Sunday, June 8, 2014

ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02


ගිය වතාවේ අපි ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන කථා කලා මතක ඇති. (මතක නැත්තන් මෙතනින් ගිහින් බලන්න.) මෙවර දෙවෙනි කොටස යටතේ තවත් වැදගත් දෙයක් ගේන්නයි බලාපොරොත්තුව. අද කියන්න යන්නේ කාරක ග්‍රහයන් ගැන. සමහර විට ඔයාලා අහලත් ඇති ජ්‍යොතිෂ ගැන කථාවෙන තැන් වල මාතෘකාරක ආත්ම කාරක කියලා කියවෙනවා. ඉතින් මොකක්ද මේ කාරකයන් කියන්නේ? ජෛමිනි ක්‍රමයේදී මේ ග්‍රහයන් තෝරන්නේ ඒ ඒ ග්‍රහයන් රාශියක සිටින අංශක ගනන අනුවයි. අපි දැන් එකින් එක මේ කාරකයන් ගැන බලමු.



ආත්ම කාරක
ජන්ම පත්‍රයේ වැඩිම අංශක ගනනක් ලබාගෙන සිටින ග්‍රහයාට ආත්ම කාරකයා කියා කියනවා. ග්‍රහයන් දෙදෙනෙකුගේ අංශක සමාන නම් කලා ප්‍රමානද කලා ප්‍රමානත් සමාන නම් විකලා ප්‍රමානද සලකා බලා වැඩි අගය ඇති ග්‍රහයා ආත්ම කාරකයා විදිහට ගන්නවා. යම් හේතුවක් නිසා මේ ඔක්කෝම සමාන නම් උච්ච, ත්‍රිකෝන විදිහට වඩා බලවත් ග්‍රහයා තෝරාගන්නවා. මේ ග්‍රහයා ජන්ම පත්‍රයේ උච්චව, ස්වක්ශේත්‍රව හෝ සුභ ග්‍රහ දෘශ්ඨි ලබා බලවත්ව ඉන්නවා නම් සැපතට අධිපතියා ලෙසත් නීචව හෝ පාප දෘෂ්ඨි ලබා ඉන්නවනම් දුකට අධිපතියා ලෙසත් සලකනවා. යහපත් සිදිහට පිහිටි ආත්ම කාරකයා  ඔහුගේ දසා අන්තර් දසා කාල වලදී අනෙහ් ග්‍රහ දෝෂ වලින් පවා ජන්මියා මුදා ගන්නා බවත් නරක විදිහට පිහිටපු ආත්ම කාරකයාගේ දසාවේදී ජන්මියාව පාපයට පොලඹවලා දුකට පත් කරන බවත් ජෛමිනි සෘෂිවරයා ලියපු ජෛමිනී සූත්‍රය කියන පොතේ සඳහන් වෙනවා.

අමාත්‍ය කාරක
ආත්ම කාරකයාට පසුව වැඩිම අංශක,කලා,විකලා ප්‍රමානයක් ලබාගෙන සිටින ග්‍රහයා අමාත්‍ය කාරකයා ලෙස හඳුන්වනවා. යම් ග්‍රහයො දෙන්නෙක් ගේ අංශක කලා සමානම් කලින් වගෙම බලවත් ග්‍රහයා තෝඅරා ගන්න ඕන.  ආත්ම කාරකයා ජන්මපත්‍ර හිමියා ගැන පැවසුවා වගේ අමාත්‍ය කාරකයා පවසන්නේ ජන්මියා හා රජු, රජය හෝ ප්‍රභූන් සමග ඇති සම්භන්ධ කම. 
අමාත්‍ය කාරකයා උච්ච හෝ සුභ දෘෂ්ඨි ලබා ඉන්නවනම් ඒ දසා අන්තර් දසා කාලවලදී ප්‍රභූන් ගෙන් සැප ලැබෙන අතර අමාත්‍ය කාරකයා නීචව හෝ පාප පීඩිත නම් අමාත්‍ය කාරකයාගේ දසා අන්තර් දසා කාල වලදී ප්‍රභූන් ගෙන් ඇමතිවරුන් ගෙන් කරදර සිදුවෙනවා.

භ්‍රාතෲ කාරක (සහෝදර කාරක.)
අමාත්‍ය කාරක ලඟට වැඩිම අංශක ගනනක් තියන ග්‍රහයා සහෝදර කාරකයා. මෙයාගේ දසා අන්තර් දසා වලදී සහෝදරයන්ට සුභ අසුභ පල ලැබෙනවා. කලින් වගේමයි ග්‍රහයා බලවත් නම් සුභ පල ග්‍රහයා දුර්වල නම් අසුභ පල. ඒ වගේම සහෝදරයන්ගෙනුත් ජන්මියට ලැබීම්  හෝ පාඩු මේ ග්‍රහයගේ තත්වය අනුව ලැබෙනවා.

