විවාහය කියන මාතෘකාව යටතේ කලින් ලිපි දෙකක්ම මම පල කලා. ඒකට අදහස් දක්වපු ගොඩ දෙනෙක් මට කිව්වේ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සම්බන්දකම් නිසා ගොඩක් විවාහ බිඳ වැටෙන බවයි.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ දැඩි කාම ආශාවන්ගෙන් යුතු කෙනෙක්ට අඩු ආශාවන්ගෙන් යුතු කෙනෙක්ව මුන ගැහුනම.. අපි යෝනි පොරොන්දමෙන් බලන්නේ අන්න ඒ දේ තමයි.. මීට අමතරව වෙනත් ග්‍රහ බලපෑම් හා ග්‍රහ යෝගත් බල පානවා.. කොහොම වෙතත් මේ වගේ අනියම් සම්බන්ධ කම් වලට පොලඹවන යම් යම් ග්‍රහබලපෑම් කීපයක් ගැන අද අපි බලමු..
ඊට කලින් ග්‍රහ දෘශ්ඨි හා හත්වෑන්නාදිපතීන් ගැන අවබෝධයක් තිබුනොත් හොඳයි කියලා මම හිතනවා. මෙන්න මෙතනින් ගිහින් ග්‍රහ දෘශ්ඨි ගැන බලලා එන්නකෝ..
හත්වැන්නාධිපතීන්
ලග්නය 7 අධිපති
මේෂ - සිකුරු
වෘෂභ - කුජ
මිතුන - ගුරු
කටක - ශනි
සිංහ - ශනි
කන්‍යා - ගුරු
තුලා - කුජ
වෘෂ්චික - සිකුරු
ධනු - බුධ
මකර - සඳු
කුම්බ - රවි
මීන - බුධ
- හඳහනේ 6,8 හා 9 යන ස්ථාන තුනේම පාප ග්‍රහයන් පමනක් ( අව සඳු , රවි, කුජ. ශනි. රාහු, කේතු ) සිටීනම් හෝ පාපයන් ගෙන් පමනක් දෘශ්ඨි වැටේ නම් එම හඳහන හිමි ස්ත්‍රිය සැමියා කොතරම් සැප දුන්නත් පරදාර සේවනයේ යෙදෙයි..
- සිකුරු ග්‍රහයා හෝ හත්වැන්න අධිපති ග්‍රහයා රාහු හෝ කේතු සමග සංයෝගව සිටීනම් හා පාප ග්‍රහයන්ට පෙනේනම් එම තැනැත්තාගේ භාර්යාව අභිසාරිකාවකට සමානවෙයි. මෙම යෝගයෙන් උපන් පුර්ෂයාද සල්ලාලයෙක් වේ..
- කුම්භ ලග්නයෙන් ඉපදී කුජ 5වැන්නේ සිටින පුර්ෂයා පරදාර සේවනයේ යෙදෙයි.
- පාප ග්‍රහයන් ගෙන් පීඩිත සෙනසුරු 4 වැන්නේ සිටීනම් හා ශුභ ග්‍රහයෙකුගෙන් (පුර සඳු, බුධ,සිකුරු,ගුරු) දෘශ්ඨියක් හෝ නොවැටේනම් ජන්මියා ලඟම ඥාතියෙක් සමග වරදෙහි යෙදෙයි.
- 7වැන්නේ චන්ද්‍රයා, කුජ හා ශනි සිටින බිරියත් සැමියාත් යන දෙදෙනාම අනාචාරයේ හැසිරෙති.
- 2,7,හා 10 අධිපතියන් 7වැන්නේ සංයෝගව සිටීනම් ඒ තැනැත්තා කාමුකයෙකි. පර අඹුවන් සොයා යයි.
- පාප ග්‍රහයන්ගෙන් පීඩිත සදු හෝ සිකුරු 9වැන්නේ සිටී නම් තම ගුරුවරිය හෝ ගුරුවරයා පවා අමතක වන තරමට කාමය උත්සන්නවෙයි.
