Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Monday, December 8, 2014

෴නිමිති ශාස්ත්‍රය෴

මීට දශක එකහමාරකට දෙකකට පමන පෙර මා පාසල් යන අවධියේ පාසල් නිවාඩුවට ගමේ යෑම සිරිතක් විය එසේ ගිය අවස්ථාවක දිනක් මාගේ ආච්චිඅම්මාගේ රන් මාලයක් අස්ථාන ගතවීම නිසා සාස්තරයක් බැලීමට මාවද කැටුව ගිය අතර මටද එය අලුත් අත් දැකීමක් නිසා මමද බොහෝම කැමැත්තෙන් ඊට සහභාගී වීමි.
අපේ නිවසේ සිට මඳ දුරක් ගිය තැන තරමක් කුඩා නිවසක පිලිකන්නේ මේසයක් තබාගෙන සිටි වයසක සීයා කෙනෙකි මා බලපොරොත්තුව ගියේ අඳුරු කාමරයක මිනී ඔලු තබාගෙන රතුපටියක් ඉන බැඳ සිටින තරමක් ගුප්ත ගතියක් ඇති පුද්ගලයෙකු දකින්නටය (මෙය සිදු වන විට මට වයස අවුරුදු පහලොවක් වත් නොමැත) නමුත් මගේ බලාපොරොත්තු කඩකරමින් ඔහු ප්‍රසන්න පුද්ගලයෙකු විය. ගෙමිදුලද මනාව අතුපතුගා තිබිනි. කෙසේ වෙතත් සාස්තරයනම් නොකියවෙන බව මට දැන් විෂ්වාසය. ඒ මන්දයත් ඔහු මා බලාපොරොත්තු වූ අන්දමේ ශාස්ත්‍ර කියන්නෙකු නොවීමයි. ඔහු තුල කිසිම ගුප්ත ගතියක් නොවිනි අඩුම තරමේ ඔහු ලඟ හැරමිටියක්වත් මිනි ඔලුවක්වත් නොතිබිනි.
මාගේ ආච්චි අම්මා සුලු මුදලක් සමග බුලත් අතක් ඔහු වෙත ලබා දුන් අතර ඔහු මුදල ගනන් නොකර බුලත් කොල ගනන් කරන්නට පටන් ගත්තේය. සල්ලි ගනන් නොකර බුලත් ගනින්නේ මොන මොඩ මනුස්සයෙක්දැයි මට සිතිනි. ආච්චි අම්මාද තමා ආව කාරනය නොකියා ඔහේ වාඩිවී සිටියි.
"නැතිවුන වටින කියන භාන්ඩයක් ගැන දැන ගන්න නේද ආවේ?"යි ඒ සියා ඇසුකල ආච්චිඅම්මාද "එහෙමයි" කියා පිලිතුරු දුන්නාය. කනා ෂොට් එකක් වැඩ කලා කියා මම මටම කියාගත්තෙමි. එයින් පසුව එම සීයා මොන මොනවදො කල්පනාකරමින් ගනන් හදමින් කොලයක ලිව්වේය.
"කවුරුත් හොරකම් කරලා නෑ බඩුව තිබ්බ තැනම තියනවා, නෝනට තිබ්බ තැන අමතක වෙලා තියන්නේ. දවස් තුනක් ඇතුලත ලැබෙයි නෝනා" මේ මනුස්සය විකාර කියවනවා අපි ගේ අනිත් පැත්ත පෙරලුවේ නැති ටික විතරයි. මේ මනුස්සයා දන්න සාස්තරයක් නෑයි මම උපහාසාත්මකව මටම කියාගත්තත් එවෙලේ වැඩිහිටියන් ඉදිරියේ මැදට පැන කථා කිරීම සුදුසු නැති නිසා නිශ්ෂබ්දව සිටියෙමි. කෙසේ හෝ කාලය හා මුදල් නාස්තිවීම ගැන ඔහුට සිතින් බැන බැන මම නිවසට ආවෙමි.
දින දෙකක් ගතවිනි දෙවන දිනයේ රාත්‍රියේ අම්මේ මෙන්න මාලේ හම්බුනා කියමින් අපේ නැන්දා පැමියේ සිනාමුසුවය.
කොහෙද මාලේ තිබ්බේ?
ෆ්‍රිජ් එක ඇතුලේ
ආනේ ලමයෝ මම කඩේ ගිහින් ඇවිත් බඩු අස්කරනකොට ගලවලා අතේ තියන් හිටපු මාලෙත් අමතකවෙලා දාලනේ. පෙරෙදා නිමිත්තටත් කියවුනා දාපු තැන අමතකවෙලා කියලා දවස් තුනක් ඇතුලත ලැබෙයි කියලා. දැන් මගේ සිතට ගැටලුවක් ගෙන දෙන දේ වනේ මේ සීයා මේ‍ය කිව්වේ කෙසේද යන්නයි. මා පෙර සිතා සිටි ලෙස කනා ෂොට් එකක් ගැසුවානම් ඔහු ගසන්නේ සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇති සොරෙක් ගෙනිච්චා කියන පැත්තටය. මේ ගැන වැඩි දුර සොයන්නට වුවමනාව තිබුනත් පාසල් නිවාඩුව අවසන් වී නැවත්ත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට ඇතුලු විම නිසා එයින් එහා ඒ පිලිබඳව සොයන්නට ඉඩ නොලැබින.




