Wednesday, July 16, 2014

ඔබ උපන් නැකතට අධිපති දෙවියන් කවුරුන්ද?


අපි ඉපදුන නැකතට අදාළ දෙවියන් කවුද කියා දැනගැනීම වැදගත් දෙයක් මේ තිබෙන්නේ එම දෙවිවරුන්. නාඩි සිද්ධාන්ත තුල නැකතට මුල් තැනක් ලැබෙන නිසා මේ ගැන දන සිටීම අවශ්‍ය දෙයක්

1. අස්විද - අශ්චිනි



2. බෙරණ - යම




3. කැති - අග්නි



4. රෙහෙන - බ්‍රහ්ම/ප්‍රජාපති




5. මුවසිරස - චන්ද්‍ර





6. අද - රුද්‍රා/ශිව
රුද්‍රා යනු ශිව දෙවියන්මය ( මේ පිලිඹද ඇති ජනප්‍රවාදය පසු දිනක සඳහන් කරමි)
 


7. පුනාවස - ආදිතී




8. පුස - ගුරු




9. අස්ලිස - නාග




10. මා - ඥාති දෙවිවරුන් ( තම පරපුරේ නමින් මිය ගොස් දේවත්වයට පත් වූවන්)


11. පුවසල් - භාග්‍ය/භාග


12. උත්‍රපල් - ආර්මය




13. හත - ආධිත්‍ය




14. සිත - ත්වශ්ඨ





15. සා - වායු




16. විසා - ඉන්ද්‍රාග්නි




17. අනුර - මිත්‍ර




18. දෙට - ශක්‍ර




19. මුල - රාක්‍ෂක




20. පුවසල - මේඝ/ජාලම්




21. උතුරුසල - විශ්වරූප




22. සුවණ - විෂ්ණු




23. දෙනට - විසුන්දර




24. සියාවස - වරුණ




25. පුවපුටුප - අජ (අජ ඒක පාද)




26. උත්‍රපුටුප - අභිබුධ



27. රේවතී - පුෂ




මෙහි සඳහන් සමහර දේව නම් (උදා: ප්‍රජාපති,ශක්‍ර,වරුන,යම වැනි) අපට හොඳාකාරව හුරුපුරුදු ඒ නම් බුද්ධ දේෂනාවේද එන බැවිනි. විෂ්නු, ශිව, රාක්ෂ, නාග වැනි දෙවි වරුන්ගේ නම් අපගේ හෙල සංස්කෘතිය හා බැඳී පවති . අනෙක් දෙවි වරුන් පිලිබඳ අපගේ පොත පතේ නැතත් ඉන්දියානු පොත පතේ මනාව සටහන් වී ඇති බව දක්නට ලැබේ. ඉන් සමහර කථා අතිශයෝක්තියෙන් රචනා වි ඇත. ශිව දෙවියන් ගැනද ඉන්දියානු ජනප්‍රවාදය හා ලාංකිය ජනප්‍රවාදය බොහෝ වෙනස්ය. මේ නිසා ඉන්දියානු ජනප්‍රවාද අතිශයෝක්තියක් වූ පමනින් එවැන්නේක් නැතැයි බැහැර කිරීම අනුවන කමකි.



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

5 comments:

  1. upan nakatha dana ganne keseda

    ReplyDelete
  2. ඒක හඳහනේ සටහන්ව තියනවා..

    ReplyDelete
  3. Hello Danushka how I get contact you
    Can I get any number to contact you

    ReplyDelete