Wednesday, July 16, 2014

ඔබ උපන් නැකතට අධිපති දෙවියන් කවුරුන්ද?


අපි ඉපදුන නැකතට අදාළ දෙවියන් කවුද කියා දැනගැනීම වැදගත් දෙයක් මේ තිබෙන්නේ එම දෙවිවරුන්. නාඩි සිද්ධාන්ත තුල නැකතට මුල් තැනක් ලැබෙන නිසා මේ ගැන දන සිටීම අවශ්‍ය දෙයක්

1. අස්විද - අශ්චිනි



2. බෙරණ - යම




3. කැති - අග්නි



4. රෙහෙන - බ්‍රහ්ම/ප්‍රජාපති




5. මුවසිරස - චන්ද්‍ර





6. අද - රුද්‍රා/ශිව
රුද්‍රා යනු ශිව දෙවියන්මය ( මේ පිලිඹද ඇති ජනප්‍රවාදය පසු දිනක සඳහන් කරමි)
 


7. පුනාවස - ආදිතී




8. පුස - ගුරු




9. අස්ලිස - නාග




10. මා - ඥාති දෙවිවරුන් ( තම පරපුරේ නමින් මිය ගොස් දේවත්වයට පත් වූවන්)


11. පුවසල් - භාග්‍ය/භාග


12. උත්‍රපල් - ආර්මය




13. හත - ආධිත්‍ය




14. සිත - ත්වශ්ඨ





15. සා - වායු




16. විසා - ඉන්ද්‍රාග්නි




17. අනුර - මිත්‍ර




18. දෙට - ශක්‍ර




19. මුල - රාක්‍ෂක




20. පුවසල - මේඝ/ජාලම්




21. උතුරුසල - විශ්වරූප




22. සුවණ - විෂ්ණු




23. දෙනට - විසුන්දර




24. සියාවස - වරුණ




25. පුවපුටුප - අජ (අජ ඒක පාද)




26. උත්‍රපුටුප - අභිබුධ



27. රේවතී - පුෂ




මෙහි සඳහන් සමහර දේව නම් (උදා: ප්‍රජාපති,ශක්‍ර,වරුන,යම වැනි) අපට හොඳාකාරව හුරුපුරුදු ඒ නම් බුද්ධ දේෂනාවේද එන බැවිනි. විෂ්නු, ශිව, රාක්ෂ, නාග වැනි දෙවි වරුන්ගේ නම් අපගේ හෙල සංස්කෘතිය හා බැඳී පවති . අනෙක් දෙවි වරුන් පිලිබඳ අපගේ පොත පතේ නැතත් ඉන්දියානු පොත පතේ මනාව සටහන් වී ඇති බව දක්නට ලැබේ. ඉන් සමහර කථා අතිශයෝක්තියෙන් රචනා වි ඇත. ශිව දෙවියන් ගැනද ඉන්දියානු ජනප්‍රවාදය හා ලාංකිය ජනප්‍රවාදය බොහෝ වෙනස්ය. මේ නිසා ඉන්දියානු ජනප්‍රවාද අතිශයෝක්තියක් වූ පමනින් එවැන්නේක් නැතැයි බැහැර කිරීම අනුවන කමකි.



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

Sunday, July 13, 2014

රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

හැමෝම වගේ බොහොම උනන්දුවකින් බලන් හිටියා රාහු හා කේතු ග්‍රහයන් මාරුව සිද්ධ වෙනකන්. මොකද මේකත් ටිකක් ඇඟට දැනෙන ප්‍රතිඵල දෙන ග්‍රහ මාරුවක්. සාමන්‍යයෙන් මේ ග්‍රහයන් දෙදෙනා රාශියකින් තවත් රාශියකට යන්න ආසන්න වශයෙන් වසර 1කුත් මාස හයක කාලයක් ගන්නවා. මෙදා සැරේ මේ ග්‍රහමාරුව වෙන්නේ රාහු ග්‍රහයා තුලාවෙන් කන්‍යාවටත් කේතු ග්‍රහයා මේෂයෙන් මීනයටත් කියන රාශි දෙකට. මෙහිදී විශේෂත්වය වන්නේ මේ රාශි දෙක රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා ගේ ස්වක්ශේත්‍ර රාශි දෙක වීමයි. ඒ නිසා මේ ග්‍රහමාරුව හොඳ වේවා නරක වේවා කොයි දේ වෙතත් දැනෙන්නම දෙන ග්‍රහ මාරුවක් ලෙස සලකන්න පුලුවන්. මම මේ ග්‍රහමාරුව ගැන ලග්නෙන් ලග්නෙට පලාපල විස්තරයක් දාන්නේ නැත්තේ එක ග්‍රහමාරුවක් මත පදනම්ව කියන පලාපලයත් හඳහන පරික්ෂා කර කියන පලාපලයත් සමහර විට අහසට පොලව මෙන් වෙනසක් තිබෙන්නට හැකි නිසාත් ඒවායේ නිරවද්‍යතාවය ගැන මා පුද්ගලිකව එතරම් සෑහිමකට පත් නොවන නිසාත්ය. 

