Wednesday, October 22, 2014

චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය

මේ යෝග දෙකේ නම් දෙක එක ලඟින් යන නිසා මේ දෙක එකක් ලෙස සමහරු වැරදි වැටහීමක් ගන්නවා ඒ වගේම සමහරු මේ දෙක පටලවාගන්නවා. ඉතින් අද මේ දෙකේ වෙනස මොකක්ද කියලා බලමු.
ඊට කලින් අලුතින් එකතුවුන අයට හා රාශි අධිපතියන් කවුද කියලා මතක නැති අයට ඒක ටිකක් මතක් කරලා ඉමු



෴චන්ද්‍රිකා යෝගය෴ 

අඟහරු හෙවත් කුජ ග්‍රහයා හඳහනේ පස්වැන්නේද, නමවැන්න අධිපති ග්‍රහයා තැම්පත් වී සිටින්නේ යම් රාශියකද අන්න ඒ රාශියේ අධිපතියා හඳහනේ නමවැන්නේ හෝ පස්වැන්නේද සිටියි නම් මේ චන්ද්‍රිකා යෝගය යෙදෙනවා. 
මේ යෝගයෙන් උපන් තැනැත්තා බොහෝ සැපසම්පත් වින්දත් දරුවන් නිසා දුකට පීඩාවට පත්වෙන බවයි සඳහන් වෙන්නේ.

෴චන්ඩිකා යෝගය෴

හඳහනේ හයවැන්න හා නම වැන්න අධිපති ග්‍රහයන් නවාංශක කේන්ද්‍රයේ යම් තැනක තැම්පත්වී සිටීද ඒ සිටින  නවාංශක රාශිවල අධිපතියන් රවි සමග සංයෝග වී සිටීද එමෙන්ම හයවැන්න අධිපතියා ලග්නය දකීද. එවිට මෙම චන්ඩිකා යෝගය යෙදේ (මේ යෝගය යෙදෙන්නේ වෘෂභ, සිංහ, වෘෂ්චික හා කුම්භ යන ලග්න හිමියන්ට පමනි)
මෙම චන්ඩිකා යෝගයෙන් උපන් තැනැත්තා ජනප්‍රසාදය ලැබෙන කීර්තිමත් පුද්ගලයෙක් වන බව පොතපතේ සඳහන් වේ.

චන්ඩිකා යෝගය ගැන කියනකොට මතක්වුනේ තවත් නමින් සමාන යෝගයක් තියනවා චන්ඩ යෝගය කියලා

෴චන්ඩ යෝගය෴

යමෙකුගේ හඳහනේ නමවැන්න අධිපතියා තුන්වැන්නේ සිටිද්දී ලග්නයේ උච්ච ග්‍රහයෙක් සිට ඒ ග්‍රහයාව අඟහරු ග්‍රහයාට පේනවනම් මේ චන්ඩ යෝගය යෙදෙනවා
පොතපතේ තියන්නේ අමාත්‍ය වරයෙක් වගේ ඊට සමාන පුද්ගලයෙක් වෙනවා කියලා..



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

No comments:

Post a Comment