මේ නිමිති ඇල්ලීම ගැන මට තිබෙන පලමු අත්දැකීමයි. ඊට වසර ගනනාවකට පසු මා ජ්‍යොතිෂය ඉගෙන ගන්නා මුල් කාලයේ පටන්ම ඉන්පසුව විවිධ අවස්ථාවල නිමිති අල්ලනවා දකින්නත් ඒ පිලිබඳ යම් දුරකට අධ්‍යයනය කරන්නත් ලැබුනි. මෙහිදී ශාස්තයේ සමහර කොටස් ජ්‍යොතිෂයට සම්භන්ධ අතර සමහර කොටස් අදද මට ඒ එසේ වන්නේ හෝ කරන්නේ කෙසේද ඇයිදයි කියා විස්තර කරදීමට අපහසුය. නමුත් නිමිති ඇල්ලීම තුල යම් ගුප්තමය ශාස්ත්‍රයක්ද පවතින බව පෙනේ. කෙසේ නමුත් උදය වරුවේ අල්ලන නිමිති වල සාර්ථකත්වය වැඩි අතර නිමිති ඇල්ලීම පිලිබඳ රීතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. (වරක් ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනය කරයිද කියා ඇසු පැනයට බින්නසිරි ලෙස අපි කවුරුත් ආදරයට හඳුන්වන මහත්මයෙක් ඉර බැස යන වෙලේද රූපවාහිනී නාලිකාවක නිමිති ඇල්ලුවේය, අවසානයේ ඔහුත් මඩ නාගෙන ජ්‍යොතිෂටයත් මඩ ගසන්න මාවතක් හදාදී ගියා කාට කාටත් මතක ඇතැයි සිතමි). 
මීට අමතරව පලමුව යම් තැනකින් නිමිත්තක් ඇල්ලීමේදී පලමු අවස්ථාව සාර්ථක වුවත් පසුව කියවෙන ඒවා එතරම් සාර්ථක නොවන බව සමහරුන්ගේ මතයකි. මා නම් දකින්නේ එකම ක්‍රමයක් භාවිතා කිරීමේදී මේ දෙය සිදුවෙන බවයි.මෙයට හේතුව පලමු අවස්ථාව තුල තමා භාවිතා කල ක්‍රමයම දෙවැන්නටද භාවිතා කිරීම නිසා සිදුවන දෝෂයයි උදාහරනයක් කියන්නේ නම් මලක් තබා අංකයක් තෝරන නිමිත්තක් ඇල්ලු කෙනෙක් ඊලඟ වතාවේදීද තමා පෙර තැබූ අංකයට නිවැරදි ලෙස කියවුන නිසා වෙනත් අංකයක් තෝරාගැනීමට සිතුනද නමුත් පෙර අංකයම නැවත් තෝරා ගැනිම වැනි දේ නිසා දෝෂ ඇතිවිය හැක.
මේ දෝෂය මගහරවා ගැනීමට නිමිති අල්ලන ක්‍රම කීපයක් ඉගෙන ගැනීමටත් ඒවා මාරුවෙන් මාරුවට භාවිතා කිරීමටත් ජ්‍යොතිර්වේදියා හෝ සාස්ත්‍ර කරු දක්ෂ විය යුතුය. මීට අමතරව නිමිති ඇල්ලීම ගුප්තවිද්‍යා කොටසටද නෑකම් කියන හෙයින් ජ්‍යොතිර්වේදියා හා නිමිති අසන්නට එන පුද්ගලයා යන දෙදෙනාම සිතින් කයින් පිරිසිඳුව කිල්ලෙන් පරෙස්සම්ව යහපත් කල්කිරියාවෙන් එම වැඩය කරයි නම් ප්‍රථිපල සාර්ථකය   

