Tuesday, September 22, 2015

ප්‍රාණ පද ලග්නය




බ්‍රිහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ තුන්වන පරිච්ච්ර්දයේ 71 වන ශ්ලෝකයේ සිට 74 වන ශ්ලෝකය දක්වාද ජෛමිනි සුත්‍රයේ හතරවන පරිච්චේදයේ 22 වන ශ්ලෝකය හා 41 ශ්ලෝකයේ සිට 52 ශ්ලෝකය දක්වා ප්‍රාණ පද ලග්නය පිලිබඳ හඳහන් වන නමුත් බොහො දෙනාගේ අවධානය අඩුවෙන්ම යොමුවන විෂය කොටසක්  ලෙස ප්‍රාණ පදය පෙන්වා දිය හැක.


ප්‍රාණ පද ලග්නය සොයාගැනීම
  • ·         ඉර උදාවේ සිට උපන් මොහොත දක්වා කාලය විඝටි බවට පරිවර්තනය කරගත යුතුය එය පහත පරිදිය

පැය 1 ක්        = ඝටි 2 ½
මිනිත්තු 1 ක්   = විඝටි 2 ½
විඝටි 60 ක්     = ඝටි 1

  • ·         එම අගය 15න් බෙදන්න එවිට ලැබෙන පිළිතුර රාශි හා අංශක වලින් වේ.
  • ·         එම අගය රාශි 12 වඩා වැඩි නම් රාශි 12 කොටස් (360° කොටස්) 360° වඩා අඩු අගයක් එනතුරු අඩු කරන්න
  • ·         සුර්යයා චර රාශියක වේ නම් කෙලින්ම සුර්යයා ගේ ස්ථුටය එම අගයට එකතු කර සුර්යයා සිටින රාශියේ සිට ඉදිරියට ගැනගෙන ගොස්  ලැබෙන රාශිය ප්‍රාණ පද ලග්නයවේ
  • ·         තිර රාශියක  සුර්යයා තැම්පත් වී ඇති නම් මුලින් ලැබුණු අගයට අංශක 240ක් එකතු කර ගන්න ඉන් පසු සුර්යයා සිටින රාශියේ සිට ඉදිරියට ගැන ගන්න
  • ·         රවී සිරින රාශිය උභය රාශියක් නම් අංශක 120ක් එකතු කර ගන්න ඉන් පසු පෙර සේම සුර්යයා සිටින රාශියේ සිට ගැනගෙන ගොස් ප්‍රාණ පද ලග්නය සොයාගන්න.

උදා : 01.   හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ජන්මය සිදුවුයේ 1827 ජනවාරි 27 වන දින රාත්‍රී 09:00 ටය. එදින ඉර උදාව උදේ 06:35 ටය අපි උන්වහන්සේගේ ප්‍රාණ පද ලග්නය සොයමු (රවී - 08° 27’)

 

    


ඉර උදාවේ සිට උපන් වෙලාව දක්වා ගතවූ කාලය  = 21:00 – 06.35
                                                 = 14:25
විඝටි ගණන                               = (14 X 2.5) X 60 + (25 X 2.5)
                                                 = 2162
15න් බෙදන්න                           = 2162/15
= රාශි 144 අංශක 4
  රාශි 12 කොටස් ඉවත් කලපසු    = 144/12 = 0
= රාශි 0 අංශක 04
 රවී සිටින්නේ චර රාශියක බැවින් රවිගේ අගය එකතු කරන්න
= 08° 27’ + 04°
ප්‍රාණ පද ලග්නය                        = මකර රාශියේ 12° 27’


උදා: 02. මධුරි ඩික්සිත්ගේ ජන්මය සිදු වුයේ  1967 මැයි 15 දින සවස 06:15 ටය (ඉන්දියාවේ මුම්බායි හිදී). එදින ඉර උදාව 06:08:17 ටය. අපි ඇයගේ ප්‍රාණ පද ලග්නය සොයමු (රවී - 00° 37’)


   



ඉර උදාව දක්වා ගතවූ කාලය      = 18:15 – 06:08
= 12:07
විඝටි ගණන                               = (12 X 2.5) X 60 +07 X 2.5
= 1817
15න් බෙදන්න                           = 1817/15
                                                 = රාශි 121 අංශක 04
රාශි 12 කොටස් අඩු කරගන්න   = 121/12 
                                                = ඉතිරිය රාශි 1 අංශක 04 (අංශක වලින් නම් - 34°)

රවී සිටින්නේ තිර රාශියක බැවින් අංශක 240ක් එකතු කරන්න
= 240° + 34°
= 274° (රාශි 10ක් හා අංශක 04)
රවී සිටින්නේ වෘෂභයේ  00° නිසා රාශි 10ක් හා අංශක 4ක් ඉදිරියට ගැන ප්‍රාණ පද ලග්නය සොයාගන්න
එනම්
ප්‍රාණ පද ලග්නය                               = කුම්භයේ 04° ය,


