Showing posts with label ජන කථා හා ජනප්‍රවාද. Show all posts
Showing posts with label ජන කථා හා ජනප්‍රවාද. Show all posts

Thursday, October 2, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව් රජුන්


මහා සංතොඨ්ඨික දෙව් රජුන් යැයි කි සැනින් බොහෝ දෙනාට මේ නාමය එතරම් හුරු නැත. නමුත් මෛත්‍රී බෝධිසත්වයෝ යැයි කියු වහාම අද අප කථා කරනා උත්තමයා කවුරුන්දැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.
මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරදුන් නාථ දෙවියන් යැයි යම් පිරිසක් අදහස් දැක්වුවද ඒය වැරදි මතයකි. නාථ දෙවියන් ගැන මා කලින් පල කල ලිපියෙහිද ඒ පිලිබඳ වැඩිදුර විස්තර සටහන් කර ඇත. මෙත් බෝසතුන් දැන් මහා සංතොඨ්ඨික දෙව් රජුන් හෙවත් මහා සංතෝෂයින දෙවියන් ලෙසින් තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් හා අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින් කරන ලද පැහැදිලි කිරීම් වල මනාව සටහන් වේ.



කෙසේ නමුත් මෙත් බෝසතුන් ගැන දීර්ඝ මෙන්ම පැහදිලි කරුනු අපට හමුවන්නේ ඛුද්දක නිකාය, බුද්ධ වංශ දේෂනාව අවසානයේදි සැරියුත් මහරහතන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි බුදුරජානන් වහන්සේ විසින් සිදුකල අනාගත වංශ දේශනාවෙනි.
බුද්ධත්වයෙන් හත්වන වස් කාලයේදී මාතෲ දිව්‍ය රාජයාට ධර්මය දේෂනාකිරීම සඳහා තවුතිසාවට වැඩම කර සිටි බුදුරජානන් වහන්සේ ඉන් පසු මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ නුවර “සිරිවඩ්ඪන” නම් මහ සිටු පුත්‍රයකු ව සිටි මෛත්‍රී බෝසතුන් අප බුදුරජානන් වහන්සේට ආරාමයක් කර පූජා කරවන ලදි එවිට බුදුන් වහන්සේ මේ මතු බුදුවන මෙත් බෝසතුන් යයි ප්‍රකාෂ කල අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම අනාගත වංශ දේෂනාව කල සේක. එහි සඳහන් වන පරිදි උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. කේතුමතී නුවර සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ. වයස අවුරුදු 18 වන විට ගිහිගෙයින් නික්ම යබ බවද මෙම දේෂනාවේ සඳහන් කරුනු අතර වේ.

මෙහි "සිරිවඩ්ඪන" නම අල්ලා ගත් ගාල්ලේ විකටයෙක් තමා මෛත්‍රී බුදුන් යැයි කියමින් බන කීවා කාටත් මතක ඇතැයි සිතමි.

බුදුවන්නට පෙරුම් පුරනා මෙත් බෝසතුන්ගෙන් යමෙක් පිහිටක් බලාපොරොත්තු වේනම් මහා කරුනා සිත පෙරදැරිව උන් වහන්සේ පිහිට වන්නේ යයි පැරැන්නන්ගේ මතයයි.

෴මෙත් බෝසතුන් වන්දනා කරන ගාථාව෴

මෙත්තෙය්‍ය නාමේන බුද්ධො භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදාති තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං

වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමිතං වීතරාගී මුනින්දං

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
0755004166

Wednesday, September 3, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්


                                පත්තිනි මෑණිවරුන් දෙදෙනෙක් ගැන දේව පුරාණයේ සදහන් වෙයිමෙහි දී අප දක්වෙන්නෙ මහ බල සම්පන්න නවගමුවෙ ශී පත්තිනි මැණියන් ගැනය. ඊට අමතරව පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්තා යැයි සැලකෙන වලානේ පත්තිනි මෑණි කෙනෙක් ගැනද පැරනි පොත පතහි සදහන්වෙයි.

                               පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිඹඳ මත කීපයක් සමාජයේ පවතී තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වේ. දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන්. 

                               ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වූ අතර ඈ සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා ඇය සැමියා සොයා එන විට සැමියා මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය රජුට සාප කරනවා.. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

                                     පත්තිනි මෑණියන්ගේ උපත මෙතනින් සිදුවන අතර පසුව තිසරන සරන ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන්.
                                      මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතක්.  

