Wednesday, October 22, 2014

චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය

මේ යෝග දෙකේ නම් දෙක එක ලඟින් යන නිසා මේ දෙක එකක් ලෙස සමහරු වැරදි වැටහීමක් ගන්නවා ඒ වගේම සමහරු මේ දෙක පටලවාගන්නවා. ඉතින් අද මේ දෙකේ වෙනස මොකක්ද කියලා බලමු.
ඊට කලින් අලුතින් එකතුවුන අයට හා රාශි අධිපතියන් කවුද කියලා මතක නැති අයට ඒක ටිකක් මතක් කරලා ඉමු



෴චන්ද්‍රිකා යෝගය෴ 

අඟහරු හෙවත් කුජ ග්‍රහයා හඳහනේ පස්වැන්නේද, නමවැන්න අධිපති ග්‍රහයා තැම්පත් වී සිටින්නේ යම් රාශියකද අන්න ඒ රාශියේ අධිපතියා හඳහනේ නමවැන්නේ හෝ පස්වැන්නේද සිටියි නම් මේ චන්ද්‍රිකා යෝගය යෙදෙනවා. 
මේ යෝගයෙන් උපන් තැනැත්තා බොහෝ සැපසම්පත් වින්දත් දරුවන් නිසා දුකට පීඩාවට පත්වෙන බවයි සඳහන් වෙන්නේ.

෴චන්ඩිකා යෝගය෴

හඳහනේ හයවැන්න හා නම වැන්න අධිපති ග්‍රහයන් නවාංශක කේන්ද්‍රයේ යම් තැනක තැම්පත්වී සිටීද ඒ සිටින  නවාංශක රාශිවල අධිපතියන් රවි සමග සංයෝග වී සිටීද එමෙන්ම හයවැන්න අධිපතියා ලග්නය දකීද. එවිට මෙම චන්ඩිකා යෝගය යෙදේ (මේ යෝගය යෙදෙන්නේ වෘෂභ, සිංහ, වෘෂ්චික හා කුම්භ යන ලග්න හිමියන්ට පමනි)
මෙම චන්ඩිකා යෝගයෙන් උපන් තැනැත්තා ජනප්‍රසාදය ලැබෙන කීර්තිමත් පුද්ගලයෙක් වන බව පොතපතේ සඳහන් වේ.

චන්ඩිකා යෝගය ගැන කියනකොට මතක්වුනේ තවත් නමින් සමාන යෝගයක් තියනවා චන්ඩ යෝගය කියලා

෴චන්ඩ යෝගය෴

යමෙකුගේ හඳහනේ නමවැන්න අධිපතියා තුන්වැන්නේ සිටිද්දී ලග්නයේ උච්ච ග්‍රහයෙක් සිට ඒ ග්‍රහයාව අඟහරු ග්‍රහයාට පේනවනම් මේ චන්ඩ යෝගය යෙදෙනවා
පොතපතේ තියන්නේ අමාත්‍ය වරයෙක් වගේ ඊට සමාන පුද්ගලයෙක් වෙනවා කියලා..



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, October 13, 2014

කතරගම දෙවියන්ට නිවැරදිව පඬුරක් තබමු

සුමන සමන් දෙවියන්ට පඬුරක් ගැට ගසන නිවැරදි ක්‍රමය පසු ගිය වතාවක කියාදුන්නට පස්සේ ඒකට ගොඩක් යහපත් ප්‍රථිචාර ලැබුනා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න.. 

 උවමනා දේ
  • තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
  • රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
  • රත්මල් පොකුරු 5ක්
  • කපුරු පෙති 5ක්
  • රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
  • තැඹිලි ගෙඩියක්
  • කලු උක්ගස් කැබැල්ලක්
  • බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
  • පොල් ගෙඩියක් 
  • කහ දියර ස්වල්පයක්

පිලිවෙල

මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න. 
පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
මෙය ඉතාම බලවත් දෙයකි සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කල හැකි බැවින් ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.






වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, October 12, 2014

෴ශනි ඒරාෂ්ඨකය 2෴

                 ගිය වතාවේ අපි ඒරාෂ්ඨකයක් ගැන මූලික දේවල් කථා කලා ඊට අමතරව ලග්න ඒරාෂ්ඨකය යෙදෙන විදිහත් කථා කලා. අද අනිත් ඒරාෂ්ඨක යෙදෙන විදිහ ගැන බලමු.

