Thursday, March 27, 2014

ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය

මේ ස්ත්‍රෝත්‍රය රචනා කල කෙනා සේ සැලකෙන්නේ වෙන කවුරුත් නොව මීට වසර 5000කට පෙර ලක් පොලෝතලය මත විසුවා යැයි සඳහන් වන දස කන්ඨ රාවණා හෙවත් දසිස් රාවණා රජුය (දසිස් යනු ඔහු මිනිසුන් දසදෙනෙක් සතු වූ තරම් දැනුමකින් හෙබි වූවා යන්නටත් රටවල් 10ක ඔටුනු දැරුවා යන්නටත් ඔහුට ලැබුන ගෞරව නාමයයි.) මේ ස්ත්‍රෝත්‍රය ඔහු විසින් රචනා කරන ලද්දේ ශිව නම් වූ දෙවි කෙනෙක් සඳහා බව කියවේ. 

ශිව යනු හින්දු දෙවියෙක් යැයි පවසන මුත් ඔහු ගැන මෙවැනි ප්‍රවාදයක්ද පවති, එනම් බුද්ධ උත්පාද කාලයට පෙර කුන්ඩලීනී යෝගය අවදි කල හා බොහෝ ධ්‍යාන වැඩු සෘශිවරයෙකු වූ මෙම ශිව නම් තැනැත්තා මිය ගොස් දේවත්වයට පත් වීමෙන් පසු රාවණා රජු ධ්‍යාන වඩන සමයේ මොහුගෙන් උදව් උපකාර ගත් බවයි. 

රාවණා රජු කුන්ඩලීනි යෝගය කෙටි කලකින් අවධි කරගැනීමට ශිව දෙවියන්ගේ උදව් උපකාර ඇතුව කෙටි ක්‍රමයක් භාවිතා කල බව ජන ප්‍රවාදයෙහි වේ. එනම් පහල සිට එකින් එක යෝගය අවදි කරනු වෙනුවට කෙලින්ම තෙවන ඇස හෙවත් සයවන යෝගය අවධි කිරීමයි. එවිට ඉබේම පලමු යෝගයන් 5 අවධි වූ බව ප්‍රවාදයෙහි සඳහන්ය. මෙම කටයුත්ත සඳහා රාවණා රජු ශිව දෙවියන්ට මෙම ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍රය රචනා කල බව සඳහන්ය. ඔහු මේ සඳහා ඉතා අපහසු වූ වෘතයක්ද රැකි බව සඳහන්ය.




මෙම ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍රයේ ඇති ඝන පිහිටීම ඉතා විශිෂ්ඨය. එය මෙම ස්ත්‍රෝත්‍ර කියවනවිට දැනේ. දිය රැල්ලක් යන ආකාරයෙන් නිර්මිතය..

මෙම ස්ත්‍රෝත්‍රය ඉතා වටිනා ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අදද භාවිතා කරයි.


දශ කණ්ඨ රාවණ විසින් විරචිත ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය

ජටාටවී ගල ජ්ජල ප‍්‍රවාහ පාවිත ස්ථලේ
ගලේ අවලම්භ්‍ය ලම්බිතාම් භුජංග තුංග මාලිකාම්
දම ධම දම ධම නිනාදව ධමර්වයම්
ඡකාර චණ්ඩ තාන්ඩවම් තනොතු නා ශිව ශිවම්

ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම නිලිම්ප නිර්ජරී
විලෝල වීචි වල්ලරී විරාජ මාන මුර්ධනී
ධග ධග ධග ජ්ජ්වලල් ලලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති ක්‍ෂනම් මමා

ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරදිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ
කෘපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි
ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී

ජටා භුජංග පිංගල ස්පුරත් ප‍්‍රණා මණි ප‍්‍රභා
කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූ මුඛේ
මධංග සින්ධුර ස්ඵුරත්වගු උත්තරීය මේධුරේ
මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී

සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත්‍යශේෂ ලේඛ ශේඛරා
ප‍්‍රසූල ධූලි ධෝරනී විධු සරංග‍්‍රි පීධභූ
භුජංගරාජ මාලයා නිබද්ධ ජාධ ජූටකා
ශ‍්‍රියය් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා 

ලලාට චත්වරා ජ්වලධනම් ජය ස්ඵුලිංගභා
නිපීඨ පංච සායගම් නමඃ නිලිම් ප‍්‍රණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේඛරම්
මහා කපාලි සම්පදේ, ශිරෝ ජධාලමස්තු නා

කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්ජ්වලා
ධනම් ජයාහුතී කෘතා ප‍්‍රචණ්ඩ පංච සායගේ
ධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍රපත‍්‍රකා
ප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
කහූ නිෂීදි නීතමඃ ප‍්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා

ප‍්‍රපල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමඃ ප්‍රභා
වලම්භි කණ්ඩ කන්ථලී රුචි ප‍්‍රබද්ධ කන්ධරම්
ස්මරස්චිධම්, පුරස්චිධම් භවස්චිධම් මඛච්චිධම්
ගජචිධාංදකච්චිධම්, තම් අන්තකච්චිධම් භජේ

අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රස ප‍්‍රවාහ මාධුරී විජෘම්භ මාන මධු වෘතම්
සුරන්තකම්, පරන්තකම්, භවන්තකම් මඛන්ධකම්
ගජන්ධකන්ධකන්ධකම් තමත්නකන්තකම් භජේ

ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බ‍්‍රමද්බුජංග මශ්වසත්
විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හව්ය වාත්
ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල
ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිත ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා

දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික ස‍්‍රජො
ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්‍ෂ පක්‍ෂයෝ
තෘණාර වින්ද චක්‍ෂු-ශ්‍රෝත්‍ර ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
සමංප‍්‍රවර්තයං මන: කධා සදා ශිවං භජා අහම්

කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම්
විමුක්ත ධුර්මති සදා ශිරස්ථ මංජලිං වහම්
විලෝල ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා
ශිවේති මන්ත‍්‍ර මුචරන් කදා සුඛී භවාම්‍යහම්

ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමෝ තමම් ස්තමම්
පඨම්ස්මරම් ධෘවං නරෝ, විශුද්ධිමේති සන්තතම්
හරේ ගුරෝ සුභක්ති මාශු යාති නන්‍යධා ගතීම්
විමෝහනම්හි දේහිනාම් සුශංකරස්‍ය චින්තනම්

ඉති ශ‍්‍රී දශ කණ්ඨ රාවණ කෘතම්, ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම් සම්පූර්ණම්෴



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරතන

Monday, March 24, 2014

කවුද මේ 22 දේර්කානාධිපතියා?

                      මම හිතුවා අද කට්ටියට කවුද මේ 22වන දේර්කානාධිපතියා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ජ්‍යොතිෂ ගැන පොඩි හරි දැනුමක් තියනවනම් හරි, තමන්ගේ හඳහන බලවගන්නවත් ගිහින් තියනවනම් හරි අනිවාර්යෙන් මේ 22වන දේර්කානාධිපතියා ගැන අඩු තරමින් වරක් වත් අහලා තියෙන්න ඕන. 
ජ්‍යොතිෂයේ 22වන දේර්කානාධිපතියාව සලකන්නේ ප්‍රධාන අසුභ ග්‍රහයෙක් හැටියටයි. බොහෝ තැන්වලදී සෙනසුරුගේ ලග්න ඒරාශ්ඨකයට වඩා 22 දේර්කානාධිපතියාගේ දසා කාලයේදි නොයෙක් කරදර වලට මූන පාන්න වන බව බොහෝ තැන්වලදී අත්දකින්න ලැබී තිබෙන දෙයක්. මේ 22 දේර්කානාධිපතියා විවාහය බිඳ දැමීමට අසනීප වලට හා විශේෂයෙන් මරනයට හේතු වන ග්‍රහයෙක් බව පැරනි පොතපතේ සඳහන්. 
නමුත් මෑත භාගයේ ලියවෙන බොහෝ ජ්‍යොතිෂ පොත පත වලින් මේ 22 දේර්කානාධිපතියා සොයන ආකාරය හා 22දේර්කානාධිපතියා ගැන සඳහන් නොවන්නේ පැහැදිලිවම එය ගුරුමුෂ්ඨියක් ලෙස සඟවා ඇති නිසායි. නමුත් ජ්‍යොතිෂ වේවා වෙනත් විෂයක් වේවා ගුරුමුෂ්ඨි එම විෂයේ දියුනුවට නොව විනාෂයට හේතු වන බව මගේ මතයයි.
ඉතින් අපි මේ 22දේර් කානාධිපතියා සොයන ආකාරය බලමු. මුලින්ම දේර්කානයක් යනු කුමක්දැයි බලමු. දේර්කානයක් යනු එක් රාෂියක් තුනකට බෙදුවිට ලැබෙන කොටසකි. යම් රාශියක මුල් දේර් කානය එම රාශිය අයිති ග්‍රහයාටත් දෙවන දේර්කානය එතැන සිට 5 වැන්න අධිපතියාටත්. අවසාන දේර්කානය එම රාශියෙන් 9වැන්න අදිපතියාටත් අයිති වේ. ඒ අනුව තමා උපන්නේ ලග්නයේ කුමන දේර්කානයේදැයි බලා එතැන සිට දේර්කාන 22ක් ගැනගෙන ගිය විට 22වන දේර්කානාධි පතියා හමුවේ. මෙය ජ්‍යොතිෂ දැනුම අල්ප කෙනෙකුට වුවත්තේරුම් ගන්න පුලුවන් විදිහට වගුවක් ආකාරයෙන් සකස් කරන්න  සිතුවේ හැමටම මෙය ප්‍රයෝජනවත් නිසාය.




