Monday, May 23, 2016

ක්‍රියාකාරී අසුභයන්


යම් ග්‍රහයෙක්ගේ මුලත්‍රිකොන රාශිය යම් ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථානයක් (6, 8, 12) බවට පත් වේ නම්, එම ග්‍රහයා එම ලග්නයට ක්‍රියාකාරී අසුභයෙකි. 

ග්‍රහයන්ගේ මුලත්‍රිකොන රාශි පහත පරිදි වේ.

රවි -  සිංහ
චන්ද්‍ර - වෘෂභ
කුජ - මේෂ
බුධ - කන්‍යා
ගුරු - ධනු
ශුක්‍ර - තුලා
ශනි - කුම්භ
රාහු - කුම්භ
කේතු - සිංහ



රාහු හා කේතු සැම ලග්නයකටම ක්‍රියාකාරී අසුභයන් ලෙස සැලකේ.

ලග්නය
ක්‍රියාකාරී අසුභයන්
මේෂ
බුධ, රාහු, කේතු
වෘෂභ
කුජ, සිකුරු, ගුරු, රාහු, කේතු
මිථුන
රාහු, කේතු
කටක
ගුරු, සෙනසුරු, රාහු, කේතු
සිංහ
චන්ද්‍රයා, රාහු, කේතු
කන්‍යා
රවී සෙනසුරු, කුජ, රාහු, කේතු
තුලා
බුධ, රාහු, කේතු.
වෘශ්චික
සිකුරු, කුජ, රාහු, කේතු.
ධනු
චන්ද්‍ර, රාහු, කේතු
මකර
රවී, ගුරු, රාහු, කේතු.
කුම්භ
චන්ද්‍ර, බුධ, රාහු, කේතු
මිණ
රවී, සිකුරු, සෙනසුරු, රාහු කේතු.

කෘර සෞම්‍ය ගුණය කෙසේ වෙතත් මෙම ක්‍රියාකාරී අසුභයන් ඒ ඒ ලග්නයට අසුභ පල දීමට වැඩි සම්භාවිතාවක් ඇත. අනෙක් ග්‍රහයන් වෙතින් ලැබෙන දෘෂ්ටි සංයෝග අනුව හා ග්‍රහයා තැම්පත් වන ස්ථානය අනුව මේ තත්වය අඩුවැඩි වීමට හැකියාවක් ඇත.

මෙහිදී යම් ක්‍රියාකාරී අසුභයෙක් එම කේන්ද්‍රයේ ලග්නාධිපතියාද වේ නම් එම ග්‍රහයා ක්‍රියාකාරී අසුභයෙක් ලෙස කටයුතු නොකරයි. ඒ අනුව වෘෂභ හා වෘශ්චික යන රාශිදෙකේ පිළිවලින් සිකුරු හා කුජ යන ග්‍රහයන් දෙදෙනා ක්‍රියාකාරී අසුභයන් ලෙස ක්‍රියා නොකරයි.


වේදීය ජ්‍යෝතිශවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166

2 comments:

  1. මාගේ උපන්දිනය 1985. මැයි 9 දින 20:55 ටය. ඒ අනුව මාගේ කෙන්දරයේ 5 වැන්නේ බුද හා රවී සංයෝග වී ඇත. නමුත් නවාංශකය අනුව යෝග වී නොමැත. මෙය ධර්ම කර්මාධිපති යෝගයක්ද? මට තවත් යෝග ඇති බව පැවසුවත් මටනම් කියන්න තරම් යහපතක් මේ දක්වා නැත. දැනට සෙනසුරු ඒරශ්ටකයක් හා රාහු මහ දශාවක්ද පවතී. ඔබතුමාට හැකිනම් මට ටිකක් මෙය විසදා දෙන්න තෙරුවන් සරණයි

    ReplyDelete
  2. It's a shame you don't have a donate button! I'd certainly donate to this outstanding blog!

    I guess for now i'll settle for book-marking and adding your RSS feed to
    my Google account. I look forward to new updates and will share this site with my Facebook group.
    Talk soon!

    ReplyDelete