උදා: 03. එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාර නායක මහතා 1899 ජනවාරි මස 08 වන දින උදේ 09:58ට ජන්ම ලාභය ලැබූ අතර එදින ඉර උදාව 06:28 ලෙස සඳහන්ව ඇත (රවී - 25°17’)


   



ඉර උදාව දක්වා ගතවූ කාලය      = 09:58 – 06:28
                                                 = 03:30
විඝටි ගණන                               = (3 X 2.5) X 60 +30 X 2.5
                                                 = 525
15න් බෙදන්න                            = 525/15
= රාශි 35 අංශක 00
රාශි 12 කොටස් අඩු කරගන්න   = 35/12
                                               = ඉතිරිය රාශි11 අංශක 00 (අංශක වලින් නම් 330°)

රවී සිටින්නේ උභය රාශියක බැවින් අංශක 120ක් එකතු කරන්න
= 120° + 330°
= 450° (රාශි 15ක් හා අංශක 00)
නැවතත් රාශි 12ට වැඩි බැවින් 12ක් අඩු කරන්න = 15-12 = රාශි 3යි
  
රවී සිටින්නේ ධනුවේ  25° 17’ නිසා රාශි 03කුත් අංශක 25ක් ඉදිරියට ගැන ප්‍රාණ පද ලග්නය සොයාගන්න
එනම්
ප්‍රාණ පද ලග්නය                                 = මිණයේ 25° ය,


මෙලෙස සොයාගත් ප්‍රාණ පද ලග්නය යම් පුද්ග්ගලයෙක්ගේ ජන්ම රාශියෙන් (ලග්නයෙන්) 2, 4, 5, 9, 10, 11 යන රාශියක් වේ නම් සුභ ප්‍රතිපලත් වෙතත් රාශියක් වේ නම් අසුභ පලත් ගෙනෙන බව සඳහන් වේ. එම ලබාදෙන ප්‍රතිපල මෙසේය

ප්‍රාණ පද ලග්නය තැම්පත් ස්ථානය
ප්‍රතිපලය
ලග්න භාවයේ
ජන්මියා දුර්වල ශරීරයක් ඇති, බුද්ධි හීන, ව්‍යාධි සහිත, අලස ගති ඇති කෙනෙකි
දෙවැන්නේ
ධනයෙන් හා ධාන්‍යයෙන් ආඩ්‍ය, වාසනාවන්ත , බොහෝ දරුවන් ඇති කෙනෙකි
තුන්වන්නේ
දැඩි සිතැති, අහම්කාර, අපිරිසිඳු, අනතුරු බහුල වැඩිහිටියන්ට ගරු සරු නැති කෙනෙකි
හතරවැන්නේ
සත්‍යවාදී, නිතර සතුටින් සිටින, වැඩිහිටි හා ස්ත්‍රී පාර්ශවය කෙරෙහි වැඩි ලැදියාවක් ඇති, සෞම්‍ය කෙනෙකි
පස්වැන්නේ
ඉතා ආකර්ශනීය, සතුටින් සිටින, යහපත් වැඩ කරන, කරුණාවන්ත කෙනෙකි
හයවැන්නේ
ඥාතින්ගෙන් ඇත්වන්නට සිදුවන, රෝග සහිත, ආයු අඩු, තියුණු කෙනෙකි
හත්වැන්නේ
නිතරම කාම පිපාසයෙන් සිටින, ප්‍රචණ්ඩ පෙනුමක් ඇති, ගරුත්වය නොලබන කෙනෙකි
අටවැන්නේ
කරදර හා රෝග සහිත, රජුගෙන් ඥාතින්ගෙන් දරුවන්ගෙන් හා මෙහෙකරුවන්ගෙන් පිඩාවට පත්වන කෙනෙකි
නමවැන්නේ
පියකරු, බොහෝ දරුවන් ඇති, වාසනාවන්ත, ධනවත්, හැකියාවන් බහුල, අනයට උපකාර කරන කෙනෙකි.
දසවැන්නේ
වික්‍රමාන්විත, බුද්ධිමත්, දක්ෂ, රාජකීය අණ එලෙසම ක්‍රියාත්මක කරන, දේව භක්තිය ඇති කෙනෙකි.
එකොලොස්වැන්නේ
ප්‍රසිද්ධ,සීලාචාර, උගත්, ධනවත්, පැහැපත්, මවුට දැඩිසේ හිතවත් කෙනෙකි
දොළොස්වැන්නේ
පහත්, දුෂ්ට, අඩුපාඩු සහිත බාහු ඇති, පුජ්‍ය පක්ෂයට හා ඥාතීන්ට වෛර කරන, ඇස රෝග ඇති කෙනෙකි.