මේ 22 දේර්කානාධිපතියා විවාහ පොරොන්දම් බැලීමේදී අනිවාර්යෙන් බැලිය යුත්තකි. සියලු පොරොන්දම් ගැලපුනත් විවාහය කඩා කප්පල් වන්නේ නොදැනුවත්කම නිසා හෝ කම්මැලි කම නිසා මෙවැනි දෝෂ වලට ජ්‍යොතිෂ වේදීන් අවධානය යොමු නොකිරීම නිසාය. 

යම් හඳහනක 22 දේර්කානාධිපතියා අනෙක් කෙනාගේ ලග්නාධිපතියා වේනම් සැමියාට හෝ බිරිඳට බොහෝ අපලය.

යම් හඳහනක 22 දේර්කානාධිපතියා 7 වැන්නේ සිටින විට හෝ 7වැන්නාධිපතියා 22 දේර්කානාධිපතියාද වන විට එවැනිම හඳහනක් සෙවිම වඩා සුදුසුය.

දෙදෙනාම 22 දේර්කානාධිපතියාගේ දසාවක් ගත කරයි නම් එවැනි කාලයකදී විවාපත් වීම එතරම් සුදුසු නැත. 

මේ ආකාරයෙන් බොහෝ තැන් වලදී 22 දේර්කානාධිපතියාගැන සොයා බැලිය යුතු නමුත් එසේ නොකිරීම නිසා බොහෝ විට පවුල් අවුල් කරවන ප්‍රෂ්න ඇතිවී තිබෙනවා අනන්තවත් දකින්නට ලැබී ඇත.


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

Friday, March 14, 2014

෴බ්‍රහ්ම මුහුර්ථය෴

                       ජ්‍යෝතිෂ හා ආයුර්වේදය කියන විෂය පථ දෙකේදීම අපට හමුවන මෙම බ්‍රහ්ම මුහුර්ථය. ජ්‍යෝතිෂ විද්‍යාව තුල හඳුන්වන්නේ සුභ කාල හෝරාවක් ලෙසයි. ජ්‍යොතිෂාස්ත්‍රය තුල රාහු කාලය, රික්තා හා සාගර මුහුර්තය ලෙස සුභ වැඩ වලට යොදා නොගතයුතුයැයි සැලකෙන කාල වෙන්කර දී ඇත්තා සේම ඉතා සුභ කාලයන්ද පෙන්වා දී තිබේ (බොහෝ දෙනා සිතන්නේ මේ විශය හුදෙක් නරක දේම පමනක් පෙන්වාදෙන විශ්යක් ලෙසයි ). මේ ලෙස දැක්වෙන සුභ කාලයන් අතරින් බ්‍රහ්ම මුහුර්තයට ලැබෙන්නේ සුවිශේෂ තැනකි.
සෑම දිනකම සූර්ය උදාවට සිංහල පැය හතරකට පෙර මෙම මුහුර්තය උදාවන බව පැරනි පොතපතේ සඳහන්ය.(සින්හල පැය 2 1/2 ක් ඔරලෝසු පැය එකකි ) සූර්ය උදාවට සිංහල පැය එකකුත් එක් පන්චම හෝරාවකට පෙර බ්‍රහ්ම හෝරාව නිමාවෙන බව සඳහන්ය( පන්චම හෝරාවක් ඔරලෝසු මිනිට්ටු 12කි ) තේරෙන බාශාවෙන් ආසන්න වශ්යෙන් කිවහොත් සාමන්‍යයෙන් පාන්දර හතරත් පහමාරත් අතර කාලය බ්‍රහ්ම මුහුර්තය වේ. 
ආයුර්වේදයේ එන ඉඩාපිංගල ශාස්ත්‍රයේ (මේ ශාස්ත්‍රය ඉතා පැරනි හා නිවැරදි ආයුනිර්නය හා රෝග නිර්නයට භාවිතා කරන නාඩි ශාස්ත්‍රයකි. මෙහි ඉඩා, පිංගල,සුෂුම්නා, ගන්ඩාරි,.. ලෙසින් නාඩි 10ක් සම්බන්ධව කියවේ) නල පරික්ෂාවට තෝරාගෙන ඇත්තේද මෙම මුහුර්තයයි. බුදුන් වහන්සේ ඇතුලු බොහෝ මහරහත් උත්තමයන්ද වෙනත් ආකාර වලින් ධ්‍යාන ලබාගත් අයද ( කුන්ඩලීනී) බොහෝ පිරිසක් එම මාර්ග පල හෝ ධ්‍යාන අවබෝධ කරගත්තේද මේ බ්‍රහ්ම මුහුර්ත කාලයේදීයි. 




අශ්ඨාංග හෘදය නම් විශිෂ්ට ආයුවේද ග්‍රන්තයේ මෙසේ දැක්වෙයි
"බ්‍රහ්ම මුහුර්ත උත්කෘෂ්ටේත් ස්වස්ථෝ රක්ෂාර්ථමායුෂඃ" 
නිරෝගී පුද්ගල තෙමේ සිය ආයුෂය රැක ගැනීම වස් බ්‍රහ්ම මුහුර්තයෙහි දී නින්දෙන් අවදි වන්නේය.
(අෂ්ටාංග හෘදය සංහිතා, 2 අධ්‍යයය) 
ඉහත ග්‍රන්ථයෙහිම පහත සඳහන් දෑ මෙම මුහුර්තයේ සිදු කිරීම ඉතා සාර්ථක පල ගෙන දෙන බවට සඳහන්ය.
බ්‍රහ්ම මුහුර්ථයෙන් අවදී වූ විට සිතේ කාලයක් මුලුල්ලේ පැවති ප්‍රශ්නයකට විසඳුම් මතක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව අත්දැකීමෙන්ම පැවසිය හැක.

  1. යෝගී ව්‍යායාම ආරම්භ කිරීම
  2.  මාර්ගඵල හෝ යෝගී ධ්‍යාන අවබෝධයට සිත යොමු කරවීම
  3.  ස්ත්‍රී පුරුෂයන් අතර ආදරය හා ලිංගික කටයුතු කිරීම 
  4.  ස්වයං වින්දනයේ යෙදීම 
  5.  දරුවන්ට මව්කිරි දීම
  6.  ගහ කොළට සාත්තු කිරීම
  7.  පොත් පත් ශාස්ත්‍රීය කටයුතු කිරීම
  8.  නව සොයා ගැනීම් ගවේශන ආදි බුද්ධිය මෙහෙයවා කරන දෑ කිරීම


ජ්‍යෝතිෂය තුලත් සියලූම යන්ත්‍ර මන්ත්ට කටයුතුවලට ඉතාම සුභ මොහොත ලෙස දැක්වෙන්නේ මෙම බ්‍රහ්ම මුහුර්ථයයි.





වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Monday, March 10, 2014

පුරාන සිංහලයන්

පුරාන සිංහලයන් යනු පරිසරයේම කොටසකි, ඔවුන් කිසිදාක පරිසරයට විරුද්ධ වු දියුනුවක් හඹාගියේ නැත. භෞතික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුනුව ඔවුන් අගය කලෝය. ඒ නිසාම පුරානයේ අධිමානසික ශක්තිය වර්ධනය කල සෘෂිවරුන් බොහෝ විය. ඔවුන් ලබාගත යුතු දියුනුව කුමක්ද ලබා නොගත යුතු දියුනුව කුමක්දැයි මනාසේ දැන සිටියෝය. ඒ නිසාම ඔවුන් තාක්ෂනික දියුනුවක් පසුපස හඹා නොගියෝය. බුදුන් වහන්සේගේ කාලයේ පවා නොයෙක් ධ්‍යාන ලැබූ පෘතක්ජන පුද්ගලයන් සිටිබව ඕනෑ තරම් සාධක තිබේ. එවනි දියුනු කල මනසක් ඇති පුද්ගලයන් සිටියානම් මෙවැනි තාක්ෂනික දියුනුවක් එදා නොලැබුනේ ඇයිදැයි කෙනෙකුට ප්‍රෂ්නයක් මතු වීමට පුලුවන, එයට ඇත්තේ සරල පිලිතුරකි එනම් ඔවුන් මේ අපදැන් ලබා තිබෙන දියුනුව හා බැඳී තිබෙන විනාෂයද කල් තියාම දුටු බැවිනි. දැන් කන හාල් වල විස කලවම්ය, කන එලවළු වල විස කලවම්ය, බොන වතුර වල විස කලවම්ය කොටින්ම අප ගන්නා හුස්ම පොද පවා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු වලින් දූෂනය වෙලාය. පෙර මුතුන් මිත්තන් ලෙඩක් දුකක් හැදුන විට ගසක කොලයක් පොත්තක් ගෙඩියක් මුලක් භාවිතා කර එම රෝගය සුවපත් කලෝය, නමුත් දැන් අපට තිබෙන්නේ එක ලෙඩක් සනීපකර තව ලෙඩක් ඇති කරනා බේත් හේත් ක්‍රමයකි. 

පුරාන සෘෂිවරුන් ආයුර්වේදය හා ජ්‍යෝතිෂය යන නිවුන් සහෝදරයන් දෙදෙනා අපට දායාද කලෝය.. දරුවෙක් උපන් වෙලාවේදී සකස් කරගන්න වෙලාපත්කඩය ඇසුරෙන් ඔහුගේ ජීවිතයේ සුභ අසුභ කාලයන් බලා ගැනීමටත් අසුභ පල අඩු කරගෙන සුභ පල වර්ධනය කිරීමටත් ජ්‍යොතිෂ උපකාරී විය.. හොඳ අහාර රටාවක් තිබූ නිසා ලෙඩදුක් අඩු විය. ඉඳහිට හෝ ලෙඩක් දුකක් හැදුන විට ස්වභාවධර්නයෙන්ම සපයාගත් බෙහෙත් මගින් ඔවුන් ඉක්මනින්ම සුව විය. අපේ පැරැන්නෝ සතුව බොහෝ කෙම් ක්‍රම විය. බේත් හේත් වලට අමතරව ඔවුන් මේ කෙම් ක්‍රම මගින්ද තම කටයුතු සාර්ථක කරගත්තෝය. ශබ්ධ ශක්තිය උපයෝගී කරගනිමින් නොයෙක් මන්ත්‍ර ඔවුන් සොයාගෙන තිබිනි. බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට පැමිනීමත් සමග පිරිත් හා සූත්‍ර වල කොටස් තැනින් තැන ගෙන හෝ සම්පූර්න වෂයෙන් ගෙන බුද්ධ මන්ත්‍රද නිර්මානය කලෝය. සතුන් මැරීමේ ආදීනව දැන සිටි පැරැන්නන් මේ මන්ත්‍ර භාවිතයෙන් හා කෙම් ක්‍රම භාවිතයෙන් තම වගාව සතුන් ගෙන් රැක ගත්තෝය. එමෙන්ම පුෂ්කර යෝග යෙදෙන වගා නැතැත් මගින් ඔවුන් පලදාව වැඩි කරගත්තෝය. එකල පලදාව වැඩි කරගැනීමට රසායනික වස විස දැම්මේ නැත. නමුත් අක්කරයකින් දැන් ලැබෙන පලදාවම ලැබුවෝය එකතු කලානම් එකතු කලේ කාබනික පොහොර පමනි.

අපේ කමට ආදරය කරන පාඨකයාගේ දැනගැනීම උදෙසා පැරැන්නන් භාවිතා කල බෙහෙත් හා කෙම් ක්‍රම කීපය දක්වමී.

ගැබිනි මවකට දරුවා අපහසුවකින් තොරව බිහි කිරීමට රන්දෙරණේ ගාථාවෙන් තෙල් මතුරා උදරයේ ගෑම පුරානයේ පැවතුන ඉතා විශිෂ්ඨ ප්‍රථිඵල ලබාදෙන ක්‍රමයක් බව සඳහන්ය

දරු ප්‍රසූතියෙන් පසුව විසබීජ නාශකයක් ලෙස කොහොඹ තෙල් දමා දුම් ඇල්ලීමද, මවගේ පහසුව සඳහා පාවට්ටා, නික,බේත් එඬරු,කොහොඹ යන කොළ වර්ග මිශ්‍ර කරගනිමින් සිදු කරන කොළ තැවීමද එකල සිදු විය.

මීට අමතරව පැරැන්නන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවි තැනේදීද ඔවුන් මේ ශාස්ත්‍රය උපයෝගි කරගත්හ.
ඔවුන් බීජ වැපිරුවේ ත්‍රීපුෂ්කර නම් යෝගය යෙදෙන විටදීය. මේ මගින් ඔවුන් විශාල පලදාවක් ලැබුවෝය. රසායනික පොහොර භාවිතයක් නොවීය නමුත් එකල අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැඳින්වූ බව අප දනිමු.
ත්‍රීපුෂ්කර යෝගය යෙදෙන්නේ ඉරිදා අඟහරුවාදා හෝ සෙනසුරාදා දිනයක, දිය වක,සතවක හෝ දොලොස්වක (පුර අව බේදයක් නැත ) තිථියක් යෙදෙන විට කැති, උත්‍රපල්,උත්‍රසල,පුනාවාස,විසා පුවපුටුප යන නැකතක්ද යෙදෙන විටය.

මීට අමතරව ගොයම් මැස්සන් පලවා හැරීමට දුම්මල කුඩු තවරන ලද් කොහු ලනුවක් දෙදෙනෙක් දෙපස නියර දේකේ සිට අල්ලා ගොයම් ගසේ ගැවෙන සේ නියර දිගේ ගමන් කරවීම.

පහත මන්ත්‍රයෙන් වැලි ( කිසිවෙකුට නොපෑගුන ) මතුරා කුඹුරේ ඉස පසුව බිත්තර වී වැපිරීමෙන්ද ඔවුන් කෘමි උවදුර දුරු කරගත්හ.


සබ්බ පාපස්ස අකරණං කරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනා
මේතං බුද්ධානුසාසනං


පිරිසිඳු වැලි මිටක් ගෙන පහත මන්ත්‍රයෙන් 21වර මතුරා කුඹුරේ ඉසීමෙන්ද මැසි උවදුරු වලින් ආරක්ෂා වූ බව සඳහන්ය 
"නමෝ නීල නීල අනිලේස්වාහඃ"

කීඩෑවන් ඉවත් කිරීම සඳහා රුක්කත්තන ගහේ පොතු වේලා කුඩු කර කිඩෑවන් සිටින ස්ථාන වල ඉසීමෙන් කීඩෑ උවදුර දුරු කර ගත්තෝය..

වගාවට වල් ඌරන් ගෙන් වන හානිය වැලැක්වීමට පහත දැක්වෙන මන්ත්‍රය තල් කොල පත්තිරු 4ක ලියා (අඟල් 1 පලල අඟල් 3 දිග ) එම මන්ත්‍රයෙන්ම දහස්වර ජප කර වගා භූමියේ සිව් කොන එල්ලීමෙන් ඒම අවෂ්‍යතාව ඉටු කරගත්හ. 
මන්ත්‍රය
"නමෝ අනලිච්චමයෙන් ඌරන් ඊරියන් මුඛ බන්ධ බන්ධ ඒස්වාහඃ"

ඉහතින් දැක්වූයේ පැරනි කෙම් ක්‍රම කීපයකි තවත් මෙවැනි ලිපියක් සමග ඉදිරි දිනකදී හමුවෙමු..






වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Tuesday, February 18, 2014

ධර්ම කර්මාධිපති රාජ යෝගය

සෑම මූලික ජ්‍යොතිෂ ග්‍රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න කීපයකට පමනි. මේ යෝගය ඇහ්තවුන් ජීවිත්යේ ඉතාමත් සාර්ථක හා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් වන බව සඳහන්ය. මේ යෝගය ඇති අයට උදාහරනයක් ලෙස ඉන්දියාවේ සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් පෙන්වා දිය හැක.  මේ යෝගය සමහර ලග්න වලට බලවත්වත් සමහර ලග්න වලට බල අඩුවත් යෙදේ. ඒ පිලිබ්ඳව අප දැන් සොයා බලමු


මේෂ ලග්නය
 මෙහි 09 වැන්න ධනුවයි මෙහි අධිපති ගුරුය. 10 වැන්න මකරයයි. මෙහි අධිපති ශනිය. නමුත් ශනි ග්‍රහයාටම දුෂ්ටස්ථානයක් වන 11 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය ඉතාමත් අඩුය (යෝගයක් නැති තරමටම අඩුය).

