Monday, October 26, 2015

දරුපල ගැන රහස් හෙළි කරන ක්ෂේත්‍ර ස්ථුටය හා බීජ ස්ථුටය - 02 කොටස



ඕම ශ්‍රී මහා ගණාධිපතයේ නමඃ
ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ





මේ පිළිබඳව ආරම්භක ලිපිය මා මිට දින කිහිපයකට පෙර පල කල අතර එය අධ්‍යයනය නොකළ යම් කෙනෙක් වේ නම් මෙතනින් ගොස් ඒ ලිපිය කියවා එමෙන් මෙය අවබෝධ කර ගැනීමට පිටුවහලක් වනු ඇත. අද දින අප සාකච්චා කරනුයේ ක්ෂේත්‍ර ස්ථුටය ගැනයි.

ක්ෂේත්‍රය හෙවත් ගර්භාෂයේ ජීවියෙකු බිහිකිරීමට එම ස්ත්‍රියට ඇති හැකියාව හා ශක්තිය ක්ෂේස්ත්‍රස්ථුටයෙන් පෙන්වයි. බීජස්ථුටය සෙවීමේදී අප රවි, සිකුරු, ගුරු යන ග්‍රහයන් ගේ අංශක කළා අගයන් (ස්ථුටයන්) ගණනය කිරීම සඳහා භාවිතා කල අතර මෙවර ක්ෂේත්‍ර ස්ථුටය සෙවීම සඳහා අප භාවිතා කරන්නේ ගුරු, කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ගේ අංශක කළා ප්‍රමාණයි.



ගණනය කිරීම
පෙර ලිපියේ පරිදිමය. චන්ද්‍ර, කුජ, ගුරු යන ග්‍රහයන් ලග්න ස්ථුටයේ සිට කොපමණ දුරකින් සිටියිද යන්න බලා ඔවුන් ඒ සිටින දුර ප්‍රමාන එකතු කර එම අගය 360° වැඩි නම් 360° අඩු කර ගත යුතුය. ඉන්පසු ලැබෙන අගය මේෂ රාශියේ සිට ගණනය කරගෙන ගොස් එය කුමණ රාශියක් වේදැයි සොයා ගත යුතුය. (පෙර ලිපියේ උදාහරණ සපයා ඇති අතර රවී හා සිකුරු වෙනුවට කුජ හා චන්ද්‍රයාගේ අගයන් ආදේශ කිරීම පමණක් බැවින් නැවත සටහන් නොකරමි)

මෙලෙස සොයාගන්නා ක්ෂේත්‍ර ස්ථුටය ඉරට්ටේ රාශියක්ව ඉරට්ටේ නවාම්සයකට අයත්වේ නම් එම ස්ත්‍රියට දරුපල ලැබීමේ හැකියාව ඉහල මට්ටමක වේ.
යම් හෙයකින් ක්ෂේත්‍ර ස්ථුටයේ රාශිය ඉරට්ටේ හා නවාම්සය ඔත්තේ එකක් වේ නම් දරුපල අවම වේ. (විටක ප්‍රතිකර්ම කිරීමද අවශ්‍ය විය හැක)
ක්ෂේස්ත්‍ර ස්ථුටය ඔත්තේ රාශියක්ව සහ නවාම්සය ඉරට්ටේ රාශියක් වුවහොත් දරුපල ලැබීම ඉතා අපහසු විය හැකි අතර වෛද්‍ය ප්‍රතිකාර හා ජ්‍යෝතිශයමය ප්‍රතිකර්ම අවශ්‍ය වනු ඇත 
රාශිය හා නවාම්සය යන දෙකම ඔත්තේ වේ නම් දරුපල ලබිමට නොහැකි බව පැරණි පොතපතේ සඳහන් වේ.

විශේෂ
මිට අමතරව ක්ෂේත්‍ර ස්ථුටය(පුරුෂයෙකුගේ නම් බිජ ස්ථුටය) හා ඉන් පස්වැන්න වෙත සුභ ග්‍රහයන්ගෙන් වැටෙන දෘෂ්ටි අනුව දරුපල සඳහා සුභ දායක තත්වයක් ඇතිකරවන අතර පාප දෘෂ්ටි වැටීම හෝ පාප ග්‍රහයන් තැම්පත් වීම දරුපල සඳහා අසුභ ලෙස බලපානු ඇත.
එමෙන්ම  ස්ථුටය අධිපති ග්‍රහයාගේ බල දුබල තාවයත් මේ සඳහා බලපානු ඇත.



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂණායතනය
මාලබේ
0755004166 

No comments:

Post a Comment