ප්‍රාණ පද ලග්නය පලාපල කථනයේදි භාවිතය
මෙලෙස ප්‍රාණ පද ලග්නය සොයාගත් පසුව මුලිකවම පෙර සඳහන් කරුණු යම් යම් ප්‍රමාන වලින් ඒ තුලින් නිවේදනය වන අතර ඊට අමතරව ප්‍රාණ පද ලග්නය වෙත වැටෙන ග්‍රහ සහ රාශි දෘෂ්ටි සහ එහි තැම්පත්ව සිටින ග්‍රහයන් කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ ජන්මියා කෙරෙහි ප්‍රාණ පද ලග්නය බලපාන්නාවූ අකාරය තව දුරටත් තේරුම් ගත හැක.
පෙර උදාගරණයන් තුන දෙස නැවත අවධානය යොමු කරමු.

උදා 01. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ හඳහන


  



මෙහි ප්‍රාණ පදය (PP) වුයේ මකර රාශියයි එය මෙම ජන්ම පත්‍රයේ සයවැන්නයි. එමෙන්ම පස් වන්න අධිපති ප්‍රඥා කාරක ගුරු ග්‍රහයා වෙතින් ප්‍රාණ පදයට දෘෂ්ටියක් ලැබී ඇත ගුරු ග්‍රහයා උගතුන්, පණ්ඩිතයන්, පුජකයන් නිවේදනය කරයි. ප්‍රාණ පදයේ ලග්නාධිපති රවී තම්පත්වී ඇත රවී වෙතින්ද ප්‍රඥාලෝකය නිවේදනය වේ. උන් වහන්සේ ඥාතින්ගෙන් අත්වූ අතර එසේ අත්වුයේ සසුන් ගත වීමටය. උන්වහන්සේ සුවිශාල දැනුමක් ඇති යතිවරයාණන් වහන්සේ නමක් වූ අතර දක්ෂ කතිකයෙක් මෙන්ම නිදහස් සටනේදි මහා මෙහෙයක් කරන ලදී.

උදා: 02. මධුරි ඩික්සිත් ගේ හඳහන


 


මෙහි කුම්භ ලග්නය ප්‍රාණ පද ලග්නය වන අතර ලග්නාධිපති සිකුරුගෙන් සහ රවිගෙන් දෘෂ්ටි වැටේ රවී වෙතින් සිනමා හා වෙනත් අංශ වල තරු නිවේදනය කරන අතර රවී වෙතින් නිර්මාණ ශීලිත්වය නිවේදනය වේ. එමෙන්ම සිකුරු වෙතින්ද කලාව රුප ස්වාභාව නිවේදනය කරයි.  එමෙන්ම එකිනෙකා යොහ වෙමින් ගජ කේෂරී යෝගයක් සකසාගෙන සිටින ගුරු හා චන්ද්‍රයා වෙතින් ප්‍රාණ පදයට (PP) රාශි දෘෂ්ටියක් වටේ. (ගජ කේෂරී යෝගය ප්‍රසිද්ධිය ලබා දෙන යෝගයක් සේ සැලකේ)

උදා: 03. බණ්ඩාරනායක මැතිදුන්ගේ හඳහන




පෙර හඳහනේ පරිදිම සුභ ස්ථාය රාණපය පිහිටා ඇත රාජ්‍ය කාරක රවී කතාවට අධිපති බුධ හා ලෞකික සැප වෙනුවෙන් ක්‍රියාත්මක වන රාහු වෙතින් ප්‍රාණ පදයට රාශි දෘෂ්ටියක් ලබා දෙයි. මිට අමතරව යෝග කාරක සිකුරුගෙන්ද ප්‍රාණ පදයට දෘෂ්ටියක් වැටේ. කථිකත්වය නිසාම ආසියාවේ රිදී සීනුව ලෙසින් විරුදාවලිය ලත් බණ්ඩාරනායක මැතිදු බොහෝ ධනයකට හිමිකම් කි අතර රාජ්‍ය නායකත්වයටද පත් විය.


ප්‍රාණ පද ලග්නය බොහෝ දෙනා සම්පුර්ණයෙන් නොසලකා හැරියද පලාපල කථනයේදී බොහෝ සෙයින් උපකාරී කරගත හැකි බව පාඨකයාට පැහැදිලි ඇතැයි සිතමි. කෙසේ නමුත් මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාණ පද ලග්නය සම්භන්ධව මුලිකම කරුණු කිහිපයක් පමණි. ශාස්ත්‍ර ලැදියෝ මෙය අවසානයක් ලෙස නොව ආරම්භයක් ලෙස සිතා තවත් මේ පිළිබඳව යොයා බැලීම වටි.


ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Friday, September 11, 2015

පරිවර්තන යෝග



පරිවර්තන යෝගය යනුවෙන් පැවසු විටම එහි වචනාර්ථයෙන්ම යෝගය පිලිබඳ යම් අදහසක් ගැනීමට අපට හැක. නමුත් අප දැන් සුදානම් වන්නේ මෙම යෝගය පිළිබඳව තරමක් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමටයි. පරිවර්තන යෝග යටතේ නැකත්, රාශි හා කාරක පරිවර්තනය පිලිබඳ සඳහන් වුවද වැඩිපුරම භාවිතා වන්නේ රාශි පරිවර්තනය බව පෙනෙන්නට තිබේ. මෙහිදී අප රාශි පරිවර්තනය සම්භන්ධව සලකා බලමු.

රාශි පරිවර්තන යෝග අවස්ථාවන් 66ක් පිළිබඳව වේදීය ජ්‍යොතිෂ ක්‍රමය තුල සඳහන් වන අතර මෙම පරිවර්තන යෝග අවස්ථා 66 ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වේ.  ඒවා මහා පරිවර්තන යෝග, කාහල පරිවර්තන යෝග හා දෛන්‍ය පරිවර්තන යෝග ලෙසින් හඳුන්වයි. (දෛන්‍ය පරිවර්තන යෝග තුලම විපරිත පරිවර්තන ලෙසින් තවත් කොටසක් පිළිබඳව සඳහන් වේ).

            යම් ග්‍රහයින් දෙදෙනෙක් එකිනෙකා අනෙකාගේ රාශියේ ලෙසින් රාශි මාරු කරගෙන තැම්පත් වීම  රාශි පරිවර්තන යෝගය වන අතර මෙලෙස පරිවර්තනය වීම තුලින් ඒ ග්‍රහයා තමා සමග යෝගය සාදන අනෙක් ග්‍රහයාගේ නිවේදනය වෙනුවෙන් පෙනී සිටිමින් එකිනෙකා අතර බලය හුවමාරු කර ගනියි. උදාහරණයක් ලෙස යම් හඳහනක ගුරු ග්‍රහයා බුධ හිමි කන්‍යාවේ තැම්පත්වී බුධ ග්‍රහයා ගුරු හිමි ධනු රාශියේ තැම්පත් වී ඇතැයි සිතමු එවිට ගුරු ග්‍රහයා බුධගේ නිවෙදකත්වයන් වෙනුවෙන් පෙනී සිටින අතර බුධ ග්‍රහයා ගුරුගේ නිවෙදකත්වය වෙනුවෙන් පෙනී සිටියි.  මේ එක එක කොටස් පිළිබඳව වෙන වෙනම සලකා බැලීම වටි

මහා පරිවර්තන යෝග.

පරිවර්තන යෝග අතරින් වඩාත්ම සුබපල ලබාදෙන යෝග යෝග ලෙස පෙන්වා දෙන්නේ මහා පරිවර්තන යෝගයි. පරිවර්ථන යෝග අවස්ථා 66න් 28ක්ම අයත් වන්නේ මෙම කාණ්ඩයටයි.  ලග්නය, දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නමවැන්න, දසවැන්න, එකොලොස්වැන්න යන භාවයන් අධිපතියන් එකිනෙකා අතර පරිවර්තනය වීමෙන් මෙම යෝගය සැදෙයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම පරිවර්තන යෝග 28න් වැඩි ප්‍රමාණයක් රාජ හා ධන යෝග ගණයටද වැවීමයි.
            මහා පරිවර්තන යෝග මගින් පුද්ගලයාගේ ධනය බලය වර්ධනය කරවන අතර ත්‍රිකෝණ ස්ථාන වල සම්භන්ධයක් ඇත්නම් අධ්‍යාපනට හා දැනුම අතින්ද ඉහලට ගෙනයනු ඇත

01.   හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි.
උපත : 1827/01/20 පැය 21:00ට


ඉහත ජන්ම පත්‍රයේ බුධ හිමි කන්‍යා රාශියේ (දෙවැන්නේ) ගුරු ග්‍රහයා තැම්පත්ව සිටින අතර ගුරු හිමි ධනු රාශියේ (පස්වැන්නේ) බුධ ග්‍රහයා තැම්පත්ව සිටි. මෙය මහා පරිවර්තන යෝගයකි. අප කවුරුත් දන්නා පරිදි පස්වැන්නෙන් කියවෙන්නේ අධ්‍යාපනය පිලිබඳවය දෙවැන්නෙන් ධනය පිලිබඳවය. බුධ භාෂාමය හැකියාවන් හා කථනයටත් ගුරු ප්‍රඥාවටත් අධිපති කම් කරන අතර උගතුන් නිවේදනය කරයි.
            ශ්‍රී සුමංගල නාහිමියන් ශ්‍රීපාදස්ථානයේ නායක තනතුර හා තවත් බොහෝ පන්සල් ආරාම පාලනය කල හිමි නමකි. භාෂා පිලිබඳ ඥානයත් බොහෝ විෂයන් පිලිබඳ හසල දනුමක් හා මනා පරිචයකිනුත් යුතුවූ උන්වහන්සේ දෙවන බුදුවරයෙක් මෙනැයි වරක් අන්ටෝල් ප්‍රාන්ස් නම් ලේඛකයා පැවසිය.