ජන්ම ඒරාෂ්ඨකය

සෙනසුරු රාශි චක්‍රය වටේ යන ගමනේදී ( මේකට ජ්‍යොතිෂයේදි අපි කියන්නේ ගෝචර ගමන කියලා) ලග්නයේ හා ඒ දෙපැත්තේ කොටු වල ගමන් කරන කාලයේදී ලග්න ඒරාෂ්ඨකය යෙදෙනවා වගේම, සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න රාශියේත් ඒ දෙපැත්තේ රාශි වලත් ගමන් කරන කාලය ජන්ම ඒරාෂ්ඨකය වෙනවා..
උදාහරනයක් කියනවනම්
පහත හඳහනේ උප්පත්තියෙන් චන්ද්‍රයා ඉන්නේ 5 වැන්නේ එතකොට සෙනසුරු 4,5,6 කියන භාව වල ගමන් කරනකොට කේන්ද්‍ර හිමියට ජන්ම ඒරාෂ්ඨකය යෙදෙනවා.
කලින් ලිපියේ කිව්වා වගේ මේ රාශිවලදි සෙනසුරු බලවත් නම් ඒරාෂ්ඨකය ඒ තරම් දරුනු වෙන්නේ නෑ. නමුත් චන්ද්‍රයා බලවත් නම් ඒරාෂ්ඨකය දරුනුයි. ඒරාෂ්ඨක කාලය උපරිම අවුරුදු 7 1/2 හා අවමය අවුරුදු 2 1/2 යි.
ඒ වගේම සාමාන්‍යයෙන් ජන්ම ඒරාෂ්ඨක 07 වැන්නේ හා 09 වැන්නේදි යෙදෙන්නේ නෑ..(ජන්ම ඒරාෂ්ඨක වගේම පසුව විස්තර කරන චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයටත් මේක වලංගුයි)

අෂ්ඨම ඒරාෂ්ඨකය

ශනි ග්‍රහයා ගෝචර ගමනෙන් කාගේ හරි හඳහනක අටවැන්නට ආවොත් ඔහුට අෂ්ඨම ඒරාෂ්ඨකය ලැබුවා වෙනවා

චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය

ප්‍රධාන ඒරාෂ්ඨක අතරට සමහර ගුරුකුල වල ඇතුලත් කර නොගත්තත් නොසලකා හැරිය නොහැකි ඒරාෂ්ඨකයකි. මෙම ඒරාෂ්ඨකය යෙදෙන්නේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින කොටුවෙන් අට වැන්නට ශනි ආ විටය.

මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්.

මීට අමතරව යම් කෙනෙක්ගේ හඳහනේ උප්පත්තියෙන් යම් ඒරාෂ්ඨකයක් යෙදිලා තියනවනම් ඔහුට දෙවෙනි වර ඒ ඒරාෂ්ටකයේ බලපෑම ඉතාම අඩුයි. සමහරවිට බලපෑමක් නැතිම වෙන්නත් පුලුවන්..

ලංකාවේ පලමු විධායක ජනාධිපතිනියව එතනට පත් වුනේ අෂ්ඨම ඒරාෂ්ඨක කාලයක. එතුමියගේ හඳහනේ අටවැන්න කුම්භ රාශිය. එය සෙනසුරුට හිමි රාශියක්. එතනදි සෙනසුරු බලවත් නිසා අපලයක් වෙනුවට අවසානයේ ලැබුනේ සුභ පලයක්. අන්න ඒ විදිහට ඒරාෂ්ඨක කාලයේදි ශනි බලවත් නම් බොහෝවිට නරක කරන සෙනසුරා ටොකු ඇන ඇන සුභපල දෙන්න ඉඩ තියනවා. ඉතින් ඒරාෂ්ඨකයි කිව්ව ගමන් බය නොවී නිවැරදිව එය හඳුනා ගන්න කියන එකයි හැමෝටම මතක් කරන්න ඕන..


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, October 8, 2014

෴ශනි ඒරාෂ්ඨකය 1෴


"ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක නිසාම ජ්‍යොතිෂය කියන විශය විකුනන් කන ගොඩ දෙනෙක් මේක තුරුම්පුවක් කරගෙන ඉන්නවා. ඇත්තටම සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ ජීවිතයම ඉවරද? ගොඩක් දෙනා විශය ගැන නිවැරදි අවබෝධයක් නතුව කනින් කොනින් අහපු දෙයක් නිසා හිතන්නේ සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ මාරක අපලයක් ආවා කියලා නමුත් ඒක හැම වෙලේම එහෙම වෙන්නේ නෑ.