කෙසේ නමුත් නිමිති ඇල්ලීම හෙවත් නිමිති ශාස්ත්‍රයද අද කෙමෙන් කෙමෙන් අභාවයට යන ශාස්ත්‍රයක් බවට පත්වී ඇති අතර මෙම ශාස්ත්‍රය පිලිබඳවද සාර්ථක ලෙස ලියැවුනු සිංහල පොතපත තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි.

නිමිත්තක් අල්ලන හැටි සමගින් ඊලඟ ලිපියෙන් හමුවෙමු. :)



වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්තවිද්‍යා ගවේශක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Friday, March 14, 2014

෴බ්‍රහ්ම මුහුර්ථය෴

                       ජ්‍යෝතිෂ හා ආයුර්වේදය කියන විෂය පථ දෙකේදීම අපට හමුවන මෙම බ්‍රහ්ම මුහුර්ථය. ජ්‍යෝතිෂ විද්‍යාව තුල හඳුන්වන්නේ සුභ කාල හෝරාවක් ලෙසයි. ජ්‍යොතිෂාස්ත්‍රය තුල රාහු කාලය, රික්තා හා සාගර මුහුර්තය ලෙස සුභ වැඩ වලට යොදා නොගතයුතුයැයි සැලකෙන කාල වෙන්කර දී ඇත්තා සේම ඉතා සුභ කාලයන්ද පෙන්වා දී තිබේ (බොහෝ දෙනා සිතන්නේ මේ විශය හුදෙක් නරක දේම පමනක් පෙන්වාදෙන විශ්යක් ලෙසයි ). මේ ලෙස දැක්වෙන සුභ කාලයන් අතරින් බ්‍රහ්ම මුහුර්තයට ලැබෙන්නේ සුවිශේෂ තැනකි.
සෑම දිනකම සූර්ය උදාවට සිංහල පැය හතරකට පෙර මෙම මුහුර්තය උදාවන බව පැරනි පොතපතේ සඳහන්ය.(සින්හල පැය 2 1/2 ක් ඔරලෝසු පැය එකකි ) සූර්ය උදාවට සිංහල පැය එකකුත් එක් පන්චම හෝරාවකට පෙර බ්‍රහ්ම හෝරාව නිමාවෙන බව සඳහන්ය( පන්චම හෝරාවක් ඔරලෝසු මිනිට්ටු 12කි ) තේරෙන බාශාවෙන් ආසන්න වශ්යෙන් කිවහොත් සාමන්‍යයෙන් පාන්දර හතරත් පහමාරත් අතර කාලය බ්‍රහ්ම මුහුර්තය වේ. 
ආයුර්වේදයේ එන ඉඩාපිංගල ශාස්ත්‍රයේ (මේ ශාස්ත්‍රය ඉතා පැරනි හා නිවැරදි ආයුනිර්නය හා රෝග නිර්නයට භාවිතා කරන නාඩි ශාස්ත්‍රයකි. මෙහි ඉඩා, පිංගල,සුෂුම්නා, ගන්ඩාරි,.. ලෙසින් නාඩි 10ක් සම්බන්ධව කියවේ) නල පරික්ෂාවට තෝරාගෙන ඇත්තේද මෙම මුහුර්තයයි. බුදුන් වහන්සේ ඇතුලු බොහෝ මහරහත් උත්තමයන්ද වෙනත් ආකාර වලින් ධ්‍යාන ලබාගත් අයද ( කුන්ඩලීනී) බොහෝ පිරිසක් එම මාර්ග පල හෝ ධ්‍යාන අවබෝධ කරගත්තේද මේ බ්‍රහ්ම මුහුර්ත කාලයේදීයි. 




