Sunday, December 15, 2013

෴ මූසල යෝගය හා රජ්ජු යෝගය ෴


මේ යෝග ගැන අදහසක් ගැනීමට ප්‍රථම චර හෙවත් වෙනස්වන රාශි, තිර හෙවත් ස්ථීර රාශි හා ස්වාභාව දෙකම ඇති උභය රාශි ගැන අවබෝධයක් ඔබට තිබීම වඩා සුදුසු යැයි සිතමි.
චර, තිර හා උභය රාශි පහත ලෙස දැක්විය හැකිය.
  • මේෂ   - චර
  • වෘෂභ  - තිර
  • මිථුන  - උභය
  • කටක  - චර
  • සිංහ    - තිර
  • කන්‍යා - උභය
  • තුලා    - චර
  • වෘශ්චික - තිර
  • ධනු     - උභය
  • මකර   - චර
  • කුම්භ  - තිර
  • මීන     - උභය
මූසල යෝගය

මුසල යෝගය යන නම ලැබුනාට සත්‍ය වශයෙන්ම මෙම යෝගය යහපත් එකකි. මෙම යෝගය යෙදෙන්නේ යම් හඳහනක තිර රාශි වල පමනක් සියලූම ග්‍රහයන් තැම්පත් වීමෙනි.. 
මෙම යෝගයෙන් උපන් තැනැත්තා වෙළහෙළඳාමෙන් ජය ලබන අය වෙති. දක්ශ ව්‍යාපාරිකයෝය..

රජ්ජු යෝගය

හඳහනක සියලූම ග්‍රහයන් චර රාශි වල පමනක් පිහිටා තිබීමෙන් රජ්ජු යෝගය යෙදේ. 
මෙම යෝගයෙන් උපන්නෝ වැදගත්ය.. ඔවුන්ගේ දරුවෝ ප්‍රසිද්ධියට පත්වෙති. නමුත් මොවුන් මධ්‍ය ආයුශ ඇත්තන්ය..


වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

No comments:

Post a Comment