Sunday, October 12, 2014

෴ශනි ඒරාෂ්ඨකය 2෴

                 ගිය වතාවේ අපි ඒරාෂ්ඨකයක් ගැන මූලික දේවල් කථා කලා ඊට අමතරව ලග්න ඒරාෂ්ඨකය යෙදෙන විදිහත් කථා කලා. අද අනිත් ඒරාෂ්ඨක යෙදෙන විදිහ ගැන බලමු.

ජන්ම ඒරාෂ්ඨකය

සෙනසුරු රාශි චක්‍රය වටේ යන ගමනේදී ( මේකට ජ්‍යොතිෂයේදි අපි කියන්නේ ගෝචර ගමන කියලා) ලග්නයේ හා ඒ දෙපැත්තේ කොටු වල ගමන් කරන කාලයේදී ලග්න ඒරාෂ්ඨකය යෙදෙනවා වගේම, සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න රාශියේත් ඒ දෙපැත්තේ රාශි වලත් ගමන් කරන කාලය ජන්ම ඒරාෂ්ඨකය වෙනවා..
උදාහරනයක් කියනවනම්
පහත හඳහනේ උප්පත්තියෙන් චන්ද්‍රයා ඉන්නේ 5 වැන්නේ එතකොට සෙනසුරු 4,5,6 කියන භාව වල ගමන් කරනකොට කේන්ද්‍ර හිමියට ජන්ම ඒරාෂ්ඨකය යෙදෙනවා.
කලින් ලිපියේ කිව්වා වගේ මේ රාශිවලදි සෙනසුරු බලවත් නම් ඒරාෂ්ඨකය ඒ තරම් දරුනු වෙන්නේ නෑ. නමුත් චන්ද්‍රයා බලවත් නම් ඒරාෂ්ඨකය දරුනුයි. ඒරාෂ්ඨක කාලය උපරිම අවුරුදු 7 1/2 හා අවමය අවුරුදු 2 1/2 යි.
ඒ වගේම සාමාන්‍යයෙන් ජන්ම ඒරාෂ්ඨක 07 වැන්නේ හා 09 වැන්නේදි යෙදෙන්නේ නෑ..(ජන්ම ඒරාෂ්ඨක වගේම පසුව විස්තර කරන චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයටත් මේක වලංගුයි)

අෂ්ඨම ඒරාෂ්ඨකය

ශනි ග්‍රහයා ගෝචර ගමනෙන් කාගේ හරි හඳහනක අටවැන්නට ආවොත් ඔහුට අෂ්ඨම ඒරාෂ්ඨකය ලැබුවා වෙනවා

චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය

ප්‍රධාන ඒරාෂ්ඨක අතරට සමහර ගුරුකුල වල ඇතුලත් කර නොගත්තත් නොසලකා හැරිය නොහැකි ඒරාෂ්ඨකයකි. මෙම ඒරාෂ්ඨකය යෙදෙන්නේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින කොටුවෙන් අට වැන්නට ශනි ආ විටය.

මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්.

මීට අමතරව යම් කෙනෙක්ගේ හඳහනේ උප්පත්තියෙන් යම් ඒරාෂ්ඨකයක් යෙදිලා තියනවනම් ඔහුට දෙවෙනි වර ඒ ඒරාෂ්ටකයේ බලපෑම ඉතාම අඩුයි. සමහරවිට බලපෑමක් නැතිම වෙන්නත් පුලුවන්..

ලංකාවේ පලමු විධායක ජනාධිපතිනියව එතනට පත් වුනේ අෂ්ඨම ඒරාෂ්ඨක කාලයක. එතුමියගේ හඳහනේ අටවැන්න කුම්භ රාශිය. එය සෙනසුරුට හිමි රාශියක්. එතනදි සෙනසුරු බලවත් නිසා අපලයක් වෙනුවට අවසානයේ ලැබුනේ සුභ පලයක්. අන්න ඒ විදිහට ඒරාෂ්ඨක කාලයේදි ශනි බලවත් නම් බොහෝවිට නරක කරන සෙනසුරා ටොකු ඇන ඇන සුභපල දෙන්න ඉඩ තියනවා. ඉතින් ඒරාෂ්ඨකයි කිව්ව ගමන් බය නොවී නිවැරදිව එය හඳුනා ගන්න කියන එකයි හැමෝටම මතක් කරන්න ඕන..


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

3 comments: