Thursday, April 3, 2014

෴දේවතා ස්වප්න෴



අපේ පැරැන්නෝ අපි දකින සිහින වර්ග 4කට වෙන් කරලා දක්වලා තියනවා. ඒ තමයි
01ධාතු කේෂාභය 02.අනුභූතපූර්‍ව 03.පූර්‍ව නිමිත්ත 04.දේවතෝපසංහාර

ධාතු කේෂාභය
වා පිත් සෙම් තුන්දොසින් එකක් හෝ වැඩි ගනනක් කිපීමෙන් පෙනෙන සිහින

අනුභූතපූර්‍ව
කලින් සිතූ සිතිවිල්ලක් නිසා පෙනෙන සිහින

පූර්‍ව නිමිත්ත
යම් කෙනෙකුට අනාගතයේදී සිදුවන්නට තිබෙන දෙයක් පිලිබඳව පෙනෙන සිහින (බිම්බිසාර රජු දුටු සිහිනය මෙම ගනයට වැටේ.)

දේවතෝපසංහාර
ඉෂ්ට දේවතාවකු විසින් හිතවැඩ පිනිසත් දුෂ්ට දේවතාවකු විසින් අහිත වැඩ පිනිසත් පෙන්වන සිහිනය. (හිතේ තිබුන විසඳාගත නොහැකි ගැටලුවකට එකවර සිහිනෙන් විසඳුම් ලැබුන අත්දැකීම සමහර විට ඔබටත් ඇති. බෙන්සීන් හී ව්‍යූහය ගැන දුටු සිහිනයද මේ ගනයට වැටේනවා.)

වැඩ අවැඩ දෙකට ඉබේ පෙනන දේවතා ස්වප්න හැර මන්ත්‍ර බලයෙන් එසේ වැඩ අවැඩ බලාගත හැකි දේවතා ස්වප්න විශේෂයක් අපේ පැරැන්නන් භාවිතා කලා. මේ ආකාරයෙන් ඔවුන් තමන්ට තනිව විසඳුම් සොයාගත නොහැකි වූ ගැටලුවලට දෙවියන්ගේ උදව්වෙන් පිලිතුරු සොයා ගත්තා. මෙ ආකාරයේ දේවතා ස්වප්න බලන ක්‍රම බොහෝමයක් ඇතත් ඉතා පහසු හා වඩා සාර්ථක ක්‍රමයක් මෙහිදී කියා දීමට බලාපොරොත්තු වෙනවා.



අවශ්‍ය දෑ
මල් වර්ග 5ක්(බෙලි මල් ඇතුලුව.)
බුලත් 5ක්
කිරීබත්
කෙසෙල් ගෙඩි
පහනක්
කපුරු හඳුන්කූරු
කට්ටකුමන්ජල් හා දුම්මල

ක්‍රමය.
හොඳින් නා පිරිසිඳුවී, දත කට මැද, මල් බුලත් තට්ටුවක් සකස් කර ඉහත පුජා ද්‍රව්‍ය පුදා පහන පත්තු කර කපුරු හා හඳුන් කූරුද පුදා කට්ටකුමන්ජල් හා දුම්මල කොටා සකස් කරගෙන දුම් අල්ලමින් පහත මන්ත්‍රය 1000 වරක් මතුරා අවසානයේදී "භගවති අම්මේ" යනුවෙන් මන්ත්‍ර දේවතාවියට ආමන්ත්‍රනය කර අවශ්‍ය පැනය අසා මල් බුලත් තට්ටුව ඇති පැත්තට හිස දමා නිදාගන්න.. දැනගන්නට අවශ්‍ය දේ සිහිනයෙන් කියයි.

මන්ත්‍රය
ඕං ප්‍රියාය - නාරි ප්‍රියාය - සුන්දරී ප්‍රියාය - භගවතී - මුනි මුනි - නරේස්වඃ෴



වෛදික ජ්‍යෝතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

1 comment:

  1. ගොඩක් හොඳ පොස්ට් එකක්. මමනම් මේ බ්ලොග් එකට එන්නේ මන්ත්‍ර ගැන දැනගන්න ආසාවෙන්. අනේ ධනුෂ්ක, පුලුවන්නම් අපිට අංජනම් බලන ලේසි විදිහක් කියලා දෙන්න.

    ස්තුතියි.

    ReplyDelete