ශනි ඒරාෂ්ඨකය ගැන කියන්න කලින් සෙනසුරු ගැන කියන්න ඕන. සෙනසුරු නෛසර්ගික වශයෙන් පාපයෙක් සෙනසුරුගේ ලක්ෂනයම අපල උපද්‍රව කිරීමම තමයි නමුත් නිකන් හරි සෙනසුරු යහපත් ලෙස පිහිටියොත් ලෞකික සැප දෙන්න සෙනසුරු තරම් ග්‍රහයෙක් තවත් නෑ. ගිලිමලෙත් ඇත දත සුද්දෝ කියලා කිව්වා වගේ තරමක් විරල වුනත් සෙනසුරු නිසා කෝටිපතියන් වූ මිනිස්සු ජනාධිපති වරුන් වූ මිනිස්සු පවා ඉන්නවා.. ඒ නිසා සෙනසුරා යනු 100%ම නරකයෙක්මයි කියා නිගමනය කිරීම වරදක්.

දැන් අපි බලමු ඒරාෂ්ඨකය කියන්නේ මොකක්ද කියලා. ජ්‍යොතිෂය කියන විශය මිනිසා වෙනුවෙන් නිර්මානය වූවක් ඒ නිසා ගනනය කිරීම් සියල්ලම පෘථිවිය කේන්ද්‍ර ගත කරගෙන තමයි කරන්නේ (අන්න ඒ නිසයි ග්‍රහයන් වක්‍ර වෙනවා නිර්වෘත වෙනවා කියලා සිද්ධාන්තයක් ජ්‍යොතිෂයේ තිබෙන්නේ) ඒ අනුව අපි දන්නවා ග්‍රහයන් රාශි චක්‍රයේ එක් රාශියකින් තවත් රාශියකට යම් යම් කාල පරාසයන් තුල ගමන් කරනවා. උදාහරනයකට සූර්‍යයා මාස 12ක් තුල රාශි 12 හරහා ගමන් කරනවා ඒ කියන්නේ එක රාශියක් පහු කරන්න මාසයකට ආසන්න කාලයක් ගන්නවා. ඒ වගේ සෙනසුරුට රාශි චක්‍රයේ වටයක් යන්න වසර තිහක කාලයක් යනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් වසර 2 ½ ක් යනවා එක රාශියක ඉඳලා අනිකට යන්න. මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනකොට යම් ජන්ම පත්‍රයක ලග්නයේ දෙවැන්නේ හා දොලොස්වන්නේ ශනි ගමන් කරනවනම් ඔහුට හෝ ඇයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා.

මේක උදාහරනයකින් පහදන්නම් කෝ



ඉහත දක්වලා තියන සටහනට අනුව සෙනසුරු ග්‍රහයගෙන් සලකුනු කරලා තියන කොටස තුල ශනි ග්‍රහයා ගෝචර ගමනේ යෙදිලා ඉන්නවනම් ඒ කියන්නේ ඒ අයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා. මේ කියන්නේ ඔබේ ජන්ම පත්‍රයේ ශනි ඉන්න එක නෙමෙයි එදින් එදා ග්‍රහයන්ගේ සිදුවන ගමන ගැනයි. උදාහරනයකට මේ දවස් වල ශනි ඉන්නේ තුලා රාශියේ. මේ වසරේ නොවැම්බැ දෙවෙනිදා ශනි වෘෂ්චික රාශියට මාරු වෙනව. ඔබේ ජන්ම පත්‍රයේ තියන්නේ ඔබඉපදෙන වෙලාවේ ශනි හිටපු තැන.
මේ අනුව කාට හරි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබපුවම අවුරුදු 7 ½ ඒ ඒරාෂ්ඨකය පවතිනවා. 
දැන් ප්‍රශ්නයක් එනවා මෙතන රාශි දොලහෙන් තුනක්ම සලකුනු කරලා තියනවා ඒ කියන්නේ මේ රටේ සමස්ථ ජනගහනයෙන් ¼ ක්ම ශනි ඒරාශ්ඨකේට අහුවෙලා දැන් ඒ හැමෝම දුක්විදිනවද? පිලිතුර ඔව් සහ නෑ ඒරාෂ්ඨකය ලබපු එක හරි නමුත් අනිත් එක වැරදියි මොකද ශනි ඒරාෂ්ඨකය ගැන මම කලින් කියපු විස්තරේ සඳහන් කලා ඒරාෂ්ඨකය හැමෝටම නරක නෑ. යම් හෙයකින් ශනි තමාගේ උච්ච රාශිය වන තුලාවේ ඉන්නවනම් හා තමාගේම රාශි දෙක වන මකර හා කුම්භ කියන රාශි දෙකේ ඉන්නවනම් නැත්තන් ශනි බලවත් ගුරු සමග ගෝචර ගමනේදි සංයෝග වෙනවනම් අසුභ පල සුභ පල බවට පත්වෙනවා.

