපතියා තමන්ට සතුරු රාශියක හරි නීච රාශියක හරි තැම්පත් වෙලා හිටියොත් හරි පාපග්‍රහයන් එක්ක සංයෝග වෙලා හරි දෘෂ්ඨි ලැබිලා හරි දුර්වල වෙලා හිටියොත් හරි ඔයාලට විදෙස් ගත වෙන්න පුලුවන්, මේ ග්‍රහයට සිකුරුගේ මිත්‍ර දෘෂ්ඨියක් වැටෙනවනම් මේ තත්වය තවත් වර්ධනය කරනවා

මේ දොලොස් වැන්න අධිපතියා රවිගේ ග්‍රහනයට හසු වෙලා ඉන්නවනම් තමන්ට පිටරට ගියත් කුඩා නගරයක ජීවත් වෙන්න ලැබෙන බවයි සඳහන් වෙන්නේ. 

02.ලග්නාධිපතියා ඉන්න රාශියෙන් දොලොස්වැන්න අධිපතියා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝන ගතව මිත්‍ර ක්ෂේත්‍රව සිට කර්තරී යෝගයට ( එම ග්‍රහයාගේ දෙපසින් ග්‍රහයන් තැම්පත්වීම) හසුව තිබේ නම් තාවකාලිකව ප්‍රියජනක තැනක ජීවත් වන්නට ලැබෙනවා

මේ දොලොස්වැන්නඅධිපතියාව සඳුට ගුරුට හෝ සිකුරුට පේනවනම් තදින්ම චිත්තාකර්ෂනීය රටක ජීවත් වන්නට ලැබෙනවා

03. ලග්නය චර රාශියක් වෙලා ( චර රාශී : මේශ,කටක,තුලා,මකර) ලග්නාධිපතියා එහිම ඉන්නවනම් හා අනෙක් චර රාශිවල ඉන්න ග්‍රහයන්ගෙන් දෘෂ්ඨි වැටෙනවනම් තමාට පිටරට යෑමෙන් බලපොරොත්තු නොවූ දියුනුවක් ලබන්න පුලුවන් වෙනවා. 

මේ ක්‍රමයෙන් විදෙස් ගතවීම පරික්ෂාව බොහෝ නිවැරදි බව මට පෞද්ගලිකව අත් දකින්න ලැබුන දෙයක්..


වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, June 8, 2014

ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02


ගිය වතාවේ අපි ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන කථා කලා මතක ඇති. (මතක නැත්තන් මෙතනින් ගිහින් බලන්න.) මෙවර දෙවෙනි කොටස යටතේ තවත් වැදගත් දෙයක් ගේන්නයි බලාපොරොත්තුව. අද කියන්න යන්නේ කාරක ග්‍රහයන් ගැන. සමහර විට ඔයාලා අහලත් ඇති ජ්‍යොතිෂ ගැන කථාවෙන තැන් වල මාතෘකාරක ආත්ම කාරක කියලා කියවෙනවා. ඉතින් මොකක්ද මේ කාරකයන් කියන්නේ? ජෛමිනි ක්‍රමයේදී මේ ග්‍රහයන් තෝරන්නේ ඒ ඒ ග්‍රහයන් රාශියක සිටින අංශක ගනන අනුවයි. අපි දැන් එකින් එක මේ කාරකයන් ගැන බලමු.



ආත්ම කාරක
ජන්ම පත්‍රයේ වැඩිම අංශක ගනනක් ලබාගෙන සිටින ග්‍රහයාට ආත්ම කාරකයා කියා කියනවා. ග්‍රහයන් දෙදෙනෙකුගේ අංශක සමාන නම් කලා ප්‍රමානද කලා ප්‍රමානත් සමාන නම් විකලා ප්‍රමානද සලකා බලා වැඩි අගය ඇති ග්‍රහයා ආත්ම කාරකයා විදිහට ගන්නවා. යම් හේතුවක් නිසා මේ ඔක්කෝම සමාන නම් උච්ච, ත්‍රිකෝන විදිහට වඩා බලවත් ග්‍රහයා තෝරාගන්නවා. මේ ග්‍රහයා ජන්ම පත්‍රයේ උච්චව, ස්වක්ශේත්‍රව හෝ සුභ ග්‍රහ දෘශ්ඨි ලබා බලවත්ව ඉන්නවා නම් සැපතට අධිපතියා ලෙසත් නීචව හෝ පාප දෘෂ්ඨි ලබා ඉන්නවනම් දුකට අධිපතියා ලෙසත් සලකනවා. යහපත් සිදිහට පිහිටි ආත්ම කාරකයා  ඔහුගේ දසා අන්තර් දසා කාල වලදී අනෙහ් ග්‍රහ දෝෂ වලින් පවා ජන්මියා මුදා ගන්නා බවත් නරක විදිහට පිහිටපු ආත්ම කාරකයාගේ දසාවේදී ජන්මියාව පාපයට පොලඹවලා දුකට පත් කරන බවත් ජෛමිනි සෘෂිවරයා ලියපු ජෛමිනී සූත්‍රය කියන පොතේ සඳහන් වෙනවා.

