Thursday, December 8, 2022

කුසේ සිටින දරුවාගේ ආරක්ෂාවට මන්ත්‍රයක්

  ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ


දරුවෙක් ලබෙනවා කියන්නේ අම්මා කෙනෙක්ට රටක් රාජ්‍යයක් ලැබෙනවා වගේ තමයි. ඉතින් මේ කුසේ ඉන්න දරුපැටියා වෙනුවෙන් අම්මලා ගොඩාක් කැපකිරීම් කරනවා, සමහර අහාර කන එක නවත්තනවා, ගමන් බිමන් සීමා කරනවා, රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය අඩු කරනවා.. ඇඟේ පතේ අමාරු දරාගෙන මේ හැම දේම කැපකරන්නේ තමන්ගේ දරුවට තියන ආදරේට. 



මේ කාලේට අම්මලා පිරිත් සජ්ඡායනයට යොමුවෙන්නේ ඒකෙන් දරුවට ආරක්ෂාවක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒ ශබ්ද තරංග දරුවට දැනෙන බව විද්යාත්මක සත්‍යයක්. ඉතින් මේ ශබ්ද තරංග වලින් දරුවට ඇත්තටම ආරක්ෂාවක් ලැබෙන බව අපේ පැරැන්නෝ පවා දැනන් හිටියා.. අද මම අරගෙන ආවේ මෙහෙම කුසේ ඉන්න දරුවගේ ආරක්ෂාව වෙනුවෙන් අම්මා කෙනෙක්ට භාවිතයට ගන්න පුලුවන් පැරනි මන්ත්‍රයක්. මේ මන්ත්‍රයෙන් අම්මගේ මානසික පීඩනයත් අවම වන බව සඳහන්.

මන්ත්‍රය

ඕම් තම් තම් තිම් තිම් තුම් තෙම් තෛම් තෞම් තඃ තඃ ඕම්

මේ මන්ත්‍රය 108 වරක් කියමින් භාවනා කිරීම ඉතාම සුදුසු බවයි පැරනි පොතපතේ සඳහන් වෙන්නේ.


සිද්ධි රස්තු

වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166

Saturday, October 8, 2022

පිලිකාව හඳහනෙන් හඳුනාගත හැකිද?


 ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ 


පිලිකා රෝගය සෛල මුල් කරගෙන හැදෙන රෝගයක් බව අපි කවුරුත් වගේ දන්නවා. යමෙක්ට මේ රෝගය වැලඳුනොත් ඒ පුද්ගලයා ශාරීරිකව වගේම මානසිකවත් වෙදනාවට පත් වෙන බව නොරහසක්. රෝගය කලින් හඳුනාගැනීම රෝගය පරාජය කිරිමට ඇති හොඳම අවස්ථාව බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඉතින් අපිට පුලුවන්නම් මේ අවධානම හඳහනෙන් කල් තියා දැනගන්න, මේ සම්බන්ධව පර්යෙෂනයක් කරවගන්න එහෙමත් නැත්තන් ශරීරයේ වෙනස් කමක් ඇතිවුනොත් සාමාන්‍ය අවස්ථාවකට වඩා ඉක්මනින් මේ ගැන සොයා බලන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි හැරෙමු මාතෘකාවට

පිලිකාවක් කියන්නේ ශරීරය ඇතුලේ අනවශ්‍ය සෛල වර්ධනය වීමක්. මේ තත්වය ඇතිවෙන්න පුලුවන් මොන ග්‍රහයන් නිසාද සහ මොන ග්‍රහ තත්වයන් නිසාද කියලා සොයා බලනකොට අපිට මුලින්ම හමුවෙන්නෙ ව්‍රන යෝගය. පිලිකාවට කියලා කෙලින්ම නොකිව්වට ව්‍රන යෝගය කියන යෝගය නිසා ශරීරයේ විශ වර්ධනය වීමක් සිදුවෙන බවයි සඳහන් වෙන්නෙ. ඒ කියනේ යමෙකුගේ හඳහනේ ව්‍රන යෝගය සටහන් නම් ඒ පුද්ගලයට පිලිකාවක් ඇතිවිමේ අවධානම ඉහලයි. අපි එහෙනම් කොහොමද මේ ව්‍රන යෝගය සකස් වෙන්නේ කියලා බලමු.

