පරිවර්තන යෝගය යනුවෙන්
පැවසු විටම එහි වචනාර්ථයෙන්ම යෝගය පිලිබඳ යම් අදහසක් ගැනීමට අපට හැක. නමුත් අප
දැන් සුදානම් වන්නේ මෙම යෝගය පිළිබඳව තරමක් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමටයි. පරිවර්තන
යෝග යටතේ නැකත්, රාශි හා කාරක පරිවර්තනය පිලිබඳ සඳහන් වුවද වැඩිපුරම භාවිතා වන්නේ රාශි
පරිවර්තනය බව පෙනෙන්නට තිබේ. මෙහිදී අප රාශි පරිවර්තනය සම්භන්ධව සලකා බලමු.
රාශි පරිවර්තන යෝග අවස්ථාවන් 66ක් පිළිබඳව වේදීය ජ්‍යොතිෂ ක්‍රමය තුල සඳහන් වන අතර මෙම පරිවර්තන යෝග අවස්ථා 66 ප්‍රධාන
කොටස් තුනකට බෙදා දැක්වේ. ඒවා මහා
පරිවර්තන යෝග, කාහල පරිවර්තන යෝග හා දෛන්‍ය පරිවර්තන යෝග ලෙසින් හඳුන්වයි. (දෛන්‍ය
පරිවර්තන යෝග තුලම විපරිත පරිවර්තන ලෙසින් තවත් කොටසක් පිළිබඳව සඳහන් වේ).
යම් ග්‍රහයින් දෙදෙනෙක් එකිනෙකා
අනෙකාගේ රාශියේ ලෙසින් රාශි මාරු කරගෙන තැම්පත් වීම රාශි පරිවර්තන යෝගය වන අතර මෙලෙස පරිවර්තනය වීම
තුලින් ඒ ග්‍රහයා තමා සමග යෝගය සාදන අනෙක් ග්‍රහයාගේ නිවේදනය වෙනුවෙන් පෙනී සිටිමින්
එකිනෙකා අතර බලය හුවමාරු කර ගනියි. උදාහරණයක් ලෙස යම් හඳහනක ගුරු ග්‍රහයා බුධ හිමි
කන්‍යාවේ තැම්පත්වී බුධ ග්‍රහයා ගුරු හිමි ධනු රාශියේ තැම්පත් වී ඇතැයි සිතමු එවිට
ගුරු ග්‍රහයා බුධගේ නිවෙදකත්වයන් වෙනුවෙන් පෙනී සිටින අතර බුධ ග්‍රහයා ගුරුගේ
නිවෙදකත්වය වෙනුවෙන් පෙනී සිටියි. මේ එක
එක කොටස් පිළිබඳව වෙන වෙනම සලකා බැලීම වටි
මහා පරිවර්තන යෝග.
පරිවර්තන යෝග
අතරින් වඩාත්ම සුබපල ලබාදෙන යෝග යෝග ලෙස පෙන්වා දෙන්නේ මහා පරිවර්තන යෝගයි.
පරිවර්ථන යෝග අවස්ථා 66න් 28ක්ම අයත් වන්නේ මෙම කාණ්ඩයටයි. ලග්නය, දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න,
නමවැන්න, දසවැන්න, එකොලොස්වැන්න යන භාවයන් අධිපතියන් එකිනෙකා අතර පරිවර්තනය වීමෙන්
මෙම යෝගය සැදෙයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම පරිවර්තන යෝග 28න් වැඩි ප්‍රමාණයක් රාජ
හා ධන යෝග ගණයටද වැවීමයි.
මහා පරිවර්තන යෝග මගින් පුද්ගලයාගේ
ධනය බලය වර්ධනය කරවන අතර ත්‍රිකෝණ ස්ථාන වල සම්භන්ධයක් ඇත්නම් අධ්‍යාපනට හා දැනුම
අතින්ද ඉහලට ගෙනයනු ඇත
01. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි.