අශ්ඨාංග හෘදය නම් විශිෂ්ට ආයුවේද ග්‍රන්තයේ මෙසේ දැක්වෙයි
"බ්‍රහ්ම මුහුර්ත උත්කෘෂ්ටේත් ස්වස්ථෝ රක්ෂාර්ථමායුෂඃ" 
නිරෝගී පුද්ගල තෙමේ සිය ආයුෂය රැක ගැනීම වස් බ්‍රහ්ම මුහුර්තයෙහි දී නින්දෙන් අවදි වන්නේය.
(අෂ්ටාංග හෘදය සංහිතා, 2 අධ්‍යයය) 
ඉහත ග්‍රන්ථයෙහිම පහත සඳහන් දෑ මෙම මුහුර්තයේ සිදු කිරීම ඉතා සාර්ථක පල ගෙන දෙන බවට සඳහන්ය.
බ්‍රහ්ම මුහුර්ථයෙන් අවදී වූ විට සිතේ කාලයක් මුලුල්ලේ පැවති ප්‍රශ්නයකට විසඳුම් මතක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව අත්දැකීමෙන්ම පැවසිය හැක.

  1. යෝගී ව්‍යායාම ආරම්භ කිරීම
  2.  මාර්ගඵල හෝ යෝගී ධ්‍යාන අවබෝධයට සිත යොමු කරවීම
  3.  ස්ත්‍රී පුරුෂයන් අතර ආදරය හා ලිංගික කටයුතු කිරීම 
  4.  ස්වයං වින්දනයේ යෙදීම 
  5.  දරුවන්ට මව්කිරි දීම
  6.  ගහ කොළට සාත්තු කිරීම
  7.  පොත් පත් ශාස්ත්‍රීය කටයුතු කිරීම
  8.  නව සොයා ගැනීම් ගවේශන ආදි බුද්ධිය මෙහෙයවා කරන දෑ කිරීම


ජ්‍යෝතිෂය තුලත් සියලූම යන්ත්‍ර මන්ත්ට කටයුතුවලට ඉතාම සුභ මොහොත ලෙස දැක්වෙන්නේ මෙම බ්‍රහ්ම මුහුර්ථයයි.





වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Thursday, January 16, 2014

විවාහය - 2

ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා..
මේ ග්‍රහ යෙදීම් ගැන ගැටලුවක් තිබේ නම් හෝ තවත් පැහැදිකලි කර ගැනීමක් අවශ්‍යනම් ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.


  • ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නේ කේන්ද්‍රයේ 9වැන්නාධිපති සිටී නම් හෝ දෘෂ්ඨියක් දෙයි නම් ඔහුට හෝ ඇයට කරදරවලින් තොර යහපත්යුගදිවියක් ගත කිරීමට වාසනාව ඇති බව සඳහන්.
  • කටක ලග්න හිමියෙකු වී 7වැන්නේ කුජ හා ශනි සිටී නම් ඔහුට ලැබෙන බිරිඳ රූමත් කෙනෙක් මෙන්ම පතිනියකි..
  • 2,7 සහ 12 යන ස්ථාන වල අධිපතියන් කේන්ද්‍රස්ථාන ( 1 4 7 10 ස්ථාන ) හෝ ත්‍රිකෝනස්ථාන ( 1 5 9 ස්ථාන ) වල සිටියදී ගුරු ග්‍රහයා විසින් දැකීමද යහපත් විවාහ යෝගයකි..
  • කෙන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයාගෙ සිට එම ග්‍රහයා සිටින කොටුව 1යැයි ගනන් කරගෙන යෑමේදි 2, 7, හා 11 වැනි කොටුවල ශුභ ග්‍රහයින් ( පුර සඳු, බුධ, සිකුරු, ගුරු) සිටීම යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට හේතුවන යෝගයකි..
  • 5 වැන්න හා 7වැන්න අධිපතියන් බලවත් වී සිකුරු හා 7වැන්නාධිපතියා ඔවුන්ට ශුභ රාශියක සිටි නම් යහපත් දරුපල හා යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේ..
  • ගුරු 7 වැන්නේ සිටිම (  භාදක ස්ථානාදිපතියෙකු නොවීය යුතුයි )



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Saturday, January 11, 2014

විවාහය - 1



අපි පොරොන්දම් බලලා බැන්දේ ඒ වුනාට මට දැන් මේ කසාදේ තිත්ත වෙලා තියන්නේ, අපි බඳින්න ඉස්සෙල්ලා පොරොන්දම් බැලුවත් මහත්තයාට අපලයි කියලා කිව්වේ නෑ බැඳලා අවුරුද්දෙන් මහත්තයා නැතිවුනා, පොරොන්දම් බලලා බැන්දට අපිට දරුවෝ නෑ.. විවාහය ගැන නොයෙක් විට මෙවන් මැසිවිලි අසන්න ලැබෙන බව අපි කවුරුත් දන්නා දෙයකි. මොකක්ද මේ පොරොන්දම් කියන්නේ? ඇයි පොරොන්දම් ගලපලත් විවාහ දෝශ ඇතිවෙන්නේ? මෙවැනි අවස්ථා වල බොහෝදෙනා කරන්නේ සරලම පහසුම දේ කිරීමය එනම් ජ්‍යොතිෂය යන විෂයට බැන වැදීමයි.. 