හයවැන්න එහෙමත් නැත්තන් රෝග ස්ථානය අධිපති ග්‍රහයා කෲර ග්‍රහයෙක් වෙලා ඒ ග්‍රහයා ලග්න භාවයේ අටවැන්නේ හෝ දසවැන්නේ තැම්පත් වෙනවනම් ව්‍රන යෝගය යෙදෙනවා. (මේ යෝගය වෘෂ්චික ලග්නයට බලපාන විදිහ ගැන පොඩි වෙනසක් තියනවා ඒක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ධ වෙන නිසා ඒ මාතෘකවට අදාල ලිපිය ලියනකොට පැහැදිලි කරන්නම්) මේ ව්‍රන යෝගය කියන්නේ අවධානම පෙන්වන එක යෝගයක් විතරයි. මීට අමතරව කුජ හා චන්ද්‍රයා රවි සමග තමන්ගේ හඳහනේ හයවැන්න අධිපති ග්‍රහයා සමග සංයෝග වීමත් පිලිකා අවධානම පෙන්වන පිහිටීමක්. ගුරු ශනි හා කේතුගේ සංයෝගයත් අවධානම පෙන්වන තවත් එක් පිහිටීමක්. 


මේ පිහිටීම් වගේම හඳහනේ ගුරුගේ දුබලතාව පිලිකා අවධානම වැඩි කරනවා. ඒ වගෙම රාහු ග්‍රහයාව සමහර අවස්ථාවලදි සලකන්නේ පිලිකා කාරක ග්‍රහයා කියලා පිලිකාවක් ගැන නිගමනයකට එන්න කලින් අනිවාර්යයෙන් බලන්නම ඕන ග්‍රහයෙක් රාහු. 

ඉතින් යන්න කලින් පොඩි කතාවකුත් කියලම යන්නම් ඔය රාහුයි ගුරුයි තමයි ගුරු චන්ඩාල යෝගය හදන්නේ. ලංකාවේ ප්‍රසිද්ධ දේසපාලකයෙක් ඉනවා ඕක තියන.. මිනිහගෙ හඳහනේ ඔය යෝගය නිසා මිනිහා ගහපු ගේම් කාටවත් හොයන්න බැරිවෙන්න ගහන්න මිනිහට පුලුවන් වුනා.. ඔය යෝගේ හැටි එහෙමයි, මේක තියන අය අහු නොවෙන්න හොරකම් කරන්න දක්ෂයි. නමුත් කොච්චර පොරක් වුනත් මිනිහට ඔය ගුරුයි රාහුයි සම්බන්දේ නිසා අවසානයේදි පිලිකාවක් හැදුනා. ඒක ඉතින් කර්මය. කියන්න ඕන වුනේ හඳහනේ ගුරුවයි රාහුවයි සැහැල්ලුවට ගන්න එපා.. ගුරුත් නරකට හිටියොත් උපරිම නරකයි.

තවත් ලිපියකින් හමු වෙනකන් සුභ අනාගතයක්..


වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166

Monday, August 29, 2022

රාහුට ඔලුවක් නැද්ද?


ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ  


අපෝ රාහු ලබලා නේද? දැන් ඉතින් රාහු වගේම ඔලුවක් නැති වැඩ කරයි මේ ළමයා. 

රාහු ලබලා තියන්නේ නෝනා. ඔලුවක් නැති ග්‍රහයනේ, පිස්සුවෙන් වගේ හැමතැනම ඔහේ ඇවිද්දවයි.

බොහෝ ශ්‍රී ලාංකීය ජ්‍යෝතීර් වේදින් මෙන්ම කනින් කොනින් අසා ජ්‍යෝතිෂ සම්බන්ධ සුලු අදහසක් ඇති බොහෝ දෙනා රාහු දසාව ආරම්භ වීම හෝ රාහු ලග්නගයේ (ඔලුවේ) තැම්පත්විම දුටු විට මෙවැන්නක් පවසනවා ඔබ සමහරවිට අසා ඇත. රාහු ලැබූ අයවළුන් සාමාන්‍යයෙන් රිකක් වැඩිපුර ඇවිද්දවන කථාවේ යම් සත්‍යතාවයක් ඇතත් එය සිදුවන්නේ රාහුට ඔලුවක් නැති ස්වාභාවය නිසාදැයි දැනගැනිම වටී. රාහු සම්භන්ධව කියවෙන එකම දේ මෙම ඇවිද්ද විම නොවන අතර රාහු නිසා එම දසාවතුල ඇති කරවන චර්යාමය වෙනස්කම් හා ලැබීම් නොලැබීම් වෘතිය සම්භන්ධව රාහු විසින් කරන බලපෑම් ආදිය නිසා පලාපල කීමේදී රාහුගේ නියම ස්වාභාවය පිලිබඳව තේරුම්ගැනීම ඉතා වැදගත්ය.

