Thursday, July 6, 2023

බබාට නමක් (1)

  ॐ गुरुवे नमः

ඕම් ගුරුවේ නමඃ 


                        මේ බ්ලොග් එකේම මම ලියපු "නම් තියන්නේ කොහොමද?" කියන ලිපි පෙල ගොඩක් ජනප්‍රිය වුනා.. ගොඩක් දෙමාපියන්ට ඒ ලිපි පෙල උදව් වුනා තමන්ගේ දරුවට නමක් දාගන්න..  ලිපි කියවපු ගොඩක් අලුත් අම්මලා තාත්තලා මට කතා කරලා ඇහුවා හොඳ අර්.ථාන්විත නම් ටිකක් ලබා දෙන්න පුලුවන්ද කියලා.. ඔන්න ඒ ඉල්ලිමට දක්වන ප්‍රථිචාරයක් විදිහට තමයි මේ අලුත් ලිපි පෙල ලියන්නේ. 

ඔන්න එහෙනම් වැඩිය වෙලාව නාස්ති නොකර අපි වැඩීට බහිමු. අද මම දෙන මේ නම් ටික සරස්වතී මෑණියන්ගේ හා ශිව දෙවියන්ගේ නම් අනුසරයෙන් නිර්,මානය වුන නම් කිහිපයක්. 


සරස්වතී මෑණියන්ගේ නම් ඇසුරින් නිර්,මානය කල නම්



රිතන්‍යා - දක්ෂ

ඉර් ෂිතා - පාලනය කරන්නිය

හම්සිකා - ලස්සන

ග්‍යානදා - දැනුම දෙන්නිය

වේදී  - දැනුම ඇති (මේ නම මුල් නම විදිහට වඩා දෙවෙනි නම විදිහට වඩා ගැලපෙන බව මගේ පුද්ගලික අදහසයි.)


ශිව දෙවියන්ගේ නම් ඇසුරින් නිර් මානය වූ නම්



සුවම් - බුද්ධිමත්

ත්‍රිජාල්  - පිරිසිඳු/නිකැලැල්/ අව්‍යාජ

ශිවායු  - සදාකාලික පැවැත්ම

යයීන්  - වේගවත් / ක්‍රියාශීලි

විදාර් ත් - සැමදා ගෞරවයට පත් වෙන ( legend)

                                                                    මේ නම් හැම එකක්ම මේ කියවන හැම කෙනෙක්ගේම හිතට අල්ලනේ නැති වෙන්න පුලුවන්. නමුත් එක නමක් හරි කාටහරි ප්‍රයෝජනයක් වුනානම් මගේ මහන්සියට ප්‍රතිඵලයක් ලැබුනා කියලා සතුටු වෙන්න පුලුවන්. තවත් නම් කිහිපයකින් අපි ඉක්මනටම මුනගැහෙමු. එතකන් ඔබට ජය

වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166 (whatsApp)

.