කෙසේ නමුත් මේ ග්‍රහමාරුව ඇඟට දැනෙන ලෙස හොඳ හෝ නරක ප්‍රතිඵල දිය හැකි බව නම් මම පිලිගනිමි. ( ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා මෙම තත්වය පරික්ෂා කරගැනීම වඩා උචිතය.) මා අද බලාපොරොත්තු වන්නේ රාහුගෙන් හා කේතුගෙන් යම් විපතක් වේ නම් ඒ විපත අඩු කරගැනීමටත් යම් යහපතක් වේ නම් ඒ යහපත වැඩි කරගැනීමටත් භාවිතා කල හැකි සරල මන්ත්‍ර කීපයක් ලබා දීමටය.



රාහුගෙන් සහනය ලබන්නට

01. හුඹස් මන්ත්‍රය
බුදුන් වැඳ, දහම් වැඳ, සඟුන් වැඳ දෙවියන්ට පින් දී හුඹසක් අසල සිටගෙන පැමිණ පහත සඳහන් මන්ත්‍රය 21 වරක් ජප කරන්න. 

ඕං නර්කඡ්ඡ ඡාය
විත් මහේ
බ්‍රහ්ම හස්තාය
දි මහී
තනෝ රාහුං ප්‍රයෝද්‍යා හඃ෴

02. රාහු ශ්ලෝකය

මහා ශීර්ශෝ මහා වක්‍රෝ
ධීර්ඝ දම්ස්ත්‍රෝ මහා බල
අකන්‍යාශ්චෝ ඌර්ධව කේශෂ්ච
පීඩනම් දහතූ මෙ සිකි

දිනපතා 7 වරක් කියන්න

03.තවත් රාහු මන්ත්‍රයක්
තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහි වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 108 වරක් මතුරන්න

"ඕම් භ්‍රාම් භ්‍රීම් බ්‍රෞම් සහ් රාහවේ නම්ඃ෴"




කේතු වෙනුවෙන් කල හැකි දේ

01. කේතු ශ්ලෝකය.

අනේක රූපවම්ස්ච
සකෲධ සහශ්‍රසඃ
උතපාත රූපෝ ජගදං
පීඩාම් දහතූ මෙ තමඃ

දිනපතා 7 වරක් කියන්න

02. කේතු මන්ත්‍රයක්
108 වරක් මතුරන්න.තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහිද වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 

"ඕම් හ්‍රීම් කෘම් කෲර රූපිනේ කේතවේ එයිං සඃ ස්වාහඃ෴"



වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න

Saturday, July 5, 2014

ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැනීම

 වෙනසකටත් එක්ක මොකක් හරි අලුත් දෙයක් දාන්න හිතුවා.. සොරුන්ට දඬුවම් කරන මන්ත්‍ර ක්‍රමයක් දානවද නැත්තන් වැඩ අවැඩ දැනගන්න මන්ත්‍ර ක්‍රමයක් දානවද කියලා හිත හිත ඉඳලා අන්තිමට තීරනය කලා තව කෙනෙක්ට හින්සාවක් කරන දෙයක් ප්‍රසිද්ධියේ දාන එක හරිනෑ කියලා..  ඉතින් ගුප්ත විද්‍යාව ගැන උනන්දු හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වැඩ අවැඩ බලා ගන්න පහසු ක්‍රමයක් කියා දෙන්න යන්නේ.. කලින් වතාවක භගවති ජීවමෙන් මේ දේ කරන විදිහ කියලා දුන්නා ඔයාලට මතක ඇති.
                         මෙකේ ප්‍රයෝජනේ මේකයි.. අපි හිතමුකෝ පුංචි අසනීපයක් තියනවා ඒකට සිංහල බේත් කරනවද ඉංග්‍රීසි බේත් කරනවද කියලා අපිට හිතා ගන්න බෑ.. එහෙම නැත්තන් ව්‍යාපාරයක් කරන්න යනවා ව්‍යාපාරික අදහස් දෙකක් හෝ තුනක් තියනවා එකවගේම තමන්ට හැකියාව තියන. මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ අන්න ඒ වගේ ගැටලු තියන වෙලාවට මේ ක්‍රමයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබන්න පුලුවන්..




