Showing posts with label නැකැත්. Show all posts
Showing posts with label නැකැත්. Show all posts

Tuesday, December 23, 2014

෴ඉඳුල් කටගෑමේ චාරිත්‍ර හා නැකත් ක්‍රමය෴

          අපගන්නා ආහාර මත අපගේ ශරිර සෞක්‍යහා නිරෝගි තාව රඳාපවතින අතර. ආහාර යනු අපගේ පැවැත්මේ මූලිකාංගයකි. මේ නිසා පුරාතනයේ පටන් දරුවන්ගේ ඉදුල් කටගෑමේ චාරිත්‍රය බොහෝම ඉහලින් සලකා සිදු කල එකකි. අදත් දෙමාපියන් කොතරම් කාර්‍යය බහුල වුනත් දරුවාට නිසි වයස එනවිට චාරිත්‍රානුකූලව ඉඳුල් කටගෑමට පෙලඹිමක් තිබෙන්නේ මේ නිසාය.

                                      සාමාන්‍යයෙන් පිරිමි දරුවෙක්ට ඉඳුල් කටගෑම සඳහා දරුවා ඉපදී මාස හයක් ගතවු පසු ලබන ඉරට්ටේ මාසයක ( 8, 10, 12) යෙදෙන සුභ මුහුර්තයක් සුභ බව සදහන් වන අතර ගැහැනු දරුවෙක් සඳහා දරුවා ඉපිද මාස හයකට පසු ලබන ඔත්තේ මාසයක (9, 11, 13) තෝරාගන්නා සුභ මුහුර්තයක් වඩා සුභ බව සඳහන් වේ. මීට අමතරව නැකැත් සෑදිමේදි පියාගේ ජන්ම නැකතද සැලකිල්ලට ගෙන එයටද ගැලපෙන සේ නැකත සකස් කරගත යුතු අතර මා මුල හා විසා යන නැකත් මගහැරීම ද සුභය. නැකැත් සැකසීමේදී ඉර මුදුන් වීමට පෙර වේලාවකට නැකත සකස් කල යුතු අතර මීට අමතරව නැකැත් සෑදීමේදී භාවිතා කරන අනෙකුත් විධික්‍රම භාවිතා කර සුදුසු නැකතක් තෝරා ගත යුතුය. 



චාරිත්‍ර විධිය

                                      පිරිසිඳුව සකස් කල සුනු සහල් රහිත ඇල්හාල් හෝ රතු කැකුළු හාල් විශේෂයක් ගෙන නැවුම් හැලියක බතක් හා කිරිබතක් උයා ගන්න. (පිරිමි කෙනෙක් විසින් ඉවීම සුභ බවටද මතයක් තිබේ). තම්බාගත් දෙහි ගා දරුවාගේ හිස් සෝදා සුදට හුරු ඇඳුම් අන්දවා දෙමාපියන්ටත් (දෙමා පියන්ද නා පිරිසුඳු විය යුතුයි) බුදුන් වහන්සේටත් දරුවා ලවා වන්දවන්න. ඉන් පසුව බිමට පැදුරක් දමා ඒ මත සුදු ඇතිරිල්ලක් දමා ඒ මත පොල් තෙල් පහනක් දල්වා බත්, කිරි බත් හා ව්‍යාන්ජනද ඒ මත තබන්න. මෙහිදී පැදුර එලා සකස් කර ගැනීමේදී සුභ දිසාවට මුහුනදී වාඩි විය හැකිසේ පැදුරු දමන්නට සැලකිලිමත් වන්න. මීට අමතරව පෙර සදහන් කල දේ වලට අමතරව පලතුරු, රස කැවිලි, මුදල්, රන් ආභරන, පොත් හා පැන්සලක්ද තබන්න. මෙහිදී තිවාලු හා පූවාලූ තැබීම පෙර සිරිතක් බැවින් අලු කෙසෙල් ව්‍යාංජනයක් හා කෝලි කුට්ටු ඇවරියක් ද මෙයටම අන්තර්ගත කිරන්න. එමෙන්ම නෙලුම් කොල මත ආහාර තැබීම ද පෙර සිටම පැවත එන සිරිතය.
                                         මෙසේ සකස් කල ඇතිරිල්ල අසල මේ සියල්ල දරුවාට පෙනෙන සේ සුදු උරයක් හෝ ඇතිරිල්ලක් දැමු කොට්ටයක් තබා ආසනයක් සකස් කරගන්න. මව හා පියා සමග දරුවාගේ දෙපසින් නා පිරිසිඳු වූ කන්‍යාවන් දෙ දෙනෙක් සිටගෙන ඉන්නට සලස්වා සුබ මොහොතින් පලමු බත් කට කවන්න. පිරිමි දරුවෙක් නම් පියා අතේ සිටියදී මව විසින්ද ගැහැනු දරුවෙකු නම් මව අතේ දරුවා සිටියදී පියා විසින්ද බත් කට කවනු ලැබේ. මව හෝ පියා නැති විටදී ඇවැස්ස නැන්දනිය හා මාමා සම්භන්ධ කර ගත යුතුය. මෙසේ බත් කැවීමෙන් පසු පෙර සකස් කරගත් කොට්ටය සහිත ආසනය මත දරුවාව තබන්න. දරුවාට කැමති දෙයක් ගන්නට ඉඩ දෙන්න දරුවා ආහාරයක් ගතහොත් එය කවන්න. ( දරුවාට කන්නට දිය හැකි ආහාර පමනක් තබන්නට වගබලා ගත යුතුය) මෙම ආසනයේදීම දරුවාගේ කරට පංචායුධයක් පලඳවන්න. 




වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Thursday, August 21, 2014

෴දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴


අද දෙමාපියන් බොහෝ කාර්‍යය බහුලය. මේ නිසා සියල්ල ලේසියට හා පහසුවට කරගන්නට නිතරම සිතයි. සමහර විට තම දරුවන්ගේ කාර්‍ය්යන් වලදී පවා නොදැනුවත් කම නිසා හෝ නොසැලකිල්ල නිසා චාරිත්‍ර වාරිත්‍ර මගහරින්නට පෙලඹෙන බවක් දැන් දැන් පෙනෙන්නට ඇත. මේ ලෙසින් බොහෝ දෙමාපියන් හට අතෑරෙන දෙයක් ලෙස දරුවාට අකුරු කියවීමේ චාරිත්‍රය පෙන්වා දිය හැක. ජ්‍යොතිර්වේදියෙක් ලඟට ගොස් වෙලාවක් සකස් කරගෙන එන දෙමාපියන් කඩේ තිබෙන හෝඩි පොතක් ගෙන නියමිත වෙලාවේදී එය දරුවාට කියවීමට දැන් දැන් පුරුදු වී ඇත. මේ දේ මෙසේ සිදුවීම ගැන ජ්‍යොතිශ කඩ කරගෙන යන අයද වග කිව යුතුය. මන්ද ඔවුන් තමා වෙත එන අයට මුදලට නැකත සාදා දී කලයුතු වත් පිලිවෙත් කියා දෙන්නේ නැත. සරස්වතී පුජාවක් තැබිය යුතු බව කියා එයින්ද ගානක් කඩාගන්නට උත්සහ කරයි. ඔවුන් එයට එකඟ නොවුනොත් නැකත පමනක් ලබා දී නිකන්ම අත පිසදාගනී. කලයුතු චාරිත්‍ර වාරිත්‍ර කියා දීමක් නැත. කෙසේ නමුත් අදූරට සාප කරනවාට වඩා එක පහනක් දැල්වීම උතුම් නිසා මෙහි නිවැරදි ක්‍රමය ඔබට කියා දීමට අදහස් කලෙමි.

සුභ මුහුර්ථය සාදවා ගැනීම
මුලින්ම දරුවාට අවුරුදු දෙක සම්පූර්ණ වී ලබන තුන්වෙනි අවුරුද්ද තුල හෝ අවුරුදු හතර සම්පූර්න වී ලබන පස්වන අවුරුද්ද තුල අකුරු කියවීම සුභය. ඉන් පසු කලයුත්තේ පවුලේ ජ්‍යොතිර් වෙදියා වෙත ගොස් දරුවාට අකුරු කියවීමට සුදුසු සුභ මුහුර්ථයක් සකස් කරගත යුතුය. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් ඇත. බොහෝ දෙමාපියෝ අප වෙත පැමින අසවල් දවසට නැකතක් සාදා දෙන්න කියා ඉල්ලා සිටියි. එවැන්නන්ට මා නම් දෙන පිලිතුර වන්නේ දවස තෝරාගත් ආකාරයෙන්ම වේලාවද තෝරාගන්නා ලෙසය. මා අනුමත කරන ක්‍රමය වන්නේ දරුවාට අවුරුදු දෙක සම්පූර්න වූ පසු ඉදිරි වසර තුල තිබෙන යහපත්ම සුභ මුහුර්ථය සකස් කර ගැනීමයි. 