- නවාංශකය තුලා වෘෂභ හෝ කුම්භ වී සිකුරුට අයිති නවාංශකයක( වෘෂභ, තුලා) සෙනසුරුත්, සෙනසුරුට අයිති නවාංශකයක (මකර, කුම්භ) සිකුරුත් හිඳ ඒ දෙදෙනාම එකිනෙකා දකී නම් එම පිහිටීම ඇති තැනැත්තිය සමලිංගික සේවනයේ යෙදෙයි.
වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴
wiwaahayata pera,yam kisi pudgalayek homosexual da kiyala handahanen balaa ganda puluwan da?
ReplyDeleteඔව් පුලුවන් හඳහනේ ශනි බුධ කේතු යන තිදෙනාම එකට 4 8 12 යන තෑනක සිටීනම් බොහෝ දුරට ඒ ගතිය තියනවා
ReplyDeleteඊට අමතරව මෙ ලිපියේ 8 වන උදාහරනයත් එවැන්නක්..
oba porondam balanawada ?
ReplyDeleteඔවු මම වෘතීය ජ්‍යොතිෂ වේදියෙක්.
Deleteබොහොම ස්තූතියි!!
ReplyDeletehath wani kotuwe shani,chandra siti nam kiyawenne kumakda? :)
ReplyDeleteහත්වැන්න කියූ පමණින් එහෙම කියන්න අපහසුයි. කෙසේ නමුත් හත්වැන්න සෙනසුරුගේ දිග්බල රාශියයි.
Deleteමකර ලග්නය සහිත කේන්ද්‍රයක ශනි 1 කොටුවේ දී ඇත්නම් එය විවාහයට බලපාන අයුරු පැහැදිලි කල හැකිද ?? එසේ නොමැති කේන්ද්‍රයක් ඇති අයෙකු සමග විවාහ වීමෙන් කුමක් සිදුවේද? බොහොම පිං ..
ReplyDeleteඑවිට සෙනසුරු බලවත් වෙනවා. නමුත් හත්වැන්නේ සිටින ග්‍රහයන් ගැනත් සැලකිලිමත් විය යුතුයි. චන්ද්‍රයා සිටින්නේ කොහෙද කියන එකත් වැදගත්.
Deleteසෙනසුරු 7ට පේනවා කියල කියන එක ලොකු විවාහ දෝෂයක්ද? එවිට එසේ නොමැති හදහනක් ඇති අයෙකු සමග විවාහ වුවොත් සහකරුට විශාල බලපෑමක් තිබෙනවද?
Deleteවෘෂභ ලග්නය 3 -කුජ,රාහු 4-රවි , 5-බුද,සිකුරු,ගුරු,ශනි 6-චන්ඩ්‍ර,9-කෙතු සිටින විට විවාහය ප්‍රමාද ඇයි
ReplyDeleteහත්වැන්න අධිපතියා නිචව පාප පිඩා වීමත් සිකුරු මන්දගාමී හ්රහයන් දෙදෙනා වන ගුරු සහ සෙනසුරු සමග සංයෝග වීමත් බැලු බැල්මට දකින්න පුළුවන් හේතු. නමුත් විවාහයට නවාම්සය සැහෙන්න බලපානවා. එනිසා මේ ගැටලුව තිබේ නම් පවුලේ ජ්‍යෝතිර්වේදියා හමුවන්න.
ReplyDeleteස්වයම්වර මන්ත්‍රය වැනි මන්තරයක් භාවිතය ඔහු ඔබට නිර්දේශ කරාවි
කේන්දර ගෑලපීමෙදි එක් කේන්දරයක 7,8 පාපීන් සිටි නම් , අනිත් කේන්දරයේද 7 සහ 8 පාපින් සිටිය යුතුද?
ReplyDeleteඒක හරියටම කියන්න බැ. වෙනත් ආකාර වලින් ගැලපීම් තිබෙන්නට පුළුවන්.
DeleteYamekuge kendraye 7 kotuwa his nam ain adahas wenne wiwaha sidu nowana bawada?
ReplyDeleteනැහැ. එහෙම දෙයක් කියවෙන්නේ නැ. ග්‍රහයෙක් නොසිටියත් එම භාව වල අදිපතියන් හා දෘෂ්ටි දෙන ග්‍රහයන් මගින් එම භාවයේ ප්‍රතිපල ලබා දෙනවා.
Delete