02.   රබින්දනාත් තාගෝර්
උපත : 1861/05/07 පැය 02:27 (ඉන්දියාවේ කල්කටා හිදී)


රවින්ද්‍රනාත් තාගෝර් පඬිවරයාගේ ජන්ම පත්‍රයේ දෙවැන්න හා හතරවැන්න අතර කුජ හා බුධ ග්‍රහයන් පරිවර්ථනය වී ඇති අතර ලග්නය හා පස්වැන්න අතර (සඳු හා ගුරු) තවත් පරිවර්තන යෝගයක් සාදාගෙන සිටියි. මෙම පරිවර්තන යෝග දෙකම මහා පරිවර්තන යෝග වේ. හතරවැන්න මාතෘ භුමිය ගැන සහ සැපපහසුව ගැනත් දෙවැන්න ධනය පිලිබන්ධවත් පස්වැන්න අධ්‍යාපනය පිළිබඳවත් ලග්නය සමස්තයක් වශයෙන්ම ජන්මියාගේ සමස්ත තත්වය පිළිබඳවත් නිවේදනය කරයි.
            තාගෝර් මැතිතුමා පඬිවරයෙකි, තමන්ගේ මාතෘ භුමිය වෙනුවෙන් ජාතික ගිය රචනා කළේය, ඔහුගේ චරිතාපදානය තුල ඔහු නිතරම සිතේ සැනසිල්ලට මුලික තැනක් දුන් බව පෙනේ (සඳු සිතට කාරක වේ). භාෂාමය හැකියාව ඉතා ඉහල මට්ටමක විය. තාගෝර් නම් වියතාගේ ජීවිතයට මෙම පරිවර්තන යෝග දෙක බොහෝ බලපෑමක් කල බව පෙනෙන්නට තිබේ.


කාහල පරිවර්තන යෝග

තුන්වැන්න අධිපතියා ලග්නය, දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නමවැන්න, දසවැන්න, එකොලොස්වැන්න යන භාව අටෙන් එකක අධිපතියෙක් සමග පරිවර්තනය වීම කාහල පරිවර්තන යෝගයක් ලෙස හඳුන්වයි. මෙම යෝගයන් ඇතිවිට ආරම්භයේදී භාධක තත්වයන් ඇති කරන අතර අන් අයට වඩා බොහෝ ධෛර්ය වන්තව කටයුතු කල යුතුය.

01.   ඇමි කාටර්
උපත : 1967/10/19 පැය 00:26 (ඇමරිකාවේ ජෝර්ජියා හිදී)



ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර්ගේ දියණියයි. තුන්වැන්න හා පස්වැන්න අතර (රවී හා සිකුරු අතර) පරිවර්තනය සිදුවී ඇති අතර පස්වැන්නෙන් නිවේදනය වන අධ්‍යාපනය හා ප්‍රේමය සම්භන්ධව භාධක වලට මුහුණ දුන් කෙනෙකි. පාසල් අවධියේ අනවසරයෙන් ඇතුල් වීම හා අශෝබන හැසිරීම සඳහා නිතිය ඉදිරියට පවා ගෙන එන ලදී. එමෙන්ම තමන්ට වඩා වසර දෙකක් බාල කෙනෙක් හා ප්‍රේම සම්භන්ධයක් මත විවාහ විය. නමුත් ඇය උත්සාහයෙන් කෙසේ හෝ තම උපාධිය සම්පුර්ණ කලාය. මෙය කාහල යෝගය සඳහා ඉතා හොඳ උදාහරණයකි.

දෛන්‍ය පරිවර්තන යෝගය

දුෂ්ට ස්ථාන අධිපතියෙක් (6, 8,12 ස්ථාන අධිපතියෙක්) වෙනත් රාශි අධිපතියෙක් සමග පරිවර්තනය වීම දෛන්‍ය පරිවර්තනයක් හෙවත් දීන පරිවර්තනයක් ලෙස හඳුන්වයි පරිවර්තන යෝග වලින් අසුභ පල උදාකරන යෝග ලෙස පෙනෙන්නට තිබෙන්නේ මෙම දෛන්‍ය පරිවර්තන යෝගයි. මෙහි යෝග අවස්තාවන් 30ක් ඇත. මෙයින්ද දුෂ්ට ස්ථාන අධිපතියන් දෙදෙනෙකුම එකිනෙකා පරිවර්තනය වීම විපරීත පරිවර්තන යෝග ලෙසින් හඳුන්වයි. විපරීත පරිවර්තනය අසුභ තත්වයෙන් වැඩි ස්වාභාවයක් වේ. දෛන්‍ය පරිවර්තනයක් ඇතිවිට එයට සම්භන්ධ දුෂ්ට ස්ථානයට අදාළ පල වැඩි කරන බව පෙනෙන්නට තිබේ.

