Saturday, June 20, 2015

නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)


           නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ.  අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක.

ඉස්සෙල්ලාම අපි මේ ගණ මොනවද කියලා බලලා ඉඳිමු.

ගණ යන වචනයෙහි අර්ථය සමුහයක් යන්නය. එනම් මාත්‍රා සමුහයක් ගණ ලෙසින් හැඳින්විය හැක. මාත්‍රාවක් යනු ඇසිල්ලක කාලයක් (ඇසිපිය හෙලන කාලය) ඇතිවන ශබ්ධයයි මෙම ශබ්ධය ඇති කරවන අක්ෂර ලඝු කියා හඳුන්වයි ඊට වඩා වැඩි කාලයක් ශබ්ධය ඇති කරවන අක්ෂර ගුරු නමින් හැඳින්වේ.

උදා :

ලඝු අක්ෂර : ස, සැ, පි, පු, ල, ළ, ඝ, ධ අ,උ, ඔ

ගුරු අක්ෂර: සා, සෑ, පී, පූ, අං, අඃ, ආ, ඌ, ඕ

ලඝු අක්ෂර "—" තිරස් රේඛාවකිනුත් ගුරු අක්ෂර වක්‍ර රේඛාවකිනුත් "U" ඇඳ පෙන්වයි. මිට අමතරව යම් ලඝු අක්ෂරයකට පසුව හල් අකුරක් තිබේ නම් එම හල් අකුර හා ඊට පෙර ලඝු අකුර යන දෙකම එක්කර ගුරු අකුරක් සේ සලකයි.

උදා:
01. සමන් 
     
         ස = ලඝු    ම+න්  = ගුරු    —  U

02. අනුහස්
        
        අ = ලඝු     නු = ලඝු      හ+ස් = ගුරු      —  —  U


අපි දැන් බලමු ගණ වර්ග ගැන.



ඉහත දක්වා ඇත්තේ ගණ වල පොදු රීතියයි. නමුත් දරුවෙකුට නම් තැබීමේදී දරුවා උපන් ලග්නයට අනුවද ගණ වල වර්ග කිරීමක් ඇති බැවින් මෙම ක්‍රම දෙකටම ගලපා දරුවාට නම තබන ගණය තේරීම වඩා සුදුසුය. ලග්න වලට අදාළ ගණ වර්ග කිරීම පහත පරිදිය

භුමි, චන්ද්‍ර, වායු, සුර්ය යන ගණ හතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න වලින් උපන්නන්ට සුදුසුය
ජාල , සුර්ය, ආකාෂ, ගිනි යන ගණ හතර මේෂ, කටක, තුලා, මකර, යන ලග්න වලින් උපන්නුන්ට සුදුසුය
චන්ද්‍ර, භුමි, ආකාෂ, ගිනි යන ගණ හතර මිථුන, කන්‍යා, ධනු, මින යන ලග්න වලින් උපනුන්ට සුදුසුය.

මේ ආකාරයෙන් නිවැරදි ගැන පිහිටිමක්ද නිවැරදි අක්ෂර තෝරා ගැනීමක්ද සහිතව වාසනාවන්ත නමක් තැබීමට අවශ්‍ය මුලික දැනුම දැන් ඔබ සතුව තිබෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙතනින් නොනැවතී තවත් මේ පිලිඹඳව තවත් පරීක්ෂණ කරමින් ඔබේ දැනුම වර්ධනය කරගන්නා ලෙසයි.



ප:ලි:
නාම කරණයේදී අපාය අක්ෂර, දේව අක්ෂර හා මනුෂ්‍ය අක්ෂර පිළිබඳව සැලකිලිමත වීමද වටි 

දිව්‍ය අක්‌ෂර: ස - ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව

මනුෂ්‍ය අක්‌ෂර: උ-ප-බ-ග-හ

අපායක්‌ෂර: 
අ-එ-ක-ය-ම-ර-ජ-ණ-න-ළ-අං

අපාය අක්ෂරයකින් නම පටන් ගනී නම් ගණ ගැලපීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටියි.. 



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

2 comments:

  1. යංසය කුමන අක්ෂර වර්ගයක්ද?

    ReplyDelete
  2. පලමුව ගුරු අක්ශරයක් සහ මැදට ලඝු අක්ශරයක් සහ අගට හල් අක්ශරයක් තිබෙන විට එක්ම හල් අක්ශරයට පෙර ලඝු අක්ශරය සහ හල් අක්ශරය යන දෙකම ගුරු අක්ශරයක් වේ බව සදහන් වේ. එවිට ගුරු අක්ශර දෙකකින් නම් තැබීමක් සුදුසුද?

    ReplyDelete