එවන් අවස්ථා වලදී මට ඇත්තේ එක ප්‍රශ්නයකි එනම් වෛද්‍යවරයෙක් වෙතට යන මිනිසෙකුට වෛද්‍යවරයා වැරදි රෝග නිර්නයක් දුන්නොත් එවිට කරන දේය? සමහර විට වැරදි බෙහෙත් ලබාදීම නිසා රෝගියා මියයන අවස්ථාද ඇත. අතපසුවීම් නිසා හොඳට තිබූ අතපය නැති වූ රෝගීන් ගැන අප අසා ඇත්තෙමු. එවැනි වෙලාවලදී මිනිසුන් දොස්තරට මිස වෛද්‍ය වෘතියට දොස් කියන්නේ නැත.. නමුත් මිනිස් ජීවිතයක් නැති කරන අත්වැරදීම් දෛවඥයන් අතින් වෙන්නේ නැත. නමුත් එක අනාවැකියක් ජ්‍යොතිෂ වේදියෙක් අතින් වැරදුනොත් එදාට ලංකාවේ සියලුම දෛවඥයන් බැනුම් අසති ඔවුන් බනින්නේ විෂයටය.. මේ දේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටද අත්දකින්න සිදුවී ඇති දෙයකි.. වරක් දෙවරක් බෙහෙත් බොනවිට රෝගය සනීප නොවුනොත් අයුර්වේද ක්‍රමයම වැඩක් නැති සේ මිනිසුන් පරිභව කරයි.. ඒ අපේ මිනිස්සුන්ගේ කුහක කමය.. 
විවාහයක් කිරීමට ප්‍රථම පොරොන්දම් බැලීම පමනක් ප්‍රමානවත් දැයි මුලින්ම සලකා බැලිය යුතුය.. පොරොන්දම් යනු යමෙක් උපන් නැකැත මූලික කරගෙන ඔවුන්ගේ ගැලැපීම් නොගැලපීම් සොයන ක්‍රමයකි.. මෙහිදී ග්‍රහ බලපෑම් බැලුවත් මූලිකත්වය නැකතට හිමිවෙයි. නමුත් කෙනෙක්ගේ කර්මය ගැන වඩා හොඳ තීන්දුවකට බැසගත හැක්කේ ඔවුන්ගේ හඳහන් වල ග්‍රහපිහිටීම් දෙස බැලීමෙනි. උදාහරනයක් ලෙස අපි කවුරුත් දන්න කුජ දෝශය හෙවත් භෞම දොශය  ඇතිවන්නට හේතුව පෙර ආත්ම වල තම කාලත්‍රයාට ලිංගික පීඩා සිදු කිරීම හෝ බහුභාර්යා හෝ බහුස්වාමි සේවනයේ යෙදීමයි.. මෙවැනී තවත් දෝෂ කිහිපයක් වෛදික ජ්‍යොතිශයේ සඳහන් වන අතර එවායින් බොහෝමයක් පොරොන්දම් වලට හසු නොවේ.. එයින් පොරොන්දම් බැලීම අනවශ්‍ය යැයි අදහස් නොකෙරේ.. උදාහරනයකට යෝනි පොරොන්දමෙන් බලන්නේ දෙදෙනාගෙ ලිංගික තෘප්තිමත් වීමේ ස්වාභාවයයි.. දැඩි ලිංගික ආශාවන් ඇති පුර්ෂයෙක් හට එවැනි ආශාවල් අඩු කාන්තාවක් හෝ අඩු ආශාවන් ඇති පුර්ෂයෙක්ට වැඩි ආශාවන් ඇති කාන්තාවක් හමු වුවහොත් ඇතිවන තත්වය මඳක් සිතා බලන්න.. බොහෝවිට වැඩි ආශාව ඇති කෙනා පරදාර සේවනයට යොමු වෙයි.. අනෙක් කෙනා ආශාවන් අඩුනිසා තමා කාමාතුරයෙක්ට අසුවුන බවක් හැඟෙයි.. මේ හේතුව නිසා විවාහ ගැටලු ඇතිවෙයි.. විවාහ දෝෂ, යහපත් විවාහ යෝග, ස්වාමියාට සැප සම්පත් ගෙනදෙන යෝග මෙන්ම ස්වාමියාට මාරක යෝග ගැනද කතිකා කරන ලිපි පෙලකින් ඉදිරියේදි හමුවෙමු...