චාරිත්‍ර
මේ සඳහා තුන්වරුවක් වත් අඩුම තරමේ නිර්මාංශව සිටීමට හැකි නම් අගනේය. තෝරා ගත් දිනයේ උදෑසන ආසනයක් සකස් කල යුතුය.  එය පිරිසිදු මෙන්ම යකඩ ඇණ නොගැසූ එකක් වීම අනිවාර්‍යය කරුණකි. 
පළමුව සුදු රෙද්දක් එළා ඒ මත බුද්ධ රූපය හා සරස්වතී දේව මෑණියන්ගේ හා ගණ දෙවියන්ගේ රූප තබන්න.( බුද්ධ රූපය මඳක් ඉහලින් තබන්න. අනෙක් රූප දෙක බුද්ධ රූපය දෙපැත්තෙන් තබන්න) බුද්ධ රූපය අසල මල් තබා පහනක් දල්වන්න. ඉන් පසුව බුලත් කොල 10ක් ගෙන මැටි පහනක් ඉන් එක බුලත් කොලයක් මත තබා එම බුලත් කොලයේ උරච්චිකරන ලද සුදු හඳුන් ටිකක් ගාන්න.(සදුන් කුඩු තලපයක් සේ දිය කර ගත්තද ගැටලුවක් නැත) ඒ ලෙසම තවත් බුලත් කොල 9ක් කෙසෙල් කොලය මත රවුමට තබන්න.(නැටි පිටට හිටින සේ) එම බුලත් කොල මත ද පෙර සේම සුදු හඳුන් ගාන්න. සෑම බුලත් කොලයක් මතම පඩුරු කාසිය බැගින් තබන්න.  කලින් දෝවනය කරන ලද මල් බුලත් කොල මත තබන්න. (සරස්වතී දේවිය අසල නෙලුම් කොලයක් මත රතු නෙලුම් මලක් තබන්න. ගණ දෙවි රූපය අසල කෙසෙල් කොලයක් හෝ අඹ කොල මත පිච්ච හා සුදු නෙලුම් තබන්න.) පහන් දෙකක්ද තබන්න. බුද්ධ පුජාව තබා දරුවා සමග පන්සිල් ගන්න ඉන්පසුව බුලත් අත් දෙකක් ගෙන අතුරා සකස් කරන ලද පූජා වට්ටි දෙක තබන්න.

මෙසේ පූජාව තබා දේවාරධනා මන්ත්‍ර ජප කර කහදිය කොතල ජපකර තැඹිලි ජප කර දේව වරම් ගෙන මෙය සිදු කිරීම සාමාන්‍ය ක්‍රමය වුවද මෙහිදී දරුවාගේ දෙමාපියන්ට වුවද කලහැකි ලෙස මෙම කාර්යය කරන ආකාරය කියාදීමට බලාපොරොත්තු වෙමි.

 පෙර කී ලෙස පූජා වට්ටිය තබා තමා සර්ස්වති හා ඝන දෙවියන් සඳහා කියන්නා වූ ස්ත්‍රෝත්‍ර දන්නේ නම් ඒවා කීමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට පිහිට වන ලෙස ඉල්ලා සුදුසු වෙලාව ලැබූ විට අකුරු කියවීම මැනවි. අකුරු කියවු පසු පූජා වට්ටි වල ඇති පලතුරු නිවැසියන්ද කුඩා දරුවන්ද අනුභව කර සතුන්ටද දෙන්න..

පූජා වට්ටිය
අන්නාසි  සමගින් පළතුරු 9ක් ද කැවිලි වර්ග ද 9ක් ද (තල ගුලි හෝ කැරලි,උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද තබන්න) පුජාවට්ටියකට තබන්න ‍(ගෙඩි පූජාව තබන විට දී මෙන් පළතුරු ගෙඩි පිටින් ඇස්ස පමණක් කපා තබන්න. ගස්ලබු තැබීම සුදුසු නොවන බව ආචාර්‍ය මතයයි) 
සරස්වතී දේවියට තබන පූජා වටියට බෙලි කොළ මාලයක් හා ගණ දෙවි යන්ට තබන පූජා වට්ටියට අඹ කොළ මාලයක්
හබලපෙති
වීපොරි
පිනිදිය (බෙහෙත් බඩු කඩ වලින් ගත හැක)
පඩුරු
ගිතෙල් හා මීපැණි 
උක් හකුරු
කිරි බත්
කළු උක්

අකුරු කියවීමේ සුභ අක්ෂර පිලිවෙල

පළමුව ස්වස්ථි සිද්ධම්! යන වැකිය දරුවා ලවා තුන් වරක් කියවන්න. දරුවා කෙබඳු ආකාරයකට මෙම වැකිය උච්චාරනය කලද අකුරු කියවන වැඩිහිටියා මෙය නිවැරදි ලෙස උච්චාරනය කල යුතුය.

ඉන්පසු දේව අක්ෂර වලින් අකුරු කියවීම ආරම්භ කල යුතුය ඒ අකුරු පිලිවල මෙසේය.


ස ත ද ව ට ඉ ඔ 
උ ප ග හ බ ඊ සා
ඩා තා වා පා දා ඌ ඕ

ඉන්පසු සංක්‍යා කියවන්න මුලින්ම දරුවාගේ ජය අංකය කිය වන්න ඉන්පසුව 1 සිට 10 දක්වා ඉලක්කම් පිලිවෙලින් කියවන්න
අංක කියවූ පසුව හෝඩි පොතක් ගෙන සිංහල හෝඩිය පිලිවෙලින් කියවන්න.

මෙහිදී විශේෂයෙන් සැලකිලි මත් විය යුතු දෙයකි. එනම් අකුරු කියවීමේදී "ස"යන්න "ත"යන්න ලෙස නොව ස ත ලෙස අකුරේ ශබ්ධය කියවීම අනිවාර්‍යයයි.

අකුරු ලියවන විට දරුවා ලවා මුලින්ම ඔහුගේ නම ලියවන්නේ නම් මැනවි.

සරස්වතී මෑනියන්ට හා ගණ දෙවියන්ට කියන්නාවු ස්ත්‍රෝත්‍ර මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
+94 755 00 41 66