01.   සැන්ඩ්‍රා ඩේල් ඩෙනිස් (සැන්ඩි ඩෙනිස්)
උපත : 1937/04/27 පැය 19:17 (හැස්ටින්ග්, නබ්‍රස්කා, ඇමෙරිකාව)


සැන්ඩි ඩෙනිස් ඇමරිකානු වේදිකා හා චිත්‍රපට නිළියකි. ඇයගේ රෝගස්තානය වන හයවැන්න අධිපති ගුරු හතර වැන්න අධිපති සෙනසුරු සමග පරිවර්තනය වෙමින් දෛන්‍ය පරිවර්තන යෝගයක් සකසා ඇත. 1965 ඇයගේ පළමු විවාහයෙන් පසුව 1967දි දරුවෙක් ලැබෙන්නට ගොස් ගබ්සා වීමක් සිදුවිය. 1974 දි ඇගේ පළමු විවාහය අවසාන විය. ඇය ඉන්පසුව තමාට වඩා වසර 20 පමණ බාල පෙම්වතෙක් සමග 1980-1985 දක්වා ගත කල අතර එයද අසාර්ථක විය.  පසුව ඇය පිළිකාවකින් 1992දි මිය ගියාය. (හයවැන්න රෝගස්තානයයි. විවාහ ස්ථානයෙන් 12වැන්න බැවින් විවාහයේ ක්ෂය වීම නිවේදනය කරයි)



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, August 24, 2015

භාව කාරක හා මරණ කාරක



භාව කාරක

යම් ග්‍රහයෙක් වෙතින් නිවේදනය වන කරුණු මගින් යම් භාවයක නිවෙදකත්වය පෝෂණය වේ නම් එම ග්‍රහයා විසින් එම භාවයේ කාරකත්වය දරන බව සරලව පෙන්වා දිය හැක. මෙය මෙසේ පැහැදිලි කර ගත හැක.

ලග්නයෙන් තමා ගැන කියවෙන අතර මමත්වය හෙවත් ආත්මය නිවේදනය වන නෛසර්ගික ආත්ම කාරකයා වන රවි ලග්නය සඳහා කාරක වෙයි. දෙවැන්නෙන් ඉතුරුම් ධනය ගැන මූලිකව නිවේදනය වන අතර භාන්ඩාගාරය වාසස්ථානය කරගෙන සිටින සෞභාග්‍යමත් ගුරු ග‍්‍රහයා ධනස්ථානයට කාරක ග‍්‍රහයා වෙයි. තුන්වැන්නෙන් වික‍්‍රමය එඩිතර බව කියවෙන අතර ග‍්‍රහ දෙව්ලොව සෙන්පතියා වන කුජ තරම් මෙම භාවයට කාරක වීමට සුදුස්සෙක් නැති බව ඔබට වැටගෙනවා ඇත. හතර වැන්න වන මාතෘ ස්ථානයට ග‍්‍රහයන්ගේ මව වන චන්ද‍්‍රයා කාරක වන අතර හතර වැන්නෙන්ම කියවෙන වාහන සඳහා සිකුරු කාරක වේ (හතර වැන්නට චන්ද‍්‍රයා පමනක් කාරක වේ යැයි මතයක්ද ඇත.)පස්වැනි භාවයට පුත‍්‍ර කාරක හා ඥාන කාරක වන ගුරු කාරක වන අතර හයවැන්න වන රොග හා සතුරු ස්ථානයට සෙනසුරු හා කුජ කාරක වේ. විවාහය ගැන නිවේදනය වන හත්වැන්නට අප බලාපොරොත්තු වන ලෙසම සිකුරු කාරක වන අතර, තවත් තැනක මෙවැනි මතයක් ඇත එනම් පුරුශයන් සඳහා හත්වැන්නට සිකුරු කාරක වන අතර ස්ත‍්‍රීන් සඳහා හත්වැන්නට ගුරු කාරක වන බවයි. මෙම මතය කොතරම් නිවැරදිදැයි පර්යෙෂන මගින් අවබෝධ කරගැනීම පාඨකයාට බාර කරමි. කෙසේ වෙතත් මා පුද්ගලිකව පිලිගන්න ක‍්‍රමය නම් මුලින් සඳහන් කල ක‍්‍රමයයි.

