මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
"කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..
මෙහි ප්‍රතිපල වන්නේ
විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.
කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.
කොහොමද මේක යෙදෙන්නේ?
රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී)
විශේශ සටහන්
රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...
මම ප්‍රායෝගිකව අත්වින්ද යෝගයක්...මේකෙ රහ මම හොඳට දන්නවා..
ReplyDeleteඔව් සමහරුන්ට තදින් බලපානවා.. එහෙම වෙන්නේ රවි සඳු ගේ තත්ව අනුව
DeleteObe athdakeem mokakda?
DeleteThis comment has been removed by the author.
Deletejeewetha anathuru nedda..
ReplyDeleteසාමාන්‍යයෙන් කාල සර්ප යෝගය නිසා ජීවිත අනතුරු වෙන්නේ නෑ.. නමුත් එකත් එක්ක තව නරක ග්‍රහ පිහිටීම් තිබ්බොත් ඒවයෙන් සිදුවෙන අපල තත්වය වඩා වැඩි කරනවා.
DeleteThiyenawaa..athdekeema methana kiyanna amaarune..
ReplyDeleteකාල සර්ප යෝගය මොන විදියේ කර්මයක් කළවිට දී ලැබෙන ප්‍රතිඵලයක්ද? එතකොට කාලඅමෘත යෝගය කියන්නෙ මොකක්ද? ඇත්තටම එය යෝගයේ ප්‍රතිඵල ඔය කියන විදියමද? ඔබ ඔය කරන පැහැදිළි කිරීම් කරන්නේ කවර මූල ග්‍රන්ථයකට අනුව ද? නැතිනම් කවර නම් සෘෂි භාෂිතයකට අනුව ද? කරුණාකර මාගේ නොදැනුවත්භාවයට කමා කර උත්තර දෙන්න.
ReplyDeleteඅයියා මෙච්චර කල් හඳහන් බැලුවේ කාල අම්රිතා හෙවත් කාල අමෘත යෝගය ගැන දන්නෙ නැතුව කියලා මම හිතන්නේ නෑ. මටනම් හරි කනගාටුයි මේ ප්රෂ්නය යොමු කිරීම ගැන (දැනුම ගවේෂනයට වඩා වෙන අරමුනක් මේ ප්රෂ්නයෙන් මම දකින්නේ). අනීක සෘශි ග්රන්ථ ලෙස සැලකෙන පරාශරය, වරාමිහිර, සාරාවලිය වැනි ග්රන්ථ වල ඕක ඔය ගැන සඳහනක් නෑ අයියේ. කොටින්ම වරහමිහිරේ එහෙම රාහු කේතු ගැන වත් සඳහනකුත් නෑ. දැන් ඔයාගෙ ප්‍රශ්නයට උත්තර දෙන්නම් රාහු 1 ඉඳලා කේතු 7 ඉන්නවා කියා සිතන්න. එවිට 2,3,4,5,6 යන කොටු වල අනෙක් සියලු ග්‍රහයන් පිහිටීම කාල අම්රිතාව හෙවත් කාල අමෘතය ලෙස හඳුන්වනවා නමුත් මෙහි ප්‍රථිපලය සුභ එකක් නෙමෙයි අන්න ඒ නිසයි ඒක අමුතු නමකින් හඳුන් වන්නේ නැතුව කාල සර්ප කියලම හඳුන්වන්නේ.
Deletekala sarpa yogayen apala adukara ganne kohomada?
ReplyDeleteකාල සර්ප යොගය තියෙන කෙනෙක් එහෙම යොගයක් නොමෑති කෙනෙක් සමග විවාහ වුවොත් එම යොගය නොමෑති පුද්ගලයා මිය යනවා කියන කරුන සත්‍යක්ද?කාල සර්ප යොගයට වඩා අර්ධ කාල සර්ප යොගයට බල අඩුයිද?
ReplyDeleteපීඩා විදින්නියක්
This comment has been removed by the author.
ReplyDelete