                                     පත්තිනි මෑණියන්ගෙන් පිහිට පතා කිරි අම්මාවරුන්ට දානය දීමත් කාලාන්තරයක් තිස්සේ අපේ රටේ පවතින සම්ප්‍රදායක් ලිපිය අවසන් කරන්න කිරි දානය දෙනකොට කියන යාදින්නය හා තව පත්තිණි මෑනියන් වෙනුවෙන් කියන ස්ත්‍රෝත්‍ර කවි ටිකක් කියා දෙන්නම්..

පූජාව පිළිගැන්වීමේදී සිදුකරන යාදින්න

"මතු බුදුවන ශ්‍රි සිද්ධ සත් පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේගේ පතිවත බල මහිමය කරනකොට ගෙන පඬි රට පඬි රජු ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු ලොවට ඔබ මහිමය පෙන්වා සත්වාරයක්‌ සත් නාමයකින් ජනතා බලය පැතුරූ සත් පත්තිනි දේවියන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්‌කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස්‌ බලා වදාරා ඔවුන්ට වැළඳී ඇති ඇස්‌වහ, කටවහ, අනවින, ලෙඩ රෝග, අතුරු ආන්ත්‍රා, ව්‍යාධි, අලපාලු, ධූරිභූත කොට ඔවුන්ගේ අඹු දරුවන්ගේ ගේ දොර, හරකාබාන, වතුපිටි, ගොවිතැන්, රැකීරක්‍ෂා මෙකී නොකී සියල්ල ආරක්‍ෂා කර ඔවුන්ගේ සියලු වියවුල්, සිත් තැවුල්, අඩුපාඩු මඟහරවා යස ඉසුර ළඟා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිකර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් සපිරිණු මෙම දානය අප විසින් පිළිගැනීමේ හේතු කොට ගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට ද අත්පත් වීමෙන් මතු බුදුවන පත්තිනි දේව ස්‌වාමීන් වහන්ස, ඔවුන් ආරක්‍ෂා කර දෙන සේක්‌වා. 
(මෙම යාදිනකුඑන් පසු කිරි අම්මාවරුන් දානය වළඳා ඔවුන් ඉදිරියේ ඇති පහන්වල වැටිදෙකින් එකක් බැගින් ගෙන අසුනින් නැගි සිට පත්තිනි දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට නමස්‌කාර කර එම වැටියේ ඇති තෙල් ගෙදර අයගේ හිස් වල ආලේප කරයි.)

පත්තිනි මෑණියන් වඳින ගාථාව

මාතරං පත්තිනිං වන්දේ
සර්ව සත්ව ශිවංකරං
දදතාං සතතං මය්‍යහං
ආරෝග්‍යං රක්ෂණං බලම්

ආරාධනා කවි

නානා සුන්දර ජන වනිතාගණ තාර පතී ඉව ශ්‍රී දෙහං
නානා වර්ණක ශාටක ධාරණ මාලා දාම පිලන්ධං
නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන ඥාන විශාරද කීර්ති ධරං
නානා ශෝභිත රත්න නිරන්තර දදාතුතෙ පත්තිනි මාතා

නානා නාගා සුර නර චන්දන මාන නිරන්තර ලද්ධානං
නානා ජාතික පූජක භක්තික චිත්තන කුන්ද විකාසිතං
නානා දෙසික නානා භූමික දෙවා මන්දිර ප්‍රජානං
නානා ශෝභන දෙහ විරාජිත දෙවි පත්තිනි රක්‍ෂා තුරං

පීනා යන මෘදු නාගාභෝගිව බාහුං යුග්මා රුචිරායං
දීර්ඝා ලෝචන මෘග අක්‍ෂි ඉව ප්‍රවාල අංකුර අධ්‍රාවං
දීර්ඝාංගුලි පංකජ පත්‍රානක විංසතියං සුමනා පුෂ්පං
දානාති නිත්‍යා පත්තිනි ශුභ මංගල මායුෂ ශාන්ති ශ්‍රී

අතතය විතතය විතතාතය ඝන සුසිරය පංචාංගික තූය¸
ග්‍රාහික සුර නර පූජිත නිත්‍යාභිලාෂි ජන පූජා කෘත්‍යං
වාදන ගායන ගීතික ඝෝෂා කීර්තිති අශෙෂා චිරකාලං
ආතුර රක්‍ෂතු තෙ ජය මංගල ආයු ශ්‍රියා සුබ දාන කෘතං