ඒත් ප්‍රශ්නෙට උත්තරය සම්පූර්න නෑ නේද? ඒකත් පොදුවේ වෙන දෙයක්නේ ඒ කියන්නේ ලෝකේ හතරෙන් එකකට ඒ සමාන ප්‍රතිපලයම ලැබෙනවද? පිලිතුර නෑ. තමන්ගේ උප්පත්ති හඳහනේ ශනි බලවත් නම් ඒ අයට අසුභ පල දෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමන් ගත කරන දසාව අනුවත් පලාපල ගොඩක් වෙනස් වෙනවා. උදාහරනයකට ශනි ඒරාෂ්ඨකේ ලබලා තියනකොට සඳුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් යනවනම් අපල තත්වය කීප ගුනයකින් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ යෝගකාරකයගේ දසාවක් යනවනම් අපලය ඒ තරම් දරුනු නොවි වැඩි අමාරුවක් නැතුව ඉවර වෙනවා. මේ වෙනස් කම් සිදුවෙන ක්‍රම කීපයක් විතරයි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඒරාෂ්ඨකය එකවර ලග්න තුනක අයට බලපෑවට ඒක කිසිම විටක සමස්ථයටම එක වගේ බල නොපාන්නේ ඇයි කියලා.. අද කිව්වේ ලග්න ඒරාශ්ඨකය ගැන විතරයි. තව ඒරාෂ්ඨක තුනක් තියනවා කියන්න... ඒක මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..


වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
0755004166

Thursday, October 2, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව් රජුන්


මහා සංතොඨ්ඨික දෙව් රජුන් යැයි කි සැනින් බොහෝ දෙනාට මේ නාමය එතරම් හුරු නැත. නමුත් මෛත්‍රී බෝධිසත්වයෝ යැයි කියු වහාම අද අප කථා කරනා උත්තමයා කවුරුන්දැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.
මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරදුන් නාථ දෙවියන් යැයි යම් පිරිසක් අදහස් දැක්වුවද ඒය වැරදි මතයකි. නාථ දෙවියන් ගැන මා කලින් පල කල ලිපියෙහිද ඒ පිලිබඳ වැඩිදුර විස්තර සටහන් කර ඇත. මෙත් බෝසතුන් දැන් මහා සංතොඨ්ඨික දෙව් රජුන් හෙවත් මහා සංතෝෂයින දෙවියන් ලෙසින් තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් හා අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින් කරන ලද පැහැදිලි කිරීම් වල මනාව සටහන් වේ.



කෙසේ නමුත් මෙත් බෝසතුන් ගැන දීර්ඝ මෙන්ම පැහදිලි කරුනු අපට හමුවන්නේ ඛුද්දක නිකාය, බුද්ධ වංශ දේෂනාව අවසානයේදි සැරියුත් මහරහතන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි බුදුරජානන් වහන්සේ විසින් සිදුකල අනාගත වංශ දේශනාවෙනි.
බුද්ධත්වයෙන් හත්වන වස් කාලයේදී මාතෲ දිව්‍ය රාජයාට ධර්මය දේෂනාකිරීම සඳහා තවුතිසාවට වැඩම කර සිටි බුදුරජානන් වහන්සේ ඉන් පසු මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ නුවර “සිරිවඩ්ඪන” නම් මහ සිටු පුත්‍රයකු ව සිටි මෛත්‍රී බෝසතුන් අප බුදුරජානන් වහන්සේට ආරාමයක් කර පූජා කරවන ලදි එවිට බුදුන් වහන්සේ මේ මතු බුදුවන මෙත් බෝසතුන් යයි ප්‍රකාෂ කල අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම අනාගත වංශ දේෂනාව කල සේක. එහි සඳහන් වන පරිදි උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. කේතුමතී නුවර සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ. වයස අවුරුදු 18 වන විට ගිහිගෙයින් නික්ම යබ බවද මෙම දේෂනාවේ සඳහන් කරුනු අතර වේ.

මෙහි "සිරිවඩ්ඪන" නම අල්ලා ගත් ගාල්ලේ විකටයෙක් තමා මෛත්‍රී බුදුන් යැයි කියමින් බන කීවා කාටත් මතක ඇතැයි සිතමි.

බුදුවන්නට පෙරුම් පුරනා මෙත් බෝසතුන්ගෙන් යමෙක් පිහිටක් බලාපොරොත්තු වේනම් මහා කරුනා සිත පෙරදැරිව උන් වහන්සේ පිහිට වන්නේ යයි පැරැන්නන්ගේ මතයයි.

෴මෙත් බෝසතුන් වන්දනා කරන ගාථාව෴

මෙත්තෙය්‍ය නාමේන බුද්ධො භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදාති තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං

වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමිතං වීතරාගී මුනින්දං

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
0755004166