කරන්නේ මෙහෙමයි.

ඉස්සෝදා නා පිරිසිඳු වී පිරුවට ඇඳ බෝ ගසක් ලඟට ගිහින් බොහොම පිරිසිඳු සිතින් පහනක් පත්තු කරලා පහත දැක්වෙන මන්ත්‍රය 500 වරක් ජප කර ගෙදරට ඇවිත් තමන් නිදියන ඇඳට ගිහින් නැවතත් 500 වරක් ජප කරන්න. ( කාමරය බොහොම පිරිසිඳුවට තියන්න ඕන හඳුන් කූරක් එහෙම පත්තු කරන්න ඇඳට යන්න කලින්) ඊට පස්සේ තමන්ට දැන ගන්නට අවශ්‍ය දේ කියා ඉටු දෙවියන් සිහි කර නින්දට යන්න.. සිහිනෙන් තමන්ට අවශ්‍ය විසඳුම දැන ගැනීමට සලස්වනවා. කිල්ලට අසු නොවී ඉන්න ඕන ඒ දවස.

මන්ත්‍රය
නමෝ සරණේ - සරණේ - මෝපතිස්වාහා෴


වෛදික ජ්‍යොතිෂවේදි
෴ ධනුෂ්ක අබේරත්න ෴

Thursday, July 3, 2014

෴ දස මාර පිරිත හා යන්තරය ෴

ගුරු මුෂ්ඨි නිසා විනාෂ වුන විශයන් ගත්තම ඒකේ මුලින්ම ලියවෙන විෂය තමයි ජ්‍යොතිෂය, ඊලඟට පිලිවලින් යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවත් අංගං හටන් කලාවත් අපේ පාරම්පරික ආයුර්වෙදයත් කියලා කිව්වොත් කවුරුවත් මගේ එක්ක අමනාප වෙන එකක් නෑ..  අපේ පැරැන්නෝ මේ විෂයන් වලින් කරපු ඇඟ ලොමුදැහැගැන්වෙන වැඩත් අද අපි ඉන්න තැනත් හිතලා බලපුවම අපි  කොයි තරම් දැනුමින් පිරිහිලාද කියලා හිතාගන්න පුලුවන්.. පන අදින මේ විෂයන්ට ආදරය කරන සුලුතරයක් තමන්ගේ කාලය මුදල් හා ශ්‍රමය වැයකරමින් මේ විෂයන් ආරක්ෂා කරගන්නට බොහෝ මහන්සියක් ගන්නවා.. ඔවුන්ට පින්සිදුවන්නට අදටත් අපට යම් තරමක් දුරටවත් මේ විශයන්ගෙන් ජීවිතයට සහනයක් සලසගන්න හැකිවෙලා තියනවා. ඉතින් මෙවැනි විශිෂ්ඨ මිනිසුන් කිහිපදෙනෙක් ඇසුරින් හා විශාල පොතපත ප්‍රමානයක් පරිශීලනයෙන් සාගරයක් බඳු වූ මේ විෂයෙන් කන්හැන්දකිනුත් ස්වල්පයක් අවබෝධ කරගැනීමට මටත් හැකිවුනා. 


                                    ජ්‍යොතිෂ විෂය මගේ දෙමාපියන්ගේ බුදලයක් නෙමෙයි. මා සතුව ඇත්තේත් බොහෝ මිනිසුන් කාලයක් තිස්සේ දුක්විද ලබාගත් දැනුමයි. ඒ නිසා මා දන්නා දේ වෙනකෙකුට කියා නොදී සිටීමට මට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මේ විෂය රැකෙන්නට නම් මෙයට ආදරය කරන්නන් අතට මෙය පත් කරන්න ඕන. මා මේ කරන්නේත් එයමයි. මා සතු ඉතාමත් සුලු දැනුම් ප්‍රමානය මෙයට ආදරය කරන අය අතට පත් කරන එකයි.