උපත : 1827/01/20
පැය 21:00ට
ඉහත ජන්ම පත්‍රයේ
බුධ හිමි කන්‍යා රාශියේ (දෙවැන්නේ) ගුරු ග්‍රහයා තැම්පත්ව සිටින අතර ගුරු හිමි ධනු
රාශියේ (පස්වැන්නේ) බුධ ග්‍රහයා තැම්පත්ව සිටි. මෙය මහා පරිවර්තන යෝගයකි. අප කවුරුත්
දන්නා පරිදි පස්වැන්නෙන් කියවෙන්නේ අධ්‍යාපනය පිලිබඳවය දෙවැන්නෙන් ධනය පිලිබඳවය. බුධ
භාෂාමය හැකියාවන් හා කථනයටත් ගුරු ප්‍රඥාවටත් අධිපති කම් කරන අතර උගතුන් නිවේදනය
කරයි.
ශ්‍රී සුමංගල නාහිමියන් ශ්‍රීපාදස්ථානයේ
නායක තනතුර හා තවත් බොහෝ පන්සල් ආරාම පාලනය කල හිමි නමකි. භාෂා පිලිබඳ ඥානයත් බොහෝ
විෂයන් පිලිබඳ හසල දනුමක් හා මනා පරිචයකිනුත් යුතුවූ උන්වහන්සේ දෙවන බුදුවරයෙක් මෙනැයි වරක් අන්ටෝල්
ප්‍රාන්ස් නම් ලේඛකයා පැවසිය.
02. රබින්දනාත් තාගෝර්
උපත : 1861/05/07
පැය 02:27 (ඉන්දියාවේ කල්කටා හිදී)
රවින්ද්‍රනාත්
තාගෝර් පඬිවරයාගේ ජන්ම පත්‍රයේ දෙවැන්න හා හතරවැන්න අතර කුජ හා බුධ ග්‍රහයන්
පරිවර්ථනය වී ඇති අතර ලග්නය හා පස්වැන්න අතර (සඳු හා ගුරු) තවත් පරිවර්තන යෝගයක්
සාදාගෙන සිටියි. මෙම පරිවර්තන යෝග දෙකම මහා පරිවර්තන යෝග වේ. හතරවැන්න මාතෘ භුමිය
ගැන සහ සැපපහසුව ගැනත් දෙවැන්න ධනය පිලිබන්ධවත් පස්වැන්න අධ්‍යාපනය පිළිබඳවත් ලග්නය
සමස්තයක් වශයෙන්ම ජන්මියාගේ සමස්ත තත්වය පිළිබඳවත් නිවේදනය කරයි.
තාගෝර් මැතිතුමා පඬිවරයෙකි, තමන්ගේ
මාතෘ භුමිය වෙනුවෙන් ජාතික ගිය රචනා කළේය, ඔහුගේ චරිතාපදානය තුල ඔහු නිතරම සිතේ
සැනසිල්ලට මුලික තැනක් දුන් බව පෙනේ (සඳු සිතට කාරක වේ). භාෂාමය හැකියාව ඉතා ඉහල
මට්ටමක විය. තාගෝර් නම් වියතාගේ ජීවිතයට මෙම පරිවර්තන යෝග දෙක බොහෝ බලපෑමක් කල බව
පෙනෙන්නට තිබේ.
කාහල පරිවර්තන යෝග
තුන්වැන්න අධිපතියා
ලග්නය, දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නමවැන්න, දසවැන්න, එකොලොස්වැන්න යන
භාව අටෙන් එකක අධිපතියෙක් සමග පරිවර්තනය වීම කාහල පරිවර්තන යෝගයක් ලෙස හඳුන්වයි. මෙම යෝගයන් ඇතිවිට ආරම්භයේදී භාධක තත්වයන් ඇති කරන අතර අන් අයට වඩා බොහෝ ධෛර්ය
වන්තව කටයුතු කල යුතුය.
