Monday, May 26, 2014

ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 01


පහු ගිය දවස් වල බ්ලොග් එකට ලැබුන හොඳ ප්‍රථිචාර නිසාත්, ඒ වගේම විෂය ඉගෙනගන්න උනන්දුවක් දක්වන පිරිසේ වැඩි වීමක් දැක්ක නිසාත් ජ්‍යොතිෂයේ අලුත්පැත්තක් ගැන කියලා දෙන්න හිතුවා.(අලුත් කියලා කිව්වේ මේ පිලිඹඳව මම මීට පෙර කිසිම ලිපියක් පල කලේ නැති නිසා නැතුව මේක බොහෝ පැරනි හා සාර්ථක ක්‍රමයක්)

මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ ජෛමිනි කියන සෘශි වරයා මෙතෙක් කල් මා ලිපි පල කලේ පරාෂර හා වරහාමිහිර ආචාරින්ගේ ඉගැන්වීම් උපයෝගී කරගෙනයි. ඉතින් මේක පාඩම් මාලාවක් ලෙස අනෙක් ලිපි අතරේම විටින් විට දාන්න බලාපොරොත්තු වෙනවා..

මේ ක්‍රමය ඉගෙන ගැනීමේදී මුලින්ම ඔබට රාශි 12 හා ඒවා චර රාශිද ස්තීර රාශිද නැතිනම් උභය (ද්වීගුන.) රාශිද යන වග හඳුනා ගත යුතු වෙනවා.

චර රාශී
මේෂ, කටක තුලා හා මකර යන රාශි තමයි චර රාශි වෙන්නේ. රාශි 12න් වඩා බලවත් රාශි ලෙසත් ඇතමෙක් මේ රාශි හඳුන්වනවා. වෙනස් වෙන ගතිය, ඉදිරියට යන ගතිය, අලුත් දේ කරන සිතන ගතිය මේ රාශි වල දකින්නට ලැබෙනවා.

තිර රාශි
වෘෂභ, සිංහ, වෘෂ්චික හා කුම්භ කියන රාශි මේ කොටසට අයත්. යමක් අල්ලා ගත් විට එහිම එල්ලි සිටින ගතිය, අදහස් වෙනස් නොකරන ගතිය ආදී දේ මෙහි ප්‍රධාන ලක්ෂන වෙනවා

උභය රාශි
ඉතිරි රාශි ටික වෙන මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි උභය රාශි හෙවත් මේ හුන දෙකම තිබෙන රාශි ලෙස සලකනවා.

පරාෂර ක්‍රමයට අපි ග්‍රහ දෘෂ්ඨි සැලකුවත් ජෛමිනි ක්‍රමයේදී සලකන්නේ රාශි දෘෂ්ඨියි. ග්‍රහ දෘෂ්ඨි ගැන මම කලින් ලිපියක් පල කලා ඔබට මතක ඇති. මතක නැත්තන් හරි මගෑරුනානම් හරි මෙතනින් ගිහින් බලන්න.

දැන් අපි බලමු ජෛමිනි ක්‍රමයේ රාශි දෘශ්ඨි ගැන.
මෙය ඉතා සරලයි. 

01.චර රාශි විසින් තිර රාශි දකින අතර තමාගේ එහාපැත්තේ නැත්තන් අල්ලපු තිර රාශිය නොදකී.

අපි උදා හරනයක් ගමු



මේශ රාශිය චර රාශියක්. වෘෂභය තමයි එයට අල්ලපු තිර රාශිය එතකොට මෙ හඳහන් සටහනේ ඉන්න රවිට ජෛමිනි ක්‍රමයට අනුව පෙනෙන්නේ සිංහ වෘෂ්චික හා කුම්භ යන රාශි. 

එතකොට පරාශර ක්‍රමයට අනුව රවිට තමන් ඉන්න තැන ඉඳලා 03, 07, 10 කියන රාශි පේනවා 


මේ ක්‍රම දෙකම එකතු කරාම



ඔයාලට පේනවා ඇති තැන් 6කට රවිගේ දෘශ්ඨිය වැටෙනවා මේ නිසා ඔයාලා බලන හඳහන ගැන ගන්න තීරනය නිරවද්‍ය තාවයෙන් වැඩි වෙන්න හේතුවක් වෙනවා.

02. තිර රාෂි විසින් තමාට අල්ලපු වැටේ තියන චර රාශිය ඇරෙන්න අනික් චර රාශි දකිනවා
උදාහරනයක් බලමු.

මේකේ කුම්භ රාශියට අල්ලපු වැටේ ඉන්න මකර රාශිය ඇර අනෙක් චර රාශි (මේෂ, කටක, තුලා) පේනවා. 

03. උභය රාශි වලට පේන්නේ උභය රාශිමයි.

උදාහරනයේ මිථුන රාශියට පෙනෙන්නේ කන්‍යා ධනු හා මීන කියන රාශි.

ඔන්න පලවෙනි කොටස ඉවරයි. ඔයාලට පුලුවන් තමන්ගේ පවුලේ අයගේ හඳහන් අරන් ජෛමිනි ක්‍රමයට හා පරාශර ක්‍රමයට ග්‍රහ දෘෂ්ඨි වැටෙන විදිහ අධ්‍යයනය කරන්න. ඊලඟ ට කාරක ග්‍රහයන් ගැන ලිපියකින් ඉක්මනින් හමුවෙමු.


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේ රත්න

No comments:

Post a Comment