මාතෲ කාරක
මව ගැන තොරතුරු බලන්න පුලුවන් මේ මාතෲ කාරකයගෙන් සහෝදර කාරකයට පස්සේ ඉන්නේ මාතෲ කාරකයා.. 

පීතෲ කාරක
ඊලඟට ඉන්නේ පීතෲ කාරක, පියා ගැන විස්තර බලන්න පුලුවන් පීතෲ කාරකගෙන්. මෙයා බලවත්ව ඉන්නවනම් දසා වලදී පියාට බොහොම යහපත්..

පුත්‍ර කාරක
පිලිවෙලින් ඊලඟට ඉන්නේ පුත්‍ර කාරකයා. මෙයාගේ තත්වය අනුව මෙයාගේ කාල වලදී දරුවන්ට සුභ අසුභ පල ලැබෙනවා.

ඥාති කාරක
ඥාති කාරකයා බලවත් නම් ඒ දසා වලදී ඥාතීන්ගෙන් ලැබීමත් ඥාති කාරකයා දුර්වල නම් ඥාතීන්ගෙන් කරදරත් සිදු වෙන්න පුලුවන්

භාර්‍ය්‍යා කාරක
අන්තිමට  ඉතුරු වෙලා ඉන්න ග්‍රහයා තමයි භාර්‍ය්‍යා කාරකවෙන්නේ. බිරිඳ ගැන විස්තර මෙයාගෙන් බලාගන්න පුලුවන්.

විශේෂ
කාරකයන් තෝරා ගැනීමේදී කේතු ග්‍රහයා සලකන්නේ නෑ ප්‍රධාන ග්‍රහයන් 7 දෙනයි රාහුයි විතරයි සලකන්නේ.

අපි පුන්චි උදාහරනයක් බලමු.

යම් හඳහනක ග්‍රහයන්ගේ අංෂක ගනන් පහත පරිදි කියලා හිතමු

රවි -  අංශක 15 කලා 25
සඳු - අංශක 26 කලා 12
කුජ - අංශක 14 කලා
බුධ - අංශක 15 කලා 29
ගුරු - අංශක 6 කලා 10
සිකුරු - අංශක 00  කලා 20
ශනි - අංශක 20 කලා 07
රාහු - අංශක 8 කලා 29

අපි දැන් බලමු මේ අය මොන මොන කාරකයන්ද වෙන්නේ කියලා

සඳු - අංශක 26 කලා 12 -- ආත්ම කාරක
ශනි - අංශක 20 කලා 07 -- අමාත්‍ය කාරක
බුධ - අංශක 15 කලා 29 -- සහෝදර කාරක
රවි -  අංශක 15 කලා 25 -- මාතෲ කාරක
කුජ - අංශක 14 කලා 20 -- පීතෲ කාරක
රාහු - අංශක 08 කලා 29 -- පුත්‍ර කාරක
ගුරු - අංශක 06 කලා 10 -- ඥාති කාරක
සිකුරු - අංශක 00 කලා 20 -- භාර්‍ය්‍යා කාරක

මම හිතන්නේ කට්ටියට දැන් පැහැදිලි ඇති. ඊලඟට කාරකාංෂය ගැන අපි තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ජය හා සතුට...



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

4 comments:

  1. අපේ පරන හදහන් වල ඔය වගේ අන්ශක දාල නෑනේ.එහෙම වුනම මොකද කරන්නෙ? අපි හදහන් බලන්න ගියාම ඔය විදියට අන්ශක ගනන් කරන්නෙ නෑනෙ මිනිස්සු. නිකන් උඩින් පල්ලෙන් තම බලන්නෙ..
    බොහො ස්තූතිය් ලිපියට

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට නවාන්ෂක හා ද්වාදශාම්ෂ බලල අන්ශක ගනන් හදා ගන්නවා.. ඒ නිසා ඉස්සර මිනිස්සු හඳහන හදනකොට ශඩ්වර්ගය සහිතවයි හැදුවේ, දැන් අය ශඩ්වර්ගය සටහන් කරන්නෙත් නෑ. අංශක දාන්නෙත් නෑ.. ඉතින් පලාපල වරදින අවස්ථා වැඩි ඒකයි.. සමහර අය නම් හඳහන් බලනකොට අඩුම තරමේ නවාන්ෂක හඳහන බලන්නෙත් නෑනෙ දැන්..

      Delete
  2. දෑන් අපිට අපේ හදහනෙ ඔය අන්ශක ගාන තනියම හදා ගන්න බෑරිද? මොකක් හරි ක්‍රමයක් කියාල දෙනවද මහත්තයො.එහෙම බලද්දි පරන ලිත් ඔනෑ වෙනවද?

    බොහො ස්තූතිය්

    ReplyDelete
  3. තනිඋඅම හදාගන්න පුලුවන් නවාංශක කෙඅන්දරේ බලලා.. හැබැයි ඒකට මුලික දැනුම අවශ්‍ය වෙනවා..

    ReplyDelete