Wednesday, December 25, 2013

෴නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග෴


කොච්චර මහන්සි වුනත් සමාජයේ පහත් යැයිසැලකෙන රැකියාවක් මිසක් එතනින් ඉහලට ඒමක් නැති අය අපි සමාජයේ දැක ඇත්තෙමු. එමෙන්ම කොතරම් හොඳ රැකියාවක් ලැබුනත් සමාජයේ පහත් යැයි සම්මත රැකියාවක්ම කිරීමට කැමති මිනිසුන්ද අපි දැක ඇත්තෙමු. මෙසේ වීම ජ්‍යෝතිෂමය වශයෙන්ද පැහැදිලි කර ඇති පැරැනි පුස්කොලයක් දින කීපයකට උඩදී මට මුනගැසිනි. එහි මෙසේ සඳහන් වේ

භග්‍යාධිපෙ සූර්ය සුතෙ ධනස්ථේ
සුථස්ථි වා භ්‍යශුභප්‍රදෘෂ්ටෙ
යදා සපාපෙ රිපුභාව සංසේථ
ස්‍යාජ්ජීවනං තස්‍ය ච නීචවෘත්‍යා

9වන භාවය අධිපති ශනි (ශනි හට 9වන භාවය අයත් වන්නේ ලග්නය වෘෂභ හෝ නිථුන වූ විටය ) ධනස්ථානයේ (2 වැන්නේ) හෝ 5වන භාවස්ථානයේ සිටීද පාප ග්‍රහයන්ට පෙනේද එසේත් නැතිනම් පාපග්‍රහයන්ට සංයෝගව 6වැන්නේ සිටීද එකල උපන් මිනිසා නීච වෘතියකින් ජීවිකාව ගෙන යයි.

කාලානිධෙඃ කර්ම ගතෙ'ක්‍රි පුත්‍රෙ
ලග්නාත් සුතෙ ධර්මගතේ ධනේ වා
මෘත්‍යුස්ථිතෛඃ පාප නහශ්ව රෙනෛද්‍රඃ
ස්‍යාජ්ජීවනං තස්‍ය ච නීචවෘත්‍යා

ශනි සඳුගෙන් දසවැන්නේ හෝ ලග්නයෙන්  දෙවන පස්වන හෝ නවවන භවයක සිටීද එම අවස්ථාවේ අටවන භාවයේ පාපයනුත් සිටීද එසේ කල උපන් මිනිසා අධම වෘතියකින් සිය ජීවිකාව කරයි 

ජෝතිශ දැනුම ඇති අයගේ  දැනුමට වැඩි යමක්

චෙත් ප්‍රාග් විලග්නේ'ක්‍රී සුතස්‍ය දෘකේක
කේන්ද්‍රස්ථ චන්ද්‍රේණ නිරික්ෂිතෙ ච
භූපාන්වයෙ යද්‍යාපි ජාතජන්මා
ස්‍යාන්නීචකර්මා පුරුෂො භවෙත් සඃ

ලග්නයෙහි ශනිට අයත් ද්‍රේශ්කානයක් වේද කෙන්ද්‍රස්ථානයක සිටින චන්ද්‍රයා එය දකීද එකල රජ පවුලක වුව උපත ලැබූ පුරුෂයා නීච ක්‍රියාවන්ගෙන් ජීවිකාව කරයි.

ඔබට මේ සම්බන්දව ඇති ඔනැම ගැටලුවකට මට හැකි පමනින් පිලිතුරු දීමට මා සූදානම් බව පැවසීමට කැමැත්තෙමි.

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

No comments:

Post a Comment