                                           මාතෘකාවට අපි එමුකො ආයෙත්. මේ දසමාර පිරිත කියන්නේ ආරණ්‍යසේනාසන ගත භික්ෂුන් වහන්සේලා ආරක්ෂාවට පාවිච්චි කල ඉතාම බලගතු පිරිතක්. මේකෙ යන්තරයකුත් තියනවා. සුපුරුදු ලෙසම ගුරුමුෂ්ඨි නිසා නැතිවේගන යන එකක්. 

                                        මේකෙ ගුන තමයි සියලුම ග්‍රහ අපල නිසා ජීවිතයේ සිදුවන විවිධ කඩාවැටීම් සමනය කරන එක. ඒ වගේම ආරක්ෂාවත් තමන්ගේ දියුනුවත් සලසලා දෙනවා. මේ යන්තරය තඹ තහඩුවක ඇඳගෙන දසමාර පිරිතෙන් ජීවම් කරලා බුදුකුටියෙන් තියලා දිනපතා බුදුන් වැන්දට පස්සේ හත් වරක් දසමාර පිරිත සජ්ජායනය කිරීමෙන් සියලු අමනුෂ්‍ය බිය පහ වෙලා දියුනුව සැලසෙන බවත් ග්‍රහ අපල වලින් සහනය ලැබෙන බවත් සඳහන් වෙනවා

දසමාර පිරිත

ඉති තදුභය සේනා ඝට්‌ටයංඅඤ්ඤමඤ්ඤං 
විවිධ විසම වාචං උග්ගිරන්තී රමන්තී 
සතත දුරිත චේලා ඛග්ගරාසී වහන්ති 
දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං 

ඉති මුනි කකුසන්දෝ දීපමාගම්ම මේතං 
බහුවිධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා 
තදහනි සසිරි සං බොධි සාඛංච නෙත්වා 
නිදහිය ගගනම්භා ජම්බු දීපා අගච්චී 

එවංපි කෝණාගමනො මුනින්දෝ 
දත්වා බහුණ්නං ඵලමග්ගදානං 
නෙත්වා තතො දුම්බර බෝධි ශාඛං 
සො පාගමාසී පුන ජම්බු දීපා 

 එවම්පි කසස්‌ප ජිනො වරමණ්‌ඩ දීපං 
පත්තො පලග්ග රතනො බහුනොජනස්‌ස 
දත්වාන ආනීත තං වට බෝධිශාඛං 
රොපාපයිත්ව මඟමා පුන ජම්බුදීපං 

 පාරොහ දන්තො චිත කුට කුම්භො 
අනෙක සො තත්ථ විරාජ මානො 
සො නිඡ්ජරා සාර මදප්ප වාහො 
ධජො යථාභාති හාති සුරාධි පස්‌ස 

 තස්‌මිං සමන්ත නග මුද්ධනී ලෝක නාථො 
චබ්බණ්‌ණ රංසි නිකරං දිසි පග්ඝරන්තො 
හික්‌ඛුහි සො පරිවුතො සර සාගරන්තො 
ඕලොකයං ඨිත මකාසි අනෝම වන්‌තෝ 

 ලංකාවධු සුමනකුට කිරිට කූටං 
සඡ්ජෙහි තග්ග ජිනරාජ මණී වහන්තො 
ඉච්චිත්ථ දං සිවපදං පටිමං තිලොකෙ 
තන්දානි හෝභජථ සෙවිත සබ්බකාලං 

දිවා විහාරං භගවා සසංඝො 
කත්වාන තස්‌මිං පණකිඤ්චිකාලං 
මහීය මානෙසු සදෙව කෙසු 
තතො ගතො රොහණ අම්භරස්මා 

 තස්‌මිං සසංඝො මුනි දීඝවාපියං 
ථූපාය ඨානේ පරමාය භූමියං 
ගරුං කරොන්තො ජනිතං මහීතලං
නිරොධ මා පඡ්ජ නිසීදි උත්තමො 

