Saturday, July 5, 2014

ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැනීම

 වෙනසකටත් එක්ක මොකක් හරි අලුත් දෙයක් දාන්න හිතුවා.. සොරුන්ට දඬුවම් කරන මන්ත්‍ර ක්‍රමයක් දානවද නැත්තන් වැඩ අවැඩ දැනගන්න මන්ත්‍ර ක්‍රමයක් දානවද කියලා හිත හිත ඉඳලා අන්තිමට තීරනය කලා තව කෙනෙක්ට හින්සාවක් කරන දෙයක් ප්‍රසිද්ධියේ දාන එක හරිනෑ කියලා..  ඉතින් ගුප්ත විද්‍යාව ගැන උනන්දු හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වැඩ අවැඩ බලා ගන්න පහසු ක්‍රමයක් කියා දෙන්න යන්නේ.. කලින් වතාවක භගවති ජීවමෙන් මේ දේ කරන විදිහ කියලා දුන්නා ඔයාලට මතක ඇති.
                         මෙකේ ප්‍රයෝජනේ මේකයි.. අපි හිතමුකෝ පුංචි අසනීපයක් තියනවා ඒකට සිංහල බේත් කරනවද ඉංග්‍රීසි බේත් කරනවද කියලා අපිට හිතා ගන්න බෑ.. එහෙම නැත්තන් ව්‍යාපාරයක් කරන්න යනවා ව්‍යාපාරික අදහස් දෙකක් හෝ තුනක් තියනවා එකවගේම තමන්ට හැකියාව තියන. මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ අන්න ඒ වගේ ගැටලු තියන වෙලාවට මේ ක්‍රමයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබන්න පුලුවන්..




කරන්නේ මෙහෙමයි.

ඉස්සෝදා නා පිරිසිඳු වී පිරුවට ඇඳ බෝ ගසක් ලඟට ගිහින් බොහොම පිරිසිඳු සිතින් පහනක් පත්තු කරලා පහත දැක්වෙන මන්ත්‍රය 500 වරක් ජප කර ගෙදරට ඇවිත් තමන් නිදියන ඇඳට ගිහින් නැවතත් 500 වරක් ජප කරන්න. ( කාමරය බොහොම පිරිසිඳුවට තියන්න ඕන හඳුන් කූරක් එහෙම පත්තු කරන්න ඇඳට යන්න කලින්) ඊට පස්සේ තමන්ට දැන ගන්නට අවශ්‍ය දේ කියා ඉටු දෙවියන් සිහි කර නින්දට යන්න.. සිහිනෙන් තමන්ට අවශ්‍ය විසඳුම දැන ගැනීමට සලස්වනවා. කිල්ලට අසු නොවී ඉන්න ඕන ඒ දවස.

මන්ත්‍රය
නමෝ සරණේ - සරණේ - මෝපතිස්වාහා෴


වෛදික ජ්‍යොතිෂවේදි
෴ ධනුෂ්ක අබේරත්න ෴

2 comments:

  1. ගුප්ත විද්‍යව යනු කුමක්ද....ඉගෙන ගැනීමට පුලුවන්ද....උගන්වන අය සිටීද???

    ReplyDelete
  2. ගුප්ත විද්‍යාව කියන්නේ අමනුෂ්‍ය යන් ගෙන් අවශ්‍ය නොයෙක් කාර්යයන් කර ගැනීමටත් විෂ්වය තුල තියන නොයෙක් ශක්ති ප්‍රභවයන්ගෙන් තමාට අවශ්‍ය කාර්යයන් කරගැනීමටත් උපකාර කර ගත හැකි විශයක්. ඔව් ඉගෙන ගන්න පුලුවන්. උගන්වන අයත් ඉන්නවා නමුත් බොහොම විරලයි. ගොඩක් වෙලාවට මේ ශාස්ත්‍ර පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ.

    ReplyDelete