Monday, October 5, 2015

දරුපල ගැන රහස් හෙළි කරන බිජ ස්ථුටය හා ක්ෂේත්‍ර ස්ථුටය - 01 කොටස


ඕම ශ්‍රී මහා ගණාධිපතයේ නමඃ
ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ

දරු පල සම්භන්ධව පලාපල කීමේදී පස්වැන්න මුලික වන අතර එහි ආරුඩ ලග්නය සප්තාම්ස ලග්නය වැනි විශේෂ ලග්න හා ඒවායේ සිටින, අධිපතිකම් කරන හා ඒ වෙත දෘෂ්ටි දෙන ග්‍රහයන් ආදියද ඉතා වැදගත් වේ. කෙසේ නමුත් දරු පල පිලිබඳ පරික්ෂාවේදී භාවිතා කරන බොහෝ ජ්‍යෝතිර් වේදීන්ගේ පවා අධ්‍යයනයට ලක් නොවූ විෂය කරුණක් පිළිබඳව අද දින සාකච්චා කරමු.

මිනිසා ඇතුළු සියලු සත්වයන් හා ශාකයන් තම වර්ගයා බො කරන අතර අලුත් ශාකයක් වේවා සත්වයෙක් වේවා බිහි වන්නේ බීජයක් මගිනි. එසේ බීජයක් තිබු පමණින් ප්‍රමාණවත් නොවන අතර එම බිජයට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබා දීමට යම් ක්ෂේත්‍රයක් අවශ්‍ය වේ. ශාකයක් සඳහා නම් අදාළ ශාකයේ බීජය හා එය දරාගෙන පෝෂණය ලැබෙන කුඹුර හෝ බිමයි. සත්වයෙක් නම් පුරුෂයාගේ ධාතු බිජ ලෙස හා කළලය ආරක්ෂා කරන ගර්භාෂය ක්ෂේත්‍රය ලෙස සැලකේ. මේ අනුව පුරුෂයා සඳහා භාවිතා වන සිද්ධාන්තය බිජ ස්ථුටය ලෙසත්, ස්ත්‍රිය සඳහා ක්ෂේත්‍ර ස්ථුටය ලෙසත් හැඳින්වේ.



බිජ ස්ථුටය

බිජ ස්ථුටය සෙවීමට නම්  පුරුෂයාගේ ජන්ම පත්‍රයේ රවී සිකුරු හා ගුරු යන ග්‍රහයන් ලග්න රාශියේ සිට සිටින දුර ප්‍රමාන එකතු කර එම අගය 360° වැඩි නම් 360° අඩු කර ගත යුතුය. ඉන්පසු ලැබෙන අගය මේෂ රාශියේ සිට ගණනය කරගෙන ගොස් එය කුමණ රාශියක් වේදැයි සොයා ගත යුතුය.

උදා: තුලා ලග්නයෙන් උපන් ජන්මියෙකුගේ ග්‍රහයන් පහත පරිදි තැම්පත් වී ඇතැයි සිතමු.

ලග්නය තුලා
රවී                    තුලා 17° 33'
චන්ද්‍ර                 වෘශ්චික 21° 03'
කුජ                   ධනු 12° 14'
බුධ                   තුලා 8° 33'
ගුරු                   මේෂ 17° 38'
ශුක්‍ර                   වෘශ්චික 3° 07'
ශනි                   කටක 7° 18'
රාහු                  කන්‍යා 6° 11'
කේතු                මිණ 6° 11'

මෙහි රවී සිකුරු හා ගුරු සිටින අංශක

රවී                    17° 33'
සිකුරු                33° 07'       (ගණනය කරන්නේ ලග්නයේ සිටය)
ගුරු                   197° 38'

එකතුව =          248° 18'

බිජ ස්ථුටය                                             = ධනු රාශියේ 8° 18'
(මේෂ රාශියේ සිට ගැනගෙන ගිය විට)

මේ ලෙස සොයාගත් බිජ ස්තුටයේ රාශිය හා නවාම්සය ඔත්තේ හෝ ඉරට්ටේ වීම මත හා එම ස්ථුටයේ ශක්තිය මත දරුපල පිළිබඳව දැනගත හැක.

බිජ ස්ථුටය ඔත්තේ රාශියක හා ඔත්තේ නවාම්සයකට හසුවේ නම් හා සුභ ග්‍රහයන්ගෙන් සංයෝග හා දෘෂ්ටි තිබේ නම්, බිජ ස්ථුටය ශක්තිමත් වන අතර දරුවන් ලැබීමට හා පිරිමි දරුවන් ලැබීමට වාසනාව ඇති බව සඳහන් වේ.

යම් හෙයකින් බිජ ස්ථුට රාශිය ඔත්තේ හා නවාම්සය ඉරට්ටේ වේ නම් දරුපල තරමක් අඩු වුවත් දරුපල ලැබීමට හැක.

බිජ ස්ථුටය ඉරට්ටේ රාශියක් හා ඔත්තේ නවාම්සයකට හසුවේ නම් දරුපල සම්භන්ධව ගැටලුකාරී තත්වයන් ඇති අතර, වේදීය ප්‍රතිකර්ම නිසි ලෙස ඉටු කිරීමෙන් දරුපල ලැබීමේ හැකියාව ඇත.

අවසාන වශයෙන් බිජ ස්ථුටයේ රාශිය හා නවාම්සය යන දෙකම ඉරට්ටේ රාශියකට හසුවේ නම් ඔහු දරු පල ලැබීමට නොහැකි තත්වයකට පත්විය හැකි බව සඳහන් වේ.


මීළඟට අප ක්ෂේත්‍ර ස්ථුටය පිළිබඳව මීළඟ ලිපියෙන් සාකච්චා කරමු.



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී 
ධනුෂ්ක අබේරත්න
0755004166

No comments:

Post a Comment