Wednesday, December 4, 2013

෴සෙනසුරු ඒරාශ්ඨකයට පිලියම්෴


සෙනසුරු ඒරාශ්ඨකය කියු වහාම බොහෝ දෙනාගෙ හිතට අමුතු බයක් දැනෙන එක සාමන්‍යය දෙයකි.. එයට සාධාරන හේතුවකුත් තියන බවද පෙනෙන්නට ඇත.. සෙනසුරු සාමන්‍යයෙන් ප්‍රසිද්ධවී ඇත්තේ අසුභ පල දෙන ග්‍රහයෙක් හැටියටය .. නමුත් සෙනසුරු ඒරාශ්ඨක කාලෙදි සමහරුන්ට මාරක අපල දුන්නත් තවත් සමහරුන්ව ගොඩක් ඉහල තැන් වලට පත්කරන බව පෙනෙන්න තිබේ.. කොයි තරම් හොඳ කලත් ඒරාශ්ඨකය අවසන් වෙනකොට කුමක් හෝ කරදරයක් කරන බව කතෘගේ අත්දැකීමයි..
සෙනසුරු ඒරාශ්ඨක අපලයට කරන ප්‍රථිකර්ම පහත පරිදි දැක්විය හැක

01. කාක නිල මැනිකක් සහිත මුදුවක් පැලඳීම
මෙහිදී ඔබ කොතරම් ධනවතෙක් වුවද මුදුව රත්‍රනින් නොකල යුතුය.. යකඩයෙන් දැමීම වඩා සුදුසු වන අතර එසේ සකස් කරගත නොහැකිනම් රිදියෙන් සකස් කරගත යුතුය.

02. කපුටුදානය දීම
සෙනසුරාදා දිනවල පාන්දරින් නැගිට කථා නොකර හිස්බඩම හොඳින් පිරිසිඳු වී මෙය ආරම්භ කල යුතුය. කිරිබත සෑදීමට ගතයුත්තේ කැකුලු සහල්ය.. කිරිබත සදා අවසන් වන තුරු පොල්කුඩු ටිකවත් සතුන්ට ඉඳුල් කරන්නට ඉඩ නොතැබිය යුතුය.. එමෙන්ම කිරිබත සාදන විට දිව ගා රස බැලීම නොකල යුතුය... කිරිබත සකසි කල පසු එලඟිතෙල් මිශ්‍ර කර ගුලි 9ක් සාදාගන්න.. නුගපත් 9ක් ගෙන ඒ මත එම ගුලි තබන්න..
තමා පදිංචි භූමියේ අඩි 5ක් පමන උසට මැස්සක් සකස් කරගන්න (ඒ ස්ථානය ඉතා පිරිසිඳු විය යුතුය ) නෙලුම් මලක ආකරයට කිරිබත් සහිත නුගපත් තබා ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.. තමන්ට ඇති සෙනසුරු අපල මේ දානයේ ආනිශන්සයෙන් දුරුවෙවායි ප්‍රාර්ථනා කරන්න..
සෙනසුරාදා දිනවල ශනි හෝරාවේදි මෙම දානය දිය යුතුය ( සෙනසුරාදා ඉර උදාවේ සිට පැයක කාලය මෙය සාමන්යෙන් උදේ 6-7 දක්වාය )

03. බෝධිපූජා පැවැත්වීම
මෙහිදි බෝධි පූජාව පවත්වන පිලිවෙතක් ඇත. එනම් සෙනසුරාදා දිනවල රාත්‍රි හතට පමන මෙම බෝධිපූජාව පැවැත්විය යුතුය, ( මෙයට හේතුව සෙනසුරු රාත්‍රියට වඩා බලවත් ග්‍රහයෙක් වීමයි ) මුලින්ම බෝධිය අසල බුලත් කොල 13 තබා ඒ මත පහන් 13ක් පත්තු කරන්න. මුල් පහන් 3 ත්‍රිවිධ රත්නයටය.. එයිනුත් මැද පහන බුදුන්ටය. හතරවන පහන බෝධීන් වහන්සේටය ඉතිරි පහන් නවය නවග්‍රහයින්ටය.. පහන් සමග නිල් හා සුදු මල්ද තබන්න.. නවග්‍රහයින්ට තැබූ පහන් වල පඬුරුද තබන්න. මෙම පහන් පුජාව කර බෝධිය නහවන්නට පටන් ගන්න.. බෝධිය වටේ සත් වටයක් දක්ෂිනාවර්ථව පැදකුනු කරමින් සත්වරක් බෝධිය නහවන්න... ඉන්පසු මෛත්‍රී භාවනාව කර ශාසනාරක්ශක දෙවියන්ට හා විශ්නු දෙවියන්ටපින් පමුනුවා සෙනසුරු අපලයෙන් මිදීමට පිහිට පතන්න.

04. විශේෂ සෙනසුරු පූජාව
සෙනසුරාදා දින 9ක් ඉහත සඳහන් කපුටු දානය හා බෝධි පූජාව පවත්වා අවසන් සෙනසුරාදා මෙම පූජාව පැවැත්විය යුතුය.
ගිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි 9ක්,හකුරු ( උක් හකුරු විය යුතුය ), පලතුරු (නෙල්ලිද ඇතුලුව ) තැඹිලි ගෙඩියක්, නිල් පැහැ මල් සහිත පූජා වට්ටියක් සකස් කර සුවඳ දුම් අල්ලමින් ශනි දේවාලයක හෝ නුග රුකක් පාමුල පුජාව කරන්න.. 
පහත ගාථාව කියමින් පුජාව කරන්න


වරුන දිසාධිපති ශනි රාජා වෘක්‍ෂ නුගෙ
  නීලමාණික්‍ය විමානේ වාහනේ ගරුඩං
  යුතං ශනිවරං නීල වර්ණව භෝජනම්
  නිත්තෙන් මම නමදිම් මුදුන් දී වදිම්
  නීලංග රාජා නමෝ නමෝ ..///

05. මහලු කොර හා අභාදිත හිඟන්නන්ට දාන දීම (කැකුලු සහලින් බත් පිස ගන්න ).
 සංඝයා වහන්සේලාට දෙන දානය පින් වැඩි වුවත් සෙනසුරුගේ අපලයට වඩා සාර්ථක වන්නේ මහලු අභාදිත අයට දෙන දානයන්ය.. 

06. යන්ත්‍රයක් පැලඳීම
 නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් අපලයට ගැලපෙන යන්ත්‍රයක් පැලඳීම. 2300 වරක්වත් අවම වශයෙන් ජීවම් කල යුතුය.

07. නුග වෘක්‍ෂයට සාත්තු කිරීම,ස්පර්ශ කිරීම හා සෙවනේ සිටීම.

තමන්ට ඇති අපල තත්වය අනුව ඉහත දැක්වෙන ප්‍රථිකර්ම සිදුකල යුතු අතර.. පවුලේ ජෝතිර්වේදියාගෙන් උපදෙස් ලබාගන්නේ නම් මැනවි.

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

No comments:

Post a Comment