විහංග මානං ගරුඩොව මජෙඣ
මිගාන මජෙඣ පරමොව සීහො 
මහායසොමාර බලස්‌ස මජෙඣ 
විසාරදො වීත භයො නිසීදි 

සබ්බන්ත මද මොහෙන නාලගිරිං මහාගජං 
වෙස්‌සන්තරො දෙවදත්ත මෙඛලා ගිරි භූසංගජං
විවත්ත මද වෙගෙන නාලාගිරි කරිස්‌සරං 
මෙත්තා සද්ධානු භාවේන සම්බුද්ධෝ නිම්මදං අකා

දසමාර යන්තරය




වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

Tuesday, July 1, 2014

෴ නවග්‍රහ ස්ත්‍රෝත්‍රය ෴

විවිධ ග්‍රහ අපල සඳහා බෝධි පුජා ගථා ස්ත්‍රෝත්‍ර ආදිය නිතර භාවිතා වෙනවා.. මේ අතරින් නවග්‍රහ ස්ත්‍රෝත්‍රය බොහොම ප්‍රසිද්ධ එකක්. මේක රචනා කරන්නේ ව්‍යසස් කියන සෘෂි වරයා. මේක පුරාන වේද ගත ස්තෝත්‍රයක්. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ එකවර ග්‍රහයන් කීප දෙනෙක්ගේ අපල තත්වයන් තියන අවස්ථාවලදියි. ලංකාවේ ඒ තරම් ප්‍රසිද්ධ නැති වුනාට ඉන්දියානුවන් මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා. 





ජපා කුසුම සංකාශං - කාශ්‍යපෙයං මහා ද්යුතිං
තමොරිසං සර්ව පාපඝ්නං - ප්‍රණතොස්ම් දිවාකරම්

දධිශංඛ තුෂාරාහං - ක්‍ෂිරෝර් ධාර්ණව සංභවම්
නමාමි ශශිනං සෝමං - ශංහොර් මුකුට භුෂණම්

ධරණී ගර්භ සම්භූතං - විද්යුත් කාන්ති සම්ප්‍රභම්
කුමාරං ශක්‌ති හස්‌තංච - මංගලං ප්‍රණමාම්‍යහම්

ප්‍රියංගු කලිකාශ්‍යාමං - රූපෙණ ප්‍රතිමං බුධම්
සෞම්‍යං සෞම්‍ය ගුණොපෙතං - තං බුධං ප්‍රණමාම්‍යහම්

දෙවානාංච සෘෂිනාංච - ගුරුඃ කාංචන සන්නිභම්
බුද්ධි භූතං ත්‍රිලොකශම් - තං නමාම් බෘහස්‌පතිම්

හිමකුඤ මෘණාලාභං - දෛත්‍යානං පරමං ගුරුම්
සර්ව ශාස්‌ත්‍ර ප්‍රවක්‌තාරං - භාර්ගවං ප්‍රණමාම්‍යහම්

නීලාංජන සමාභාසං - රවිපුත්‍රම් යමාග්‍රජං
ඡායා මාර්තණ්‌ඩ සම්භූතං - තං නමාමි ශනෙශ්වරම්

අර්ධකායං මහා වීර්යං - චන්ද්‍රාදිත්‍ය විමර්දනම්
සිංහිකාගර්භ සංභූතං - තං රාහුං ප්‍රණමාම්‍යහම්

පලාශ පුෂ්ප සංකාසං - තාරකාග්‍රහ මස්‌තකම්
රෞද්‍රං රෞද්‍රත්මකං ඝෝරං - තං කේතුං ප්‍රණමාම්‍යහම්

ඉති ශ්‍රී ව්‍යාස මුඛොද්ගිතං - යඃ පටෙත් සු සමා හිතඃ
දිවාවාය දීවා රාත්‍රො - විග්න ශාන්තිභිර් භවිෂ්‍යති

නරනාරි නෘපා නාංච - හවෙද් දුඃ ස්‌වප්න නාශනම්
ඓශ්චර්ය මතු ලාං හේෂා - ආරොග්‍යං පුෂ්ඨි වර්ධනම්

ග්‍රහ නක්‌ෂත්‍ර ජඃ පීඩඃ - තස්කරාග්නි සමුද්භවඃ
තාඃ සර්වාඃ ප්‍රශමං යාන්ති - ව්‍යාසො බෘතෙන සංශයඃ




වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න