අටවැන්නෙන් නිවේදනය වන්නේ මරණය හා දුක් සහිත දේවල්ය මේ භාවයට දුකට අධිපති සෙනසුරු කාරක වේ. නම වැන්නෙන් ධර්මය හා ධාර්මික පුද්ගලයන් උගතුන් නිවේදනය වන අතර මෙම භාවයටද එම තත්වය පෙන්වන ගුරු කාරක වේ. දසවැනට කාරක ග‍්‍රහයන් කිහිප දෙනෙක්ම සිටී. යමෙක්ට වෘතියෙන් සමාජ තත්වයෙන් ඉහක යාමට නම් ප‍්‍රඥාව ඉවසීම ක‍්‍රියාශිලීත්වය අභියෝග ජය ගැනීම වැනි බොහෝ දේ අවශ්‍ය වේ. මෙ නිසා මෙම භාවයට රවි, ගුරු, බුධ, හා සෙනසුරු කාරක වන්නේ මෙ සියලූ ගුණ මෙම ග‍්‍රහ සංකලනයෙන් ලැබෙන නිසාය. එකොලොස් වැන්නෙන් කියවෙන ලැබිම් නැවත නිවෙදනය වන්නේ ගුරු ග‍්‍රහයාගෙනි. දොලොස් වැන්නෙන් කියවෙන මෝක්ෂය ලබීමට නම් දරාගැනීම අත්‍යාවශ්‍යය එමෙන්ම ලෞකික සැපයෙන් ඇත්වීම අත්‍යාවශ්‍යය. එමෙන්ම දොලොස් වැන්නෙන් නැති වීම කියවෙයි. මේ නිසා මෙම භාවයට දුකට කාරක වෙන සෙනසුරු කාරක වෙයි.


මරණ කාරක

ඒ ඒ භාවයන්ට අදාලව ග‍්‍රහයන් කාරක වන අතර ඒ තමාට ප‍්‍රථිපල දීමට වැඩි හැකියාවක් ඇති ස්ථානයන් බව පෙනේ. මේ ලෙසම ග‍්‍රහයන්ට තමා සිටින භාවයේ ප‍්‍රථිපල හෝ තමා කාරක වන භාවයේ ප‍්‍රථිපල හෝ දී ගත නොහැකි වන භාවයන් තිබෙන අතර එම භාවයන් සඳහා එම ග‍්‍රහයන් මරණ කාරක වේ එම භාවයන් තුල තැම්පත් වීමෙන් ග්‍රහයා මිය ගියා සේ හැඳින්වීමේ වරදක් නොවන්නේ මේ මගින් ග්‍රහයා භාවයට අදාල ප‍්‍රතිපල විනාශ කරගන්නා අතර තමාගේ පලදීමේ හැකියාවද විනාශ කරගන්නා නිසාය. 
උදාහරනයක් ලෙස කුජ හය වැන්නට කාරක වන අතර හය වැන්නෙන් බ‍්‍රහ්මචාරිත්වය නිවේදනය වේ (හත්වැන්නෙන් දොළොස් වැන්න නිසා). යම් හෙයකින් කුජ හත් වැන්නේ තැම්පත් වුවහොත් බ‍්‍රහ්ම චර්යාව මෙන්ම එය බිඳීමද කුජ වෙත පැවරෙන අතර තමා කුමන කාරකත්වයක් නියොජනය කල යුතු දැයි තීරනය කර ගත නොහැකිව කුජ භාව දෙකේම නිවේදනයන් විනාශ කරන්නට ඉඩ තිබේ. කුජ හත්වැන්නේ සිටින්නන්ට කුජගේ නෛසර්ගික වයස අවසන් වනතුරු බ‍්‍රහ්මචාරීව සිටීමෙන් කුජ දෝෂය අවම වේ කියා කියන්නෙ මේ නිසාය.


තවත් උදාහරණයක් ලෙස රවි ග්‍රහයා නෛසර්ගික ආත්ම කාරයකයා වන අතර ක්ෂය වීම සම්භාන්ධන නිවේදනය වන දොළොස්වන භාවයේදි තමාගේ නෛසර්ගික කාරකත්වයට විරුද්ධ කාරකත්වයක් දැරීමට සිදුවීම නිසා මරණ කාරකතත්වයට පත්වේ. පහත දැක්වෙන්නේ ඒ ඒ ග්‍රහයන් මරණ කාරක වන භාවයන්ය.



ග‍්‍රහයා මරණ කාරක භාවය

රවි            12 භාවය
සඳු            08 භාවය
කුජ           07 භාවය
බුධ           04 හා 07 භාව
ගුරු           03 භාවය
සිකුරු        06 භාවය
සෙනසුරු  01 භාවය
රාහු        09 භාවය

මේ ලෙස යම් ග්‍රහයෙක් මරණ කාරක ස්ථානයේ තැම්පත් වී ඇතිනම් ඊට අදාළ ප්‍රතිකර්ම හා පුද පුජා ක්‍රම වේදීය ජ්‍යෝතිෂය තුල සඳහන්ව ඇති අතර මීළඟ ලිපියෙන් අප ඒ පිළිබඳව සාකච්චා කරමු.


