Sunday, July 13, 2014

රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

හැමෝම වගේ බොහොම උනන්දුවකින් බලන් හිටියා රාහු හා කේතු ග්‍රහයන් මාරුව සිද්ධ වෙනකන්. මොකද මේකත් ටිකක් ඇඟට දැනෙන ප්‍රතිඵල දෙන ග්‍රහ මාරුවක්. සාමන්‍යයෙන් මේ ග්‍රහයන් දෙදෙනා රාශියකින් තවත් රාශියකට යන්න ආසන්න වශයෙන් වසර 1කුත් මාස හයක කාලයක් ගන්නවා. මෙදා සැරේ මේ ග්‍රහමාරුව වෙන්නේ රාහු ග්‍රහයා තුලාවෙන් කන්‍යාවටත් කේතු ග්‍රහයා මේෂයෙන් මීනයටත් කියන රාශි දෙකට. මෙහිදී විශේෂත්වය වන්නේ මේ රාශි දෙක රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා ගේ ස්වක්ශේත්‍ර රාශි දෙක වීමයි. ඒ නිසා මේ ග්‍රහමාරුව හොඳ වේවා නරක වේවා කොයි දේ වෙතත් දැනෙන්නම දෙන ග්‍රහ මාරුවක් ලෙස සලකන්න පුලුවන්. මම මේ ග්‍රහමාරුව ගැන ලග්නෙන් ලග්නෙට පලාපල විස්තරයක් දාන්නේ නැත්තේ එක ග්‍රහමාරුවක් මත පදනම්ව කියන පලාපලයත් හඳහන පරික්ෂා කර කියන පලාපලයත් සමහර විට අහසට පොලව මෙන් වෙනසක් තිබෙන්නට හැකි නිසාත් ඒවායේ නිරවද්‍යතාවය ගැන මා පුද්ගලිකව එතරම් සෑහිමකට පත් නොවන නිසාත්ය. 

කෙසේ නමුත් මේ ග්‍රහමාරුව ඇඟට දැනෙන ලෙස හොඳ හෝ නරක ප්‍රතිඵල දිය හැකි බව නම් මම පිලිගනිමි. ( ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා මෙම තත්වය පරික්ෂා කරගැනීම වඩා උචිතය.) මා අද බලාපොරොත්තු වන්නේ රාහුගෙන් හා කේතුගෙන් යම් විපතක් වේ නම් ඒ විපත අඩු කරගැනීමටත් යම් යහපතක් වේ නම් ඒ යහපත වැඩි කරගැනීමටත් භාවිතා කල හැකි සරල මන්ත්‍ර කීපයක් ලබා දීමටය.



රාහුගෙන් සහනය ලබන්නට

01. හුඹස් මන්ත්‍රය
බුදුන් වැඳ, දහම් වැඳ, සඟුන් වැඳ දෙවියන්ට පින් දී හුඹසක් අසල සිටගෙන පැමිණ පහත සඳහන් මන්ත්‍රය 21 වරක් ජප කරන්න. 

ඕං නර්කඡ්ඡ ඡාය
විත් මහේ
බ්‍රහ්ම හස්තාය
දි මහී
තනෝ රාහුං ප්‍රයෝද්‍යා හඃ෴

02. රාහු ශ්ලෝකය

මහා ශීර්ශෝ මහා වක්‍රෝ
ධීර්ඝ දම්ස්ත්‍රෝ මහා බල
අකන්‍යාශ්චෝ ඌර්ධව කේශෂ්ච
පීඩනම් දහතූ මෙ සිකි

දිනපතා 7 වරක් කියන්න

03.තවත් රාහු මන්ත්‍රයක්
තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහි වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 108 වරක් මතුරන්න

"ඕම් භ්‍රාම් භ්‍රීම් බ්‍රෞම් සහ් රාහවේ නම්ඃ෴"




කේතු වෙනුවෙන් කල හැකි දේ

01. කේතු ශ්ලෝකය.

අනේක රූපවම්ස්ච
සකෲධ සහශ්‍රසඃ
උතපාත රූපෝ ජගදං
පීඩාම් දහතූ මෙ තමඃ

දිනපතා 7 වරක් කියන්න

02. කේතු මන්ත්‍රයක්
108 වරක් මතුරන්න.තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහිද වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 

"ඕම් හ්‍රීම් කෘම් කෲර රූපිනේ කේතවේ එයිං සඃ ස්වාහඃ෴"



වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න

No comments:

Post a Comment