Monday, October 13, 2014

කතරගම දෙවියන්ට නිවැරදිව පඬුරක් තබමු

සුමන සමන් දෙවියන්ට පඬුරක් ගැට ගසන නිවැරදි ක්‍රමය පසු ගිය වතාවක කියාදුන්නට පස්සේ ඒකට ගොඩක් යහපත් ප්‍රථිචාර ලැබුනා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න.. 

 උවමනා දේ
  • තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
  • රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
  • රත්මල් පොකුරු 5ක්
  • කපුරු පෙති 5ක්
  • රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
  • තැඹිලි ගෙඩියක්
  • කලු උක්ගස් කැබැල්ලක්
  • බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
  • පොල් ගෙඩියක් 
  • කහ දියර ස්වල්පයක්

පිලිවෙල

මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න. 
පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
මෙය ඉතාම බලවත් දෙයකි සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කල හැකි බැවින් ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.






වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

No comments:

Post a Comment