රාහුගේ මේ හිස සම්භන්ද කතාව මුලින්ම අපට හමුවන්නේ සුර අසුර යුද්ධය හා බැඳි කතාවක් ලෙසය. එය සරලව සඳහන් කලොත් මෙසේය 

සුර අසුර යුද්ධයේදි කිරි සයුර කළඹා අවසානයේදී අමෘතය මතු විය සුරයන් එම අමෘතය අසුරයන් හට නොදී තනිවම පානය කිරීමට සැලසුම් කල අතර මේ සඳහා විෂ්නු දෙවියන් විසින් උපක්‍රමයක් යොදනු ලැබීය. ඔහු විසින් එක් භාජනයකට අමුර්තය දමා තවත් භාජනයකට ඊට සමාන තවත් පානයක් මවනු ලැබිනි. සුරයන්ට අමෘතය හා අසුරයන්ට අර අමෘතය නොවන අනෙක් පානය පෙවිමට සුදානම් කරන ලදි. මේ අසුරයන් අතර ස්වර්ණභානු නම් (ස්වර්ණභානු යනු රාහුට කියවෙන තවත් නමකි.) අසුර සෙන්පතියෙක් වූ අතර මොහු තික්ෂන නුවනක් සහිත කෙනෙක් විය. ඔහුට මෙම අමෘතය බෙදාදීම ගැන සැක සිතුන අතර ඔහු කාටත් හොරා සුරයන් අතරට ගොස් සිට අමුර්තය පානය කරන ලදි. නමුත් අවාසනාවට එකවරම මතු වූ ඉන්ද්‍ර විසින් මේ සුරයෙක් නොවන බව විෂ්නු දෙවියන්ට පැවසීමත් සමගම විෂ්ණු විසින් තම චක්‍රායුධයෙන් රාහුගේ හිස කඳින් වෙන් කල අතර රාහුගෙ මුඛයේ අමුර්තය තිබූ නිසා ඔහුගේ හිස කොටස පමනක් අමරනීය විය. මෙවැනි කතන්දර පැරන්නන් විසින් සෑම ග්‍රහයෙක් පිලිබඳවම නිර්මානය කර ඇති අතර එම කතන්දර වල අරමුන එම ග්‍රහයන්ගෙ ස්වාභාවයන් පිලිබඳව අවභෝදයක් ලබා දීමයි. මෙම කතාවට අනුව රාහු යනු මෝඩයෙක් නොවන බවත් සිදුවූ කුමන්ත්‍රනය වටහාගත් එකම අසුරයා බවත් පැහැදිලිය එමෙන්ම රාහු යනු හිසක් නොමැති කෙනෙක් නොව රාහු යනු හිසක් පමනක් බවද පාඨකයාට තේරුම් යනු ඇත.


මීට අමතරව ඉන්දියාවේ අදටත් රාහුව චිත්‍රයට නගන්නේ හිසක් පමනක් ඇති ආකාරයටය. (සමහර තැන්වල සර්ප ශරීරයක් සහිතව රාහු ඇඳ තිබෙනවා දක්නට ලැබේ) වේදීය ජ්‍යෝතිෂය තුල රාහු යනු තෘෂ්නාව අධිකම ග්‍රහයා ලෙස හඳුන්වන අතර සෑම දෙයක්ම බදාගැනිමට යාම නිසා කටයුතු වරද්දා ගන්නා ස්වාභාවය හා ඇවිද්දවන ස්වාභාවය ඇතිවන බව පොතපතේ සඳහන්ය. එමෙන්ම රාහු සතු මේ තීක්ෂන නුවන හමුදා හා පොලිස් බුද්ධි අංශ ආදියෙහි දක්ෂනය්න් බිහි කරයි. රාහු හිසක් නැති මෝඩයෙක් ලෙස සලකා පලාපල කිමෙදි එවැනි වැදගත් කරුනු මගහැරෙන්නට ඉඩ ඇති අතර වෘතිය සම්භන්ද පලාපල කථනයේදීද රාහුගේ නියම ස්වාභාවය නොදැන පලාපල කීමෙන් පලාපල අසන්නාත් කියන්නත් යන දෙදෙනාම අමාරුවේ වැටෙන්නට ඉඩ ඇත.


රාහු යනු හිසක් බවට හොඳම සාක්ෂිය
ක් බටහිර ජ්‍යෝතිෂය තුලින් හමුවේ එනම් ඔවුන් රාහුව Dragons Head (මකර හිස.) යන නමින් හැඳින්වීමයි. හිසක් නැතිනම් රාහුව ලෙස නම් කිරිම තේරුමක් නැති වැඩකි.



මේ නිසා මින් ඉදිරියට පලාපල කීමේදි රාහු යනු හිස නැති මෝඩයෙක් නොව තීක්ෂන ඥානයක් ඇති හිසක් පමනක් ඇති, තන්හාව අධික අසුරයෙක් (විනොදයට සුරාවට සූදුවට දුම්පානයට කැමති ලක්ෂන ඇත.) බව තේරුම් ගැනීම වටී.


වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166


Tuesday, June 7, 2022

අඛන්ඩ සාම්‍රාජ් යෝගය


ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ  

 යෝගයේ යෙදීම

දුර්ලබව පිහිටන යෝගයක් ලෙස මෙම යෝගය හැඳින්විය හැක. මෙම යෝගය පිහිටීමට නම් ගුරු ග්‍රහයා හඳහනේ පස්වන හෝ එකොලොස්වන භාවය අධිපතියෙක් විය යුතුය වෙනත් විදිහකින් පවසනවානම් ජන්මියා වෘෂභ, සිංහ, වෘෂ්චික හෝ කුම්භ යන රාෂියකින් උපන් කෙනෙක් විය යුතුය. (පෙර ලිපියකදි මෙම රාෂි හතර ස්තිර රාෂි හෙවත් තිර රාෂි විදිහට අපි හැඳින් වුවා ඔබට මතක ඇති.) ඉතින් මේ ගුරු ග්‍රහයා පස්වන හෝ එකොලොස්වන භාවයේ හිමිකරුවා වනවා සේම ඔහු යහපත් තත්වයකින් හඳහනේ තැම්පත් විය යුතුය. 

එපමනක් නොව.. දෙවැන්න (ධනස්ථානය.) නමවැන්න (පුන්‍යස්ථානය.) හා එකොලොස්වැන්න (අයස්ථානය.) යන ස්ථාන තුනේ අධිපතියන් බලවත්වත් සඳුගෙන් කේන්ද්‍ර ගතවත් තැම්පත්විය යුතුය.


යෝගයේ ප්‍රථිපල

මේ සියළුම අවශ්‍යතා සම්පුර්න වූ විට පමනක් ඔබට අඛන්ඩ සාම්‍රාජ් යෝගය යෙදෙනු ඇත. මෙය නමේ හැටියටම බලවත් යෝගයකි, අඛන්ඩ යනු බිඳ හෙලිය  නොහැකි දිගුකල් පවතින වැනි අදහසකි. සාම්‍රාජ් යනු රජුන්ගෙත් රජු වැනි අදහසකි... මේ යෝගය යෙදෙන තැනැත්තාට ධනය, බලය, දැණුම, සමාජ තත්වය හා දරුවන්ගෙන් ලැබීම් යන සියල්ල ලැබෙනු ඇති බව පොතපතේ සඳහන්ය. මීට අමතරව මෙම යෝගයෙන් උපන් තැනැත්තාට සූදුවෙන් හා කොටස් වෙලඳපොල ආදියෙන්ද ලැබීම් ඇති බව පුද්ගලික අත්දැකීම් තුලින් පැවසිය හැක.

පහත තිබෙන්නේ ඉන්දියාවේ තවමත් සුපිරි නළුවෙක් ලෙස සැලකෙන අමිතාබ් භච්චන්ගේ හඳහනේ මෙම යෝගය යෙදී ඇති ආකාරයයි. ඔහු කුම්භ ලග්නයෙන් ඉපදී ඇති අතර හඳනේ එකොලොස්වන භාවය ගුරුට අයිතිය, ගුරු උච්ච බලයෙන් තැම්පත් අතර ගුරුටම දෙවන භාවයද අයිතිය. මෙම ගුරු චන්ද්‍රයාට කේන්ද්‍රගතවද තැම්පත් වී ඇත. ඒ අනුව අඛන්ඩ සම්‍රාජ් යෝගය මෙම හඳහනේ සටහන්ය. යෝගයෙ අඛන්ඩ යන වචනය යෙදෙන්නේ ඇයි දැයි තවත් පැහැදිලි කර දීම අවශ්‍ය නොවනු ඇත. අමිතාබ් අදටත් රජෙකි.





පල දෙන කාලය

මෙම යෝගය ගුරු මහා දසාව හා අනෙක් මහා දසා වල ගුරුගේ අතුරු දසා යන කාල වලදීද, සඳුගේ හා ගුරු හා සංයෝග ග්‍රහයන්ගේ දසා වල යම් ප්‍රමාන වශයෙන්ද ප්‍රථිපල දෙනු ලබන අතර නාඩි සිද්ධාන්ත වලට අනුව ගුරුගේ ජීව හා ශරිර ග්‍රහයන්ගේ කාල තූලද යම් තරමකට පල දෙනු ඇත. (නාඩි සිද්ධාන්ත සම්භන්ධව ඉදිරියේදි සාකච්චා කරමු.)


වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166