වෘෂභ ලග්නය
මෙහි 09 වැන්න  මකරයයි. 10 වැන්න කුම්භයයි මේ දෙකේම අධිපති ශනිය. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා සෙනසුරාමය. සෙනසුරා බලවත් තැනක සිටියොත් සියලූම ලෞකික සැප සම්පත් ලබා දෙයි.

මිථුන ලග්නය
මෙහි 09 වැන්න වන කුම්භය අයිති ශනිටය. 10වැන්න වන මීන රාෂිය අයිති ගුරුටය. නමුත් ශනි ග්‍රහයාටම මාරකස්ථානය වන 08 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයට කිසිදු බලයක් නැත.

කටක ලග්නය
මෙහි 09 වැන්න වන මීන රාශිය අයිති ගුරුටය. 10වැන්න වන මේෂ රාෂිය අයිති කුජටය. නමුත් ගුරු ග්‍රහයාටම රෝගස්ථානය වන 06 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය බලයෙනනඩුය. නමුත් 05 වැන්න වන වෘෂ්චිකය හා 10 වැන්න යන දෙකම අයිති බැවින් කටක ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා කුජ හෙවත් අඟහරුය.

සිංහ ලග්නය
මේ ලග්නයෙන් 09වැන්න කුජට අයිති මේෂ රාශියයි. 10 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. මෙහි උපචය ස්ථානයක්(3,6,10,11) වන 03 වැන්නද සිකුරුට හිමි වීම නිසා ශුභ ග්‍රහයෙක් කෙන්ද්‍රස්ථානයක් හා උපචය ස්ථානයක් හිමි වීමේ දෝශය යෙදෙන බැවින් මේෂ හා මිථුන ලග්න වල තරමට නැතත් ධර්ම කර්මාධිපති යෝගයේ නියම පල අඩු වී ඇත. ඒ නමුත් 04 වැන්න හා 09 වැන්න අධිපති වීම නිසා කුජ සියලු සැප දෙන යෝග කාරකයා වේ.

කන්‍යා ලග්නය
මෙහි 09 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. 10 වැන්න බුධ හිමි මිථුනයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි.

තුලා ලග්නය.
මෙහි 09 වැන්න බුධ හිමි මිථුනයයි. 10 වැන්න සඳුට හිමි කටකයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි. 12 වැන්න වන වැයස්ථානය බුධටම හිමිවුවත් 09 වැන්න හිමි වීමේ බලය නිසා එම දෝෂය බංග වේ.

වෘෂ්චික ලග්නය.
වෘෂ්චික ලග්නයේ 09 වැන්න කටකයයි එය අයිති සඳුටයි 10 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. වෘෂ්චික ලග්න හිමියාගේ හඳහනේ රවි සඳු දෙදෙනා එකම රාෂියක සිටීනම් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය ඉතා බලවත්ය.

ධනු ලග්නය
මෙහි 09 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. 10 වැනන බුධ හිමි කන්‍යා රාශියයි. මේ නිසා ධනු ලග්න හිමියන්ටද රවි බුධ සංයෝගය යෙදුනොත් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ..

මකර ලග්නය
මෙම ලග්නයේ 09 වැන්න බුධ හිමි කන්‍යා රාශියයි. 10 වැන්න සිකුරු හිමි තුලා රාශියයි. මෙම ලග්නයේ රෝගස්ථානය වන 06 වැන්නද බුධ ග්‍රහයාටම අයිති වීම නිසා මකර ලග්න හිමිටන්ගේ  ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය අඩු වී ඇත. නමුත් 10 වැන්න අයත් සිකුරුටම 05 වැන්න වබ වෘෂභයද අයිති වීම නිසා සිකුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට සියලු යස ලබා දෙන යෝග කාරකයාය.

කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන් ට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදෙන්නේ කුජ හා සිකුරු සංයෝග වීමෙනුයි. ඒ 09 වැන්න වන තුලා රාෂිය සිකුරුට අයත් වීමත් 10 වැන්න වන වෘෂ්චිකය කුජට අයිති වීමත් නිසාය.

මීන ලග්නය
09 වැන්න වන වෘෂ්චිකය කුජට හිමි වීමත් 10 වැන්න වන ධනු රාශිය ගුරුට හිමි වීමත් නිසා කුජ ගුරු සංයෝගය මීන ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති රාජ යෝගය උදා කරයි.





වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Tuesday, February 11, 2014

කාර්ය සිද්ධියට මන්ත්‍රයක්


ගොඩ දවසකින් ලියන්න බැරි වුනේ කාර්ය බහුල කම නිසයි. අද මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉතාම වැදගත් ගනයේ මන්ත්‍රයක් තෑගි කරන්නයි. පරම්පරා ගනනක් තිස්සේ ආරක්ෂා කරන් ආපු මන්ත්‍රයක් මේක.

මේ මන්ත්‍රය තෙල් ටිකකට මතුරලා ඕනෑම සුභ කටයුත්තකට යනකොට ප්‍රභූන් දකින්න යනකොට ටිකක් ඔලුවේ ගාගෙන යන්න. නැත්තන් පුලුන් කෑල්ලකට පොඟවලා සුරයකට දාගන්න. නැත්තන් පොඩි ප්ලාස්ටික් බට කෑල්ලකට දාලා දෙපැත්ත සීල් කරගෙන ඒක සුරයකට දාගන්න. ප්‍රථිපල අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.




මන්ත්‍රය.
ඕං ජය ශ්‍රී මහා බෝධි වෘක්ෂං බිං දං පූජය කින් දන් දජග්ග අංගුලිමාල සූත්‍රම් භවේ
නාලාගිරිං හස්ථි බන්ධවා අසනීල දන්ත බන්ධවා බුද්ධ ධම්ම සංඝ නමෝ නමඃ

මෙම මන්ත්‍රයේ ජප ගනන 1000 වරකි. කිල්ලට හසු නොවේ.



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Monday, February 3, 2014

෴පංච මහා පුරුෂ යෝග෴

                                  විවාහය සම්භන්ධව දිහින් දිගටම කථා කල බැවින් වෙනසකටත් එක්ක අද පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු. නම කියු වහාම එන අදහස මෙන්ම මේවා සුභ යෝග ගනයට වැටෙයි...
කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ යන නම් වලින් හඳුන් වයි. ජීවිතයේ බොහෝ සාර්ථක මිනිසුන්ට මෙම පංච මහා පුරුෂ යෝග වලින් එකක් හෝ වැඩි ප්‍රමානයක් යෙදී තිබෙන බව පෙනෙන්නට ඇත.(මෙයින් අදහස් වන්නේ මහා පුරුෂ යෝග හඳහනේ නැති අය අසාර්ථක බව නොවේ)




           ග්‍රහයා               ස්වක්‍ෂෙත්‍ර වන රාශීන්       උච්ච වන රාශිය

1)        කුජ                      මේෂ,වෘශ්චික                         මකර
2)        බුධ                         මිථුන                                  කන්‍යා
3)        ගුරු                         ධනු,මීන                              කටක
4)       ශුක්‍ර                       වෘෂභ,තුලා                              මීන
5)       ශනි                       මකර,කුම්භ                             තුලා

රුචක යෝගය
යෙදෙන ආකාරය
අඟහරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමෙන් යෙදේ.

පල විපාක
ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය..හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු අංශවල සෙවය කරන්නට ඉතා සුභ යෝගයකි
නමුත් 4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා ශුභ පල අඩු වන්නේ විවාහ බාධකයක් ලෙස බලපෑම් කරන බැවිනි...මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට වඩා අනෙක් ලග්න හිමියන්ට ප්‍රථිපල දේ.

භද්‍ර යෝගය
යෙදෙන ආකරය
සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම.

පල විපාක
උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි.


ගුරු හංස (හංස) යෝගය 
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම.

පලවිපාක
කඩවසම් පෙනුමය.ගාම්භීර (ගොරහැඩි නොවේ) කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය. ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.

මාලවී යෝගය 
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.

පලවිපාක
රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වේ.

ශශ යෝගය
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම.

පල විපාක
සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි. දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