Sunday, April 20, 2014

මෙවර අවුරුද්ද සුභද?

මේ පාර අවුරුද්ද ලබනකොටම පුදපු ගමන් කාපි යකා කියලා මම ලිපියක් දාලා කට්ටියගෙ සතුට නැති කරන එක හරි නැති නිසා ඔන්න ඔහේ සතියක් විතර ගෙවෙන්න ඇරියා. කියන්න හොඳ දෙයක් තිබ්බනම් අවුරුද්ද පටන් ගන්නකොටම දාන්න කියලා හිතාගෙන අවුරුද්ද ලබන විදිහ බලපුවම කියන්න තරම් හොඳක් නොතිබ්බ නිසයි කට වහන් හිටියේ.

කට්ටියටම ඉස්සෙල්ලම ආපු ලොකුම ප්‍රෂ්නේ අලුත් අවුරුද්ද පෝය දවසක වැටුන එක. සාමාන්‍යයෙන් අපි නැකැතක් හදනකොට වුනත් පෝය මගාරින්නේ පෝය ලෞකික වැඩ වලට වඩා ලොකෝත්තර වැඩ වලට සුභ නිසයි. අනික් සිද්ධිය නම් ගොඩ දෙනෙක්ගේ අවධානයට ලක් වුනේ නැති එකක් ඒක තමයි රාහු කාලය. අවුරුදු දවසේ රාහු කාලය යෙදී තිබුනේ උදේ 07.33ට අවුරුද්ද උදා වුනේ 07.37ට. ඒ කියන්නේ අවුරුද්ද ලැබුවේ රාහු කාලයේදී. මේකත් එක්කම චන්ද්‍රග්‍රහනයකුත් සිද්ධ වුනත් ඒකනම් බරපතල සිද්ධියක් නෙමෙයි. ඉතින් මේ සියල්ලම අශුභ සිද්ධි.

මේ අසුභ සිද්ධි ඔක්කොම අතරේ 1983 වගේම රවි හා සෙනසුරු උච්චව මූනට මූන බලන් ඉන්න වෙලාවෙයි මේ අවුරුද්ද ආරම්භ වෙන්නේ. ඔයාල හැමෝම දන්නවා ඇති 1983 සින්හල අලුත් අවුරුද්දෙන් මාස කීපයකට පස්සේ අපේ රටේ ඇතිවුන තත්වය. ඉතින් ඊට සමාන තත්වයක් රටතුල උද්ගත වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මෙන්න මෙහෙමයි අවුරුදු දා කේන්දරය


ඉතින් මේ කේන්ද්‍රයට අනුව තව දෙයක් කියන්න පුලුවන් ඒ තමයි දැනට 6 වැන්නේ වක්‍ර වෙලා ඉන්න කුජ තව ටික දවසකින් හත්වැන්නට එනවා ඒ කියන්නේ අපේ රටේ කෙන්ද්‍රයේ 9 වැන්න. ලෝකායතන ජ්‍යෝතිෂයේ 09 වැන්න කියන්නේ පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන ගැන කියවෙන තැන. කුජ කියන්නේ යුද්ධයට අධිපති. ඉතින් බොහෝදුරට බොබසේ හා මුස්ලිම් අන්තවාදී ගැටුම දුරදිග යන්නත් ජාතිවාදි අරගලයක් ගොඩ නැගෙන්නත් මේ ආසන්න කාලෙකදි ඉඩ තියනවා.

ඊට අමතර රවි කියන්නේ රජුන් ගැන කියවෙන ග්‍රහයා සෙනසුරු කියන්නේ කම්කරුවන් හා දුක් විඳින ජනයා. මේ දෙන්න උච්චව මූනට මූන බලන් ආරම්භ වුන මේ වසර රජුට නම් හොඳ මදි කියලයි කියන්න තියන්නේ. මිනිස්සු රජු හා ගැටුම් ඇති කර ගන්නවා. පහුගිය 2013ට වඩා මේ වසරේ හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ

මීට අමතරව ජනවාරි මාසේ 10 වෙනිදා මම ප්‍රසිද්ධ කරපු පලා පල ටිකත් මෙතන දාන්නේ ඔයාලට ඒ ගැනත් ආයෙත් මතක් කරන්න. 




සමහර ඒවා දැනටත් සිද්ධ වෙලා.. අනෙක් ඒවත් බොහොම ලඟදී සිද්ධ වෙයි..




වෛදික ජ්‍යෝතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

No comments:

Post a Comment