මල් යහන් කවි

බැතිනි සත් කපෙන් බුදු බව පතන්නේ
බැතිනි රාග ගුණයෙනි ලොව බලන්නේ
බැතිනි සිතිනි දුන් පින්පෙත් ලබන්නේ
පතිනි දේවි මල් යහනට වඩින්නේ

අමා සිරි දෙන්නට
කමා වන් දුටු වරදට
පමා නොව මෙරඟට
දමා දෑතේ හලඹ නදකොට

පුරා අත හලඹත්
පුරා තද තෙද අගපත්
විරා ජිත කොමළත්
සරා නමිදිමි සුරඹ මුදුනත්

මෙමා කී කවියෙනී
දමා උවදුරු හරිමිනී
යොමා තෙද දෙවියනී
දමා දෑතේ හලඹ නද දුනී

දුහුල් පට වියනෙන්
සුනිල් තිර හත බඳිමින්
සියල් මල් පඬුරෙන්
මෙමල් යහනට දිෂ්ටිලා එන්

පුරා සලඹ නද ගොසකර වැඩම කරනවා
නුරා ළැමැද පියයුරු රන් දමින් වසනවා
ගිරා තුඩුුසෙ ගෝමර රන් බඳ දිලිසෙනවා
සරා ලාපු මල් අස්නට වැඩම කරනවා

ලොබේ වඩන දිව ඔසරිය පවන් සලා ලන්
නුඹේ මුදුන වලා ගැබෙන් එන පුන් සඳමෙන්
ලැබේ මෙදලු මුර දිවසින් බලා හෙලාලන්
අඹේ උපන් පත්තිනි දෙවි රඟමඬලට එන්

අඹයෙන් උපන්නේ
යයි පතළව තිබෙන්නේ
රටින් රට යන්නේ
දුකින් සත මුදවා හරින්නේ

ළමා ළපටින්නේ
අමා මව කිය උන්නේ
සැමා මවු වන්නේ
මෙමා පතිනිට දුක කියන්නේ



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66
෴.෴...෴...෴.෴

Friday, August 29, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්


                                 අපි දන්නවා බුද්ධත්වය පතන බෝධිසත්වවරුන් අප්‍රමාන කරුනාවන්ත මිනිසුන් ඇතුලු සියලුම සතුන්ට කිසිම ආත්මාර්ථ කාමි කමකින් තොරව පිහිටවන පිංවත් පිරිසක් බව. මේ අතරින් මෛත්‍රී බෝධිසත්වයන් ගැන තමයි අපි වැඩිපුර අහලා තියන්නේ. ජනතාව අතර තියන විෂ්වාසයක් තමයි නාථ දෙවියන් කියන්නේ මතු බුදුවන මෛත්‍රී බෝසතානන් වහසේ කියලා නමුත් ඒක වැරදි පිලිගැනීමක් බවයි පෙනෙන්නට තියන්නේ. මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විස්තර වල සඳහන්ව ඇත්තේ මෛත්‍රී බෝසතනානන් වහන්සේ මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා නමින් දෙව්ලොව වැඩ වාසය කරන බවය.  පොත පතෙහි සඳහන් වන්නේ නාථ දෙවියන් යනු අවලෝකිතේෂ්වර නමින් බුදුවීමට පෙරුම්පුරන දෙවි කෙනෙක් බවයි.
                                             වරක් දෙවන පරාක්‍රමබාහු රජ කාලෙ රටේ ලොකු නියං සායක්‌යාඑති වුන අතර ඒරාවස්ථාවේ මහත් සෘද්ධිබල තියෙන නාථ හා මෛත්‍රී දෙවිවරුන්ට පූජා පවත්වල සෙත් පිරිත් සඡ්ජායනා කරවල දළදා වහන්සේත් නුවර පැදකුණු කරවල වැසි ලබාගත් බව මහාවංශයේ සඳහන් වෙනවා. නාථ දෙවියන් යනු ඉතා කුඩා සතුන්ට පවා කරුනාව දක්වන දෙවි කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ. 
                                               ඉතින් මෙවැනි බෝසත් දෙවි කෙනෙක් හට පිං පෙත් අනුමෝදන් කරනවානම් එම දෙවිවරුන්ගෙන් ලෞකික දියුනුවට උපකාරත් ආපදා අනතුරු වලින් ආරක්ශාවත් ලැබෙන බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍ය සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් පිහිට ලබන්නට නම් ඔවුන් පංචශීලය රකින ප්‍රථිපත්ති රකින අයවලුන් විය යුතු බවයි..                
                                         