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Saturday, November 16, 2013

අත්දැකීම් 1

ඊයේ මගේ නිවසට මාගෙන් නිතරම ජෝතිශ්‍ය වැඩ කර ගැනීමට පැමිනෙන කාන්තාවක් පැමිනියාය... 
"අපේ දුවට දරුවෙක් හම්බවුනා හඳහන හදාගන්න කියලයි ආවේ..."
ගෑනු දරුවෙක් ද? කියා මා ඇසුවෙ මා ඇතුලු මා දන්න හැමෝටම මේ දින වල තොග පිටින්ම ලැබුනේ ගෑනු දරුවන් වීම නිසාය..
ඔව්නේ, හරියටම එහෙම කිව්වේ කොහොමද? 
ඇය පුදුමයෙන් මෙන් ඇසුවා
ඇය මගෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මා යම්කිසි බලයකින් එසෙ කල බව පැවසීම විය හැක..
මේ දවස් වල ගොඩක් ඉපදෙන්නේ ගෑනු ලමයි නිසයි ඇහුවේ යැයි මම කීවෙමි.(තත් කාලයෙන් කේන්ද්‍රයක් සෑදිමෙන්ද, දරුවගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම බැලීමෙන්ද මෙය ටක්කෙටම කිව හැකි නමුත් එවෙලේ නම් මා ඇසුවෙ නිකමට මෙනි )..
මෙවැනි සිද්දියක් සිදු වූ විට ලකුනු දාගැනීමට කැමති සමහරු නම් තමා සතු බලයකින් එසෙ කල බව කියා කීයක් හෝ වැඩිපුර අයකරගැනීමට පෙලඹෙන බව නම් නොරහසකි
ඇගේ මුහුන වෙනස් වුනේ, ඒ ඇය බලාපොරොත්තු වූ පිලිතුර නොවන නිසා විය හැක

එමෙන්ම උපන් වෙලාව කියූ විට ලග්නය කුමක්දැයි ක්ෂනිකව පැවසීම උගත් ජොතිර්වේදියාට කජු කනවා වැනි වැඩකි.. මීට කලකට ඉහත තාරකා වලින් පාර කියන වැඩසටහනක මෙවැනි මැජික් පෙන්නුවා මතක ඇත.. නමුත් එවා අත්භූත හැකියාවන් නොව ශාස්ත්‍රයේ ඇති සරල මූලික දේවල්ය

නමුත් නියම ජොතිශය යනු ලග්න, නවාංශක, හෝරා, ද්‍රේශ්කාන, ද්වදශාංශක හා ත්‍රිශාංශක යන කෙන්ද්‍ර 6 ම පිරික්සා පලාපල කීමයි... නමුත් අවාසනාවකට දැන් දැන් ලග්නය සහිත භාව කෙන්ද්‍රය පමනක් පරික්ශා කරන ශස්ත්‍රය බාගෙට ඉගෙනගත් ජොතීර් වේදීන් නිසා නියම ශාස්ත්‍රය අභාවයට යමින් පවති... දැන් දැන් කේන්ද්‍රය සෑදීමේදි නවාංශකය හා ලග්නය සහිත භාව කේන්ද්‍රය පමනක් සාදයි... නමුත් ලග්නයේ සියුම් දේ විස්තර වන්නේ ඉහත සඳහන් කල පරිදි සියල්ලම පරික්ශා කල විටය...

ජෝතිශය යනු මැජික් නොව ගණිත ක්‍රම හරහා ග්‍රහ වස්තුන්ගේ පිහිටීම් බලා ඒ ඒ ග්‍රහවස්තුන් තම තමන්ගේ ජීවිත වලට බල පාන ආකරය පැහැදිලි කරන විද්‍යාවකි..