චක්‍ර යෝගය
මෙම යෝගයද කල්‍යාණවර්මයන් විසින් රාජ යෝගයක් ලෙස හඳුන්වාදී ඇත. මෙම යෝගය ලද්දා ශාන්ත රජෙක් (නායකයෙක්) වන බව පෙන්වා දෙයි.
එකක් හැර එකක් ලෙසින් පිහිටන ලෙස රාශි 6ක සියලුම ග්‍රහයන් තැම්පත් වීම චක්‍ර යෝගය වෙයි. මෙම යෝගයේ ලග්නයේ ග්‍රහයෙක් බලවත් ලෙස තැම්පත්ව සිටි නම් එවන්නා චක්‍රවර්ති රාජයෙක් බඳු වන බවද පැවසේ. (ග්‍රහ යෝග සම්භන්ධව සලකන කල රාහු හා කේතු නොසැලකේ)
මේ වනතුරු මට මෙම යෝගය සහිත හඳහනක් ලැබී නැති බැවින් උපකල්පනය කර උදාහරණයක් පෙන්වමි.
සමුද්‍ර යෝගය
මෙම යෝගයද පෙර සේමය නමුත් වෙනස ලග්නයෙහි ග්‍රහයන් දෙදෙනෙක් බලවත්ව සිටීමයි මෙම යෝගය ඇති කෙනාද බලවත් නායකයෙක් වන බව කල්‍යාණවර්මයන් පවසයි.
උපකල්පිත උදාහරණයකි.
ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166


ඔබගේ ලිපිපෙල කියෙව්වා ඉතාවදගත් , ඔබ බුද්ධිමය කුසල කර්මයක් සිදුකරගත්තා සිතන්න, සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබි නිරෝගි වේවා 👍
ReplyDelete