01. ඇමි කාටර්
උපත : 1967/10/19
පැය 00:26 (ඇමරිකාවේ ජෝර්ජියා හිදී)
ඇමරිකාවේ හිටපු
ජනාධිපති ජිමි කාටර්ගේ දියණියයි. තුන්වැන්න හා පස්වැන්න අතර (රවී හා සිකුරු අතර)
පරිවර්තනය සිදුවී ඇති අතර පස්වැන්නෙන් නිවේදනය වන අධ්‍යාපනය හා ප්‍රේමය සම්භන්ධව
භාධක වලට මුහුණ දුන් කෙනෙකි. පාසල් අවධියේ අනවසරයෙන් ඇතුල් වීම හා අශෝබන හැසිරීම
සඳහා නිතිය ඉදිරියට පවා ගෙන එන ලදී. එමෙන්ම තමන්ට වඩා වසර දෙකක් බාල කෙනෙක් හා ප්‍රේම
සම්භන්ධයක් මත විවාහ විය. නමුත් ඇය උත්සාහයෙන් කෙසේ හෝ තම උපාධිය සම්පුර්ණ කලාය.
මෙය කාහල යෝගය සඳහා ඉතා හොඳ උදාහරණයකි.
දෛන්‍ය පරිවර්තන
යෝගය
දුෂ්ට ස්ථාන
අධිපතියෙක් (6, 8,12 ස්ථාන අධිපතියෙක්) වෙනත් රාශි අධිපතියෙක් සමග පරිවර්තනය වීම
දෛන්‍ය පරිවර්තනයක් හෙවත් දීන පරිවර්තනයක් ලෙස හඳුන්වයි පරිවර්තන යෝග වලින් අසුභ
පල උදාකරන යෝග ලෙස පෙනෙන්නට තිබෙන්නේ මෙම දෛන්‍ය පරිවර්තන යෝගයි. මෙහි යෝග අවස්තාවන්
30ක් ඇත. මෙයින්ද දුෂ්ට ස්ථාන අධිපතියන් දෙදෙනෙකුම එකිනෙකා පරිවර්තනය වීම විපරීත
පරිවර්තන යෝග ලෙසින් හඳුන්වයි. විපරීත පරිවර්තනය අසුභ තත්වයෙන් වැඩි ස්වාභාවයක්
වේ. දෛන්‍ය පරිවර්තනයක් ඇතිවිට එයට සම්භන්ධ දුෂ්ට ස්ථානයට අදාළ පල වැඩි කරන බව
පෙනෙන්නට තිබේ.
01. සැන්ඩ්‍රා ඩේල් ඩෙනිස් (සැන්ඩි ඩෙනිස්)
උපත : 1937/04/27
පැය 19:17 (හැස්ටින්ග්, නබ්රස්කා, ඇමෙරිකාව)
සැන්ඩි ඩෙනිස්
ඇමරිකානු වේදිකා හා චිත්‍රපට නිළියකි. ඇයගේ රෝගස්තානය වන හයවැන්න අධිපති ගුරු හතර
වැන්න අධිපති සෙනසුරු සමග පරිවර්තනය වෙමින් දෛන්‍ය පරිවර්තන යෝගයක් සකසා ඇත. 1965
ඇයගේ පළමු විවාහයෙන් පසුව 1967දි දරුවෙක් ලැබෙන්නට ගොස් ගබ්සා වීමක් සිදුවිය. 1974
දි ඇගේ පළමු විවාහය අවසාන විය. ඇය ඉන්පසුව තමාට වඩා වසර 20 පමණ බාල පෙම්වතෙක් සමග
1980-1985 දක්වා ගත කල අතර එයද අසාර්ථක විය.
පසුව ඇය පිළිකාවකින් 1992දි මිය ගියාය. (හයවැන්න රෝගස්තානයයි. විවාහ
ස්ථානයෙන් 12වැන්න බැවින් විවාහයේ ක්ෂය වීම නිවේදනය කරයි)
ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා
පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166
harima lassanata wistara karala tiyenawa.
ReplyDeleteකටක ලග්නයේ 2 හා 4 අතර පරිවර්තනය ඵල සහිතද....ඵල රහිතද.......සිකුරු බාධක ග්‍රහයා වීමත්, රවි නීච වීමත් නිසයි ඇහුවෙ..හැබැයි ධනස්ථානයයි, සුඛස්ථනයයි අතර පරිවර්තනයක්.....3නේ ශනි ගුරු යෝගයක්...එකොලොස්වැන්නදිපති දෙවැන්නෙ...රාහු 1, කුජ 5...
ReplyDeletegreat
ReplyDelete