                                                     
       
නාථ දෙවියන් හට වඳින ගථා ස්ත්‍රෝත්‍ර කීපයක්


නාථ ශ්‍රී සර්ව මංගල්‍ය
යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූපේන
නාථ ස්වාමි නමෝ වරම්
෴..෴..෴

දාන සීල භාවනාදී පාරමිතා පූර්ණං
දාන ශාන්ති සෞඛ්‍ය සම්ප්‍රදාන් ජනාන භුවනම්
තාවතිංස රම්‍ය දිව්‍ය වාසභනව නිත්‍යං
නාථදේව රාජ පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

මයිත්‍රී කරුණා-උපේක්ෂ මුදිතාකර සදෘශං
නයික ලෝක වාස සත්ව කල්ප වුක්ෂ සදෘශං
දයිත‍යා දිත්‍ය තයාගී චින්තන සංයුක්තං
මෛත්‍රී දේවාභිදාන ආසන ප්‍රවිෂ්ටං

අනඝ මති මනෝඤ්ං ධර්ම චින්තා නිධානම්
අනභි මුඛං ශාස්ත්‍රං අග්‍රලෝකාග්‍ර සත්-ත්වං
අමිල රුචිර දෙහං පූජනීයාන බුද්ධෝ
අමරධිපති නාථං දේවරාජං නමාමි
෴..෴..෴

දකුණු අතේ ගන රන්මිණි කලස දරන වට
ලකුණු ඇතුව හෙළා දිෂ්ටි තුසිත පුරේ සිට
දකුණු වලාසද මඩලක් සේම උදා කොට
දකුණු වාසලෙන් එළි බැස මල් දොරගාවට

රනේ කිරුළු තුංගව් දිග සළුව අදින්නේ
පෙනේ විදුලි සැර මල්දම් කරේ දිලෙන්නේ
ගෙනේ දකුණු හස්තෙට රං කලස දරන්නේ
අනේ නාථ දෙවියනි මල් අස්න වඩින්නේ

අතේ දේවගණ රන් මිණි කලස දරලා
ගතේ චන්ද්‍ර සූර්‍යා ආලෝක වඩාලා
ලතේ දිෂ්ටි ජනෙල් දොරෙන් කරුණා කරලා
රතේ පිටින් එන්ඩ මෙමල් මධුර බලාලා

සදුන් සුවද මල්පිනි දිය කස්තුරී කපුරූ
මුදුන් වියන් තිර ජවනික සේසත් පැතූරූ
යොදුන් ගණන් මිහිතල් වැට පන්දම්
උතුන් මෙ නවරත්න තිලක සුරවර කුමරූ

පාත කැළණි පුර ලක්දිව බාරව සිටගති
භූත යකුන් හට ගිනි ගිනි කියා වදා රති
මෑත කපට බුදුවන්නට විවර ලැබගති
නාථ දේව රත්න තිලක සුර පුරයෙන් එති
෴..෴..෴


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66
….….

Sunday, December 22, 2013

ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

මෙය ජනප්‍රවාදයකි. මෙයින් ශක්‍ර දේවේන්ද්‍රයන්ට අපහාසයක් කිරීමට කිසිම බලාපොරොත්තුවක් නැත.