අමාත්‍ය කාරක
ආත්ම කාරකයාට පසුව වැඩිම අංශක,කලා,විකලා ප්‍රමානයක් ලබාගෙන සිටින ග්‍රහයා අමාත්‍ය කාරකයා ලෙස හඳුන්වනවා. යම් ග්‍රහයො දෙන්නෙක් ගේ අංශක කලා සමානම් කලින් වගෙම බලවත් ග්‍රහයා තෝඅරා ගන්න ඕන.  ආත්ම කාරකයා ජන්මපත්‍ර හිමියා ගැන පැවසුවා වගේ අමාත්‍ය කාරකයා පවසන්නේ ජන්මියා හා රජු, රජය හෝ ප්‍රභූන් සමග ඇති සම්භන්ධ කම. 
අමාත්‍ය කාරකයා උච්ච හෝ සුභ දෘෂ්ඨි ලබා ඉන්නවනම් ඒ දසා අන්තර් දසා කාලවලදී ප්‍රභූන් ගෙන් සැප ලැබෙන අතර අමාත්‍ය කාරකයා නීචව හෝ පාප පීඩිත නම් අමාත්‍ය කාරකයාගේ දසා අන්තර් දසා කාල වලදී ප්‍රභූන් ගෙන් ඇමතිවරුන් ගෙන් කරදර සිදුවෙනවා.

භ්‍රාතෲ කාරක (සහෝදර කාරක.)
අමාත්‍ය කාරක ලඟට වැඩිම අංශක ගනනක් තියන ග්‍රහයා සහෝදර කාරකයා. මෙයාගේ දසා අන්තර් දසා වලදී සහෝදරයන්ට සුභ අසුභ පල ලැබෙනවා. කලින් වගේමයි ග්‍රහයා බලවත් නම් සුභ පල ග්‍රහයා දුර්වල නම් අසුභ පල. ඒ වගේම සහෝදරයන්ගෙනුත් ජන්මියට ලැබීම්  හෝ පාඩු මේ ග්‍රහයගේ තත්වය අනුව ලැබෙනවා.

මාතෲ කාරක
මව ගැන තොරතුරු බලන්න පුලුවන් මේ මාතෲ කාරකයගෙන් සහෝදර කාරකයට පස්සේ ඉන්නේ මාතෲ කාරකයා.. 

පීතෲ කාරක
ඊලඟට ඉන්නේ පීතෲ කාරක, පියා ගැන විස්තර බලන්න පුලුවන් පීතෲ කාරකගෙන්. මෙයා බලවත්ව ඉන්නවනම් දසා වලදී පියාට බොහොම යහපත්..

පුත්‍ර කාරක
පිලිවෙලින් ඊලඟට ඉන්නේ පුත්‍ර කාරකයා. මෙයාගේ තත්වය අනුව මෙයාගේ කාල වලදී දරුවන්ට සුභ අසුභ පල ලැබෙනවා.

ඥාති කාරක
ඥාති කාරකයා බලවත් නම් ඒ දසා වලදී ඥාතීන්ගෙන් ලැබීමත් ඥාති කාරකයා දුර්වල නම් ඥාතීන්ගෙන් කරදරත් සිදු වෙන්න පුලුවන්

භාර්‍ය්‍යා කාරක
අන්තිමට  ඉතුරු වෙලා ඉන්න ග්‍රහයා තමයි භාර්‍ය්‍යා කාරකවෙන්නේ. බිරිඳ ගැන විස්තර මෙයාගෙන් බලාගන්න පුලුවන්.

විශේෂ
කාරකයන් තෝරා ගැනීමේදී කේතු ග්‍රහයා සලකන්නේ නෑ ප්‍රධාන ග්‍රහයන් 7 දෙනයි රාහුයි විතරයි සලකන්නේ.

අපි පුන්චි උදාහරනයක් බලමු.

යම් හඳහනක ග්‍රහයන්ගේ අංෂක ගනන් පහත පරිදි කියලා හිතමු

රවි -  අංශක 15 කලා 25
සඳු - අංශක 26 කලා 12
කුජ - අංශක 14 කලා
බුධ - අංශක 15 කලා 29
ගුරු - අංශක 6 කලා 10
සිකුරු - අංශක 00  කලා 20
ශනි - අංශක 20 කලා 07
රාහු - අංශක 8 කලා 29

අපි දැන් බලමු මේ අය මොන මොන කාරකයන්ද වෙන්නේ කියලා

සඳු - අංශක 26 කලා 12 -- ආත්ම කාරක
ශනි - අංශක 20 කලා 07 -- අමාත්‍ය කාරක
බුධ - අංශක 15 කලා 29 -- සහෝදර කාරක
රවි -  අංශක 15 කලා 25 -- මාතෲ කාරක
කුජ - අංශක 14 කලා 20 -- පීතෲ කාරක
රාහු - අංශක 08 කලා 29 -- පුත්‍ර කාරක
ගුරු - අංශක 06 කලා 10 -- ඥාති කාරක
සිකුරු - අංශක 00 කලා 20 -- භාර්‍ය්‍යා කාරක

මම හිතන්නේ කට්ටියට දැන් පැහැදිලි ඇති. ඊලඟට කාරකාංෂය ගැන අපි තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ජය හා සතුට...



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න