Thursday, January 16, 2014

විවාහය - 2

ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා..
මේ ග්‍රහ යෙදීම් ගැන ගැටලුවක් තිබේ නම් හෝ තවත් පැහැදිකලි කර ගැනීමක් අවශ්‍යනම් ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.


  • ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නේ කේන්ද්‍රයේ 9වැන්නාධිපති සිටී නම් හෝ දෘෂ්ඨියක් දෙයි නම් ඔහුට හෝ ඇයට කරදරවලින් තොර යහපත්යුගදිවියක් ගත කිරීමට වාසනාව ඇති බව සඳහන්.
  • කටක ලග්න හිමියෙකු වී 7වැන්නේ කුජ හා ශනි සිටී නම් ඔහුට ලැබෙන බිරිඳ රූමත් කෙනෙක් මෙන්ම පතිනියකි..
  • 2,7 සහ 12 යන ස්ථාන වල අධිපතියන් කේන්ද්‍රස්ථාන ( 1 4 7 10 ස්ථාන ) හෝ ත්‍රිකෝනස්ථාන ( 1 5 9 ස්ථාන ) වල සිටියදී ගුරු ග්‍රහයා විසින් දැකීමද යහපත් විවාහ යෝගයකි..
  • කෙන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයාගෙ සිට එම ග්‍රහයා සිටින කොටුව 1යැයි ගනන් කරගෙන යෑමේදි 2, 7, හා 11 වැනි කොටුවල ශුභ ග්‍රහයින් ( පුර සඳු, බුධ, සිකුරු, ගුරු) සිටීම යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට හේතුවන යෝගයකි..
  • 5 වැන්න හා 7වැන්න අධිපතියන් බලවත් වී සිකුරු හා 7වැන්නාධිපතියා ඔවුන්ට ශුභ රාශියක සිටි නම් යහපත් දරුපල හා යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේ..
  • ගුරු 7 වැන්නේ සිටිම (  භාදක ස්ථානාදිපතියෙකු නොවීය යුතුයි )



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

No comments:

Post a Comment