පුරාන කාලයේ හිමාලය ආශ්‍රිතව යෝගී වරුන් සෘෂිවරුන් වාසය කලා. මොවුන් බොහොදෙනෙක් විවිධ ලෞකික ධ්‍යාන ලබා ගත් අය.. සමහරු විවාහ නොවී හිටිය සමහරු විවාහ වෙලා හිටියා. මේ කාලයේ ගෞතම කියලා මුනිවරයෙක් හිටියලු තමන්ගේ බිරිඳ සමග හිමාල වනයේ. මේ මුනිවරයා ඉතා බලගතු ධ්‍යාන ලැබු මුනිවරයෙක්ලු. මේ මුනිවරයට මහත් වූ සෘද්ධි බලයක් තිබුනලු. ඉතින් මේ සෘද්ධි බලයෙන් ඔහු විව්ධ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යැමේ හැකියාවත් තිබුනලු.
මේ ගෞතම මුනිවරයගෙ බිරිඳ ඉතාමත් ලස්සන කාන්තාවක්ලු. දිනක් ඇය තමන්ටත් දිව්‍ය ලෝක බලන්න යන්න කැමත්තක් ඇති බව ගෞතම මුනිවරයට කිව්වහම ඔහු ඇයව තව්තිසාවට එක්කන් ගියලු. තව්තිසාවේ දෙවියන්ටත් හරි පුදුමලු ගෞතම මුනිවරයගේ බිරිඳව දැකලා. කොහොමින් කොහොම හරි ගෞතම මුනිවරයා තමන්ගේ සුරූපී බිරිඳ එක්ක තව්තිසාවට ඇවිත් ඉන්න බවත් ඔහුගේ බිරිඳගේ රූප ශෝභාව ගැනත් ශක්‍ර දෙවියන්ට ආරන්චි වුනලු. ශක්‍ර දෙවියනුත් ඇවිත් බලුවලු මේ කතාව අත්තද කියලා. ඇස් අදහා ගන්න බැරි තරම්  ලස්සන මේ කාන්තාව දැක්කම ශක්‍ර දෙවියන්ට පහත් ආශාවක් හට ගත්තලු. නමුත් තමන් ශක්‍ර දෙවියන් නිසාත් ශක්‍රයා තබා සමන්‍ය දෙවි කෙනෙක්ටවත් මේ වගේ වැඩක් නුසුදුසු නිසාත්  අමාරුවෙන් හිත හදාගෙන හිටියලු. ඉතින් ගෞතම මුනිවරයා නැවත හිමාල අඩවියටම ගියාලු.
ශක්‍ර දෙවියන් කොච්චර උත්සහ කලත් ගෞතම මුනිවරයගේ බිරිඳ ගැන ඇති වුන ආශාව හිතෙන් අයින් කරන්න බැරි වුනාලු. අවසානයෙ තවත් මෙය දරාගෙන ඉන්නට  නොහැකි වුන ශක්‍ර දෙවියන් චන්ද්‍ර දෙවියන් කැඳවා මේ විස්තරය කිව්වලු. චන්ද්‍ර දෙවියන් අකමැත්තෙන් වුනත් ශක්‍ර දෙවියන්ට ඇති හිතවත් කම නිසා මෙයට සහය දීමත් මේ රහස රැකීමටත් කැමැත්ත දුන්නලු. ඉතින් ශක්‍ර හා චන්ද්‍ර දෙවිවරුන් සැලැස්මක් හැදුවලු. ගෞතම මුනිවරයා සෑමදාම කුකුලා හඬලන විට ගඟට ගොස් නා පිරිසිඳුවී ඉර නැගෙනතුරු භාවනා කරන නිසා චන්ද්‍ර දෙවියන් කුකුලෙකුගේ වෙස් ගෙන මද්‍යම රාත්‍රියේදි හඬලා ගෞතම මුනිවරයා ඇහැරවීමටත් එවිට නා පිරිසිඳුවී භාවනාකරන මුනිවරයා ඉර නැගෙන තුරු භාවනා කරන නිසා ඒ කාලයේදි ශක්‍ර දෙවියන් මුනිවරයාගේ වෙස් ගෙන මුනිවරයාගේ නිවසට ගිහින්  තම මනදොල සපුර ගන්න තීරනය කලාලු.
ඉතින් සැලැසුමේ විදිහට මධ්‍යම රාත්‍රියේ චන්ද්‍ර දෙවියන් කුක්කූට වෙස් ගෙන හඬලලා මුනිවරයව ඇහැරෙව්වලු.. ඇහැරුන මුනිවරයා ටිකක් දුර ගිහින් අහස දිහා බලපුවම තාරකාවල පිහිටීම අනුව තමන්ට වේලාව වැරදී ඇති බව දැනගෙන නැවතත් නිවසට ආවලු,
මේ අතරේ ශක්‍ර දෙවියන් ගෞතම මුනිවරයගෙ වෙස් ගෙන නිවසට පැමින මුනිවරයාගේ බිරිඳට ලන්වෙන්න උත්සහ කරන විටම මුනිවරයා නිවසට ඇතුල්වුනාලු. තමන්ට වැඩේ වැරදුන බව දැනගත් ශක්‍ර දෙවියන් බලල් වෙසක් මවාගෙන එතනින් පැනගියාලු. කාරනය එක වරම තේරුම් ගත් මුනිවරයා අනුන්ගෙ කම් සැපතට ලොල්වූ ශක්‍ර දෙවියන්ගේ ශරීරයේ ස්ත්‍රී යෝනි 1000ක් මැවෙන්නට බලවත් ශාපයක් කලාලු. මේ ශාපයෙන් ශරීරය පුරා ස්ත්‍රී යෝනි ඇති වුන ශක්‍ර දෙවියන් ලැජ්ජාව නිසා සඟවී සිටියාලු. 
දේව සභාව රැස්වන දිනයේ සක්දෙවියන් නැතිව දේව සභාවේ වැඩ ආරම්භ කල නොහැකි නිසා ඊශ්වර දෙවියන් සක් දෙවිඳු සොයාගෙන ගියාලු. ශක්‍ර දෙවියන්ගෙන් හා චන්ද්‍ර ද්වියන්ගෙන් විස්තර අසා දැනගත් ඊශ්වර දෙවියන් ගෞතම මුනිවරයා හමුවී ශක්‍ර දෙවියන්ට සමාව දෙන ලෙස ඉල්ල සිටියලු. ශක්‍ර දෙවියන් නොමැතිව දේව සභාවේ වැඩ කරගත නොහැකි නිසාත් ශක්‍ර දෙවියන් පත්ව ඇති අපහසු තත්වය නිසාත් යෝනි දහස ඇස් දහසකට පරිවර්තනය වන ලෙස ශාපය ලිහිල් කලාලු. 


වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Wednesday, December 18, 2013

දෙයියන්ගේ ලෙඩ


වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම දෙවියන්ට අමතක වුනාලු. මේ මහා දේව සමුලුවට කලින් දවසේදී තමයි හදීසියේම මේක මතක් වෙන්නේ. අන්තිම මොහොතේ මේක කරන්නේ කොහොමද කියල කල්පනා කරනකොට මතක් වුනාලු මීට කලින් වතාවක පවත්වපු  යක්ෂ සමුලුවේ ඉතාම හොඳ සැරසිලි කරලා තිබ්බ කියලා අනෙක් යක්ෂයන් ගරා යකාගේ හොඳ කිව්ව එක.. කතරගම දෙවියොත් ගරායකාව කැඳවලා වැඩේ බාරදුන්නලු හොඳින් කරන්න කියලා.
                              දැන් ගරා යකා කල්පනා කරනවලු එයා යක්ෂ සමුලුවේ කරපු විදිහටම ලස්සනට සරසන්න ඔනේ කියලා.. එහෙම හිතලා යක්ෂ සමුලුව සරසපු විදිහටම ඇටකටු, මස් කෑලි, බොකු බඩවැල් ගෙනල්ලා මුලු දේව සභාවම සැරසුවලු.
                              පහුවෙනිදා රැස්වීමට දෙවියන් ආවම මුලු ශාලාවම ඇටකටු, මස් හා බඩවැල් වලින් සරසලා තියනවා දැක්කලු. මේක දැකපු දෙවියන් කතරගම දෙවියන්ට හොඳටම දොස් කිව්වලු. කෝපයට පත් කතරගම දෙවියනුත් ගරා යකාට බැනවැදිලා කිව්වලු වහාම ශාලාව අස් කරන්න කියලා. මස් විසිකරන්න ලෝබ වුන ගරා යකා කටු සූප්පු කරමින් මස් කන්න ගත්තලු.. 
                              මස් කනවා දැකලා ඇතිවුන අපුලත් මස් වල සුවඳ අග්‍රහනය වීමත් මාංශ හා ලේ ඇඟේ ගෑවීමත් නිසා දෙවියන් අසනීපවෙන්න ගත්තලු. ඇඟ කහ ගැහිලා උන හැදුනලු සමහරුන්ගේ ඇඟේ කුඩා බිබිලි එන්න ගත්තලු. දෙවියන්ගේ ලෙඩ වල ආරම්භය ගැන ජනප්‍රවාදයේ එන්නේ එහෙමයි
                              කොහොම හරි මේ අයව බේරගන්න පුලුවන් වුනේ පත්තිනි මැනියන්ටලු. ඇගේ සලුවෙන් හත් වරක් පවන් සැලුවම දෙවියන් සුව වුනාලු. අන්න ඒ නිසාලු සරම්ප පැපොල වගෙ දෙවියන්ගේ ලෙඩ හැදුනම මිනිස්සු පත්තිනි මෑනියන්ට බාර වෙලා පිහිට පතන්න පුරුදු වුනේ.