ගුප්ත විද්‍යා සහ ජ්‍යොතිෂ පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, June 28, 2015

රවී ග්‍රහයා ලග්නයේ තැම්පත් වීම

   
                       රවි ග්‍රහයා යනු ජීවයේ නිර්මාපකයාය සුර්යාලෝකයෙන් තොරව ජීවයක් නැත. වෛදික ජ්‍යෝතිෂයේද රවි ඉතාම වැදගත් ග්‍රහයෙකි. රවී ග්‍රහයා ලග්නයෙහි පිහිටි අය ගැනයි මේ වීඩියෝව.




ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂ වේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Saturday, June 20, 2015

නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)


           නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ.  අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක.

ඉස්සෙල්ලාම අපි මේ ගණ මොනවද කියලා බලලා ඉඳිමු.

ගණ යන වචනයෙහි අර්ථය සමුහයක් යන්නය. එනම් මාත්‍රා සමුහයක් ගණ ලෙසින් හැඳින්විය හැක. මාත්‍රාවක් යනු ඇසිල්ලක කාලයක් (ඇසිපිය හෙලන කාලය) ඇතිවන ශබ්ධයයි මෙම ශබ්ධය ඇති කරවන අක්ෂර ලඝු කියා හඳුන්වයි ඊට වඩා වැඩි කාලයක් ශබ්ධය ඇති කරවන අක්ෂර ගුරු නමින් හැඳින්වේ.

උදා :

ලඝු අක්ෂර : ස, සැ, පි, පු, ල, ළ, ඝ, ධ අ,උ, ඔ

ගුරු අක්ෂර: සා, සෑ, පී, පූ, අං, අඃ, ආ, ඌ, ඕ

ලඝු අක්ෂර "—" තිරස් රේඛාවකිනුත් ගුරු අක්ෂර වක්‍ර රේඛාවකිනුත් "U" ඇඳ පෙන්වයි. මිට අමතරව යම් ලඝු අක්ෂරයකට පසුව හල් අකුරක් තිබේ නම් එම හල් අකුර හා ඊට පෙර ලඝු අකුර යන දෙකම එක්කර ගුරු අකුරක් සේ සලකයි.

උදා:
01. සමන් 
     
         ස = ලඝු    ම+න්  = ගුරු    —  U

02. අනුහස්
        
        අ = ලඝු     නු = ලඝු      හ+ස් = ගුරු      —  —  U


අපි දැන් බලමු ගණ වර්ග ගැන.



ඉහත දක්වා ඇත්තේ ගණ වල පොදු රීතියයි. නමුත් දරුවෙකුට නම් තැබීමේදී දරුවා උපන් ලග්නයට අනුවද ගණ වල වර්ග කිරීමක් ඇති බැවින් මෙම ක්‍රම දෙකටම ගලපා දරුවාට නම තබන ගණය තේරීම වඩා සුදුසුය. ලග්න වලට අදාළ ගණ වර්ග කිරීම පහත පරිදිය

භුමි, චන්ද්‍ර, වායු, සුර්ය යන ගණ හතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න වලින් උපන්නන්ට සුදුසුය
ජාල , සුර්ය, ආකාෂ, ගිනි යන ගණ හතර මේෂ, කටක, තුලා, මකර, යන ලග්න වලින් උපන්නුන්ට සුදුසුය
චන්ද්‍ර, භුමි, ආකාෂ, ගිනි යන ගණ හතර මිථුන, කන්‍යා, ධනු, මින යන ලග්න වලින් උපනුන්ට සුදුසුය.

මේ ආකාරයෙන් නිවැරදි ගැන පිහිටිමක්ද නිවැරදි අක්ෂර තෝරා ගැනීමක්ද සහිතව වාසනාවන්ත නමක් තැබීමට අවශ්‍ය මුලික දැනුම දැන් ඔබ සතුව තිබෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙතනින් නොනැවතී තවත් මේ පිලිඹඳව තවත් පරීක්ෂණ කරමින් ඔබේ දැනුම වර්ධනය කරගන්නා ලෙසයි.



ප:ලි:
නාම කරණයේදී අපාය අක්ෂර, දේව අක්ෂර හා මනුෂ්‍ය අක්ෂර පිළිබඳව සැලකිලිමත වීමද වටි 

දිව්‍ය අක්‌ෂර: ස - ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව

මනුෂ්‍ය අක්‌ෂර: උ-ප-බ-ග-හ

අපායක්‌ෂර: 
අ-එ-ක-ය-ම-ර-ජ-ණ-න-ළ-අං

අපාය අක්ෂරයකින් නම පටන් ගනී නම් ගණ ගැලපීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටියි.. 



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166