Wednesday, October 8, 2014

෴ශනි ඒරාෂ්ඨකය 1෴


"ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක නිසාම ජ්‍යොතිෂය කියන විශය විකුනන් කන ගොඩ දෙනෙක් මේක තුරුම්පුවක් කරගෙන ඉන්නවා. ඇත්තටම සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ ජීවිතයම ඉවරද? ගොඩක් දෙනා විශය ගැන නිවැරදි අවබෝධයක් නතුව කනින් කොනින් අහපු දෙයක් නිසා හිතන්නේ සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා කියන්නේ මාරක අපලයක් ආවා කියලා නමුත් ඒක හැම වෙලේම එහෙම වෙන්නේ නෑ.

ශනි ඒරාෂ්ඨකය ගැන කියන්න කලින් සෙනසුරු ගැන කියන්න ඕන. සෙනසුරු නෛසර්ගික වශයෙන් පාපයෙක් සෙනසුරුගේ ලක්ෂනයම අපල උපද්‍රව කිරීමම තමයි නමුත් නිකන් හරි සෙනසුරු යහපත් ලෙස පිහිටියොත් ලෞකික සැප දෙන්න සෙනසුරු තරම් ග්‍රහයෙක් තවත් නෑ. ගිලිමලෙත් ඇත දත සුද්දෝ කියලා කිව්වා වගේ තරමක් විරල වුනත් සෙනසුරු නිසා කෝටිපතියන් වූ මිනිස්සු ජනාධිපති වරුන් වූ මිනිස්සු පවා ඉන්නවා.. ඒ නිසා සෙනසුරා යනු 100%ම නරකයෙක්මයි කියා නිගමනය කිරීම වරදක්.

දැන් අපි බලමු ඒරාෂ්ඨකය කියන්නේ මොකක්ද කියලා. ජ්‍යොතිෂය කියන විශය මිනිසා වෙනුවෙන් නිර්මානය වූවක් ඒ නිසා ගනනය කිරීම් සියල්ලම පෘථිවිය කේන්ද්‍ර ගත කරගෙන තමයි කරන්නේ (අන්න ඒ නිසයි ග්‍රහයන් වක්‍ර වෙනවා නිර්වෘත වෙනවා කියලා සිද්ධාන්තයක් ජ්‍යොතිෂයේ තිබෙන්නේ) ඒ අනුව අපි දන්නවා ග්‍රහයන් රාශි චක්‍රයේ එක් රාශියකින් තවත් රාශියකට යම් යම් කාල පරාසයන් තුල ගමන් කරනවා. උදාහරනයකට සූර්‍යයා මාස 12ක් තුල රාශි 12 හරහා ගමන් කරනවා ඒ කියන්නේ එක රාශියක් පහු කරන්න මාසයකට ආසන්න කාලයක් ගන්නවා. ඒ වගේ සෙනසුරුට රාශි චක්‍රයේ වටයක් යන්න වසර තිහක කාලයක් යනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් වසර 2 ½ ක් යනවා එක රාශියක ඉඳලා අනිකට යන්න. මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනකොට යම් ජන්ම පත්‍රයක ලග්නයේ දෙවැන්නේ හා දොලොස්වන්නේ ශනි ගමන් කරනවනම් ඔහුට හෝ ඇයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා.

මේක උදාහරනයකින් පහදන්නම් කෝ



ඉහත දක්වලා තියන සටහනට අනුව සෙනසුරු ග්‍රහයගෙන් සලකුනු කරලා තියන කොටස තුල ශනි ග්‍රහයා ගෝචර ගමනේ යෙදිලා ඉන්නවනම් ඒ කියන්නේ ඒ අයට ලග්න ඒරාෂ්ඨකය ලබනවා. මේ කියන්නේ ඔබේ ජන්ම පත්‍රයේ ශනි ඉන්න එක නෙමෙයි එදින් එදා ග්‍රහයන්ගේ සිදුවන ගමන ගැනයි. උදාහරනයකට මේ දවස් වල ශනි ඉන්නේ තුලා රාශියේ. මේ වසරේ නොවැම්බැ දෙවෙනිදා ශනි වෘෂ්චික රාශියට මාරු වෙනව. ඔබේ ජන්ම පත්‍රයේ තියන්නේ ඔබඉපදෙන වෙලාවේ ශනි හිටපු තැන.
මේ අනුව කාට හරි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබපුවම අවුරුදු 7 ½ ඒ ඒරාෂ්ඨකය පවතිනවා. 
දැන් ප්‍රශ්නයක් එනවා මෙතන රාශි දොලහෙන් තුනක්ම සලකුනු කරලා තියනවා ඒ කියන්නේ මේ රටේ සමස්ථ ජනගහනයෙන් ¼ ක්ම ශනි ඒරාශ්ඨකේට අහුවෙලා දැන් ඒ හැමෝම දුක්විදිනවද? පිලිතුර ඔව් සහ නෑ ඒරාෂ්ඨකය ලබපු එක හරි නමුත් අනිත් එක වැරදියි මොකද ශනි ඒරාෂ්ඨකය ගැන මම කලින් කියපු විස්තරේ සඳහන් කලා ඒරාෂ්ඨකය හැමෝටම නරක නෑ. යම් හෙයකින් ශනි තමාගේ උච්ච රාශිය වන තුලාවේ ඉන්නවනම් හා තමාගේම රාශි දෙක වන මකර හා කුම්භ කියන රාශි දෙකේ ඉන්නවනම් නැත්තන් ශනි බලවත් ගුරු සමග ගෝචර ගමනේදි සංයෝග වෙනවනම් අසුභ පල සුභ පල බවට පත්වෙනවා.

ඒත් ප්‍රශ්නෙට උත්තරය සම්පූර්න නෑ නේද? ඒකත් පොදුවේ වෙන දෙයක්නේ ඒ කියන්නේ ලෝකේ හතරෙන් එකකට ඒ සමාන ප්‍රතිපලයම ලැබෙනවද? පිලිතුර නෑ. තමන්ගේ උප්පත්ති හඳහනේ ශනි බලවත් නම් ඒ අයට අසුභ පල දෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමන් ගත කරන දසාව අනුවත් පලාපල ගොඩක් වෙනස් වෙනවා. උදාහරනයකට ශනි ඒරාෂ්ඨකේ ලබලා තියනකොට සඳුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් යනවනම් අපල තත්වය කීප ගුනයකින් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ යෝගකාරකයගේ දසාවක් යනවනම් අපලය ඒ තරම් දරුනු නොවි වැඩි අමාරුවක් නැතුව ඉවර වෙනවා. මේ වෙනස් කම් සිදුවෙන ක්‍රම කීපයක් විතරයි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඒරාෂ්ඨකය එකවර ලග්න තුනක අයට බලපෑවට ඒක කිසිම විටක සමස්ථයටම එක වගේ බල නොපාන්නේ ඇයි කියලා.. අද කිව්වේ ලග්න ඒරාශ්ඨකය ගැන විතරයි. තව ඒරාෂ්ඨක තුනක් තියනවා කියන්න... ඒක මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..


වෛදික ජ්‍යොතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
0755004166

2 comments:

  1. ගොඩක් වටින පෝස්ට් එකක් සහෝ බොහෝම ස්තූතී

    ReplyDelete
  2. Meena lagnadipathiyekuta Shani 8 upathin pihitiyoth labena prathipala monawada mahathmaya?

    ReplyDelete